කොහොමද යාළුවනේ. ඔන්න මමත් පළවනි වතාවට හිංදි චිත්‍රපටියක් අරගෙන ආවා. පළවෙනි වතාව නිසා අඩුපාඩු බොහොමයක් ඇති. සෑහෙන්න අමාරුවෙන් තමයි කරෙත්. මොකද ලේසි පහසු ලයින් ගානක් එහෙම නෙවෙයිනෙ තියෙන්නෙ. හෙ හේ. විමා තමයි දුන්නෙ ඉතින් කරමුය කියලා. කරලා බැලුවා ඔන්න. විමාට හද පිරි ස්තූතිය + හිතට එන බැනුම් ඔක්කොම :D.…
කොහොමද යාළුවනේ. ඔන්න මමත් පළවනි වතාවට හිංදි චිත්‍රපටියක් අරගෙන ආවා. පළවෙනි වතාව නිසා අඩුපාඩු බොහොමයක් ඇති. සෑහෙන්න අමාරුවෙන් තමයි කරෙත්. මොකද ලේසි පහසු ලයින් ගානක් එහෙම නෙවෙයිනෙ තියෙන්නෙ. හෙ හේ. විමා තමයි දුන්නෙ ඉතින් කරමුය කියලා. කරලා බැලුවා ඔන්න. විමාට හද පිරි ස්තූතිය + හිතට එන බැනුම් ඔක්කොම :D. අඩුපාඩු, අදහස් යෝජනා පැවසීම බලන ඔයාලට බාරයි.
චිත්‍රපටිය Katti Batti (2015). Nikhil Advani ගෙ චිත්‍රපටියක්. රංගනයෙන් දායක වෙන්නෙ Imran Khan, Kangana Ranaut යන අය.එහෙනම් කතාව මොකක්ද බලමු පොඩ්ඩක්. මේත් ආදරය ගැන කතාවක්. පෝසත් කෙල්ලෙක්, සාමාන්‍ය පවුලක කොල්ලෙක්, අවුරුදු පහක් පුරා ගලාගෙන යන ලස්සන ආදර කතාවක්, ඒත් එකපාරම හැමදෙයක්ම වෙනස් වෙනවා. කෙල්ල කොල්ලාව දාලා යනවා. කොල්ලා කෙල්ලව ආපහු යාළු කරගන්න හැම දෙයක්ම කරනවා. ඒත් ඇයි කෙල්ල කොල්ලාව දාලා යන්නෙ? මෙච්චර ආදරෙන් ඉදලත්?
ඔයාලම බලන්න ඇයි කියලා. හරි මහන්සියි අනේ. ඒ නිසා මම ගියා. ජය…. ආ මේකට මට ඉන්න මෝඩම, ගොන්ම, බූරුම යාළුවා උදව් කරා. මට තර්ජනය කරා නම දාන්න එපා කියලා. ඒ තරම් මෝඩයි. (ඒත් හොදම යාළුවන්ගෙන් කෙනෙක්,ටිකක් මෝඩ වුනාට 😀 ) එයාට ස්තූතියෙන් කොටසක් හිමියි ඔන්න. මම ගියා එහෙනම්. ජය…..
700 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
D8183A8319998B2B673CB2C0166A8AE4418BC086
1.06 GB (720pDVDRip) කොපිය මෙතනින් බාගන්න
75F3C55CCD05013B94C1D9227B44F7E50D0DAE0A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
10,031 downloadsDownload Katti-Batti-2015.zip112 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IMG_20150917_134513-e1444553097617.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
51 comments
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
එල්.සී.දමැල්
ආහ් මෙන්න නිර්මාණි අක්කත් හින්දි එකක් දීලා. නියමයි නියමයි. ස්තුතියි! අර මෝඩයි කීව යාළුවටත් ස්තුතියි ඔන්න! ජය!
Tharaka Nuwan DIlhara
මාත් ඔන්න කාලෙකින් සයිට් එක පැත්තේ මේක දාලා කියලා ලැබුණු ආරංචියට..
යකෝ මේකිනේ කරලා තියෙන්නේ...
අර කිව්වත් වගේ පලවෙනි වතාවට තමයි මේ උඹේ සබ් එකක් බලන්න සෙට් වෙන්නේ..
ඔන්න එහෙනම් ගත්තා
බොහොම ස්තුතියි උපසිරසියට
ජයන් ජය...!!!Chami
Thank you very much..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි නිර්මාණි. අත්හදා බැලිම සාර්ථකයි.
