Watch Trailer

Nope (2022) Sinhala Subtitle | උඩ බලන්න එපා! [සිංහල උපසිරැසි]

“මගේ තාත්තා මිය ගියා, අහසින් එකපාරට කුණු ගොඩවල් ටිකක් බිමට පාත් වෙලා. මිනිස්සු කිව්වේ ප්ලේන් එකකින් ඒ කුණු වැටෙන්න ඇති කියලා. ඒත් මට ඒක පිලිගන්න බෑ. මං එදා දැක්ක දේ ප්ලේන් එකකට වඩා ගොඩක් ලොකුයි. ඊට වඩා ගොඩක් වේගවත්. ප්ලේන් එකක් වගේ නෙවෙයි මාරම නිහඩයි.” “ඔයා කියන්නෙ ඒ පිටසක්වල යානයක් කියලද? එහෙනම් ඒ…

“මගේ තාත්තා මිය ගියා,
අහසින් එකපාරට කුණු ගොඩවල් ටිකක් බිමට පාත් වෙලා.
මිනිස්සු කිව්වේ ප්ලේන් එකකින් ඒ කුණු වැටෙන්න ඇති කියලා.
ඒත් මට ඒක පිලිගන්න බෑ.
මං එදා දැක්ක දේ ප්ලේන් එකකට වඩා ගොඩක් ලොකුයි.
ඊට වඩා ගොඩක් වේගවත්.
ප්ලේන් එකක් වගේ නෙවෙයි මාරම නිහඩයි.”

“ඔයා කියන්නෙ ඒ පිටසක්වල යානයක් කියලද?
එහෙනම් ඒක අපේ වාසියට හරෝ ගමු.”

“අපි හේවූඩ් පවුලේ අශ්ව ගොවිපලෙන්. අපි කරන්නේ චිත්‍රපටි සඳහා අශ්වයන්ව පුරුදු කරන එක. ඔයාල දන්නවද පලවෙනියටම හදපු චලනය වෙන ඡායාරූප පෙල තප්පර දෙකක ක්ලිප් එකක් කියලා. ඒ ක්ලිප් එකේ තියෙන්නෙ කළු ජාතිකයෙක් අශ්වයෙක් පදවන එකක්. ඒ කළු ජාතිකයගෙ නම තමයි ඇලිස්ටර් ඊ. හේවූඩ්. අපි මේ ක්ශේස්ත්‍රයේ ඉන්නේ පලවෙනියටම චලනය වෙන ඡායාරූප පෙල හදපු දා ඉදන්මයි. මොකද ඇලිස්ටර් ඊ. හේවූඩ් කියන්නේ අපේ සීයගෙ තාත්තගෙ තාත්තගෙ තාත්තා.”

ඒ සුදුසුකම ඇති වෙයිද මෙයාලට රස්සාවක් හොයාගන්න? ඇත්තටම කිව්වොත් මදි වෙනවා. හේවූඩ් අශ්ව ගොවිපල දැං බංකොලොත් වීගෙන එන්නේ. ගොවිපල දැං බලාගන්නේ ඕජේ විසින්. මොකද එයාගෙ තාත්ත නැතිවුණා. ඕජේගෙ නංගි තමයි එම්. දැං ඕජේ අශ්ව ගොවිපලේ අශ්වයන්ව විකුණන්න අරගෙන මොකද ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. මෙහෙම ඉන්නකොටයි තාත්තගේ මරණෙට හේතුව පිටසක්වල යානයක් කියලා මෙයාල සැක කරන්නේ. ඉතින් මෙයාල ඒ ප්‍රදේශය අත්තරලා පැනල යයිද? නැහෑ. එයාල හදනවා ඒ පිටසක්වල යානය කැමරාවකට අහුකරගෙන ඒක ඉන්ටනෙට් දාල ජනප්‍රිය වෙලා ඉක්මනින් සල්ලි හොයන්න. මෙයාලගෙ ඒ වැඩේ සාර්ථක වෙයිද? ඇත්තටම එහෙම පිටසක්වල යානයක් තියෙයිද?

