කොතැනින් කොහොම පටන්ගන්නද, කොහොම ලියන්නද කියල හිතාගන්නත් බැහැ. අද මගේ උපසිරැසිකරණ ජීවිතයේ තෙවන කඩයිම පහුකරන්නයි මේ සූදානම් වෙන්නෙ. 2016 වසරේ අගෝස්තු මාසෙ 16 වැනිදා හුදෙක් විනෝදාංශයක් විදිහට විතරක් සීමාවෙලා The Darkness (2016) චිත්‍රපටයට සිංහල උපසිරසි ලබාදීමෙන් අරඹපු මේ “සිංහල උපසිරැසිකරණ” දිවිය මේ ව…

කොතැනින් කොහොම පටන්ගන්නද, කොහොම ලියන්නද කියල හිතාගන්නත් බැහැ. අද මගේ උපසිරැසිකරණ ජීවිතයේ තෙවන කඩයිම පහුකරන්නයි මේ සූදානම් වෙන්නෙ. 2016 වසරේ අගෝස්තු මාසෙ 16 වැනිදා හුදෙක් විනෝදාංශයක් විදිහට විතරක් සීමාවෙලා The Darkness (2016) චිත්‍රපටයට සිංහල උපසිරසි ලබාදීමෙන් අරඹපු මේ “සිංහල උපසිරැසිකරණ” දිවිය මේ වෙද්දි විනෝදාංශයකට එහා ගිහින් කොටින්ම කියනවා නම් ඇබ්බැහිවීමක් බවට පත්වෙලා හමාරයි. හැබැයි ඉතිං මේ වැඩේ කරල ලැබෙන තෘප්තිය නම් කියල නිම කරන්න බැහැ. ඉතින් ඔය විදිහට පටන්ගත්තු මගේ උපසිරසිකරණ ජීවිතේ මේ වෙද්දි කඩයිම් දෙකක් පහුකරල තියෙනවා ඒ තමයි,
පළමු කඩයිම – Prison Break අවසාන එපිය
දෙවන කඩයිම – Annihilation
ඉතින් ඒ පහුකරපු “පළමු සහ දෙවැනි” කඩයිම් තුළදී මම හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා මේ පහුකරන්න සූදානම් වෙන තෙවන කඩයිමටත් එවැනිම ප්‍රතිචාර ලැබෙවී කියල මං හිතනවා. “අද” මේ විදිහට ලබාදෙන්න යන “තෙවන” කඩයිම ඇතුළත පුරා “අවුරුදු දෙකයි මාස මාස දහයක” කාලය තුළදී විවිධ රූපවාහිනී කතාමලාවන් වල කතාංග 100 සහ චිත්‍රපට 50 කට සිංහල උපසිරැස ලබාදී තියෙනවා. ඒ චිත්‍රපට වලිනුත් වැඩි හරියටක්ම ඉතින් නෙට්ෆ්ලික්ස් චිත්‍රපටි නොවැ😁
ඉතින් මේ විදිහට සිංහල උපසිරසිකරණයේ මහගෙදර, බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිටට උපසිරසිකරුවෙක් විදිහට මම එකතු වුණාට පස්සෙ ගොඩක් කට්ටිය දැන හඳුනගන්න හැකියාවක් ලැබුණා. ඒවගේම තමයි මතක් කරන්න නම් ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතිං ඒ මතක් කරන්න ඕන කට්ටියගෙන එක්කෙනෙක් හැරි මඟ හැරුණොත් හරි නැහැනෙ. ඉතිං බයිස්කෝප් පවුලේ ඉන්න සෑම උපසිරැසකරුවෙක්ම මේ අවස්ථාවේ මම මතක් කරනවා. ඉතිං දැන් කියන්න යන කට්ටිය නම් මතක් කරන්නම ඕන. මොකද මේ උදවිය ඉතා නිහඬ සේවයක් ඉටු කරන කට්ටියක්. වැරැද්දක් දැක්කම කියල දෙන හසන්ත අයියා ඒවගේම වැඩිම උපසිරැස ප්‍රමාණයක් බයිස්සිකෝප් අඩවියට දායාද කරපු රොයිලි ප්‍රනාන්දු අයියා පොටෝ එකක් හදල ඉල්ලුවම බැහැ නොකියා උදව් කරන නවෝදනී අක්කි, අශාන් විමුක්ති(විමා) අයියා, සිසිල අයියා, චාමර අයියා, ආසිරි අයියා, අසංක ප්‍රදීප් රණතුංග අයියා, සුදීර අයියා, නිර්මාණි විජේසිංහ අක්කි, සමීර කරුණරන්ත අයියා, සමන් ප්‍රසාද් අයියා, නලීන් අයියා, ඉසිර ගුණතිලක අයියා, ප්‍රණීත් රණසිංහ අයියා, බයිස්කෝප් මංසලේ ඇඩ්මින් සාමාජික තිසර නියෝ අයියා වගෙම බයිස්කෝප් ඩවුන්ලෝඩ් එක වැඩ කටයුතු කරගෙන යන සඳුන් අයියත් වගේම බයිස්කෝප් අඩවියෙ නිර්මාතෘ වන “ඉසිර ගුණතිලක” අයියවත් මේ අවස්ථාවේ මතක් කරනවා. ඒවගේම තමයි හැමදාම වගේ කමෙන්ට් එකක් දාගෙන යන කට්ටියවත් මතක් කරනවා. හරි ඔන්න කියන්න තියෙන දේවල් ටික කිව්වා එහෙනම්. තවත් අටුවාටිකා අවශ්‍ය නැහැ. එහෙනම් ඉතින් අද ඔයාලට අරගෙන එන චිත්‍රපටයට දිහාවට හැරෙමු දැන්…

2019 වසරේ මුල් භාගයේදී බොහෝ දෙනා අතර කතිකාවක් ඇතිකරන්න සමත්වුණු සලරුවක් නිසාවෙන් Alita: Battle Angle(2019) කිව්ව ගමන් මේ චිත්‍රපටිය ගැන සිනමා රසිකයින් වන ඔයාලා දන්නවත් ඇති. මෙම සලරුව ප්‍රේක්ෂකයින් සහ සිනමා විචාරකයින්ගේ අවධානය දිනාගත් සිනමා නිර්මාණයක් වූ නිසාවෙන් “පළමු පූර්ව ප්‍රචාරක පටය” නිකුත් වූ දින පටන් චිත්‍රපටය නරඹන්නට දෑස් දල්වා බලා සිටි සලරුවක් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් ඒ විදිහට ප්‍රේක්ෂක කුතුහලය උපරිමයකට අරගන්න Drama | Sci-Fi | Romance | Action | Adventure | Thriller යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව නිර්මාණය වූ මේ චිත්‍රපටය සමත්වීමට ප්‍රධානම හේතුව වුණේ මෙහි නිෂ්පාදනය කටයුතු සඳහා වගේම තිර රචනය වෙනුවෙන් දායක වූ අයවලුන් නිසාවෙනුයි. සිනමා ලෝකයේ ආදායම් වාර්තා අතරට එක්වූ වගේම ලොව පුරා සිනමාලෝලී ප්‍රේක්ෂකයින්ට කිසිදා අමතක නොවන අන්දමේ සිනමා අත්දැකීම් සමූහයක් තිළිණ කිරීමට සමත්වුණු චිත්‍රපටය කිහිපයක් වශයෙන් අවිවාදයෙන් හඳුන්වන්නට හැකි Avatar (2009), Titanic (1997) හා The Terminator (1984) යන චිත්‍රපට වල අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරපු James Cameron සහ Jon Landau විසින් තමයි මේ සලරුවේ නිෂ්පාදනය සහ තිර රචනය සිදුකරල තියෙන්නෙ. සිනමා දිවියේ වසර 10ක පමණ දිගු නිහැඩියාවකට පසුව James Cameron නැවතත් සිනමා ප්‍රේක්ෂයින්ගේ සිත් තුළට සමීපවීමට Alita සලරුවෙන් සමත්වී තිබෙනවා. ඒවගේම තමයි මේ සලරුවෙනුත් ප්‍රේක්ෂකයාට Avatar තුළින් හඳුවාදුන්නු ත්‍රිමාණ සජීවීකරණ අත්දැකීම හා සමානම අත්දැකීමක් නිසැකවම ලබාගන්න පුළුවන්. Cameron ගේ තිර පිටපත අනුව නිර්මාණය කරන මේ සලරුවේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නෙ Spy Kids ළමා චිත්‍රපට මාලාවේ සහ Sin City: A Dame to Kill For (2014) චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ Robert Rodriguez විසිනුයි.

