ලෝකය යනු රඟමඩලකි, අපි සැම එහි රඟන නළුවෝය කියලා එදා ෂේක්ස්පියර් කිවුවේ නිකන් නෙවෙයි කියලා මේ බයිස්කෝප් එක බැලුවමනම් මට හිතුනා. ඉතින් එහෙනම් කාලෙකට පස්සේ ඔයාලට තවත් අලුත් බයිස්කෝප් එකක් අරගෙන තමයි මම ආවෙ. ආදරය, මිත්‍රත්වය අතරේ දෝලනය වෙන අමුතුම ආකාරයේ කතාවක් මේකේ තියෙන්නේ. මේ දවස්වල වෙනදා තරම් සබ් එකක…
ලෝකය යනු රඟමඩලකි, අපි සැම එහි රඟන නළුවෝය කියලා එදා ෂේක්ස්පියර් කිවුවේ නිකන් නෙවෙයි කියලා මේ බයිස්කෝප් එක බැලුවමනම් මට හිතුනා. ඉතින් එහෙනම් කාලෙකට පස්සේ ඔයාලට තවත් අලුත් බයිස්කෝප් එකක් අරගෙන තමයි මම ආවෙ. ආදරය, මිත්‍රත්වය අතරේ දෝලනය වෙන අමුතුම ආකාරයේ කතාවක් මේකේ තියෙන්නේ. මේ දවස්වල වෙනදා තරම් සබ් එකක් දාන්න වෙලාවක් නැතිවුනත් තියෙන වේලාවෙන් ප්‍රයෝජන අරගෙන තමයි මේ සබ් එක හදලා ඉවර කලේ. විකියා අයියා මේකේ සබ් එක බාරදෙනකොටම මම කිවුවේ ඉක්මනට දෙන්නනම් බැරි වෙයි කියලා. මොකද අලුත් ෆිල්ම් එකක් ඉක්මනටම ඔයාලට දෙන්න පුලුවන්නම්නේ හොඳ. කොහොම වුනත් මේක ඉවර කරන්න සතියක් විතර ගත්තා. ඉතින් වැඩි විස්තර නැතුවම අපි එහෙනම් ස්ටෝරි එක දිහාට හැරිලා බලමු නේද ?
මේකේ කතාව ගෙතෙන්නෙ වේදිකා නාට්‍යයක් වටා. ඒකත් නිකන්ම වේදිකා නාට්‍යයක් නෙවයි රාමායණය ඇසුරින් රඟදක්වන රාවන්ලීලා කියන වේදිකා නාට්‍යය වටා තමයි මේ ෆිල්ම් එක හැදිලා තියෙන්නේ. ඒ වුනාට මේකෙත් හරි අමුතුම විදියේ ආදර කතාවකුත් තියෙනවා. ආදර කතාවක් කිවුවට ආදර කතා එකක් නෙවයි දෙක තුනක්ම තියෙනවා. මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ Vicky Donor එකේ ප්‍රධාන චරිතය කරපු ආයුෂ්මන් කුරානා. මේකේ ප්‍රධාන චරිතය තමයි රාම්. ඔහු වේදිකා නළුවෙක්, ඒ වගේම අධ්‍යක්ෂක කෙනෙක්. හැබැයි මෙයාගේ වේදිකා නාට්‍යයේ නම් මෙයා රඟපාන්නේ රාවන් විදියට. මෙයාගේ එක පුරුද්දක් තියෙනවා ඕනෙම කෙනෙකුට ඕනෙම මොහොතක උදවු කරන්න පසුබට වෙන්නෙත් නෑ. හැබැයි ඒ නිසාම රාම්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මොකද රාම් දවසක් තමන්ගේ නාට්‍යය ඉවරවෙලා ගෙදර එනකොට දකිනවා කෙනෙක් සියදිවි නසා ගන්න උත්සහා කරනවා. ඒ වෙලාවේ කොහොම හරි මෙයා ඔහුව ඒකෙන් ගලවාගන්නවා. ඉතින් මේ පුද්ගලයා කවුද, කොහෙද ඉන්නේ මොකද වුනේ කියලා දන්නේ නැති නිසාම රාම් එයාව තමන්ගේ ගෙදර එක්කගෙන යනවා. එයාගේ පෙම්වතිය චිත්‍රානම් ඒකට වැඩිය කැමති නෑ.
