Watch Trailer

Kill Your Friends (2015) with Sinhala Subtitles | දියුණු වෙන්න ඕනම දෙයක් කරනවද? (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සේ ආපහු ආවා චිත්‍රපටියක් අරගෙන! මේක 2015 කියලා සදහන් වුනත් නියම විදියට නිකුත්වුනේ මේ වසරේ අප්‍රේල් 1වෙනිදා. කතාව අයිතිවෙන්නේ Crime,Comedy,thrillerයන ඝනයන්ට. මිනිත්තු 103ක් පුරා දිවෙන මේ චිත්‍රපටියට Imdb 6.1ක හොද අගයක් ලැබිලා තියෙනවා. නළු නිලියන් ගැන සදහන් කලොත් ප්‍රධාන චරි…

ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සේ ආපහු ආවා චිත්‍රපටියක් අරගෙන! මේක 2015 කියලා සදහන් වුනත් නියම විදියට නිකුත්වුනේ මේ වසරේ අප්‍රේල් 1වෙනිදා. කතාව අයිතිවෙන්නේ Crime,Comedy,thrillerයන ඝනයන්ට. මිනිත්තු 103ක් පුරා දිවෙන මේ චිත්‍රපටියට Imdb 6.1ක හොද අගයක් ලැබිලා තියෙනවා. නළු නිලියන් ගැන සදහන් කලොත් ප්‍රධාන චරිතයට පණපොවන්නේ සුපිරි නළු Nicholas hoult. මුළු කතාවම දිවෙන්නේ ඔහු වටා නිසා අනෙක් නළු නිලියන් ගැන සදහන් කරන්නේ නෑ. මේ චිත්‍රපටිය තුල Nicholas Houltගේ රංගනය අති විශිෂ්ටයි කියලා කියන්න පුළුවන්. වෙනස්ම තේමාවක් තියන සුපිරිම චිත්‍රපටියක්. එහෙනම් බලමු ෆිලුම මොකක්ද කියලා.

සංගීත කර්මාන්තය තමයි චිත්‍රපටියේ තේමාව වෙන්නේ. ඉතින් කතාවේ ප්‍රධාන චරිතය වන ස්ටීවන් (Nicholas Hoult)කියන්නේ සංගීත කර්මාන්තයට සම්බන්ද ආයතනයක වැඩකරන කෙනෙක්. මේ ආයතනයෙන් කරන්නේ ගායකයින්, සංගීත කණ්ඩායම් හොයාගෙන ඔවුන්ගේ ගීත තැටිගත කරලා වෙළදපලට බෙදාහරින එක. ඉතින් මේකට ගැලපෙන කණ්ඩායම් හොයලා ඔවුන්ව තෝරගන්න ස්ටීවන් ඇතුළු පිරිසක් ඉන්නවා. ස්ටීවන් කියන්නේ අමුතුම ජාතියේ පොරක්. අපේ භාෂාවෙන් කිවුවොත් “සයිකෝ කාරයෙක්” වගේ පොරක්. ඒවගේම තමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන කෙනෙක්. ස්ටීවන් විතරක් නෙමෙයි යාළුවෝ ටිකත් එහෙම තමා. ඉතින් ස්ටීවන්ගේ අරමුණ තමයි ඉන්න තැනින් උඩට, ඒ කියන්නේ උසස් තනතුරකට යන එක. කොහොමින් කොහොම හරි ස්ටීවන්ට උසස් තනතුරකට යන්න පාර කැපුනත්, ස්ටීවන්ට වඩා ප්‍රවීණ කෙනෙක් ඉන්න නිසා ඔහුට තමා තනතුරට වරම් හිමිවෙන්නේ. හැබැයි මේක ස්ටීවන්ට දරාගන්න බැරිවෙනවා. දවසක් යාළුවත් එක්ක එකට ඉන්න වෙලාවක ස්ටීවන් යාළුවාව මරනවා. ඒකත් සැලසුම් කරලා කරන දෙයක් නෙමේ.එවෙලේ ආපු පීඩනය දරාගන්න බැරිකමට. අනික ස්ටීවන් කොහොමත් සයිකෝ කාරයනේ. ඉතින් මෙතනින් පස්සේ තමයි කතාව නැගලා යන්නේ. යාළුවව මරලා  ස්ටීවන්ට හිතපු දේ කරගන්න පුළුවන් වෙයිද? තව මොන අභියෝග වලට ස්ටීවන්ට මුහුණ දෙන්න වෙයිද? මිනීමැරුමට ස්ටීවන් අහුවෙයිද? කියන ඒවා කතාව බලලාම දැනගන්නකෝ. සංගීත කර්මාන්තයේ තිත්ත ඇත්ත ගැන මේ චිත්‍රපටියේ හොදින්ම පෙන්වා දීලා තියෙනවා.

එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ සුපිරි කතාව නරඹන්න කියලා. ආ….මේකෙ ඇතැම් දර්ශන හා භාෂා විලාසය නිසා 18ට වැඩි අයට පමනක් වඩා සුදුසු චිත්‍රපටියක්. එහෙනම් තව එකකින් මුනගැහෙනකම් හැමෝටම ජයවේවා!!   ඒවගේම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!!!!

Kill Your Friends (2015) on IMDb

 

 

650 MB (720p BR HEVC) කොපිය මෙතනින් බාගන්න

D7BE79A693270FB9E5BCA879DD64DF6EF56D4291

705 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

FD0DC25F88EAF7495D9365EEE0973B3C2C99A31A

1.40 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

93DBD1DDB16D209079CDF551D10CD1A402415A12 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,341 downloadsDownload Kill-Your-Friends-2015.zip181 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/-දිල්ශාන්-e1460556413942.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,341 downloadsDownload Subtitles181 KB

12 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

  2. Achi

    Esema wewa saho!!!
    Sub ekata thanx...
    Thawath sub ekakin hamuwemu...
    Jaya wewa!!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Asitha

    එසේමවේවා!!!
    බොහොම තෑන්ක්ස්.
    ගොඩක් කල් තිබ්බා බාලා.

  5. Dulanga

    Thanks

  6. Thisal

    comedy nam aniwa bemak tnxxx

  7. Rajitha

    Thanks machan.......!

  8. මනෝජ්

    ගොඩක් ස්තූතියි ඉසුරු. ඔයාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා....

  9. indika

    ගොඩක් ස්තූතියි.....

  10. Sanjaya

    ස්තූතියි සහෝ !!

  11. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Prasad Kandamulla

    බොහොම ස්තුතියි සබ් එකට,,,,,,,,,,,,,,,,,,,,

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.