Watch Trailer

Peter Rabbit 2: The Runaway (2021) Sinhala Subtitles | පීටර් ඇත්තටම නරකයිද? [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ……. හැමෝම පරිස්සමින් නිරෝගීව ඉන්නවා නේද?…… කොරෝනා වසංගතය එක්ක හැමෝම තම තමන්ගෙ ගෙවල් වලට වෙලා වැඩිපුර කාලය ගත කරන අතරවාරයේ මේ පැත්තට ඇවිල්ලා උපසිරැසියක් එහෙම හොයාගෙන ඉස්සර වගේම තාමත් අපේ වෙබ්අඩවිය පැත්තෙ රෝන්දෙ ගහනවා ඇති කියලා මං හිතනවා. ඔන්න ඉතින් මාස 6කට පස්සෙ තමයි මම මේ උපසිරැසියක්…

කොහොමද යාළුවනේ……. හැමෝම පරිස්සමින් නිරෝගීව ඉන්නවා නේද?…… කොරෝනා වසංගතය එක්ක හැමෝම තම තමන්ගෙ ගෙවල් වලට වෙලා වැඩිපුර කාලය ගත කරන අතරවාරයේ මේ පැත්තට ඇවිල්ලා උපසිරැසියක් එහෙම හොයාගෙන ඉස්සර වගේම තාමත් අපේ වෙබ්අඩවිය පැත්තෙ රෝන්දෙ ගහනවා ඇති කියලා මං හිතනවා. ඔන්න ඉතින් මාස 6කට පස්සෙ තමයි මම මේ උපසිරැසියක් අරගෙන ඔයාලා මුණ ගැහෙන්න ආවෙ. කතාවෙ නම දැක්ක ගමන් මතක් වෙනවා ඇති නේද අපේ පුංචි චණ්ඩි පැටවු ගැන. මේ කතාවෙ පළමු කොටස තාමත් බැලුවෙ නැත්නම් ඒක මුලින් බලලා ඉන්න. Peter Rabbit (2018) එතකොට ලොකු අදහසක් ගන්න පුළුවන් මේ කතාවෙ ඉන්න චරිත ගැන.

හරි දැන් අපි කතාවෙ මුල් කොටස ටිකක් මතක් කර ගමු. මේකෙ ඉන්නෙ ලන්ඩන් වලින් ටිකක් පිටිසර පළාතක ජීවත් වෙන තරුණ කාන්තාවක් සහ එයාගෙ ගෙදර ගාවම ජීවත් වෙන හාවො පවුලක් සහ අනිකුත් සත්තු පිරිසක්. මෙයාලාගෙ දඟකාරකම් වලින් වැඩියෙන්ම මෙයාලා ප්‍රසිද්ධ, අල්ලපු ගෙදර ඉන්න මැක්ග්‍රෙගර් සීයාගෙ ගෙවතු වගාවෙන් එළවළු පළතුරු හොරකම් කරන එක. ඉතින් මේ හැමෝගෙම වාසනාවට මැක්ග්‍රෙගර් සීයා මැරිලා ගියාට එයාගෙ මුණුබුරෙක් එනවා ගෙදර අයිතිය ලැබුණට පස්සෙ. එතන ඉඳන් තමයි ඉතින් මේ තෝමස් කියන පුතයි හාවො ටිකයි හොඳටම රණ්ඩු වෙන්න ගන්නෙ. ඒ අස්සෙ ඉතින් බී කියන මේ තරුණ කාන්තාව හාවොන්ගෙ චිත්‍ර ඇඳින අතරේ තෝමස් එක්ක ආදරයෙන් බැඳෙනවා. ලොකු ලොකු සිද්ධි ගොඩක් ඇති වෙනවා මතක ඇති කතාව බලපු අයට. ඒත් ඉතින් කතන්දර පොත් වල වගේ අවසානයේ සියල්ලෝම සතුටින් ජීවත් උනා කියන එකෙන් තමයි මේ කතාවත් ඉවර වෙන්නෙ.

ඔන්න ඔහොම ඉවර උන පළවෙනි කතාවෙන් අවුරුදු 3 කට පස්සෙ තමයි දෙවැනි කතාව එළිදක්වන්නේ. ඇත්තටම මේක මීට කලින් නිකුත් වෙන්න තිබුණට කොරෝනා වසංගතය එක්ක කල් ගිහින් ඔන්න අපි ආසාවෙන් බලන් හිටපු දෙවැනි කොටස නිකුත් උනා. කැමරා කොපි පිටපත නිකුත් වෙලා සතියකටත් වැඩි උනාට හොඳ පිටපතක් නිකුත් වෙලා තවම දවස් 3,4ක් ඇති. බියට්‍රික්ස් පොටර් විසින් රචිත, බ්‍රිතාන්‍ය ළමා කතාන්දරයක් වන පීටර් නම් හාවාගේ ජීවිතය පදනම් කොට ගෙන නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය පොඩිහිටි වැඩිහිටි සැමට බොහොම විනෝදයෙන් නරඹන්න පුළුවන් රසවත් කතාවක්. 1902 වර්ෂයේ රචිත මෙම කතාන්දරයේ දෙවැනි කොටසේ සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා මං කියන්න යන්නෙ නෑ. ඒකට ඔයාලට ඒ කුතුහලය ඉතිරි කරන්නම්. හැබැයි ඉතින් කලින් වගේම බඩ අල්ලන් හිනා වෙන්න පුළුවන් තැන් වගේම ඇහැට කඳුලක් උනන සංවේදී අවස්ථාද නැතුවාම නෙවෙයි. පවුලක දරුවන් හා දෙමව්පියන් අතර බැඳීම, සහෝදර සහෝදරින් අතර බැඳීම, අනෙකා වෙනුවෙන් තමන්ගෙ දිවි පරදුවට තියන්න උනත් කැපවෙන හැටි පොඩි පොඩි සිදුවීම් හරහා මනාව පැහැදිලි කරන්න අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායම සමත් වෙලා තියෙනවා.