රාම් තමන් බේරගත්ත පුද්ගලයත් එක්ක එයාගේ ගෙදරට යනවා. එතැනදී දැනගන්නවා ඔහුගේ නම මන්දාර් කියලා. හැබැයි එයාව ගෙදර එක්කෙගෙන ගියාට ආපහු රාම්ට මන්දාර්ව ගෙදර එක්කගෙන එන්න වෙනවා. ඒ මොකද කියලානම් මම කියන්නේ නෑ, ෆිල්ම් එක බලලම හොයාගන්න. කොහොම වුනත් මන්දාර් තාමත් ඉන්නේ කම්පනයකින්. ඔහු හිතන්නේ එයාව මේ පොලවට බරක් විදියට. ඒ වගේම එයා කරන වැඩවලින් එක්කෝ එයාට ප්‍රශ්නයක් නැත්නම් එයාගේ වටේ ඉන්න අයට ප්‍රශ්නයක් තමයි වෙන්නේ. අන්තිමේදී රාම් කොහොම හරි තමන්ගේ නාට්‍යයේ ප්‍රධාන චරිතය රාමගේ චරිතයට මන්දාර්ව අරගන්නවා. හැබැයි නිෂ්පාදකතුමාගේ අකමැත්තෙන්. අවසානයේදී නිෂ්පාදකතුමා තීරනය කරනවා මන්දාර්ව තමන්ගේ නාට්‍යයෙන් අයින් කරන්න. මොකද එයා ඒ තරම් හොඳට රඟපානවා. මට ඔයාලට කියන්න අමතක වුනානේ මේ මන්දාර් සියදිවි නසාගන්න යන්නේ මේ ආදර පටලැවිල්ලකට කියලා.
ඉතින් මන්දාර් තාම ජීවිතය පවා නැතිකරගන්න හදන මන්දාර්ගේ පෙම්වතිය නන්දනීව හොයලා දෙන්න බාරගන්නෙත් රාම් තමයි. මම කලිනුත් කිවුවනේ ලස්සන අදර කතාවක් මේකේ තියෙනවා. හැබැයි ඒකත් නොදැනීම තුන්කොන් ආදරයක් බවට පෙරලෙනවා. ඉතින් මම වැඩිය විස්තර කියන්න යන්නේ නෑ. ඔයාලටත් බලන්න දෙයක් ඉතිරි කරන්නත් එපයි. රාම්ට මන්දාර්ව ආපහු ප්‍රකෘති තත්වයට ගන්න පුළුවන් වෙයිද ? මන්දාර්ගේ ආදරය ඔහුට හිමිවේවිද ? රාම්ගේ ජීවිතය කොයි විදියට වෙනස්වෙවිද කියලා දැනගන්නනම් මේකත් අරගෙනම බලන්න.
400 MB කොපිය මෙතනින් බාගන්න a8bf06f73aec4c77824348d3264b7549462ff952 990 MB කොපිය මෙතනින් බාගන්න 88471c60f5d43a09fcdbb190fc95562393d01620 1.1 GB කොපිය මෙතනින් බාගන්න cbd6a700679f3f943f2b3ca0f9cb02ecd768687f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,521 downloadsDownload Nautanki-Saala-2013.zip178 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/නවීන්-ලක්ෂිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නවීන් ලක්ෂිත
Subtitles
44 comments
quik
HarshA LahirU
Thanks සහො
naleen
niyama film akak wage balanna one macho
kalana
balanna one hindi ne :P
eraNga
thx macho
shann
ඔන්න මාත් බාන්න දැම්ම සිරා කතාවක් වගේ
pubudu
thanks naveen
waruna
wenas kathwak wage maru
mihin ලංකා
බලන්න ඕනේ මේක ජය!
