දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පූර්ණ නියෝජනයක් සහිත ඡන්දයකින් තේරී පත් වුණු මුල්ම ජනාධිපතිවරයා ලෙසින් 1994 මැයි 10 වෙනිදා සිට 1999 ජුනි 14 වනදා තෙක් මා උපන් දේශය පාලනය කළේය. ඊට පැමිනි ගමන ඉතාම දිගු වීය. එය දිගු ගමනකි. ඔබ සිතනවාටත් වඩා දිගු ගමනකි. 1918 ජුලි 18වන දින රාජකීය ගෝත්‍රික පවුලකට දාව උප…

දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පූර්ණ නියෝජනයක් සහිත ඡන්දයකින් තේරී පත් වුණු මුල්ම ජනාධිපතිවරයා ලෙසින් 1994 මැයි 10 වෙනිදා සිට 1999 ජුනි 14 වනදා තෙක් මා උපන් දේශය පාලනය කළේය. ඊට පැමිනි ගමන ඉතාම දිගු වීය. එය දිගු ගමනකි. ඔබ සිතනවාටත් වඩා දිගු ගමනකි. 1918 ජුලි 18වන දින රාජකීය ගෝත්‍රික පවුලකට දාව උපන් නෙල්සන් රෝලිහ්ලා මැන්ඩෙලා වන මා පාසල් දිවියෙන් පසු ෆොර්ට් හරේ විශ්ව විද්‍යාලයෙන් සහ විට්වටස්රාන්ඩ් විශ්ව විද්‍යාල මගින් නිතිය හැදෑරුවෙමි. එවක් පටන් මහත්වූ ජවයකින් යුතුව යුරෝපිය සුදු පැහැති සමේ අදුරු සෙවනැල්ලෙන් මිදීම වෙනුවෙන් සටන් කල මා වයස අවුරුදු 44 සපිරුණ 1962 වසරේදී විවිධ අපරාධවලට සම්බන්ධ වීම හා දේපල අලාභ හානි කිරීම යන චොදනා යටතේ රොබින් දූවේ සිරගතවිය. එහෙත් අරගලය සිරගත නොවුනි. මා වැන්නවුන් සිය ගණනක් සටන්වැදී උන්හ. 1989දි දකුණු අප්‍රිකානු ජනපති D ක්ලාක් පැමිණ මා සමග සාකච්චා කළා. මා ඔහුගෙන් ඉල්ලු එකම ඉල්ලීම වූයේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට පනවා තිබු තහනම ඉවත් කරන ලෙසය. ඔහු එය ඉවත ලූවා. මා බලා සිටි ඒ නිදහස තවත් දිගු වූවා. අවසන 1990 පෙබරවාරි මස 11 දින මවෙත ඒ නාම මාත්‍රීය නිදහස හිමි වුවේ ඉහත ඉල්ලීමද ඉටුකෙරෙමිනි. වසර 27කට පසු සිරගෙයින් එලියට පැමිනෙන මාහට අවැසි වූවේ ජනතාව සමගින් එක්කාසු වීමටය. ඒ සදහා මා කේප් ටවුන් සිට ජොහැන්නස්බර්ග් කරා යන ගමන මහා මාර්ගය මතින් යොදා ගැනුනා.
“1990 පෙබරවාරි 11 වෙනිදා සවස් යාමයේදි මා ප්‍රියාදරිය විනි මැන්ඩෙලාගේ අතින් අල්ලාගත් මා, බන්ධනාගාරයේ ඒ යකඩ ද්වාර අතරින් නිදහස් ලෝකයට පය තබන අවස්තාව දැකගැන්මට පැමිණ සිටි ඒ සුවිසල් ජනකාය දෙසට ඇවිදගොස් මගේ දකුණු අත මිටි කර ඉහලට එසවුවා. සිරගතවී සිට දින දස දහස තුල මා එලෙසින් සිදුකර නොතිබුණ අතර. මට දැනුනා මා නැවත තරුණ වන බවක් එවිට මගේ වයස අවුරුදු 71ක් පමණ වෙලා. කෙලෙසකින් හෝ දින දස දහසක සිරගත දිවිය නිම වෙලා” ( -Long Walk to Freedom 1994)