ජය වේවා!
kavindugayashan
bhale bhale magadivoy 2015 meka supiri telagu film ekak mekata sub dennaki plzzzzzzzzzzz tnx fore sub
fireballmovies
“ නිර්මාණි විජේසිංහ ” සොයුරියගේ සබ් වලට ගැලපෙන චිත්‍රපටියට නොමිලේම ටොරන්ට් වලින් නැතුව ඩිරෙක්ට් වේගවත්ව බා-ගන්න එන්න twitter මගේ ගිණුමට. ජය වේවා....!!!
amila-kandy
thak you sahoooo.....sub ela..
podi deyak kiyannam, tharaha ganna epa ok :D
sub google eke dala translate karanakota 100% ma hari idea eka enne nane...ehemana english...so translare karala ayama balanna film eke kiyana eke theruma sub line ekenuth kiyawenawada kiyala....
but kohoma unath thak you oyalage mahansiyata...jaya wewa.... :D
විමා
මේක ගූගල් ට්‍රාන්ස්ලේට් එකක් කියල ඔප්පු කලොත් නිර්මානි සහෝදරියගේ සබ් එකසිය ගානම අයින් කරනවා.
ඔන්න ඔච්චරම කියන එකේ කරල පෙන්නුවනම්
එහෙම බැරිවුනොත් ඉතින් මට හිතාගන්න වෙනව ජාතකේ අවුලක් වෙන්න ඇති මේ එලිදැක්වුවෙ කියලfireballmovies
හිතවත් amila-kandy සහෝ, Google translate එකේ සිංහල ට්‍රාන්ස්ලේෂන් තවම හරි දුර්වලයි. අනික සිංහල වගේ ගැබුරු භාෂාවක් automated translation program එකින් ට්‍රාන්ස්ලේට් කරා කියල කවදාවත් නියමාකාර තේරුම ගන්න බැහැ.
මම මේ ලගදි avengers age of ultron චිත්‍රපටියට තිබුණු ඉංග්‍රීසි සබ් ෆයිලයක් සබ් ෆයිල ට්‍රාන්ස්ලේට් කරන්නම හදපු ප්‍රෝග්‍රෑම් එකින් රුසියානු භාෂාවට කනවර්ට් කරා. ඊට පස්සේ ඒ චිත්‍රපටියට රුසියන් කොල්ලෙක් කරලා තිබුණු සබ් ෆයිලයක් එක්ක කන්වර්ට් කරපු සබ් ෆයිලය සැසදුවා. අඩුපාඩු ගොඩයි. රුසියානු භාෂාව කථා කරන ප්‍රමාණය ගත්තහම ගොඩක් කට්ටිය ඉන්නවා.එච්චර ගොඩක් රුසියානුවන් ඉන්දැද්දිත් Google සමාගම රුසියානු භාෂාවටත් මුල්තැනක් දෙද්දිත් Google translate එක English TO Russian 100 % කන්වර්ට් කරන්න අසමත් නම් අපේ භාෂාව ගැන මොන කථාද?
මන් සහෝට මේක හොදට පැහැදිලි කර ගන්න විධියක් කියන්නම්.Katti Batti චිත්‍රපටියේ English සබ් එක " subscene ඩොට් කොම්" කියන අඩවියෙන් බාගෙන Google translate එකේ දාලා English TO Sinhala ට්‍රාන්ස්ලේට් කරලා බලන්නකෝ. එතකොට් එන රිසල්ට් එකෙන් සහෝට තේරේවි Google translate එක තවම කොච්චර පස්සෙන්ද ඉන්නේ කියලා.
සහෝ...ඒක නිසා baiscopelk ටීම් එකේ අය ආත්ම-තෘප්තියට කරන වැඩේට කොමෙන්ට් එකකින් හරි දිරියක් /inspire කරමු.
-----------------------------------------------------------------------------------------------------------------------------
අනික Google translate එකේ අපේ භාෂාව තාම මේ තරම් පස්සට ගිහින් තියන හේතුව අපේ සිංහල ජාතියේ ප්‍රමාණාත්මක අඩුවීම. අඩුම තරමේ තව කෝටි 10ක් වත් හිටිය නම් Google සමාගම Google translate එකේ සිංහල භාෂාව මීට වඩා දියුණු කරන්න ඉඩ තිබුණා. Google Loon Project එක ලංකාවේ ක්‍රියාත්මක වෙලා, ලංකාවේ අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය තවත් වැඩි වෙන කොට, තව තාක්ෂණය ඉස්සරහට යනකොට, Google සමාගම Google translate එකේ අපේ භාෂාවේ පරිවර්තන හැකියාව තව දියුණු කරාවි.
එතකන් Google translate එකේ සිංහල භාෂාව දියුණු කරන්න අපිට කරන්න පුළුවන් දේවල් 3ක් තියනවා.
