රෑ කට්ට කළුවර මැදින් පොද වැස්සක් වැටෙන්න ගත්තා මැඩියන්ගේ ජය ඝෝෂාව මැද්දේ පල්ලියේ ඝාන්ටාරෙත් නද දෙනවා මූසලකම දසත පැතිරෙද්දී ගඟේ ජලය කැළඹෙන්න ගත්තා. පිළීගඳ පිරුණු වගුරට අද ලොකු ගොදුරක් ලැබුණා හැමදේම හැංගිලා ගියත් සෙවනැල්ලක් පස්සෙන් ආවා අන්ධකාරෙදී හැර යනවයි කීවාට මොන බොරුද? ඒ සෙවනැල්ල අන්ධකාරයත් එක්කම…

රෑ කට්ට කළුවර මැදින්
පොද වැස්සක් වැටෙන්න ගත්තා
මැඩියන්ගේ ජය ඝෝෂාව මැද්දේ
පල්ලියේ ඝාන්ටාරෙත් නද දෙනවා
මූසලකම දසත පැතිරෙද්දී
ගඟේ ජලය කැළඹෙන්න ගත්තා.
පිළීගඳ පිරුණු වගුරට
අද ලොකු ගොදුරක් ලැබුණා
හැමදේම හැංගිලා ගියත්
සෙවනැල්ලක් පස්සෙන් ආවා
අන්ධකාරෙදී හැර යනවයි කීවාට
මොන බොරුද?
ඒ සෙවනැල්ල අන්ධකාරයත් එක්කම නතර වුණා.
ඉතින්..!
ඊළඟට??

මලයාලම් සිනමාවෙන් අන්තර්ජාලයට එකතු කරපු අලුත්ම චිත්‍රපටිය අරගෙනයි මේ එන්නේ. Mystery|Thriller ගණයට අයත් වෙන නිසාත්, පෝස්ටර් වල තිබ්බ ගුප්ත ආකර්ශනීය ගතිය නිසාත්, විශේෂයෙන්ම කුන්චකෝ බොබන්, නයනතාරා වගේ දක්ෂයින්ගෙන් හැඩවෙන නිසාත් ගොඩක් අය මේ චිත්‍රපටිය වෙනුවෙන් මග බලන් හිටිය බවට සැකයක් නම් නැහැ. මලයාලම් ත්‍රිලර් එකක් කියද්දි ඉතින් අනිත් ත්‍රිලර් වගේ නෙමේ, ගොඩක් දුරට අපේ අපේක්ෂා බිඳලා දානවා අඩුයි. එකඟයි නේද? ඉතින් එහෙම සහතිකයක් හිතේ තියාගෙනම බලන්න ආරාධනා කරනවා නිරල් චිත්‍රපටයක්. අලුත්ම අත්දැකීමක් විඳින්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම.

පසුගිය අප්‍රියෙල් මාසයේ 9වෙනිදා තිරගත වීම අරඹන නිරල් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අප්පු N, භට්ටත්‍රි විසින්. චිත්‍රපටියට ප්‍රේක්ෂක විචාරකයන්ගේ සාමාන්‍ය මට්ටමේ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් 6.4ක අගයක් දැනට හිමි කරගෙන තියෙන මේ සලරුව පුරා පැය 2ක් පුරා අපිව අතරමං කරන්න වගබලාගන්නවා. 2019 දි නිකුත් වුණු ලව් ඇක්ෂන් ඩ්‍රාමා චිත්‍රපටියෙන් පසුව නයනතාරා එක්වන පලවන මලයාලම් සිනමාපටයයි මේ. ඒ වගේම කුන්චකෝ බොබන්ගෙන් 2021ට එකපිට එක ආපු දෙවන මලයාලමයි මේ. මේ වෙනකොට නායට්ටු (2021) බලලා ඇති කියලා හිතනවා. එහෙනම් නිරල් එක්කත් අලුත්ම් අත්දැකීමක් ලබාගන්න එකතු වෙන්න කියන ගමන් මං සමුගන්නවා. ජයවේවා.!

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

11,935 downloadsDownload නිරල්-2021.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

11,935 downloadsDownload Subtitles37 KB

19 comments

  1. ishu

    මයුර මලයගෙ ෆිල්ම් එකක් කියන්නෙ ආයෙ මොනව හිතන්නද.. සබ් එක දැක්ක ගමන් දන්නව සුපිරියක් කියල.. සුභ පතනව මල්ලිය ඔයාට. ඉස්සරහටත් ලස්සන ලස්සන ෆිල්ම් අපිට බලන්න අරගෙන එන්න.

  2. kavinu

    හපොයි දැන්නෙ දැක්කේ සබ දිලා තියෙන විත්තිය! ටිකක් පහුවෙලාම ෆිල්ම් එක බලන්න හිතුවට පාඩුවක්ම නෑ වගේ!!
    එහෙනම් බලන්නයි හදන්නෙ මයුරයියගෙ සබ එක්න..

  3. Anonymous

    supiri...
    meke hari nama nizhal 2021

    1. මයුර

      Zh තියෙද්දි ශබ්ද වෙන්නේනේ "ල" මචන්.

  4. isuru srinath sjs

    සබ් එක හොයා ගන්නත් අමාරු උනා.. බොහොම ස්තුතියි

  5. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  6. J.

    4000ක් පැනල බාල කමෙන්ට්ස් 6යි නේ...හෙහ්
    කතාව නම් සෙට් මට වගේ නම්.
    ස්තුතී වේවා බන්.

  7. Hasantha

    Thanks

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Anonymous

    patta

  10. Anonymous

    අයියෝ මේක හොයපු තරම්

  11. Anonymous

    තෑන්ක්ස් මචන්

  12. Shaggy

    Thnkz brother

  13. Vidu

    Thanks saho

  14. Lahiru

    බොහොම ස්තුතියි සහෝ

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. Redrux

    Thnkz bro

  17. Akila

    එකෙන්ම සුපිරියක්
    තෑන්ක්ස් මයුර

  18. Malith samarawickrama

    Thanks bro sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.