මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. දිගටම සබ් දෙන්න තමයි බලාපොරොත්තුව. චිත්‍රපටය ගැන කියුවොත් මේක මම ගොඩක් ආස කරන චිත්‍රපටයක්. මේක horror thriller ගණයට වැටෙන R rating movie එකක්. ඒ කියන්නෙ 17 අඩු නම් වැඩිහිටියෙක් එක්ක තමයි බලන්න ඕන. Imdb අගය 6.8 /10 ක්. සම්මාන දෙකකුත් දිනා ගෙන තියෙනවා. හැලෝවීන් දවසේ ර…

මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. දිගටම සබ් දෙන්න තමයි බලාපොරොත්තුව. චිත්‍රපටය ගැන කියුවොත් මේක මම ගොඩක් ආස කරන චිත්‍රපටයක්. මේක horror thriller ගණයට වැටෙන R rating movie එකක්. ඒ කියන්නෙ 17 අඩු නම් වැඩිහිටියෙක් එක්ක තමයි බලන්න ඕන. Imdb අගය 6.8 /10 ක්. සම්මාන දෙකකුත් දිනා ගෙන තියෙනවා.
හැලෝවීන් දවසේ රෑ සිද්ධ වෙන අපුරු සිදුවීම් පහක් තමයි චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ. කතා පහම එක තැනකදි හම්බවෙලා එක කතාවක් විදියට ලස්සනට ගලාගෙන යනවා.
කෙටියෙන් කියන්නම්කො.
- යුවලක් හැලෝවීන් සමරලා ගෙදර එනවා. බිරිද සැමියත් සමග රණ්ඩු කරලා හැලෝවීන් සැරසිලි ගලවලා දානවා. කවුරුහරි කෙනෙක් මෙයා දිහා පාරෙ ඉදන් බලන් ඉන්නව.
- මිනි මරන විදුහල්පතිවරයෙක් ඉන්නවා. මෙයාට වයස විසිදෙකක කන්‍යාවක් මුණ ගැහනවා. කන්‍යාවක් කියුවට මේ එසේ මෙසේ කන්‍යාවක් නෙවේ.
- වසර තිහකට පෙර සල්ලි වලට විකෘති ළමයි ඝාතනය කල රියදුරෙක් බල්ලෙක් සමග තනියම ජිවත් වෙනවා. හැලෝවීන් දවසේ රැ මේ ගෙදරට අමුතු ළමයෙක් එනවා. මේ ළමයා ලස්සනට චොකලට් එකක කොලේ දිග ගලවනවා. චොකලට් එක ඇතුළේ තියෙන්නෙ පිහියක්. මේක දැක්කම තමයි රියදුරාට තරු විසිවෙන්නෙ.
- ළමයි පස් දෙනෙක් ගල් කුහරයක් ගාවට යනවා. මෙතන තමයි විකෘති ළමයි ඝාතනය කරල තියෙන්නෙ. මේ අය හදන්නෙ මැරිච්ච ළමයි වෙනුවෙන් වට්ටක්ක ලන්තැරුම් පුජ කරන්න.
- ලස්සන ගැහැණු ළමයි හතර දෙනෙක් ඉන්නවා. මේ අය අතරේ කන්‍යාවක් ඉන්නවා. කන්‍යාවට කෙනෙක්ව හොය හොය තමයි ඉන්නෙ. ඉතින් කන්‍යාවට කෙනෙක් හම්බවෙනවා, හම්බවෙන්නෙ පාළු තැනකදි බය හිතෙන විදියට.
ඊට පස්සෙ වෙන්නෙ මොකද කියල දැනගන්න ඉතින් චිත්‍රපටය බලන්න වෙනවා. කියුව වැඩිද මන්ද. අඩුපාඩු නම් ඉතින් ඇති පළමු උපසිරසිය නිසා. එහෙනම් ඊළග උපසිරසියෙන් හමුවෙමු.
මේක හැලෝවීන් තේමාව යටතේ හැදුණ චිත්‍රපටයක්නෙ. ඉතින් හැලෝවීන් (Halloween) ගැනත් පොඩ්ඩක් කියන්න හිතුණ යන්න කලින්. අතීතයේ දවසක ඔක්තොබර් 31 රැක මැරිච්ච මිනිස්සු සොහොන් වලින් නැගිටලා ආවලු. ඉතින් දැන් ඔය දවසෙ හවස ඇමරිකාවේ, කැනඩාවෙ සහ බ්‍රිතාන්‍යයේ මිනිස්සු යක්කු පෙරෙතයො වගේ ඇදගෙන උත්සවාකාරයෙන් සමරනවා. Trick or treat කියන්නෙ හැලෝවීන් දවසේ ළමයින් අතර ජනප්‍රිය චාරිත්‍රයක්. එදාට ළමයි ගෙයින් ගෙට ගිහිල්ල trick or treat කියුවම ගෙදර ඉන්න අය පැණීරස හරි පොඩි සල්ලි කියක් හරි ළමයින්ට දෙනවා. Oxford dictionary එකේ තමා ඔහොම තිබුනේ. අපි ගියා එහෙනම්.
E6F75A6A9932D959F65900AABA3C12378E49AAA3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,128 downloadsDownload Trick.R.Treat_.2008.baiscopelk.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/Niroshanhe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිරෝශන් හේවගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිරෝශන් හේවගේ
Subtitles
28 comments
නලින්
නිලන්ත
thanks for sub
deleepa
සහෝ පුලුවන් නම් The Others(2001) චිත්‍රපටිය සබ් කරලා දෙන්න කෝ මේකේ Nikolai Kidman නිලියගේ අතිවිශිෂ්ඨ රගපැමක් තියෙනවා Horror ගනයට අයත් මෙය සුපිරි සලේරැවක් ප්ලීස් සබ් කරලා දෙන්න කෝ ඔබට ජය
දිලිප ජයමාල්
නිරෝශන්
the others මම කලින්ම බාගෙන හිටියත් තාම බලන්න බැරි උනා. බලල ඉවරවෙලා බයිස්කොප් සහෝදරයන්ව දැනුවත් කරලා සබ් එක දෙන්නම්. ජය..
හර්ෂ ලහිරු
එලකිරි සහො මේක නම් සුපිරි වගේ :P
තව සුපිරි එකක් දෙමු දෙවෙනි සබට :D ජයයශෝධ
නියමයි සහෝ.. සුපිරි ෆිලුමක්.. මම හෙන ආසාවෙන් බලපු එකක්... ස්තූතියි මේකට
සිංහල උපසිරසි ගෙනාවට...දැන් ඉතින් ආයෙම බලනවා... පට්ට.. ජයම වේවා...!
Kulanjana Maduranga
1st subata suba pathum NIROSHAN saho.good work.digu gamanak yamu.jaya wewa..........
jack
නියමයි සහෝ. පලමු වැඩේට සුබ පතනවා. දිගටම වැඩේ කරන්න.
Givantha Arshakularathne
සුපිරි ඔබට ජය.
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Thisara Neo (තිසර නියෝ)
සාදරයෙන් පිළිගන්නවා සහෝ
dinidu madushanka
ela ela saho jaya wewa
Nandana
Thank You Niroshan.
bee
jaya wewa tnx
Ravindu (මැංගා)
පළමු සබට සුබ පතනවා සහෝ.
ඔන්න බෑවා.
ජය වේවා !!!නිරෝශන්
comment කරපු හැමොටමත් සබ් එක ගත්ත හැමොටමත් බොහොම ස්තුතියි. ජයෙන් ජය....
Tharindu Perera
fatta filumak vagee...
thanks machan sub ekatahh....
palamu vadeta jaya...
danma banava machann...Jayani
ස්තුතියි උපසිරැසියට :)
රොයිලි
බොහොම ස්තූතියි නිරෝශන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Saman Prasad ( Black Panther )
thanks saho..... suba pathanawa mul upasirasiyata
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය..........M THILINA
Thank U
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට මගෙන් උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍P.K
Thanx saho....All the best...
Rumesh Nilantha Jayaweera.
thanks for sub
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Advertisement

ස්තුතියි නිරෝශාන් සහෝ සිංහල උපසිරැසියට
ජය වේවා!