1.Google translate පේජ් එකේ Help improve translation කියන තැනින් translate community එකට Join වෙලා අපේ භාෂාව දියුණු කරන්න දායක වෙන එක. අපේ රට ජාතිය ගැන හිතලා මේක කරන්න පුළුවන් නම් හරිම පින් අතේ වැඩක්.එතකොට අනාගතේ කවදා හරි දවසක ඕන ඉංග්‍රීසි බඩ කඩිත්තුවක් අපිට තේරෙන අපේ භාෂාවෙන් හොදට මොලේට වදින විදියට දැන කියා ගන්න පුලවන් වේවි.
2. Google translate පේජ් එකේ Send Feedback කියන තැනින් අපේ භාෂාවේ පරිවර්තන හැකියාව තව දියුණු කරන්න කියලා ඉල්ලලා යවන එක.
3. අඩුම තරමේ 25 ලබන්න කලින්වත් කසාද බැදලා ළමයි දුසිම් බාගයක්වත් හදන එක.(මම දන්නා තරමින් අපේ ජාතිය වේගයෙන්ම නෂ්ට වෙලා යෑමේ ලිස්ට් එකේ 2 වැනියට ඉන්නේ )
Purnima
ෆිල්ම් එක කටින්ද දන්නෑ බැලුවේ. මං මේ බලලයි කමෙන්ට් කරන්නේ. ෆිල්ම් එකේ කියන දේමයි සබ් එකෙත් තියෙන්නේ. අමාරුවක් වගේ තියේ නම් ඉංග්‍රීසි සබ් එකත් අරන් එක එක සසදලා බලන්න. නිකන් ඇඩ් දෙන්නේ නැතුව...
Purnima (real)
Mage namin ube hageem express karanna epa bn hamathanama :@
Mayura
සොරි පුර්නි. මං උබේ එකෙනුයි ලොග් වෙලා හිටියේ. ඒක මීටර් උනේ නෑ
Tharaka Nuwan Dilhara
ගුගල් ට්‍රන්ස්ලේට් කරා නම් ඔයාට දකින්න ලබෙන්නෙ අමු කුනුහරුප...
ඒ නිසා කමෙන්ට් කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා කට පාලනය කරගෙන කමෙන්ට් කරන්න...නිර්මාණී
matath ithin oya sahodarayata kiyanna thiyenne vima kiwwa dema thamai.puluwan nam mage sub eka google translate ekak kiyala oppu kerala pennanna. ehema keroth mama sub dana eka nawaththanawa, mage methek kerala thiyana okkoma sub tika ain kergnnawa. he he. kiwwa wage eka kerala pennanda puluwan nam thamai hoda.
ගයාන් රූකාන්ත(ජෝනා)
රත්තරන් පුතාට ආදරයෙන් ලියමි..ඉස්සර වෙලාම ගුගල් ට්‍රාන්ස්ලේට් කරපු එකක් අරගෙන බලන්න.
ඊට පස්සේ,නිර්මාණි අක්කගේ සබ් එක බලන්න, හින්දි ෆිල්ම් වලට විතරක් සබ් කරන කෙනෙක් හැටියට
මේ සබ් එකේ කිසිම වරදක් පෙන්නේ නැ, ඔයා හිතාගෙන ඉන්නවනම් ඔයා හින්දි දන්නවා කියලා,
ඔයාට හීනයක් පෙනිලා පුතේ,මොකද හින්දි දන්න එකෙක් මේ සබ් එකේ හරි වැරදි හරියටම අදුන ගන්නවා,
නැත්තං විමා කිවා වගේ ජාතකේ අවුලක් තමා...නැත්තං හෙට ඉඳන්ම හින්දි ඉගෙන ගන්න පලයන්,දැන් දුක නොදී මෙතනින් පලයන්.සමන් ප්‍රසාද් [ පූසා ]
ජය වේවා පුතේ...
උඹගේ ඉරිසියාව ගැන හොඳට තේරෙනවා... :v :v
කට්ටිය කියන්න ඕන ටික කියලා... :v :v
ඇනිගේ සබ් බලන අය දන්නවා ඇනීගෙ සබ් කොහොමද කියලා.
ඒ නිසා පව් නොදී කටවහගෙන යන්න පුතේ... :DJack
මේක කොහෙද බන් ගූගල් ට්‍රාන්ස්ලේට් වෙන්නේ.. දෙයක් කියන්න ඉස්සෙල්ල ටිකක් හොයලා බලලා කියපන් බන්.....
තිසර නියෝ
කොහෙවත් යන බල්ලෝ උඩු බිරුවට ගණන් ගන්නේ මොකටද.....