Robert Rodriguez සහ James Cameron චිත්‍රපටය
රූගත කරන අවස්ථාවේදී අරගත් ජයාරූපයක්
විශේෂයෙන්ම කියන්න ඕන මෙම චිත්‍රපටය සඳහා පාදක කරගෙන තියෙන්නෙ 1990 සිට 1995 වසර දක්වා “Shueisha’s Business Jump” ලෙස හඳුන්වන ජපන් සඟරාවක කොටස් වශයෙන් පළ වූ Yukito Kishiro නැමති කතුවරයාගෙ “Gunnm” නැමති මන්ගා කෘතියයි. ඒවගේම තමා මෙහි “කාණ්ඩ 09” ක් අඩංගු වෙනවා. (මෙම මන්ගා කෘතියෙන් Anime එකක් පවා නිකුත් වුණා 1993 වර්ෂයේදී. මාත් ඒක හැබැයි බලල නැහැ 🙂
Yukito Kishiro
Gunnm 1 සිට 9 වෙනි කාණ්ඩය දක්වා
Gunnm නැමති කෘතිය
Anime සිරීස් එක
හොඳයි එහෙනම් අපි දැන් මෙහි රංගනයෙන් දායක වෙන උදවිය කවුද කියල බලමු. සමහරවිට ඔයාලට නම් Rosa Slazar කියන නම අහල පුරුදු නැතිව ඇති. හැබැයි ඇය Maze Runner The Scorch Trail (2015), Insurgent (2015), CHIPS (2017), Maze Runner Death Cure (2018) සහ Bird Box (2018) නැමති චිත්‍රපට තුළදී නම් අපිට දකින්න ලැබුණා. හැබැයි ඉතිං මේ චිත්‍රපටයෙදී නම් ඇයව හඳුනාගන්න ලැබෙන එකක් නැතිවෙයි. මොකද ඇයගෙ මුහුණ සම්පූර්ණයෙන් “CGI තාක්ෂණය” යොදාගනිමින් වෙනස්ම ආකරයෙ රූපයක් ලබාදී තියෙන්නෙ. මෙලෙස CGI තාක්ෂණය නිර්මාණය කර ඇත්තෙත් ජේම්ස් කැමරන්ගේම ක්‍රමෝපායන් යටතෙයි. ඒ වගෙම “ඔස්කාර් සම්මාන ලාබී” Mahershali Ali සහ අනෙකුත් සෙසු චරිත වලට ප්‍රවීණ රංගන ශිල්පී Christoph Waltz, Jennifer Connelly, Ed Skrein සහ Keean Johnson දායක වෙනවා.
Rosa Slazer සහ චිත්‍රපටයේ Alita
මේ සලරුවේ රේටින් ගැන ගැන කියනවා නම් මේ වෙද්දි මනාප 51694 ක් ලබාගනිමින් IMDb දර්ශකයේ 7.6/10 ක අගයක් සහ කුණු තක්කාලි දර්ශකයේ 59% මනාප ප්‍රතිශතයක් ලබාගැනීමට Alita: Battle Angle සමත් වී තිබෙනවා. ඒවගේම තමයි ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක නිෂ්පාදන පිරිවැයක් දරා නිපදවූ මේ සලරුව මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක වාර්තාගත ආදායමක් ලබාගනිමින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට එකතුවී හමාරයි.