 

 

කට්ටියට මතකද Jordan Peele කියන නම? නැද්ද? එහෙනම් කට්ටියට අනිවාරෙන් මතක ඇති 2017 නිකුත් වෙච්ච Get Out ෆිල්ම් එක. Horror ෆිල්ම් ඉතිහාසයේ දැවැන්ත පෙරලියක් කරපු නිර්මාණයක් කිව්වොත් නිවැරදී. Get Out කිව්ව ගමන්ම 2019 නිකුත් වෙච්ච Us චිත්‍රපටයත් මතක ඇති. එකිනෙකට වෙනස් horror චිත්‍රපට දෙකක්. වෙනස්ම තේමාවල් දෙකක්. කවුද මේ චිත්‍රපට දෙක හැදුවේ? ඔව්, ඒ තමයි Jordan Peele මහතා. එහෙනම් මේ චිත්‍රපටය තමයි ඔහුගේ ඊලඟට නිකුත්වුණ චිත්‍රපටය. මේක තමයි ඔහුගේ වැඩිම මුදලක් යොදා අධ්‍යක්ශනය කරපු චිත්‍රපටය. එනම් ඇමරිකානු ඩොලර් මිලියන 68. චිතපටියේ ආදායම විදිහට ඇමරිකානු ඩොලර් මිලියන 148.7 උපයා ගන්න හැකිවෙලා තියෙනවා. ඒවගේම මතක් කරන්නට ඕනෙ Jordan Peele මහතගේ මේ චිත්‍රපට තුනෙන් එකක්වත් පාඩු ලබා නෑ. අතිශය ආදායම් ලැබූ චිත්‍රපට ලෙසට ඒවා නම් වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ තියෙන තවත් විශේශතාවයක් තමයි, මේක තමයි පලවෙනි horror චිත්‍රපටය IMAX කැමරා වලින් රූපගත කරපු. ඉතින් මේකෙන් හොඳම අද්දැකීමක් ගන්න පුළුවන් වෙන්නේ IMAX වලින් බැලුවොත් තමයි. ඒත් තාම IMAX පිටපත් නම් අන්තර්ජාලෙට නිකුත් වෙලා නෑ.

 

Jordan Peele මහතා IMAX කැමරාවක් සමග

 

IMAX screen size සහ Normal screen size

 

එහෙනම් දැං මේ චිත්‍රපටයට ලැබුනු ප්‍රේක්ශක මනාප ගැන කතා කළොත්, IMDb 7.1 ඉහල අගයක් වගේම කුණු තක්කාලි 83% අගයක් ගන්න හැකිවෙලා තියෙනවා. ඒ වගේම මෙයට ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ Get out චිත්‍රපටයේ ක්‍රිස්ගේ චරිතය රඟපෑ Daniel Kaluuya. තවද Keke Palmer/ Steven Yeun/ Brandon Perea/ Barbie Ferreira/ Michael Wincott යන අයත් මෙයට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

අවසානවශයෙන් සොහාන් අයියව මතක් කරනවා. මොකද එයා තමයි මේක කරන්න හිටියේ ඒත් එයාට වැඩ වගයක් වැටුන නිසා මේක මට කරන්න බාරවුණා. එහෙනම් සම්මාන ලාබී අද්ධ්‍යක්ෂකවරයෙක් වෙන Jordan Peele මහතාගේ මේ වෙනස්ම Horrar අද්දැකීම විදින්න ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.

11,743 downloadsDownload Nope-2022-Update.zip100 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

11,743 downloadsDownload Subtitles100 KB

29 comments

  1. Prabodha Jayakody

    Ela.

  2. Rana

    එනකම් බලන් ඉදපු එකක් tnx brother

  3. Aashka

    tikak bayai wage balanna

  4. SL Cricket ඉත්තෑවා

    බලන්නත් ආසයි
    බයවෙයිද දන්නෙ නැහැ

    1. හිෂාන් සමරසිංහ

      මහා ලොකු horror ගතියක් නෑ... Sci-Fi/Mystery ගතියක් තියේන්නේ... අරගෙන බලන්න.

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  6. හිෂාන් සමරසිංහ

    Sub එක එන්න ටිකක් පරක්කු වුණු නිසා, English sub එක්කම බැලුවා.. :-(

    Anyway, Thank you සහෝ sub එකට. Keep it-up

  7. Kushan

    Sub akta thanks

  8. යුරාන් ධනුක (දනුවා)

    සුපිරි සහෝ
    බොහෝම ස්තූතියි !

  9. Das

    සුපිරි

  10. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  11. Mathew sheron

    Thanks bro

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. Pasindu Madumal

    සබට තුති සහෝ ❤️

  14. Sohan Jayasooriya

    තෑන්ක්ස් මචෝ සබ් එකට.. ඔයාගෙ සබත් එක්කම ආයෙ බලන්නම්

  15. Redrux

    Thnkz bro

  16. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  17. Ruchira

    Thanks for the sub!!!!!

  18. AKEESHA

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  19. Anonymous

    Purple harts film eke subtitles dennko

  20. Anonymous

    See season 3 sub dennko

  21. Malith samarawickrama

    Thanks bro sub ekata

  22. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  23. Dewadithya

    Thanks for Sub!

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. gihan

    බොහෝම ස්තුති උපසිරසියට

  26. Sahan Gayantha

    thanks wewa sub ekata

  27. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  28. Anonymous

    Than
    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.