සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මේ නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට ස්තුති කරන ගමන් බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් මං ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ 2020 අගෝස්තු 06 වෙනි දින සී05 ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ඔස්සේ මුදා හැරුණු පරීක්ෂා හින්දි සිනමා නිර්මාණයටයි. Prakash Jha විසින්…

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මේ නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට ස්තුති කරන ගමන් බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් මං ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ 2020 අගෝස්තු 06 වෙනි දින සී05 ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ඔස්සේ මුදා හැරුණු පරීක්ෂා හින්දි සිනමා නිර්මාණයටයි.

Prakash Jha විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ නිර්මාණයේ Adil Hussain, Priyanka Bose, Sanjay Suri, Shourya Deep සහ Shubham Jha ප්‍රධාන වශයෙන් රංගන දායකත්වය ලබා දෙනවා. මේ වෙනකොට 2430 දෙනෙකුගේ මනාපයෙක් IMDb දර්ශකයේ 8.1/10 අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙන මේ නිර්මාණය Naxal බලපෑමට ලක්වූ බිහාර් ප්‍රාන්තයේ දරුවන්ට IIT-JEE විභාගය සමත් වෙන්න සහය දුන් IPS නිලධාරි අභයානන්ද්ගේ ජිවිත කතාව ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක් බව සඳහන් වෙනවා.

කතාව ගැන කියනවා නම් බුච්චි කියන්නේ රික්ෂෝ පදවන කෙනෙක්. ඔහුගේ බිරිඳ රාධිකා එක්ක ජිවත් වෙන්නේ අම්බෙද්කාර් නගර් මුඩුක්කුවෙ. එතකොට බුච්චිට බුල්බුල් කුමාර් කියල නම තියෙන පුතෙක් ඉන්නවා. දක්ෂ දරුවෙක් උන බුල්බුල් කුමාර් ඉගෙන ගන්නේ රජයේ පාසලක. බුච්චිගේ රාජකාරියේ කොටසක් තමයි Sapphire ජාත්‍යන්තර පාසලට ළමයි ඇරලවන එක. මේ ගමන් අතරතුරේදී බුච්චි දැන ගන්නවා තමන්ගේ දරුවට නොලැබෙන අවස්ථා මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන පෞද්ගලික පාසලේ ළමයින්ට ලැබෙනවා කියල. ඉතින් මේ රික්ෂෝ කාරයා තමන්ගේ පුතා, බුල්බුල් කුමාර්ව මේ Sapphire පාසලට ඇතුලත් කරන්න පිස්සු හීනයක් දකිනවා. එදා වේල හොයාගෙන ජිවත් වෙන මේ අයට මේක ඇත්තටම හීනයක් උනාට, අකුරක් ලියන්න නොදන්නා බුච්චි මේ වැඩේට අත ගහනවා. ප්‍රාතිහාර්යයක් වගේ බුච්චිගේ උත්සාහේ සාර්ථක වෙනවා. බුල්බුල් කුමාර්ව Sapphire වලට ඇතුලත් කරන්න අවසථාවක් බුච්චිට ලැබුණත් ඒ වැඩ කටයුතු පවත්වාගෙන යන්න මේ අම්මටයි තාත්තටයි බැරි වෙනවා. බුල්බුල් කුමාර්ට Sapphire වල දිගටම ඉගෙන ගන්න ලැබෙයිද? බුච්චි ඒ වෙනුවෙන් මොනවා කරයිද?

ඕනෙම අම්මෙක් තාත්තෙක් තමන්ගේ දරුවෝ ගැන ලොකු හීන දකිනවා. තමන්ට නොලැබුන අවස්ථා තමන්ගේ දරුවන්ට උදා කරලා දෙන්න දෙමව්පියන් ඕනේ දෙයක් කරනවා. ඕනේ දුකක් විදිනවා. ඒ වෙනුවෙන් තමන්ගේ ජිවිතේ ගැන නොහිතා කැප වෙනවා. මේකත් ඒ වගේ තාත්ත කෙනෙක්ගේ කතාවක්. මේ තාත්තගේ කතාව බලන්න කියල ඔයාලා හැමෝටම ආරාධනා කරන ගමන් කොවිඩ් – 19 වසංගතය නැවතත් හිස ඔසවල තියෙන මේ වෙලාවේ සෞඛ්‍යය ආරක්ෂිත අනුගමනය කරල නිරෝගීව ඉන්න කියල මතක් කරනව. නැවත මේ වගේම උපසිරැසියකින් හම්බ වෙමු. සුභ දවසක් වේවා.

