Watch Trailer

Kurukkan (2023) Sinhala Subtitles | නරියා [සිංහල උපසිරැසි]

Kurukkan (2023) Sinhala Subtitles අදත් මේ වසරේ තිර ගත වුන මලයාලම් කොමඩියක් අද මම ගෙන එනවා මෙ‍ය IMDB 5.4 අගයක් වාර්ථා වුවත් මලයාලි සිනමා රසිකයින්ට කම්මැලි නැතුව බලන්න පුළුවන් මිස්ට්‍රි ඝනයට වැටෙන චිත්‍රපටයක්. මලයාලම් චිත්‍රපට බොහොමයකම සුලභව දකින්න ලැබෙන චරිතයක් තමයි පොලිස් කාරයා.වීරයගෙ ඉඳල දුෂ්ඨයා ද…

Kurukkan (2023) Sinhala Subtitles

අදත් මේ වසරේ තිර ගත වුන මලයාලම් කොමඩියක් අද මම ගෙන එනවා මෙ‍ය IMDB 5.4 අගයක් වාර්ථා වුවත් මලයාලි සිනමා රසිකයින්ට කම්මැලි නැතුව බලන්න පුළුවන් මිස්ට්‍රි ඝනයට වැටෙන චිත්‍රපටයක්.

මලයාලම් චිත්‍රපට බොහොමයකම සුලභව දකින්න ලැබෙන චරිතයක් තමයි පොලිස් කාරයා.වීරයගෙ ඉඳල දුෂ්ඨයා දක්වාම සහ අහිංසකයගෙ ඉඳල විකටයා දක්වාම පොලිස් චරිත වැඩි හරියකම දකින්න ලැබෙනවා.මේකෙත් එක් ප්‍රධාන චරිතයක් පොලිස් පරීක්ෂක වරයෙක්.

චිත්‍රපටය පටන් ගන්නෙ නඩුවක බොරු සාක්ෂි මගින් ගොඩ යන්න බලා ගෙන ඉන්න මිනී මරුවෙකු ක්‍රිෂ්නන් නැමැති මහළු මිනිසෙකුගේ සාක්ෂියෙන් දඬුවමට නියම වීමෙන්.

Kurukkan (2023) Sinhala Subtitles

තමන් කරන හැම දේකින්ම අසාර්ථක වන දිනේෂ් නැමැති පොලිස් පරීක්ෂකයා හට ඉන් ගොඩ යන්න අවස්ථාවක් ලැබෙන්නේ ඔහුගේ පළාතේ ප්‍රසිද්ධ තරුණියකගේ ඝාතනයක් සම්බන්ධ පරීක්ෂණ ඔහු අතට පත් වීමත් සමග.මරණය සිදු වූ දවසේ පරීක්ෂාවට යාමේදී රැස්ව සිටි ජනකාය ඉදිරියේ ලිස්සා වැටීම නිසා සමච්චලයට ලක් වන ඔහු මෙම ඝාතනය සම්බන්ධව සැක පිට නිවසට පුවත් පත බෙදන තරුණයෙකු වන හරි අත් අඩංගුවට ගන්නවා.එහි ඇසින්දුටු ප්‍රභලතම සාක්ෂිකරු ලෙස ඉදිරිපත් වෙන්නේ අර ක්‍රිෂානන්ම තමයි.හරී එසේ මෙසේ බඩුවක් නොවන බව කාටත් ඒත්තු යන්නේ ඔහු අත් අඩංගුවෙන් මිදී පැන යාමත් සමගයි. සිය සැක කරු වන හරී සෙවීමට දිනේශ් ඇතුළු පිරිසත් ඔහුගෙන් මරණ තර්ජන එල්ල වූ ක්‍රිශානනුත් උත්සාහ කරද්දී හරී සිය නිර්දෝශී භාවය ඔප්පු කිරීමට වෙනම සටනක් ගෙන යනවා.අන්තිමේදී ඔහු නැවතත් අත් අඩංගුවට පත් වෙන අතර නඩු විභාගය සියල්ලෝ ඉදිරිපිට දිග හැරෙනවා.හරී ඝාතකයා ලෙස ඔප්පු කිරීමට පොලිසියට හැකි වේද, තම නිර්දෝශී භාවය ඔප්පු කිරීමට හරීට හැකි වේද ඔබම නරඹන්න.

Kurukkan (2023) Sinhala Subtitles

මෙහි පොලිස් පරීක්ෂක ලෙස Vineeth Sreeniwasan හා ක්‍රිශ්නන් ලෙස ඔහුගේම පියා වන ජේශ්ඨ Sreeniwasan ද හරි ලෙස Shine Tom Chako ද සෙසු චරිත ලෙස Malavikaa Menan, Sruthy Jayan,Srikanth Murali රඟ පානවා.මෙය Jayalal Divakaranගේ චිත්‍රපටයක්.

Kurukkan (2023) Sinhala Subtitles

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය TRUE WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

5,002 downloadsDownload Kurukkan-2023.zip66 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kurukkan (2023) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

5,002 downloadsDownload Subtitles66 KB

8 comments

  1. Dhanushka Dhananjaya

    Skhanda 2023 teligu ekata sub dennko

  2. Naveen Mbr

    බොහෝම ස්තූතියි! තව තවත් ලස්සන චිත්‍රපටි වලට උපසිරැසි ගේන්න. ජයෙන් ජයම වේවා!

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර .........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි !
    මලයාලම් සිනමාපට සඳහා මෙහෙම උපසිරැසි ලැබෙනව දකින්න ලැබීම ලොකු සතුටක්. :)

  5. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  6. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.