ඉදිරි අනාගතය ගැන සිනමා සිත්තමක් අපි වෙත තිළිණ කිරීමෙදී බෙහෙවින්ම දක්නට ලැබෙන්නෙ එහි ඇති වාතාවරණය සහ තාක්ෂණය නිසාවෙන් මෙම ලෝකයට සිදුවන බලපෑමයි. එසේම පවතින සමාජ පංති ක්‍රමය ඔස්සේ මිනිස් ප්‍රජාව බලවතුන් සහ දුගීන් වශයෙන් කොටස් දෙකකට වෙන්කෙරෙනවා.වර්ෂ 2563, මහා සංග්‍රාමයක් නොහොත් චිත්‍රපටයේ දී නම් “බිඳවැටීම” සිදුවී වසර 300 ක් ගත වී හමාරයි. ලෝකයෙ හැම අතකම සිටින කිසිම පිළිසරණක් නැති මිනිසුන් “කම්හල් නගරය” වෙත පැමිණෙනවා. ඩොක්ටර් ඊඩෝ මෙම අසරණ වූ මිනිසුන් හට දීප්තිමත් පහනක් වැනි අයෙක්. ඒ මොකද කියනවා නම් ඔහු ඒ සෑම අයෙක්ටම වසර ගණනාවක් මුළුල්ලේ තමන් ලබාගත් දැනුම මඟින් ඔහුට හැකි උපරිම ආකාරයෙන් උපස්ථාන කරන නිසායි. දවසක් ඔහු මෙලෙස අසරණ වූ අයට උදව් කිරීමට අවශ්‍ය දෑ සෙවීම සඳහා කසළ ගොඩට ගිය අවස්ථාවේදී දකිනවා එක්තරා සයිබ්‍රෝග් ( සයිබ්‍රෝග් කෙනෙක් යනු අර්ධ මනුශ්‍ය අර්ධ යාන්ත්‍රික ලෙස හඳුන්වන අයයි) කෙනෙක්ගෙ හිසක්. නමුත් ඇයට ඒ මොහොත වෙද්දිත් පණ තියෙනවා. ඔහු ඇය මතින් බලාපොරොත්තුවක් දකිනවා. ඉතින් ඔහු මෙලෙස සුන්බුන් වූ සයිබ්‍රෝග් ව නැවත ක්‍රියාකාරී තත්වයට අරගත්තත් ඔහුට මැය කොහෙන් ආවාද, ඇයගෙ ඇත්තම නම මොකද්ද කියල කිසිම අදහසක් නැහැ. නමුත් ඔහු දන්නව ඇය හුගක් බලසම්පන්න කෙනෙක් බව. මොකද ඇයගෙ හදවතට පුළුවන් වෙනවා මුළු “කම්හල් නගරයටම” අවශ්‍ය කරන බලය ලබාදෙන්න. නමුත් ඊඩෝට ඇය දැකුමෙන් මෙම කුරිරු ලෝකයෙදී නපුර මඟින් මිය ගිය ඔහුගෙ දුවව මතක් වෙනවා. ඉතින් ඔහු නව බලාපොරොත්තුවක් සමඟ ඇයට ඇලීටා කියන නාමය ලබාදෙනවා. ඉතින් මේ ඇලීටාට ඒ කුරිරු ලෝකයෙදී ගොඩක් දේවල් වලට මුහුණ දීමට සිදුවෙනවා. ඇයට මෙලෙස මුහුණදීමට සිදුවන කටුක අත්දැකීම් සහ ඇයට කිරීමට සිදුවන කැපකිරීම් ගැන තව දුරටත් දැනගන්න නම් මේ සලරුව බලන්නම වෙනවා…
ඉතින් අවසාන වශයෙන් තව කාරණා කීපයක් කියන්න තියෙනවා.මේ චිත්‍රපටය උපසිරසිගැන්වීමේ අයිතිය ලැබිල තිබුණෙ අපේ හසන්ත අයියට. කඩයිමක් විදිහට මේ චිත්‍රපටියට උපසිරසි ගන්වන්න මට ඉඩ හසර වෙන්කරල දුන්නු එකට ඔහුට ස්තුතිවන්ත වෙනවා. අනික් කාරණේ තමයි මෙහි දෙවැන්නකුත් අනාගතයෙදී බලාපොරොත්තු වෙන්න පුළුවන් බව අධ්‍යක්ෂකවරයා විසින් ප්‍රකාශ කරල තියෙනවා. ඉතින් සිනමා රසික ප්‍රේක්ෂකයින් වන ඔබට කියන්න තියෙන්නෙ මෙයින් ඔබට අපූරු විද්‍යා ප්‍රබන්ද සිනමා පටයක වින්දනයක් ලබාදේවි කියලයි. එහෙනම් ඉතිං නැවතත් උපසිරැසයකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්, ඔබට ජය..!!
