ඔන්න මේ පාර මම ගෙනාවා අමුතු ෆිල්ම් එකක්. අමුතු කිව්වේ අනිත් ෆිල්ම් වලට වඩා පොඩ්ඩක් වෙනස්. මේකේ Scientific වචන හොයන එක තමා හෙන අමාරු වුණේ. තව මේකෙ සබ් එක හැදුවෙත් අනිත් ෆිල්ම් වලට වඩා ලිඛිත භාෂාව පොඩ්ඩක් වැඩියෙන් කලවම් කරලා.. නැත්තම් ෆිල්ම් එක කැඳ එකක් වෙනවා කතා කරන භාෂාවෙන්ම ලිව්වා නම්. ඉතිං මේ පාර…

ඔන්න මේ පාර මම ගෙනාවා අමුතු ෆිල්ම් එකක්. අමුතු කිව්වේ අනිත් ෆිල්ම් වලට වඩා පොඩ්ඩක් වෙනස්. මේකේ Scientific වචන හොයන එක තමා හෙන අමාරු වුණේ. තව මේකෙ සබ් එක හැදුවෙත් අනිත් ෆිල්ම් වලට වඩා ලිඛිත භාෂාව පොඩ්ඩක් වැඩියෙන් කලවම් කරලා.. නැත්තම් ෆිල්ම් එක කැඳ එකක් වෙනවා කතා කරන භාෂාවෙන්ම ලිව්වා නම්.
ඉතිං මේ පාර මම ගෙනාවේ Little Joe කියලා Sci-fi / Drama කියන වර්ග වලට අයත් ෆිල්ම් එකක්. ඒ වුනාට මේකට වැඩියෙන්ම ගැළපෙන්නේ Horror එකක් වගේ කියලා කිවුවොත් තමා. ඉතිං මේක IMDb වල 5.9 වගේ අගයකුත් 68% ක කුණු තක්කාලි අගයකුත් ලබාගෙන තියෙනවා. මේක ගැන විස්තර කිවුවොත්, මේක රිලීස් වෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ නොවෙම්බර් පළවෙනිදා ඕස්ට්‍රේලියාවේ. මේකෙ අධ්‍යක්ෂකවරිය වන්නේ Jessica Hausner කියන අධ්‍යක්ෂකවරිය. තව මේකට රංගනයෙන් දායක වෙනවා Emily Beecham ඇලිස් වූඩඩ් විදියටත්, Kit Connor ජෝගේ චරිතයටත්.. තව මේකේ පසුබිම් සංගීතය ගැන කිව්වොත් ඉතින් ඒක පොඩ්ඩක් අමුතුයි. අමුතුයි කියන්නේ ටිකක් විකාරයි වගේ.
ඉතිං මේකෙ කතාව ගැන කිවුවොත්, ඇලිස් කියන්නේ විද්‍යාගාරයක ශාක බෝ කරන්නෙක්. එයා පුංචි ජෝ නමින් අලුතින් ශාකයක් නිර්මාණය කරනවා. ඒකෙ විශේෂත්වය තමයි ඒකෙ මලෙන් නිකුත් කරන සුවඳින් මිනිස්සුන්ගේ හෝමෝන උත්තේජනය වෙලා මිනිස්සු සතුටට පත් වෙනවා. ඉතිං මේ ශාකය දවසක් ඒක දාලා තියන කුටියේම තියන තව ශාක වර්ගයක් එයාගේ මලේ පරාග වලින් විනාශ කරනවා. ඒක මේ මලත් එක්ක බැඳුනු එක සිද්ධියක්. එතන එක විද්‍යාඥවරියකට අයත් සුරතල් බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලාගේ හැසිරීම හදිසියේම වෙනස් වෙනවා. ඒ විද්‍යාඥවරිය කියන්නේ එහෙම වුනේ අර මලේ පරාග නිසා කියලා. ඉතිං මේ විද්‍යාඥවරියගේ කතාව විශ්වාස නොකර අර පැළේ නිර්මාණය කරපු විද්‍යාඥවරිය එක පැළයක් ගෙදර ගිහින් එයාගේ පුතා වන ජෝ ට දෙනවා. ඉතින් අම්මාට එදා ඉඳන් දවසෙන් දවස තේරෙනවා පුතාගේ වෙනසක් වෙනවා කියලා. ඒකට හේතුවත් කතාව මැද්දෙම තියනවා. ඉතිං මොකක්ද මේ වෙනස… ඇයි එහෙම වෙන්නේ කියලා හොයාගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
ඉතිං අවසාන වශයෙන් මේක කරන්න අවසර දීපු හසන්ත සහෝදරයාටත්, වෙබ් අඩවියේ සහෝදරයින්ටත් මම ස්තූති කරනවා.තව මේ ෆිල්ම් එක කමෙන්ට් එකකින් ඉල්ලපු සහෝදරයාටත් මම ස්තූති කරනවා.. මොකද මමත් සබ් කරන්න හොඳ ෆිල්ම් එකක් හොය හොයා හිටියේ. ඉතිං එහෙම ඉල්ලපු නිසා මේක හම්බුනා.. ඉතිං කට්ටිය තව ෆිල්ම් ඉල්ලලා තියනවා ඒවාටත් සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා, ඉතිං කමෙන්ට් එකකුත් දාගෙනම යන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා…
ඔබට සුභ දවසක් !!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
1,981 downloadsDownload Little-Joe-2019.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගීත් මිහිර සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-04-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගීත් මිහිර සත්සර
Subtitles
14 comments
Kantha_DLA
Kavinu
තැන්ක් යූ සහෝ පුළුවන් නම් Primer (2004) ෆිල්ම් එකටයි Primal Fear (1996) ෆිල්ම් එකටයි සබ් කරන්න
Hashan
බොහොම ස්තුතියි සබ් එකට.. සබ් කරනවා නම් Extremely Loud & Incredibly Close (2011), The Vanishing (1993) වගේ ෆිල්ම් හොඳයි බ්‍රෝ තව සුපිරි සුපිරි ෆිල්ම් තියනව Sandra Bullockගෙ සිංහල සබ් නෑ
Anonymous
Thank you
indika75
thanks..
Kalana iduwara
Thanks bro sub ekata digatama sub denna bro.....
Nelson
Good work friend, Thanks for the sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
bohoma sthuthi
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!Malith Samarawickrama
Thanks bro sub ekata
Dewadithya
Thanks for sub!
Advertisement
![Little Joe (2019) Sinhala Subtitles | යක්ෂයාගේ මල… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/Little-Joe-2019.jpg)
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!