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

5,143 downloadsDownload පරීක්ෂා-2020.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,143 downloadsDownload Subtitles43 KB

31 comments

  1. tharidu16

    ස්තූතියි. එත් ෆිල්ම් එකෙ නම් සිංහලෙන් දාන්න එපා. පොදුවේ හැමෝම සර්ච් රකන්නේ ඉංග්‍රිසියෙන් නිසා. පස්සේ කාලේක ෆිල්ම් එක සර්ච් කරද්දි මේක තියෙනවා නොදැක ඉන්න පුළුවන්.

    1. කවිෂල් රසින්ත

      සිංහලෙන් නම දාන්න හේතුව මොකද කොපිරයිට් හේතු නිසා. සයිට් එකේ ඔක්කම වගේ ඉන්ග්ලිස් නමෙන් තමයි දෙන්නෙ. නමුත් යම් යම් ෆිල්ම් සිරීස් වලට කොපිරයිට් ප්‍රශ්න හුඟක් එනවා.. ඒ හේතුව මග ඇරගන්න තමා ඔය සිංහලෙන් නම දාන්නේ..

  2. Prabodha

    ස්තුති ඔබට...

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. tharidu16

    SCAM 1992: The Harshad Mehta Story (2020– )
    මේ අලුත් ටිවි සීරිස්. මෙකට සබ් දෙන්නකො. තෑන්ක්ස්

  5. කවිෂල් රසින්ත

    බොහොම ස්තූතියි අක්කේ උපසිරසියට.. සිනමාවේ එතරම් ඇස නොගැටෙන.. ලස්සන සිනමාපටයන් අපි අතරට ගේනවටත් විශේෂයෙන් ස්තූතියි

  6. Nilush Angana

    Sub ekata thanx

  7. gihan perera

    ස්තුතියි ස්තුතියි නංගී... හොඳ අර්ථවත් කතාවක්... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා..,ජය වේවා.....

  8. yohan

    thanks for the sub. issarahatath hindi films walata sub denna

  9. Anonymous

    උපසිරසි බොහොම ස්තුති . ෆිල්ම් එකේ නම english වලින්ම්ම
    දැම්මා නම් ගොඩක් හොදයි. කලින් තිබුනා වගේ.
    කට්ටියටම ජයවේවා . පරිස්සමෙන් ඉන්න.❤️

  10. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  11. Geethi

    Thank you dear.

  12. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  13. Eshan

    Thank you so much

  14. indika75

    Thanks..

  15. Nadun Piyumantha

    Thank U Soo Much :)

  16. yohan

    thanks niyama film ekak sub dunnata newathath sthuthii. idiriyatath mewage film walata sub denna. jaya wewa.

  17. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  18. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  19. pasan shanaka

    machan thankx sub ekata. film eke nama sinhale danakota downloads ekatath sinhalenma dhaana. naththam api pariksha, pareeksha oni widihak enna puluwanne. search karanna ba.

    1. සුභාෂිණි මල්ලව ආරච්චි

      කොපි රයිට්ස් ප්‍රශ්නයක් හින්දයි නම සිංහලෙන් දාල තියෙන්නේ මල්ලි

  20. Anonymous

    සිංංහල උපසිරසට බොහොම ස්තූතියි

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Dsn

    සුපිරිම film එකක් බලපු ....

  23. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  24. Anonymous

    Scam 1992 සිංහල සබ් දෙන්නකෝ

  25. Anonymous

    dila thiyana link walin downlod karanna ba ne film eka

  26. Bosilu

    Scam 1992 one

    1. Anonymous

      owwww

  27. Rishantha

    Thanks Renuka

  28. Anonymous

    scam 1992 sub dennako

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.