වීම කිව්වා වගේ මුන් වගේ අයගේ ජාතකේ තමා ඔය පෙන්නන්නේ....ආසිරි ප්‍රියන්ත
mkhafbsac xm hbksdf sdk fksd fsdf sf
sw skjfnsdf sdjkf sd s
s kdjfsdjfs skdb ns
kjfj sd ksdf s
skf sd fks fsd
shdsd sthawath kiyanna ba, thawath kiwwoth kiywana unta therum ganna bari wenawa kiwwe mokadda kiyala.
a nisa me athi..
sub ekata thanks hode..
jaya wewaa!!
විමා
පුලුවන්කම තියාගෙන බෑ බෑ කියල මෙච්චරකල් හිංදි සබ් නොකර හිටිය කියල මේක බැලුවට පස්සෙ අපේ අය දැනගනීවි ඉතිං ඔන්න මං කමෙන්ට් එකේ දාන්නෙ නෑ ඇනීට හිංදි පුලුවන් කියලා :P
අර යාලුවා ගැන මුකුත් නොකියා ඉන්නම්
සබට බොහොම තුති
අද හෙටම බලනවා.
හම්මෙ.. කන්ගනා..නිර්මාණී
grrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
ගයාන් රූකාන්ත(ජෝනා)
පුසා දැන් හින්දි වලටත් හෙල්ප් කරනවද බං...
එල එල..ඔන්න අක්කගේ පලවෙනි හින්දි සබ් එකත් එක්කම බලනවා
සබට තුති හොදේ,ජය වේවා!!නිර්මාණී
pissuda bn pusa newei. he he. pusai mai danna hindi. :-D
Dilusha Nuwan
කන්ගනාගෙ ෆිලුමක් නම් අනිවා බලනවා තෑන්ක්ස් සබට
pramuk
thanx sis........
Mayura
Oya udav kala kivvata mn udav kale nane :O
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaa
thisal
තැන්ක්ස් අක්කෙ මරු එකක් වගෙ කන්ගනා ඉන්නෙ :D
dilshan
thankz
“චූටී මල්ලි”
niyamayi
tnxxxx“චූටී මල්ලි”
niyamayi
pixies 2015 sub dennako
tnxxxxKulanjana Maduranga
pattai ahhhhh...ape NIRMANI sis ehenm hindi walatath bahala ne...ohoma ymu sis...onna mmth gaththa..good work sis.thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයිනේ.....
කාටුන් අක්කියා මෙන්න හින්දිත් දෙනවා.
එල එල ඔහොම්ම දෙමු...
මේකත් එකෙන්ම බෑමක් තමයි.
බොහොම ස්තුතියි සබ් එකට...
ජය.....සමන් ප්‍රසාද් [ පූසා ]
සබ් එකට තෑන්ක්ස් අක්කේ...
මෙන්න ඩවුන් වෙන්න දානවා...
ජය වේවා...!!!sud
thanks
gananganna epa owa
eka athakata pala ethi gahatane polu gahanne kiyanawane
theruwan saranai
suba angathayak wewaමැඩී
ආදරය ඇත්තටම පුදුමාකාරයි.....
පට්ට ලස්සන ආදර කතාවක් සමහර ඒවට කදුලුත් ආවා..
ගොඩක් ස්තූතියි මේ සබ් එකට.........තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
bhashitha
Thanks fot sub akki
RedHat
සබ් එකට තෑන්ක්ස් අක්කේ…
ජය වේවා…!!!Kasa
Thanks Dear
Udeshike
Thanks for the Subs
Keep it Up..! (Y)කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි නිර්මාණී..............
damitht
thanks
Harshana Madu
Ela akke thanks sub ekata essaharatath katagena yamu jaya wewa
Sangeeth Rasanjaya
NIYAMAI,,,,
nidi
thanks Nirmani! film ekath, subs tikath maru! thanks again!
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
sayu
Oyala hadana subtitles valata galapena torrent ekath eth ekkama dennako
Advertisement
![Katti Batti (2015) with Sinhala Subtitles |මගේ ආලය, මගේ ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/katti-Batti-2015.jpg)

අප්පට නියමයි කාටූන් අක්කේ
මං හිතන්නේ ඔයාගේ සබ් වලින් පලමු වතාවට බලන්න යන ෆිලුම මේක වෙන්න ඕනේ
එනකන් බලන් හිටිය ෆිලුමක්
පලමු හින්දි උපසිරැසි ගැන්වීමට සුබ පැතුම්
තවත් හින්දි හා වෙන බාශා ෆිල්ම් වලටත් සබ් ගේන්න ලැබේවා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
උදව් කල අයට තුති
ජයෙන් ජයම වේවා !!!!