“I Do Not Standby In The Presence Of Evil”
– ඇලීටා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HD / WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
50,530 downloadsDownload Alita-Battle-Angel-2019-Blu-Ray-Update.zip265 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
239 comments
Anushka_dilshan
Navodani Thilini Sasanika
150 වෙනි කඩඉමට සුභ පතනවා මල්ලි (Netflix King) , මේ වගේම දිගටම උපසිරසි අරන් එන්න කියලා සුභ පතනවා වගේම අධ්‍යාපන කටයුතුත් සාර්ථක කරගන්න සුඵ පතනවා. අලීටා දුන්නට ස්තූතියි.
Ruwishka fernando
Maga balan unne..thanks bro
උදයංග සම්පත් හතරසිංහ
ජය වේවා මල්ලි... බයිස්කෝප් එකේ සෑහෙන වැඩ කොටසක් කරන එළ කොල්ලෙක්. බයිස්කෝප් තුළින් හමු වුණු තව නියම යාළුවෙක්. ඔහොම ගිහින් 200 ගහමු. තව ඕන්නම් සබ් 20කින් වගේනෙ ඇත්තෙ 200ට. ඉගෙන ගන්න වැඩත් ඔය එක්කම හොඳට කරගනින්. ජය වේවා..! සබ් එකටත් ගොඩක් ස්තූතියි.. !❤️❤️
චානක ඉඳුනිල්
තුන්වෙනි කඩයිමට උණුසුම් සුභපැතුම් සහෝ,
එනකම් බලාගෙන හිටපු ෆිලුමක්,
ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
ස්තූතියි සබ් එකටත්!Radeon
sub ekata tnx bn elama
pubudu prasanna
150ට සුබ පැතුම්!
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
උණුසුම් සුභ පැතුම් මල්ලි තමන්ගේ විවේක කාලේ කැප කරලා මේවගේ උපසිරැසි නිර්මාණ කරනවට ඉක්මනින්ම 200 කඩඉමටත් යන්න අවශ්‍ය කරන කාලය ඉඩ ප්‍රස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් සබටත් ඔබගේ ඉදිරි වැඩකටයුතු සාර්ථකම වේවා ..!
nirodha uthpala
150 ta congratulations bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....
Tharaka
THANKS................
Tharaka
150 TA SUBA PETUM.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
ඒ වගේම 150 වෙනි කඩ ඉමටත් සුබ පැතුම්....!dx12
150ta hadawathinma suba pathanwa bro.
Sub ekta thanks.max rock
unusum suba bathum. thanks meka enakan balan hitiye, thanks. thawath shakthiya labewa
ශසිත් සඳරුවන්
තුන්වෙනි කඩඉමටත් එහෙනම් සුබපැතුම් කිව්වා..
වැඩිය සද්දයක් නැතුව වැඩේ කරන් යන පොරක් තමයි ඉතින්.
අක්කිලාට වැඩ් කැමැත්තක් තියන නිසා වෙන්ටෑ මේ ෆිලුම කඩඉමට තෝරගත්තේ.. :P
අනිවා බැලිල්ලක් තමා ඉතින්.
සබටත් බොහොම තුති වේවා.
දිගටම සබ් දෙමු අා...
