Watch Trailer

Kindergarten Cop (1990) with Sinhala Subtitles | අපේ සර් 1 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ තිස් පස් වන චිත්‍රපටියත් අරන් ආවා. කියපු විදියට සියලුදෙනාටම බලන්න පුළුවන් එකක්. එත් ඉතින් PG-13 කාණ්ඩයේ එකක්. සරලවම කියනවා නම් ළමයින්ට බලන්න පුළුවන් දෙමවුපිය අවසරේ ඇතුව. එත් අනිවාර්යයෙන්ම 18+ නෙවි. මම විශේෂයෙන් මේක කියන්නේ මට තියන ලොකුම නරක නාමය, මම දෙන්නේ 18+ ඒවා කියල…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ තිස් පස් වන චිත්‍රපටියත් අරන් ආවා. කියපු විදියට සියලුදෙනාටම බලන්න පුළුවන් එකක්. එත් ඉතින් PG-13 කාණ්ඩයේ එකක්. සරලවම කියනවා නම් ළමයින්ට බලන්න පුළුවන් දෙමවුපිය අවසරේ ඇතුව. එත් අනිවාර්යයෙන්ම 18+ නෙවි. මම විශේෂයෙන් මේක කියන්නේ මට තියන ලොකුම නරක නාමය, මම දෙන්නේ 18+ ඒවා කියල. මොනවා කරනනද මගේ වැඩි කැමැත්ත තියෙන්නේ Sci-fi සහ සත්තු ඉන්න චිත්‍රපට වලට. ඉතින් ගොඩක් ඒවා R තමා රේට් කරලා තියෙන්නේ. මොනවා උනත් මම දැනට ටිකක් ළමා තේමාවන් තියන චිත්‍රපට කිහිපයක් තෝරන් තියනවා.

මේ චිත්‍රපටය සුපිරි නලු ආර්නෝල්ඩ් රඟපාන සුවිශේෂී එකක්, IMDb අගය 6.0 අරන් තියන චිත්‍රපටියක්. විවිධ අපරාධකාරයෝ, රොබෝලා එක්ක මරාගන්න චරිත නිරුපනය කරන එයා පුංචි ළමයි ටිකක් ළඟ අපහසුවට පත්වෙන එක හරිම විනෝදයි.Action, Comedy, Crime ගණයට අයිති වෙන මේක ඔන්න ඔයාලට සිංහල උපසිරසි එක්ක බලන්න අවස්ථාව.කතාව ගැන කියනවා නම් ජෝන් කිම්බල් කියන රහස් පොලිස් කාරයෙක් ගෙ චරිතය රඟපාන ආර්නෝල්ඩ් ට සැකකරයෙක්ගේ තොරතුරු හොයාගන්න පෙර පාසලක උගන්වන්න යන්න සිද්ද වෙනවා. ඉතින් එතැනදී මෙයාට සිදුවන අකරතැබ්බ සහ අපරාධකරයන්ගෙන් පෙර පාසැල බේර ගන්න එක තමා මේකේ තියෙන්නේ. මුලසිට අගට විනෝදයෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක්.

 මම ඊළඟට දෙන චිත්‍රපටිය ගැන මම විශේෂ දෙයක් කියන්නේ නැ. මම කලින් කොහොමද චිත්‍රපටි දුන්නේ කියල දන්නා යාලුවෝ අනිවාර්යයෙන්ම අනුමාන කරාවි ඊළඟට මොකක්ද දෙන්නේ කියල. හොඳයි එකෙන් හමුවෙමු.

 බුදු සරණයි ඔක්කොටම…!

Kindergarten Cop (1990) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Kindergarten.Cop.1990.1080p.BluRay.x264.YIFY Kindergarten.Cop.1990.720p.BluRay.x264.YIFY

මෙම උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

896 downloadsDownload Kindergarten.Cop_.1990.baiscopelk.zip176 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

896 downloadsDownload Subtitles176 KB

21 comments

  1. Jack

    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි. ඔන්න බාන්න දැම්මා. මචෝ H. G. Wellsගේ කතාවක් ඇසුරින් හදපු First Men in the Moon (1964) ෆිල්ම් එකටත් සබ් දෙන්න පුළුවන්ද සහෝ? imdb Rating එකත් 6.7ක් වෙනවා. ඒක හඳේ ඉන්න සත්තු වගයක් ගැන විතරක් නෙමෙයි ලස්සන කතාවකුත් තියන නියම Sci-fi ෆිල්ම් එකක්. ඒක ඔයත් ආස වර්ගයේ ෆිල්ම් එකක්. හැකිනම් ඒකටත් ඉදිරියේදී සබ් දෙන මෙන් ඉල්ලනවා. ජයවේවා. බුදු සරණයි.

    1. අසංක ප්‍රදීප් රණතුංග

      ගිය පාරත් ඔයා කියපු හින්දා මම මේක බැලුවා. ඒත් සහෝ මේකට සීඩ්ස් නැ. ඉතින් වැඩේ හරියන්නේ නැ.

  2. Tharaka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ. ජයෙන් ජයම වේවා.

  3. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  4. kavinda

    අනේ මේ වගේම king kong පරණ ඒවා වලට සිංහල සබ දෙන්නකො .

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .

    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

  5. Vikum08

    මේකෙම 2වැනි එකත් ඉක්මනටම දෙන්න.

  6. Tharindu Randika

    Ande parana kata nethuwa aluth kata walata sub dennakooo

    1. Jack

      පරණ කතා බලන්නත් කැමති අය ගොඩක් ඉන්නවානේ සහෝ. අනික අලුත් ඒවාටනම් ගොඩාක් අය සබ් දෙනවානේ.

    2. Pramuditha Damsara

      Ow..ow...sira parana katha dena ekanm nathra krna epa bro!!!!!!!!!Good Luck!!!

  7. Roshan

    Direct link eka weda, thanks

  8. dharshana...

    Thanks...

  9. Adithya Gimhana

    First Men in the Moon (1964) Film එකට ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් ලින්ක් දාල තියෙන්නෙ
    Baiscopelanka1st ( බයිස්කෝප් ලංකා 1st . බ්ලොග්ස්පොට් . කොම් ) කියන බ්ලොග් එකේ

    1. Tharaka

      ස්තූතියි මචන්! මේක මරු ෆිල්ම් එකක්. බාගන්න ඕනේ.

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. thilina

    (Kindergarten Cop 2) torrent 1 ganna giya wele oka dhakka, mekath demu machn.

  12. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  13. Udara Damith B\K

    ස්තූතියි උපසිරැසියට

  14. namika

    බොහොම ස්තුතියි මචං !
    අරනෝලිස් මාමා ඉන්න එකක් බැලුවෙ සෑහෙන කාලෙකට කලින්.
    දැන් ඉතින් ආයිත් බලන්න පුලුවන් ඔයා නිසා.
    වෙච්ච මහන්සිය බොහොම අගෙයි සහෝ.
    ජය වේවා ඔබට!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Sanjeewa Malith

    Thanks

  17. හසිත් සමරවීර

    බොහොම ස්තුති සහෝ සබට.....ගොඩක් ආසාවෙන් බැලුවා...
    ෴෴෴෴෴෴

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.