Watch Trailer

Kurukku (2024) Sinhala Subtitles | ද්විත්ව ඝාතනයක් [සිංහල උපසිරැසි]

Kurukku (2024) Sinhala Subtitles ආයුබෝවන්, තවත් අලුත් මිස්ට්‍රි ත්‍රිලර් මලයාලියක උපසිරැසියක් මෙන්න. මේකෙ ඉන්නෙ වැඩිය ඇස නොගැටෙන සහ නවක නළු නිළි සමූහයක් කිව්වොත් නිවැරදියි. අපි පුරුදු වෙලා ඉන්නෙ නළු නිළි තාරකා නාමාවලිය කියවල ෆිල්ම් එක බලන්න නේ. අරයගෙ ෆිල්ම් එක මෙයාගෙ ෆිල්ම් එක කියල. ඇත්තටම සමහර ෆිල…

Kurukku (2024) Sinhala Subtitles

ආයුබෝවන්, තවත් අලුත් මිස්ට්‍රි ත්‍රිලර් මලයාලියක උපසිරැසියක් මෙන්න. මේකෙ ඉන්නෙ වැඩිය ඇස නොගැටෙන සහ නවක නළු නිළි සමූහයක් කිව්වොත් නිවැරදියි. අපි පුරුදු වෙලා ඉන්නෙ නළු නිළි තාරකා නාමාවලිය කියවල ෆිල්ම් එක බලන්න නේ. අරයගෙ ෆිල්ම් එක මෙයාගෙ ෆිල්ම් එක කියල. ඇත්තටම සමහර ෆිල්ම් හිට් වෙන්නෙත් කතාවට වඩා නළුව හෝ නිළිය නිසා. හිතන්න මේ දවස් වල ලංකාවෙ රූ ගත කරන මොහාන් ලාල් මම්මුට්ටි ද්විත්ව‍ය රඟන ෆිල්ම් එකට මොන වගේ තැනක් ලැබෙයිද කියල. කොහොම උනත් ඒ  නිසා මේ වගේ සැලකිය යුතු චිත්‍රපටි මග හැරෙනවා. මේකත් ඒ වගේ තමයි. වැඩිය දිග නෑ. පැය 1යි විනාඩි 40ක් විතර නිසා කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. ඒ වගේම මේකෙ කතාවත් කුතුහලය දනවන සුලු එකක්.

ද්විත්ව මිනී මැරුමක් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායමක් ගෙන යන විමර්ශනයක් මෙයට පාදක වෙනවා. විවිධ ට්විස්ට් මැද නියම මිනී මරුවන් සොයා ගැනීමට කරන උත්සාහයක් මෙහි අඩංගුයි.

ඉතින් කිව්ව වගේම අභිජිත් නුරානි නම් අධ්‍යක්ෂක වරයගෙ කුළුඳුල් චිත්‍රපටය මේක. අනිල් ඇන්ටෝ, මීටා නායර්, ප්‍රීතා ප්‍රදීප් ,බාලජි ශර්මා සමග තවත් නළු නිලි පිරිසක් මෙහි රඟපානවා.මේකත් බලන්න් ආරාධනා කරනවා

නැවත හමු වෙමු

BANDULA K

Kurukku (2024) Sinhala Subtitles  

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

6,392 downloadsDownload Kurukku-2024.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kurukku (2024) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

6,392 downloadsDownload Subtitles37 KB

6 comments

  1. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි අයියේ
    තව මලයාලම් ටිකක් ගේමු

  3. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ සබට

  4. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. Anonymous

    Download karanne kohomada

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.