ජය!කවිශල් රසින්ත (කවී)
අයියගේ සබ් ගැන කියන්න දෙයක් නෑ. බොහොම වේගවත් වගේම ගුණාත්මස උපසිරැසි අරගෙන එන උපසිරැසිකරුවෙක් කියලා හදුන්වන්න පුළුවන් වගේම බයිස්කෝප් උපසිරැසිකරුවන් අතරින් නෙට්ෆ්ලික්ස් මහ මොළකරු කියලත් හදුන්වන්නෙත් මෙයාම තම ඉතින්. නොදන්න ගොඩක් දේවල් මටත් කියලා දීපු කෙනෙක් වශයෙන් හුගක් හොද මිත්‍රයෙක් වදිහට හදුන්වන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ 150 කියලා කිව්වට 175 වෙනි එක විතර වෙන්ටෑ මයේ හිතේ. තව මාසයක් විතර යන්න කලින් 200ත් ගහලා දායි බෝම ඉක්මනින් නේද.... හරි එහෙනම් 150වැනි උපසිරැසියට හදවතින්ම සුභ පතන ගමන් ඉදිරි සියළු කටයුතු සර්වප්‍රකාරෙන්ම සාර්ථක වෙන්න කියලත් පතනවා. වෙනදා වගේම උපසිරැසියටත් බෝම ස්තූතියි, අනිවා බලනවා. ජය වේවා...❤❤
Ayesh Prashan
Hammoooo .. Blu Ray Ekakma Balano .. 150ta Subha Pathum .. Thank You
dx12
150ta good luck machan
Thanks bro sub ektasanjulamadushan
ThanX Bro Enakam Maga Balan Hitiya Filumak. Bohoma Sthuthiy
pathumkkk
Thanks for sub ...and good luck bro
damith_janaranjana
Thanks bro
Jana
උණුසුම් සුබපැතුම් ❤
Shehan putha
thanks sahooo.... jaya wewa !
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන් .
Chanu mikhail
anime kenek heba loketa awama kohoma weida?. enakan balan hitipu ekak.... :)
thanks .!
jayaAmilaprasad814
ස්තුතියි සහෝ........ දිගටම කරගෙන යමු....
PaSindu MaDumal
සයිට් එකට ලොකු මෙහෙවරක් කරන උබට මගේ ප්‍රණාමය රවියා..!
200ත් අදිමු...ඉදිරි වැඩ කටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථක වේවා හොදේ..එලSandaru
Thanks for sub.good luck bro
ඔෂද ධනංජය
congradz sahoo..digatama baiscope ekata sub denna shakthiya lebewaa...!!
DLK
machan mn baiscope downloads eken film eke bawth , eth sub set wenne nane bn ,sub hama thanin ma awl ne
Charith Pramodya
Congratulations මචං..
Sanath Perera
thanks bro sub ekata...
kisima mudal apekshawak nathuwa thmange kalaya mahasiya kapa karana oyala nisa thama api asawen film ekak balanne...
150 weni upasirasatath mege suba pathum...
200th me aurudda iwara wenna kalin gahanna prarthana karanawa...
jayen jaya...Bobby
Thank you very much Ravindu
cow
Doom patrol එකේ නවත්තපු තැනේ ඉදන් සබ් දුන්නනම් දැන් මාසයක් වෙනවා
Udaya Saman
150 ###තෙවැනි කඩ ඉමට සුභ පැතුම් මලේ...සුභ පතනවා ඉක්මනටම ූ200 කඩඉමටත්..සයිට් එකේ ලොකු වැඩ කොටසක් කරන පොරක් කියන්න ඔිනි.හදවතින්ම සුභ පතනනා දිගටම මෙි වැඩේ කරගෙන යන්න ශක්තිය,ධෛර්යය ලැබෙන්න කියලා පතනවා..බුදුසරණයි
Thilan Durage
Subha pathum... Bs!
තාරක නුවන් දිල්හාර
සුභ පැතුම්.. ජය෴෴
C.R.Jayalath
150 කඩයිමට සුබ පැතුම් රවිඳුවෝ. ඉක්මනට 200ත් ගහන්න කියල ප්‍රාර්ථනා කරනවා. තව වැඩි දවසක් නොයා ඒකත් දෙයි කියල හිතෙනව. දැනටම කිට්ටු කරල ඇති 200ට. ජයවේවා
තිසර නියෝ
150 කඩයිමට හදපිරි සුබ පැතුම් මලේ. මෙතැනින් නොනැවතී ඉදිරියටම යන්න සුබ පතනවා.
