Watch Trailer

Merry Christmas (2024) Sinhala Subtitles | නත්තල් දින හමුවූ නාඳුනන්නී… [සිංහල උපසිරසි]

Merry Christmas (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ලගදි බොලිවුඩ් සිනමාවෙන් බිහිවුණ සුපිරිම ත්‍රිලර්/මිස්ටරි චිත්‍රපටයක්. ගොඩක් අය නම් මේ චිත්‍රපටය ගැන දන්නවා ඇති. මොකද මේක සුපිරිම අධ්‍යක්ෂකවරයෙක්ගෙ අතින් නිමවුණු සුපිරිම නළු නිළියො රැසක් ඉන්න ෆිල්ම් එකක් නිසා. එහෙනම් ෆිල්ම් එක ගැන ව…

Merry Christmas (2024) Sinhala Subtitles

Merry Christmas (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ලගදි බොලිවුඩ් සිනමාවෙන් බිහිවුණ සුපිරිම ත්‍රිලර්/මිස්ටරි චිත්‍රපටයක්. ගොඩක් අය නම් මේ චිත්‍රපටය ගැන දන්නවා ඇති. මොකද මේක සුපිරිම අධ්‍යක්ෂකවරයෙක්ගෙ අතින් නිමවුණු සුපිරිම නළු නිළියො රැසක් ඉන්න ෆිල්ම් එකක් නිසා. එහෙනම් ෆිල්ම් එක ගැන වැඩි විස්තර කතා කරමුකො,

Merry Christmas (2024) Sinhala Subtitles

Andhadhun, Badlapur වගේ පට්ට නිර්මාන දායාද කරපු ශ්‍රී රාම් රාඝවන්ගෙ අලුත්ම වැඩේ තමා මේ මෙරි ක්‍රිස්මස්. පහුගිය නත්තල් කාලේ එන්න තිබ්බට ටික ටික පහු වෙලා පහුගිය ජනවාරියෙ තමා එලි බැස්සෙ. බලාපොරොත්තු තියන් හිටියා වගේම නියමම අත්දැකීමක් වෙනවා මේ චිත්‍රපටිය. IMDb දර්ශකේ මේ වෙනකොට මනාප 20,000 අධික ප්‍රමානයකින් 7.3 ඉහල අගයකුත් කුණු තක්කාලි 89% කුත් ලබාගන්න හැකිවෙලා තියෙනවා. රංගනයෙන් එකතු වෙන්නේ විජේ සේතුපති, කට්‍රිනා කයිෆ්, රාධිකා අප්තේ යන අය. ශ්‍රීරාම්ගෙ චිත්‍රපටවල මුල්ලක හෝ රාධිකා ඉන්න එකෙන් හිතෙනවා දෙන්නා අතර මොකක්හරි තියේදෝ කියලත්.

Merry Christmas (2024) Sinhala Subtitles

කතාව ගැනත් පොඩි මතක් කිරීමක් කළොත්, ඇල්බට් අවුරුදු හතකට පස්සෙ එයාගෙ ගෙදර වුණ බොම්බායි වලට එනවා. එයා ගෙදර නැති කාලෙදි එයාගෙ අම්මා එහෙමත් නැතිවෙලා. ඉතිං මෙයාට ඒ ගැන ලොකු පසු තැවීමකුත් තියෙනවා අම්මා ලග ඉන්න බැරි වුණ එකට. ඒවා ඇරිල යන්නත් එක්ක මෙයා හවස ඇවිදින්න යන්න තීරණේ කරනවා. මොකද මේ නත්තල් දවසට කලින් දා. ඇල්බට් එහෙ මෙහේ ඇවිදලා යනව අවන්හලකට. ඒකෙදි තමයි මෙයාට මරු වැඩක් වෙන්නේ. ඒ තමයි මරියා කියලා දරුවෙකුත් ඉන්න හැඩකාර ගැහැණු කෙනෙක්ව මුණු ගැහෙනවා. මෙයාල ඉතිං නොසිතූ විදිහට ටිකක් හාද වෙලා, කොහොම හරි මරියා ඇල්බට්ට ගෙදරටත් කතා කරනවා. එතනින් පස්සෙ තමා අමුතු දේවල් වෙන්න අරන් කතාව උඩු යටිකුරු ගහන්නේ. ඉතිං කවුද මේ මරියා? කවුද මේ ඇල්බට්? එයාලට මේ ගේ ඇතුලෙදි මොනව සිද්ධ වෙයිද? මොනා සිද්ධ වුණත් බලන ප්‍රේක්ෂකයාට නම් කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මට බලලා දාන්න පුළුවන්, ඒක විශ්වාසයෙන් කිව්ව හැකී.

