Watch Trailer

McLintock! (1963) with sinhala subtitles | ගමේ චණ්ඩියා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම ඔයාලට අරගෙන ආව 1963 තිරගත වෙච්ච තවත් ක්‍රියාදාම හා හාස්‍යමය චිත්‍රපටයක්.කතාව ගෙතී යන්නේ නගරයක හැමදෙනා වෙනුවෙන්ම පෙනී සිටින මැක්ලින්ටොක් නම් පුද්ගලයා වටා. මැක්ලින්ටොක් විශාල ගවපට්ටි හිමිකරුවෙක්. ඒ වගේම බලප්‍රදේශයේ පොහොසත්ම මිනිසා. ඔහු බොහොම සතුටින් සිටින්නේ ඉගෙනීම සඳහා නගරයට ගොස් සිටි තම දුව…

ඔන්න මම ඔයාලට අරගෙන ආව 1963 තිරගත වෙච්ච තවත් ක්‍රියාදාම හා හාස්‍යමය චිත්‍රපටයක්.කතාව ගෙතී යන්නේ නගරයක හැමදෙනා වෙනුවෙන්ම පෙනී සිටින මැක්ලින්ටොක් නම් පුද්ගලයා වටා.

මැක්ලින්ටොක් විශාල ගවපට්ටි හිමිකරුවෙක්. ඒ වගේම බලප්‍රදේශයේ පොහොසත්ම මිනිසා. ඔහු බොහොම සතුටින් සිටින්නේ ඉගෙනීම සඳහා නගරයට ගොස් සිටි තම දුව නැවත පැමිණෙන නිසයි. ඒ වගේම හිතට ගැටලුවක් වන්නේ වසර කිහිපයකට පෙර හේතුවක් නොපවසාම තමාගෙන් වෙන්ව ගිය බිරිඳ නැවත ආපසු පැමිණීමයි. ඇයගේ අභිප්‍රාය වන්නේ තම දුවවත් රැගෙන ආපසු යාමයි. එමෙන්ම මැක්ලින්ටොක්ගෙන් දික්කසාදයද ලබා ගැනීමටද බලාපොරොත්තු වෙයි. මෙම පවුල් ගැටලුව විසදාගැනීමට මැක්ලින්ටොක් දරන උත්සහය සිනමාපටය පුරා දිවයයි.

මැක්ලින්ටොක් මේ ගැටලුවලට මුහුණදී සිටින අතර ස්වදේශික රතු ඉන්දියානුවන් හා ජනපද ආණ්ඩුකාරතුමාගේ පිරිස අතර ඇතිවන ප්‍රශ්න විසඳීමටද සිදුවේ. චිත්‍රපටය පුරාවට හාස්‍ය පිරී ඉතිරී යන සිනහා නොවී නැරඹිය නොහැකි දර්ශන වලින් පිරි සිනමා පටයකි, මැක්ලින්ටොක්.මැක්ලින්ටොක් ලෙස ජෝන් වේන් ද, කැතරින් ලෙස මොරීන් ඔ`හාරා ද, ඩේව් ලෙස පැට්‍රික් වේන් ද, ස්ටෙෆානි පවර්ස් බෙකී ලෙසද රංගනයෙන් දායක වන මෙම සිනමාපටය ඇන්ඩෘ වී මැක්ලැග්ලන්ගේ. ජේම්ස් එඩ්වර්ඩ් ග්‍රාන්ට් ගේ තිර රචනයක් වන මෙය සම්මාන ද්විත්වයක් දිනාගනු ලබනවා. මෙම චිත්රපටය yiffy torrent අඩවියෙන් ලබාගත හැකියි. තවත් මෙවන් සලරුවකින් නැවත හමුවෙමු. එතෙක් මෙය රසවිඳින්න.

 

McLintock! (1963) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

12 comments

  1. Udara Damith B/K

    niyamai
    ela

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. kumara

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට. Old is gold කියනවනෙ. බලමු. ගොඩාක් පිං. ජයවේවා!!

  4. SAMITH

    බොහොම ස්තූතියි

  5. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  6. asitha

    elama saho thanks

  7. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  8. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  9. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  10. Withanage Priyantha Dayakeerthi

    බුද්ධික නුවන් සොයුර,
    සිංහල උපසිරසියට ස්තුතියි!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Dulanga

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.