Watch Trailer

Our Own (2004) aka Svoi Sinhala Subtitles | අපි අපිමයි [සිංහල උපසිරසි]

ටික කාලෙකට පස්සෙ බයිස්කෝප් සහෝදර සහෝදරියො වෙනුවෙන් රුසියානු චිත්‍රපටියක් ගෙනාවා, අපි කොච්චර චිත්‍රපටි බලලා තිබුනත්, ඉවරවුනාට පස්සෙ තව ටිකක් තිබුනනම් හොඳයි කියලා හිතෙන හදවතට දැනෙන චිත්‍රපටි බොහෝම අතලොස්සක් අතරට මේ චිත්‍රපටිය අයත්වෙනව. Dmitriy Meskhiev විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටියට Konstantin K…

ටික කාලෙකට පස්සෙ බයිස්කෝප් සහෝදර සහෝදරියො වෙනුවෙන් රුසියානු චිත්‍රපටියක් ගෙනාවා, අපි කොච්චර චිත්‍රපටි බලලා තිබුනත්, ඉවරවුනාට පස්සෙ තව ටිකක් තිබුනනම් හොඳයි කියලා හිතෙන හදවතට දැනෙන චිත්‍රපටි බොහෝම අතලොස්සක් අතරට මේ චිත්‍රපටිය අයත්වෙනව. Dmitriy Meskhiev විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටියට Konstantin Khabenskiy, Sergey Garmash, Ben Perino ඇතුළු නළු නිලියන් රාශියක් රංගනයෙන් දායකවෙනවා. 2004 වසරෙදි තිරගතවුන our own චිත්‍රපටිය Action, Drama, War කාණ්ඩවලට අයත්වෙන අතර ලොව පුරා සම්මාන උළෙලවල් රාශියක් නියෝජනය කරලා ජය අරගෙන තියෙනවා. හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිරරචනය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම ශබ්ද පරිපාලනය හොඳම කැමරාකරණය, හොඳම චිත්‍රපටය ඇතුලු අංශ ගණනාවකින් සම්මාන 17ක් මේ වෙනවිට දිනාගෙන තිබෙනවා. ටිකක් විතර වෙනස් වර්ණ සංයුතියක් ඔස්සෙ නිර්මාණය වුන මේ චිත්‍රපටියට ලොව පුරා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවුනා.

අපි තව විස්තර කතාකරන්නෙ නැතුව කෙලින්ම කතාව පැත්තට හැරෙමු, මේ චිත්‍රපටියත් පසුබිම් කරගෙන තියෙන්නෙ දෙවන ලෝක යුද්ධෙ කාලෙ ජර්මානු හමුදාව විසින් අල්ලාගන්නා රුසියානු සෙබලුන් තිදෙනෙක් ගැනයි, ඔවුන් ජර්මානු හමුදා පාලනය සහිත ප්‍රදේශයකදී මුර භටයින්ගෙන් ගැලවී තමන්ගේ ගම් බිම් සොයා පැනයාමට දරන උත්සාහයේදි ලැබෙන ත්‍රාසජනක, අත්දැකීම් මෙන්ම සතුටුදායක අවස්ථාවන් සිනමාපටය පුරාම තිබෙනවා. විශේෂයෙන්ම මේ චිත්‍රපටය සිනමාව ගැන ඉගෙනගන්න අය අනිවාර්යෙන්ම බලන්න ඕන කියල මට හිතෙනවා. ඇත්තටම සිනමා විචාර ලියන කෙනෙක්ට වුනත් මේ චිත්‍රපටිය ගැන හොඳ විචාරයක් ලියන්න පුලුවන් වේවි. වෙනදා වගෙම අදත් මට මේ අවස්ථාව උදා කරල දුන්න සිසිල ප්‍රසාද් සහෝදරයා ඇතුළු බයිස්කෝප් කාර්ය මණ්ඩලයට ස්තූතිවන්තවෙන අතරම, මේ චිත්‍රපටියත් කොහොම හරි හොයාගෙන බලන්න කියල ඉල්ලීමක් කරන්න තියෙනවා . ඔබ සැමට සුභ නව වසරක් වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

1,312 downloadsDownload Our-Own-2004-aka-Svoi.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,312 downloadsDownload Subtitles24 KB

10 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  2. Kantha_DLA

    ---wish you Happy new year---!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. indika75

    thanks..

  5. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  6. Anonymous

    උපසිරසට බොහොම ස්තූතියි

  7. lol

    dan me film eka baiscopedownloads(.)co web adawiyen ganna thiyenawa

  8. Dewadithya

    Thanks for sub!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. කවිඳු ජයවර්ධන

    ලිපියෙ විදිහටනම් පට්ට ෆිලුමක් වගේ..අනිවා බලන්න ඕනේ.සබට තුති සහෝ...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.