Merry Christmas (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් එච්චරයි ෆිල්ම් එක ගැන කියන්න තියෙන්නේ. හැබැයි අන්තිම වශයෙන් ස්තූති කරන්න කීප දෙනෙක් ඉන්නවා. ඇත්තම කිව්වොත් මං මේකට උපසිරැසි කරන්න ආසාවෙ හිටියෙ ෆිල්ම් එක එන්නත් කලින්, Andhadhun, Badlapur වගේ සුපිරිම චිත්‍රපට කරපු අධ්‍යක්ෂකවරයගෙ වැඩක්නෙ මේක. හැබැයි මේ ෆිල්ම් එක උපසිරැසි කරන්න බාරව තිබුනේ දහරා අක්කට. ඒත් එයාගෙ කොම්පියුටර් එක කැඩිල තිබුන නිසා රවින්ඳු හේෂාන් සහෝදරය මගෙන් ඇහුව මේක කරමුද කියලා. ඉතිං ඒ දෙන්නට ස්තූති කරනවා මට මේකට උපසිරැසි කරන්න බාර දුන්නට. ඒ වගේම මේකෙ නොදන්න දේවල් කියල දීල ලොකු සහයෝගයක් දුන්න මයුර අයියටයි, මේකෙ හිංදි සින්දු ටික කරල දෙන්න පුළුවන්ද ඇහුවාම බෑ නොකියා ඒ වැඩෙත් ලස්සනට කරලා දුන්න ආසිරි ප්‍රියන්ත අයියටයි බෙහෙවින් ස්තූති. එහෙනම් ඔච්චරයි කියවන්න යන්නේ, හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!

Merry Christmas (2024) Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HQ HDRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

10,651 downloadsDownload Merry-Christmas-2024-Sinhala-Subtitles-1.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Merry Christmas (2024) Sinhala Subtitles

Subtitles

10,651 downloadsDownload Subtitles43 KB

15 comments

  1. Buddhika Lakmal

    වටිනා කාලය කැප කරල අපි වෙනුවෙන් මේ ෆිලුමට සිංහල සබ් ගෙනාවට බොහෝම ස්තූතියි සහෝ...

  2. pasindu maduranga

    Download karanne kohomada

    1. Sanupa Ranmeth

      අපේ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියෙන් හෝ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න සහෝ.

  3. pasindu maduranga

    Subtitles eka witharani ganna puluwan film eka ganne kohomada danna kenek kiyanna ko

    1. Sanupa Ranmeth

      අපේ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියෙන් හෝ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න සහෝ.

  4. සුබ නත්තලක්

    Mamla Legal Hai සීරිස් එක දෙන්නකෝ

  5. සියන්ත

    තෑන්ක්ස් මල්ලි..❤
    වේදනා දැකල හේතුවක් සොයලා
    වේදනා නැති ලෝකෙක මං සොයා යනවා...

  6. Rohandamith

    Thanks Sub එකට.පුලුවන්නම් Ghajini 2008 Film එකේ Bluray පිටපතට ගැලපෙන සබ් එකක් දෙන්න.♥️

    1. Ghajini

      ම්ම්ම්හ් හාහ්

  7. Mano

    Godak sthuthi..Jaya wewa!

  8. Sahan Gayantha

    thanks a lot Bimsara saho sub ekata

  9. nilanka1212

    thanks....

  10. viraj

    thanks...............

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.