විවාහ මංගල්ලයකින් තමා කතාව ආරම්භ වෙන්නෙ. දන්නවනේ ඉතින් කවුද මනමාල ජෝඩුව කියලා. මේ දෙවැනි කතාංගය IMDb ශ්‍රේණිගත කිරීම් වල 6.2 ක් සහ Rotten Tomatoes වල 67% ක් ලෙස මනාප ලබා ගන්න සමත් වෙලා තියෙනවා. 2021 ජුනි මස 11 වෙනි දින ඇමෙරිකාවේදී තිරගත කිරීම ඇරඹුන මෙයද Will Gluck විසින්ම අධ්‍යක්ෂණය කර තිබෙන අතර මේ වන විට ලොව පුරා තිර ගත කිරීමෙන් ඩොලර් මිලියන 127 ක ආදායමක් මේ වන විට තමා සතු කරගෙන තියෙනවා. දවස් ගානක් උපසිරැසිය පරක්කු වෙලා දෙන්න හොඳ නෑනේ. එහෙනම් ඉතින් හැමෝටම බලන්න පුළුවන් මේ කතාව රසවිඳින්න කියලා මං හැමෝටම ආරාධනා කරනවා.

ආයෙත් කවදා උපසිරැසියක් අරන් එයිද කියන්න බෑ. එහෙම මුණ ගැහෙන තුරු සැමට ජය!!! හැමෝටම සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙලා පරිස්සමින් නිරෝගීව ඉන්න ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!

බයිස්කෝප් අඩවියට ජය!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

13,825 downloadsDownload Peter-Rabbit-2-The-Runaway-2021-Blu-Ray.zip114 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ෂෙරින් සමාධි ද සිල්වා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.         

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

13,825 downloadsDownload Subtitles114 KB

35 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. Anonymous

    Thanks sister

  3. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සිස්.

    හැකිනම් මේ ෆිල්ම් වලින් මොනවාට හෝ සබ් දෙන මෙන් ඉල්ලමි.

    Who Framed Roger Rabbit - 1988
    The Nightmare Before Christmas - 1993
    The Adventures of Pinocchio - 1996
    Teenage Mutant Ninja Turtles III - 1993
    The NeverEnding Story II - 1990
    The NeverEnding Story III - 1994

  4. Mihidum

    උපසිරැසියට බොහොම ස්තූතියි...

  5. Shaggy

    Thank you very much

  6. Nilush Angana

    Sub ekata thanx

  7. Arawinda Sunimal

    ස්තුතියි එනකන් බලන් හිටියේ ....

  8. Gihan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Kavindu

    Thanks sub ekata
    Thwa aluth film tikak demu

  11. Shehara Sewvandi

    Google එකේ, ගැහුවට ආවේ නෑ, අහම්බෙන් Site එකට ආවාමයි දැක්කේ..

    1. Anonymous

      Tnx sis...Good Luck...

  12. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. mindika

    Thank !!!

  14. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  15. Anonymous

    Thanx sis !!!

  16. Sandeep

    Thank you.. enakam balann hitiye.. sub eka hondatama hondai..

    1. ෂෙරින් ද සිල්වා

      :)
      Thank you...

  17. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  19. isuru

    තැම්ස් අක්කෙ

  20. නිමේෂ් කාවින්ද .

    වඩාත් කාර්‍යක්ෂමව , චිත්‍රපටයට ගුණාත්මක බවින් පිරිපුන් සිංහල උපසිරැසියක් ලබා දුන්නාට මම සමාධි සහෝට කෘතඥ පූර්වක ස්තූතිය පිරි නමමි !!

    1. ෂෙරින් ද සිල්වා

      :)
      Thank you...

  21. MAALNATH

    Thanks..........good luck........

  22. kevin D...

    Thanks...

  23. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  24. supun

    tz sub ekata..

  25. Anonymous

    1080p blu-ray sub ok [THANKS]

  26. Rishantha

    Thanx Sister

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. chinthaka

    ubalage wagema web ekak thiyanawa eeke sub ganna giyama sex web ekakata yanne

  29. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අක්කෙ. 🤪

  30. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  31. Roshan

    Super godak sthuthi

  32. Roshel

    Beautiful

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.