Watch Trailer

Ophelia (2018) Sinhala Subtitle | රාජ්‍යක් වැනසූ උන්මාද ආදරය [සිංහල උපසිරැසි]

“නුඹලා සිතනවා ඇති මගේ කතාව දන්නවා කියා, ඒක ඉවර වුනේ උමතුවකින්, සිත් බිඳිලා, ලේ වැගිරිලා, රාජධානිය විනාශ වෙලා. ඒකයි කතාව, ඒත් ඒක මගේ කතාව නෙවේ” ඕකයි ඕපීලියාගේ නොවන ඔපීලියාගේ කතාව. ඔපීලියා සාමාන්‍ය පවුලක දැරිවියක්. ඇය කුඩා කල දැක් වූ දක්ශතා නිසාවෙන් රැජින ඇයව ඇගේ භාරයට අරගෙන හදා ගන්නවා. ඔපීලියා තරුණ…

“නුඹලා සිතනවා ඇති මගේ කතාව දන්නවා කියා, ඒක ඉවර වුනේ උමතුවකින්, සිත් බිඳිලා, ලේ වැගිරිලා, රාජධානිය විනාශ වෙලා. ඒකයි කතාව, ඒත් ඒක මගේ කතාව නෙවේ”

ඕකයි ඕපීලියාගේ නොවන ඔපීලියාගේ කතාව. ඔපීලියා සාමාන්‍ය පවුලක දැරිවියක්. ඇය කුඩා කල දැක් වූ දක්ශතා නිසාවෙන් රැජින ඇයව ඇගේ භාරයට අරගෙන හදා ගන්නවා. ඔපීලියා තරුණ වයසට පැමිනෙන කොට රාජ්‍යයේ කුමරු හට ඇය ගැන සිතක් පහල වෙනවා. ඔපීලියා ඒකට වැඩිය අකමැත්තක් දක්වන්නෑ. ඒත් ඔපීලියාගෙ කුලය පහත් නිසා එය අමාරු වෙනවා. ඒත් ඒ දෙන්නගේ ආදර කතාවයි මේකට මුල් තැන දෙන්නෙ කියල නම් හිතන්න එපා. මොකද කුමරුගේ මාම රැජිණව පොලබවගෙන රජකම ගන්න සැලසුම් කරනවා. ඒකෙන් මේ කතාව නොහිතපු විදිහට දුර දිග යනවා. ඒ විතරක් නෙවේ මේකෙ සැවොම නොදත් කුමරුගේ මාම වන ක්ලෝඩියස් ගේ යට ගිය කතාවක් තියෙයි. ඒ කතාව මොකක්ද, ඒක ඔපීලියාගේ කතාවට කෙසේ බලපායිද, මේවා කෙසේ විසදෙයිද, සතුටු දායක අවසානයක් ලැබේවිද කියා දැන ගන්න මේ කතාව බලන්නම වෙනවා.

මේ කතාව නිකුත් වෙන්නේ 2018 ජනවාරි 28 වනදායි. IMDb දර්ශයේ 6.6 වටිනා අගයකුත් Rotten Tomatoes අගය 62% ගන්නත් සමත් වෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටය සම්මාන හතරකට නිර්දේශ වී ඇති අතර සම්මාන හතරක් දිනා ගන්නත් හැකිවෙනවා. ඒ විතරක් නොවේ තවද විශේශ දෙයක් වන්නේ මේ චිත්‍රපටය විලියම් ශේශ්පියර් විසින් රචිත හැම්ලට් නම් කෘතියෙන් නිර්මාණය කෙරූ සලරුවකි. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Claire McCarthy විසිනුයි.

තව දෙයක් මේක රජ කාලෙ කතාවක් නිසා කතා කරන්නෙත් උපහරන බාවිතා කරල පරණ විදිහට. ඉතින් මං මුලින්ම උපසිරැසිය හදද්දි ඒ උපහරන එහෙම්මම දැම්ම. ඒත් පස්සෙ මම නැවත පරීක්ෂා කරද්දි පෙලක් තැන් සබ් එක යන වෙලාවත් එක්ක ඒව කියව ගන්න අමාරු වෙනව එතකොට අනික් දෙබස් අපැහැදිලි වෙනව. ඉතින් ඒ නිසා මං ඒව කපල කෙටියෙන්ම කියෙවෙන දේ දැම්ම. එතකොට ඔයාලට සබ් එක කියවගන්න වෙලාව තියෙනවා. හැම තැනම නෙවේ හොදේ කියව ගන්න අමාරු තැන් වල විතරයි. නැත්තම් මුළු කතාවම කිසිම අඩුවක් නැතුව සිංදුත් එක්කම සබ් එක දාල තියෙන්නෙ, මං කලින් සබ් දාපුව වගේම.

හරි එහෙනම් කියෙව්ව ඇතිනෙ. එහෙනම් අරගෙන බලන්න. තව උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

5,263 downloadsDownload Ophelia.2018.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,263 downloadsDownload Subtitles35 KB

17 comments

  1. Anonymous

    thanks saho

  2. Anonymous

    Thank you

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. sameera

    bohoma sthuthi oyata godak mahansi wela thiyenawa idereyatah hoda nermana walata dayaka wenna api wenuwen kalaya kepa kalata bohoma sthuti

  5. sameera

    bohoma sthuthi oyata godak mahansi wela thiyenawa idereyatah hoda nermana walata dayaka wenna api wenuwen kalaya kepa kalata bohoma sthuti

  6. Anonymous

    thanks broo

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    1. Kantha_DLA

      Request:
      A Boy Called Christmas (2021)
      8-Bit Christmas (2021)

  9. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  11. Sugala Deshani

    Thank you

  12. DIMETHRI PERERA

    Movie name : Dune 2021
    Sub ☹️

  13. mindika

    Thanks !!!

  14. Nipuna

    Great Work bro

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.