මේකනම් කාලයක් තිස්සෙම එනකල් බලන් හිටිය ෆිල්ම් එකක්.
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra.සනිඳු ලක්ඛිත
150 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභ පතනවා සහෝ.. සුපිරි ෆිල්ම් ටිකට උපසිරස කරලා තියෙනවා වගේම මග හිරවෙලා තිබ්බා සීරිස් වල එපි ටිකකුත් ගොඩදාලා දුන්නා. මෙතැනින් නොනැවතී ඉස්සරහටම යන්න..මේ වගේම ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...මේ උපසිරසටත් බොහොම ස්තූති...ජය වේවා..බුදුසරණයි!!!
gayandanu
Meke sub werdie...♂️
Achintha Udayanga
සුබ පැතුම් මල්ලියා 150ත් ගැහුව එහෙනං ආය ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙට්ෆ්ලික්ස් සීරීස් එකක් පිලුමක් ආවාද අපි කොයි කාටත් සැනින් එසැනින් මතක් වෙන කෙනෙක් සිටිත් නං ඒ වෙන කවුරුත් නෙවේ රවී තමයි.
දැන් උඹේ තුන් වෙනි කඩයිම නං හරි හතර වෙනි කඩයිමත් තව වැඩි කාලයක් නොයා මාසෙකින් දෙකකින් අපිට දැකගන්න ලැබෙයි එතනිං එහාට පස්වෙනි හය වෙනි කඩයිම් වලටත් යයි අපිත් ආසයි එහෙම වෙනව දකින්න ඒකට අවශ්‍ය කරන කාලය ඉඩකඩ ලැබෙන්න කියල අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනව
ඒ අතරෙම මලයෝ ඉගෙන ගන්න වැඩත් උඹ හොඳට කරගන්න ඕන ඒක උඹේ වැඩක්
ජය වේවා උබට වරදින්නෙ නෑ කොල්ලො
"රවී නං නෙට්ෆ්ලික්ස් නෙට්ෆ්ලික්ස් නං රවී"Nandana_kumara
Tu brother
kelumchathuranga
thanks
කවිනු වීරක්කොඩි
රොබෝ 'අක්කගේ' ෆිලුමත් ආවා එහෙනම්.. අපරාදේ!! මන් නම් හිතුවේ කඩයිමට හොඳ ඉන්දියන් චිත්‍රපටියක් කොරයි කියලා!!
කොහෙද ඉතින්..
ඔයා වෙනුවෙන්ම නෙට්ෆ්ලික්ස් ෆිල්ම් තව වැඩි වැඩියෙන් ඒවා කියලා තමයි ප්‍රාර්ථනා කොරන්ඩ තියන්නේ..
ලබන කඩයිමවත් ඉන්දියන් එකකින් සම්පූර්ණ කරන්න හොඳේ..
ජය වේවා!!Kantha_DLA
150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!chandimaN
Sab eka video ekata galapenne nathi awlak thiyanawada machan...Sab ekata thankx machan.. !!!
prasannavijethunga
suba suba
copy karanna epa bn ubala..danavanam HD dapalla...baicop visvasa karala api dawnlod karanne film...
Ravindu Rukshan
තරමක් බලන්න පුළුවන් එකක් නිසයි උපසිරැසය දැම්මෙ කොපියක් ආව ගමන් අප්ඩේට් කරන්නම්
Shenin007
Thankyou
Dinesh Buddika
thanks........................
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
150ට සුබ පැතුම්!
200ත් ගහමු ඉක්මනටම...
හොද කොපියක්ආවහමම ෆිල්ම් එක බලනවා...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Alita: Battle Angel (2019) Sinhala Subtitles | මතකයන් සොයා යන රණශූරිය… [සිංහල උපසිරැසි සමඟ] *150](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/alita-battle-angel-2019-1-with-50.jpg)

Thanks sub 1ta. Danakam hitiye maga balana.