ඉන්පසු මහත්මා ගාන්ධිතුමන්ගේ දර්ශනය, අවිහිංසාවාදය මගේ දිවියට එක්කරගනිමින් පටන්ගත් ඒ සාමකාමී ගමනට 1993 දී මා හටත් D ක්ලාක් මැතිතුමන්හටත් නොබෙල් සම සාම තාග්‍යය හිමිවිය. එපමණක් නොව පෙර කීවාක් මෙන් කිසිදු අධ්‍යාපනයක් නොලද පරම්පරාවක කලු පැහැති සමක් සහිතව ඉපිද නිදහස් දකුණු අප්‍රිකාවේ ප්‍රථම කලු ජාතික ජනාධිපතිවරයා ලෙස එතෙක් කලක් සුදු සමක් ඇත්තවුන්ට පමණක් හිමිවූ ඒ වරප්‍රසාදයන් කළු ජාතිකයිනටද සමසේ ලබාදෙන්නට කටයුතු කළේය. දකුණු අප්‍රිකාව වෙත ලිබරල් ආර්ථිකයක් හදුන්වාදුන් මා ලොව පුරා පැතිරගොස් තිබු ඒ වර්නභේදවාදයට එරෙහි අවිහිංසාවේ ජනහඩ බවට පත්වූවා. ජාතිය මත පදනම්ව කරන සියලු බෙදීම්වලට මම දැඩි සේ වෛර කරනවා. මම මගේ මුලු ජීවිතය පුරාම එයට එරෙහිව සටන් කළා. මා අරමුණු ඉටුකරගනිමින් ජයග්‍රාහකයෙකු උවද කිසිවෙකුට කිසිදා ජයගත නොහැකි ජීවිතය නමැති සටනින් පරදින විට නිදහස් දකුණු අප්‍රිකාවේ පමණක් නොව ලෝක බලවතා ඇමෙරිකා එක්සත් ජනපදයේ මුල් පුටුව හොබවන්නට සමත්ව සිටින්නේද එදා සුදු ජාතිකයින්ගේ යකඩ සපත්තුවට පෑගී සිට කිසිදු වරප්‍රසාදයක් නොලද ජාතියක කෙනෙකි. ඉදින් මේ මට දෑස පියාගැන්මට සුදුසු සමයක් නොවද? මා සමග ජරාවට පත්වූ මාගේ ආත්මයට සැනසීම ලබාදියයුතු කාලය නොවේද? මා මියගිය පසු බොහෝ දෙනා කීවා නැවත ඔවුන් අතරම ඉපදෙන්න කියා. මා දැන් කුමක් වෙනුවෙන් නැවත ඉපදෙන්නද මාගේ මෙහෙවර අවසන්. දැන් එය නුබලාට බාරයි. මා පටන්ගත් මෙහෙවරේ ඉදිරි ගමන නුබලා සතුය. මේ මගේ දිවියයි මේ මගේ සදාකාලික සුවයයි.
දුෂ්කර ගම්මානයක දුප්පත්ව ඉපදී කළු සුදු අරගල අතරේ අයුක්තිය හා අසාධාරණයට විරුද්ධව සටන් වැද අවුරුදු 27ක් හිරබත් කා අන්තිමට අප්‍රිකාවේ ප්‍රථම විධායකව තෝරාගත් ජනාධිපති වූ ශ්‍රේෂ්ට නෙල්සන් මැන්ඩෙලා ගැන මෙම චිත්‍රපටයෙන් ඉතා උසස් විදියට විදහා පායි. 2013 දී සාදා නිම වූ මෙම චිත්‍රපටය බ්‍රිතාන්‍ය හා දකුණු අප්‍රිකානු නිර්මාණයකි. මෙය 2014 ඔස්කාර් සම්මාන උළෙලටත් යම් අංශ වලින් නම් නිර්දේශිත වී ඇති සිනමා අග්‍රගන්‍ය සිනමා සිත්තමකි . විලියම් නිකොල්සන් සහ ස්ටාස් ඉඩ්‍රිස් එල්බා සහ නයෝමී හැරිස් විසීන් පිටපත රචනා කර ඇත. අධ්‍යක්ෂණය කර ඇත්තේ ජස්ටින් චැඩ්වික් ය.
ඔබ පුබුදුවාලූ දකුණු අප්‍රිකානු දේදුණු ජාතියකත්වය(Rainbow Nation) මතු දිනදීත් එලෙසින්ම පවතීවි. නුබ ලබාදුන් ඒ පණිවුඩය මෙලෙසින් ලොව පුරා පැතිරයාවී. නමුත් සැබවින්ම ඔබ අපට තවමත් අවැසි ශ්‍රේෂ්ඨයෙකි. එනමුදු මා ආත්මාර්ථකාමී නොවෙමි. ඔබට සුබ ගමන් මෙඩිබා!!
The greatest glory in living lies not in never falling. But in rising every time we fall…. ~ Nelson rolihalahla mandela
ලිපිය- ශාන් විමුක්ති [වීමා]
Due to copyright issues, we do not provide any torrent links.
