Watch Trailer

Run the Tide (2016) with Sinhala Subtitles | බැදීම් හා වගකීම් හමුවේ තම ජීවිතය සොයා.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හුග කාලෙකට පස්සේ ෆිලුම්කට සබක් අරං ආවා. දන්නවනේ ඉතින් ෆිල්ම් නම් කරන්නෙම නැති තරම්. ඒත් ඉතින් ආස හිතුන නිසා බාරගත්තෙ. මං කතාවේ වෙන්න මොකක්ද කියලා මුලින් කියලා ඉන්නම්කො. 🙂 රේ කියන්නේ පවුලේ වැඩිමලා. එයාට තව බාල සොහොයුරෙකුත් ඉන්නවා. එයාගේ අම්මා (ලෝලා) පොඩි කාලේ ඉදන්ම එයාට වෙනස්කම් කරලා තිය…

Run the Tide (2016)

ඔන්න එහෙනම් හුග කාලෙකට පස්සේ ෆිලුම්කට සබක් අරං ආවා. දන්නවනේ ඉතින් ෆිල්ම් නම් කරන්නෙම නැති තරම්. ඒත් ඉතින් ආස හිතුන නිසා බාරගත්තෙ. මං කතාවේ වෙන්න මොකක්ද කියලා මුලින් කියලා ඉන්නම්කො. 🙂

රේ කියන්නේ පවුලේ වැඩිමලා. එයාට තව බාල සොහොයුරෙකුත් ඉන්නවා. එයාගේ අම්මා (ලෝලා) පොඩි කාලේ ඉදන්ම එයාට වෙනස්කම් කරලා තියෙන්නේ. ගහලා හිරිහැර කරලත් තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ මේකයි. රේගේ අම්මයි තාත්තයි හුගක් තරුණ වියේදී තමයි රේව හම්බවෙලා තියෙන්නේ. ඒ දෙන්නට දෙන්නා මොන තරම් ආදරෙන් හිටියත් පස්සේ කාලෙක රේගේ තාත්තා එයාලව දාලා ගිහින්. ඊටපස්සේ ලෝලා වෙන කෙනෙක්ව  විවාහ කරගෙන තියෙනවා. එයාගේ නම බො. ඒ දෙන්නටත් ළමයෙක් ඉන්නවා එයා තමයි රේගෙ මල්ලි. එයා තමයි ඔලිවර්. රේගේ මුහුණ දකින හැම මොහොතකම ලෝලාට එයාගේ පරණ සැමියාව මතක් වෙනවා. ඒ නිසාම ඇයට හුගක් කේන්තිත් යනවා. මේ නිසා තමයි ඔලිවර්ට හොදටම අඩම්තේට්ටම් කරලා තියෙන්නේ. ලෝලා මත්ද්‍රව්‍ය වලටත් හුරු වෙලා නිතරම ගෙදර ඉදලත් නෑ ළමයි දෙන්නා ගැන හොයලත් නෑ. ඒ නිසාම රේගෙ කොලේජ් ගමනත් කඩාකප්පල් වෙලා. පස්සේ කාලෙක ලෝලා හිරේ යනවා. හේතුව නම් දන්නේ නෑ. මගේ අනුමානේ නම් මත්ද්‍රව්‍ය නිසා වෙන්න ඕනා. ඔලිවර්ගේ සම්පුර්න අයිතිය රේ අරගෙන වැඩ කරන්න ගන්නවා. මොකද එයාට වෙන කවුරුවත් ඇත්තෙත් නෑනේ. රේ වැඩ කරන්නේ එයාගේ සුළු පියාගේ (බො) පෙට්‍රල් ෂෙඩ් එකේ වගේම ඒ ලගපාත තියෙන සුපරි වෙලදසැලේ. දවසක් මේ වෙළද සැලට එනවා ඔලිවර් එක්ක එකට කොලේජ් ගිය වගේම ආදරයක් තිබිලා නමුත් කෙල්ලගේ පැත්තෙන් ප්‍රශ්ණ ඇතිවුන නිසා ඒකත් නැති වුන කෙල්ලක්. එයා නමින් මිෂෙල් ටර්නර්. අවාසනාවට මිෂෙල්ගේ තාත්තත් පිළිකාවක් හැදිලා මැරිලා ගිහින්. මේ දෙන්නගේ සුහද කතාබහ ටිකක් ආයෙමත් දුරදිග යනවා. මිෂෙල් කරන්න බැරි බොරු බලාපොරොත්තුයි බොරුයි කියනවා. නමුත් මේ වගක් රේට දැනගන්න ලැබෙන්නේ නෑ කතාවේ බාගයක්ම යනකං. ආදරයයි, පවුලේ වගකීම් වලටම අතරමැදි වෙලා හිටිය රේ ආයෙමත් වතාවක් මිෂෙල් ගැන හිතන්න අරං නොහිතපු විදිහේ ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා. මේ අතරේ ලෝලාත් නිදහස් වෙනවා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

2016 දෙසැම්බර් 02 දා නිකුත් වුන මේ චිත්‍රපටය  Drama කියන කැටගරියට තමයි අයත් වෙන්නේ. පැයකුත් විනාඩි 40ක් පුරාවටම කතා දිව යනවා. 5.3/10 IMDb මධ්‍යම අගයක් ලබා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. චිත්‍රපටය ඩ්‍රාමා කියන කැටගරියට අයත් වෙන නිසා කතාව නම් හොදයි කිසිම කම්මැලි කමක් නැහැ. මේකට රංගනයෙන් දායක වන ප්‍රධාන චරිත ගැන බැලුවොත්, “Twilight” චිත්‍රපට එකතුවෙහි “ජෙකොබ් බ්ලැක්” චරිතයට මෙන්ම 2015 තිරගත වුනු Tracers චිත්‍රපටයටද රංගනයෙන් දායක වූ හුග දෙනෙකේ ආස කරන “Taylor Lautner” රේ ගෙ චරිතයටද, “Quantico” කතාමාලාවෙහි “ශේල්බි” <3 චරිතයට රංගනයෙන් දායක වූ “Johanna Braddy” මේ චිත්‍රපටයේ මිෂෙල් ටර්නර්ගෙ චරිතයට දායක වෙනවා.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජය!!

Run the Tide (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

1,127 downloadsDownload Run_the_Tide_2016_baiscopelk.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,127 downloadsDownload Subtitles34 KB

13 comments

  1. Chamith Mihiranga

    ස්තූතියි සහෝ....

  2. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Mahesh

    sub ekata thanx bro

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  5. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
    යථා තත්වයට පත්කරදීමට සහයදෙන
    ඔබ සැමට මාගේ ප්‍රණාමය........!

  6. SUN VIDEO

    thanks

  7. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  8. Ravindu Rukshan

    thx saho sub ekata

  9. අසිත

    elama thanks

  10. Chalana Rukshan

    Meka one web-dl file ekakata matchda? Naththan match file eka dennako?

    1. Chämàrá Sâmpáth

      ගැලපෙන නිසා තමයි "මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම WEB-DL පිටපත් සඳහා අදාළ වේ." කියලා තියෙන්නේ :)

  11. Dulanga

    Thanks

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.