Watch Trailer

Mischief Night (2014) | පීඩාකාරී රාත්‍රිය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් අපුරු බයිස්කෝප් එකක් අරගෙන ඔයාල බලන්න ඉක්මණටම ආව. මේ සුපිරි බයිස්කෝප් එක ගැන මාව වෙනදා වගේම දැනුවත් අපේ විකියා. ඔයාල දන්නවනෙ විකියා බයිස්කෝප් එකක් ගැන කිව්වොත් ඒක පට්ටම එකක් කියලා. මේක පොඩ්ඩක් අමුතු විදියේ බයිස්කෝප් එකක්. ඔයාල නරඹන්න ඇතිනේ Trick’r Treat සිනමා සිත්තම. මේකත් ඒ වගේ බ…

Mischief Night (2014)

ඔන්න යාලුවනේ තවත් අපුරු බයිස්කෝප් එකක් අරගෙන ඔයාල බලන්න ඉක්මණටම ආව. මේ සුපිරි බයිස්කෝප් එක ගැන මාව වෙනදා වගේම දැනුවත් අපේ විකියා. ඔයාල දන්නවනෙ විකියා බයිස්කෝප් එකක් ගැන කිව්වොත් ඒක පට්ටම එකක් කියලා. මේක පොඩ්ඩක් අමුතු විදියේ බයිස්කෝප් එකක්. ඔයාල නරඹන්න ඇතිනේ Trick’r Treat සිනමා සිත්තම. මේකත් ඒ වගේ බයිස්කෝප් එකක්. මම එහෙම කිව්වෙ මේ බයිස්කෝප් එකත් ගලා යන්නෙ හොලොවින් රාත්‍රිය ආශ්‍රිතව නිසා. මේ අපුරු හොල්මන් චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Travis Baker විසින්. මේකට IMDB දර්ශකයේ ඉහල අගයකුත් හිමි වෙලා තියෙනවා. ඒක IMDB දර්ශකයෙ සටහන් වෙන්නෙ 5.3 ක් ලෙස.

එහෙනම් යාහලුවනේ අපි කථාව නවත්තලා මේ බයිස්කෝප් එක ගැන පොඩි හැදින්වීමක් බලල ඉමුකෝ. මේ බයිස්කෝප් එක දිව යන්නෙ කෙයිලි කියලා රූමත් පොඩි කෙල්ලක් වටා. ඇය සේවය කරනවා නිවෙස් වලට ගොස් පුංචි බබාල බලා ගන්න සේවිකාවක් විදියට. නමුත් මේ පාර ඇයට තම වැඩ මුරය කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ ඇය ගේ හොදම යහලුවා ඩැප්නි වෙනුවට. ඒකත් කරන්න සිද්ධ වෙන්නෙ භයංකාර හොලොවින් රාත්‍රියෙ දී.

ඇය එම නිවස තුල තම වැඩ මුරය කරන්නෙ තනිවම. හොලොවින් දිනය ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒක නිසා ඇයට විවිධ කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පුංචි මැර කණ්ඩායමකින් නිතරම කරදර එල්ල වෙනවා. ඒ අතර තුරදි ඇය සිටින නිවස වෙත මුහුන ආවරණය කර ගත් පුද්ගලයෙක් කඩා වදිනවා.

මම තව දුරටත් ඔයාලට මේ බයිස්කෝප් එක ගැන් කියන්න යන්නෙ නැහැ. එහෙම වුනොත් මම ඔයාලට මුලු කථාවම කිව්ව වගේ වෙනවනෙ. නමුත් මෙහි ඝාතන රැසක්ම සිදු වෙනවා. ඇත්තටම මේ ඝාතන සිදු කරන්නෙ කවුරුන්ද? ඒ ගැන ඔයාල මේ බයිස්කෝප් එක නරඹලම් සොයා ගන්නකෝ. හැබැයි මේ ඝාතන සිදු කරන්නෙ අපි හිතන්නෙවත් නැති කෙනෙක්. මම මෙහෙම කිව්වම ඔයාල බලයි මේ මොන විකාරයක්ද කියලා. මේක නරඹද්දි ඔයාලට තේරෙවි මම මොකද එහෙම කිව්වෙ කියලා. එහෙනම් මගේ යාලුවනේ මේ පාරත් මේක බාන ගමන් පොඩි කොමෙන්ටුවකිනුත් සංග්‍රහා කරලම යන්නකො. එහෙම කලාම තමයි අපිට තව තවත් මේ වගේ බයිස්කෝප් ඔයාලට ගෙන එන්න් ගැම්මක් එන්නෙ. එහෙනම් යාහාලුවනේ තවත් සුපිරි බයිස්කෝප් එකකින් හමුවෙන තුරු මම නවතිනවා. බයිස්කෝප් එකට ජයෙන් ජය…

Mischief Night (2014) on IMDb

 

 

530 MB කොපිය මෙතනින් බාගන්න

77d0b6885bb2a62cab07be8c65f00deb9c51bf3d

710 MB කොපිය මෙතනින් බාගන්න

c6e9bf3515c7cceecafeec4a5e43e27ada537b21 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,861 downloadsDownload Mischief-Night-2014.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/-පියුමාල්-e1402033362880.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,861 downloadsDownload Subtitles50 KB

24 comments

  1. නලින්

    ස්තුතියි යුෂාන් මෙක මමත් ඇහැගහාන් හිටිපු පට්ට හොරර් කථාවක්

    සබ් එක දිපු එක නම් මැක්සා !

    ජය වේවා!

  2. thiliya

    sthuthi saho..horror movie 1kne :O

  3. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි යුශාන් සහො :D ජය

  4. jayani

    Thank youuuuuuuuuuuu :)

  5. “චූටී මල්ලි”

    හොල්මන්ම තමා න්
    මේවා බලලම දැන් අපිත් හොල්මන්
    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය..................

  6. me

    Thanks

  7. Ayesh

    Thank You..

  8. Tharindu Perera

    Elazz ahh...
    blnna kamathima type eke ekak...
    thanks machan sub ekatahh.....
    danma banava bn mekaa...

  9. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  10. janaka

    elazzzzzzzz

  11. HimEshCrEeD

    බොහොම ඉස්කෝතුය් කිව්ව ;)

  12. jack

    ස්තුතියි යුශාන් සහෝ.

  13. lakmal

    thxxxxxxxx frnd.....................

  14. thilina

    thankz bro
    keep it up :D

  15. priyantha

    බයිස්කෝප් එකට ජයෙන් ජය…

  16. Aditha Praween

    එළ කතාවක් වගේ !
    දැන්ම බානවා .
    දිගටම සබ් දෙන්න .
    ඉදිරියට යන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා !
    :D

  17. dinidu madushanka

    ela ela saho jaya wewa

  18. pathum

    superb....

  19. Pramuk

    thanx macho

  20. lakshan

    thanks Dear oyata apita nomillema film balanna denawata.

  21. රොයිලි

    බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. yashan

    thanx saho

  23. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  24. ruwan sampath

    ela ela machan im ruwan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.