Mandela Long Walk to Freedom (2013) BluRay 720p 950MB Ganool
Mandela.Long.Walk.to.Freedom.2013.DVDSCR.600MB.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,612 downloadsDownload Mandela.Long_.Walk_.to_.Freedom.2013.BluRay.Baiscopelk.com_.zip121 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/දමිත-දිල්ශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දමිත දිල්ශාන්
Subtitles
46 comments
venura
Lahiru
thanks lipiyath apatta vima
chamath cafe
ජය වේවා සහෝ මේ වගේ සුපිරි නිර්මාණයක් දුන එකට
asiri
thawath hoda awata subs denna saho jaya!
ositha
baiscope is best
ganidu
තැන්ක්ස් අනගි සිනමා සිත්තමක්
udara
gr8 machan
kalinga
පට්ටයි සහෝ
vee
maxxama thama aniwa banwa
harsha bandula
susb walata thanksa
ccnp
Thanks
PaThUm MaDuShAn (ශාන්)
උපසිරැසියට ස්තුතියි සහෝ..එත් BRRIP එක එනකම් ඉන්නවා..එකත් ආවහම එකටත් සබ් එක අප්ඩේට් කරන්න.දිගටම දෙමු.ජය! :P :P :P
tharanga
බොහොම තුති!
mihin ලංකා
ජය වේවා සහෝ!
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P ජය
ප්‍රසන්න ප්‍රියදර්ශන
තැන්ක්ස් මචං...
Thisara Neo
නියමයි සහෝ.......
අග්‍රගන්‍ය නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........Dofa
I respect to madiba.so bro thx ...keep going ..
Jayan Chamal
patta
Rashmika
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!!!!!!:D දිගටම උපසිරැසි ලබාදෙන්න (y) ජයවේවා...O:)
උදාන
thank you!
නලින්
ස්තුතියි දිමිත සහෝ
ලිපියත් එළට ලියලා තියෙනවා!
ජය වේවා!
dinidu madushanka
ela ela bro jaya wewa
DAMER
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍“චූටී මල්ලි”
මචන් හොද කොපියටත් සබ් ඔනි
එල එල
සබට තුති
ඔබට ජය......................ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි මචෝ, වටිනා නිර්මාණය සිංහලෙන් අරගෙන ආවට, වැඩේ කියන්නේ මම මේ වගේ ෆිල්ම් සේරම වගේ බානවා, මේකත් බාන්න දාලා තියෙන්නේ..
ඒත් මෙව්වා බලන්න ඉන්නේ නිදහස් වෙලාවක..යකෝ වැඩේ කියන්නේ නිදහස් වෙලාවක් එන්නේ නැ නේ...
ජය වේවා කොල්ලෝ....එළකිරි..Anonymous
Kohomda download kare
mudiya / මුදියා
එලකිරි දමිතයෝ.
කාලීන වටිනාකමක් තියෙන ෆිල්ම් එකක්.
අනිව බලන්න ඕනි.
වීමගෙ පෝස්ට් එකත් ඉතිං කොර වෙන්නම දීල තියෙනව.
ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම වටින චිත්‍රපටයක් වගේ, බොහොම ස්තුතියි,ජයවේවා.
නිරෝෂ්
thanx
sudara
thanks bro,,,,,,,,,,,,,,good luck......
රොයිලි
බොහොම ස්තූතියි දමිත සහෝ සිංහල උපසිරැසියට. වටිනා එකක් වගේ. මෙන්න බානවා. ජය෴෴ :P :P
ඩොක් අයියා
සුපිරිම නිර්මාණයක් මල්ලි, ගොඩක් ස්තුති
isuru
බොහෝම ස්තූතියි
Asitha
meke Blue ray ekatath suba dannako..
Nandana
Thank You Damitha.
හේමාල්
බ්ලුරේ පිටපතට යාවත්කාලීන කරනකන් ඉන්නවා මෙක බලන්න.
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
sandun
BRrip ekata encode krala denna kooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
හේමාල්
බ්ලුරෙ කොපියට යවත්කාලීන කරන කන් තාම බලන් ඉන්නවා.
තරුෂ දිනුජය
තෑන්ක්ස් සහෝ.
Denuthu Kawinda
Thanks..................☺☺☺
විමුක්ති
සහෝ BR එකට සබ් එක සෙට් වෙන්නේ නැනේ.... බැරිද update කරල දාන්න.....
Sam
Thanks bro
lakshitha
meke sub eka download wenne na not found watenawa please check
Hiran Ganepalla
ගැටලුව නිවැරදි කලා සහෝ. නැවත උත්සාහ කරන්න.
Advertisement
ela aniwa balanna epayi