yasas
bohoma pin :)
upali
ela
was
එල කතාවක් මේක තැන්ක්ස් කොල්ලා
vee
macxxxa machan
ccnp
Thanks
“චූටී මල්ලි”
මචන් මේක ආපු දින වලම මන් සබ් එක
ඉල්ලුවා කවුරුත් නොදුන් නිසා ඉන්ග්‍රීසි සබ් එක්ක බැලුවා
මේක මන් බලපු හින්දි ෆිල්ම් අතරින් හොදම එකක් කියන්න පුළුවන්
මොකද මාරම ලස්සන සීන් එකක් මෙකෙ තියෙන්නෙ
සිංදු ටිකත් පට්ට, ආයුෂ්මන් කුරානා රඟන තව එකක්
ගියවසෙරෙත් ආවා මන් හිතන්නෙ එකට තාම අපෙ සයිට් එකෙ සබ් දිලා නෑ
එය ඉන්දියන් සිනාමාවෙ පෙරළියක් කල සරුවක් එකත් පට්ට එකෙ නම වVicky Donor හැකිනම් ඒකත් දෙන්න
මේ සබ් එකට තුති
ඔබට ජය.........sds
aniwa balanwa saho oyata thx
tharanga
ඔන්න මමත් මේක බලන ලිස්ට් එකට දා ගත්ත දිගටම දෙමු
Hashan
baiscope maxxa
Bandula
onna apith download karanooooooooo
sisitha
මාත් මේකේ සබ් දෙනකන් බලාගෙන ඉඳලා ඉඳලා...
අන්තිමේදී සබ් නැතුව බැලුවා...
ඒත් ආයෙත් බලනවා...
මේක මරු කතාවක්...
ආදරය ඇති වෙන්නේ ඉබේමයි...
අනිවා හැමෝම බලන්න....
සබට ස්තූතියි සහෝ...rusuru | රුසිරු
සුපිරි
#ChalinduDeshan (කිනා)
චිත්‍රපටියනම් මචං බැලුවා ඉංග්‍රීසි සබ් එකත් එක්ක.
මොකද විකී ඩොනර් එකේ රඟපෑම නිසා මේක නොබලා ඉන්නම බැරිවුනා.
බොහොම ස්තූතියි!
සබ් එක බාමි!
ජයවේවා!Asitha
thanks bro... :)
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි මචෝ..
ඒකනේ මාත් මේ බැලුවේ, ටික කාලෙකින් නේද...
අවුලක් නැහැ...
තව එකකින් ආයේ එමු නේද...ජය වේවා!!!නවීන් ලක්ෂිත
අනිවා ආසිරි අයියේ ඉඩක් ලැබෙන හැම වෙලාවේම සෙට් වෙනවා
me
Thanks
නලින්
ස්තුතියි නවින් සහෝ.
ලස්සන ආදර කථාවක් වගේ
ජය වේවා
sura
ela machan
nuwan
ela kiri machan jaya wewaa.....!
ශාන් විමුක්ති [වීමා] 〠
ජීවිතය රගපෑමෙන්ම ගෙනියන් අයත් ඉන්නවනෙ සහෝ ඉතින් :P ඒත් ඉතින් හැබෑ ජීවිතේනම් රගපෑමක් නෙමේ ඔන්න
උපසිරසට බොහොම ස්තූතියි සහෝසෂින්ද්ර
පට්ට මචෝ ජයවේවා
එලMenu
Thanx!
mindika
Thanks !!!!!!!!!!!
චලිත මධුශාන් විතාන
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි නවීන් සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ නේද උපසිරැසියක් ගෙනාවේ? ජය෴෴ :P :P
සoජය
පට්ට නියමයි. ඔහොම යන් ඔහොම යන්.
mudiya / මුදියා
හප්පේ නවීනයගෙන් කාලෙකට පස්සෙ සබ් එකක්.මාරම කතාවක්නෙ.හින්දි බලන්න තමයි වෙලාව හොයන්න වෙන්නෙ.සිංහල එක්කම දෙන හින්ද අතඅරින්නත් බෑ.නියමයි නවීනයෝ.ජයවේවා.බොහෝ..........................................ම ස්තූතියි...!
mindika
Thanks !!!!!!!
sameera
thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි නවීන් සහෝ සිංහල උපසිරැසියට. ලස්සන කතාවක් වගේ..
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍P.K
Thanx for the sub...
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
Advertisement

thanks