Watch Trailer

Double Impact (1991) Sinhala Subtitles | නිවුන් අයියා මලෝ… [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක්.. චිත්‍රපටියක් බලන කෙනාගේ රසවින්දනය එකිනෙකාට වෙනස්. අපිට තව කෙනෙක්ගේ රසවින්දනයට අභියෝග කරන්න, ඔහුගේ රසවින්දනය ගැන පහත් විදිහට කතා කරන්න, පොදුවේ විවේචනය කරන්න, මං හිතන්නේ අපිට සදාචාරාත්මකව ඒ අයිතිය නෑ. ඒක පුද්ගල කැමැත්ත. මම පොදුවේ ඕන චිත්‍රපටයක් බලනවා. රස විඳිනවා. හොඳයි කියන නරක…

ආයුබෝවන්.. සුබ දවසක්..

චිත්‍රපටියක් බලන කෙනාගේ රසවින්දනය එකිනෙකාට වෙනස්. අපිට තව කෙනෙක්ගේ රසවින්දනයට අභියෝග කරන්න, ඔහුගේ රසවින්දනය ගැන පහත් විදිහට කතා කරන්න, පොදුවේ විවේචනය කරන්න, මං හිතන්නේ අපිට සදාචාරාත්මකව ඒ අයිතිය නෑ. ඒක පුද්ගල කැමැත්ත. මම පොදුවේ ඕන චිත්‍රපටයක් බලනවා. රස විඳිනවා. හොඳයි කියන නරකයි කියන රේටින් අඩු වැඩි ලිස්ට් වල ඇති නැති ඕනෑම චිත්‍රපටයක් බලනවා වගේම රසවිඳිනවා. සමහර ඒවා දෙපාර තුන්පාර බලනවා. සමහර ඒවා ඉඩක් හම්බවුන ගමන් බලනවා. LOTR චිත්‍රපට මාලාව එහෙම අන්න එහෙම චිත්‍රපටයක්. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. ඒක එකිනෙකාගේ කැමැත්ත, ආශාව, රසවින්දනය. අපි අනෙකාගේ රුචිකත්වයට ගරු කරමු. හොඳ උසස් නිර්මාන, හොඳ චිත්‍රපටි හැමෝම අතර බෙදාගම්මු. චිත්‍රපටි ගැන හඳුන්වලා දෙමු. තමන් බලපු හොඳයි කියන චිත්‍රපටයක් තව කෙනෙකුට බලන්න නිර්දේශ කරනු විනා තව කෙනෙකුගේ රුචිකත්වය ගැන විවේචනය නොකර ඉමු.

ශ්‍රී ලංකාව වගේ පුංචි රටක බයිස්කෝප් වගේ අංක එකේ අඩවියක් මුළු ලෝකේ වටේම ඉන්න සිංහලයෝ බලනවා. මං එහෙම කියන්නේ සිංහල උපසිරසි නිසා. මං වගේම තවත් සහෝදර උපසිරසිකරුවන් ගොඩක් මේ අඩවිය එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. ඒ වගේ සුන්දර තැනක්, වචනෙකින් දෙකකින් කැත කරන්න එපා කියලා මං බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. තවද විනෝදෙට වගේ පළවෙනි උපසිරසිය කරලා ඒක අඩවියේ පලවුනාම දැනුන සතුට නිසාම නොනවත්වා සිංහල උපසිරසි නිර්මාණය කරන්න පටන් ගත්තා. අපේ උපසිරසියක් අඩවියේ පළවන හැම වාරයකම අපි ඒ සතුට අත්විඳිනවා. ඒත් යම් යම් ප්‍රතිචාර නිසා ඇතැම් වෙලාවල් වල යම් කළකිරීමක් ඇතිවනවා මිස එයින් අපිව දිරිමත් වන්නේ නෑ. උපසිරසිකරුවෙක් දිරිගන්වන කමෙන්ටු අතර මේ එක් කමෙන්ටුවක් දැකීමෙන් එයට සම්බන්ධවන අය මෙන්ම උපසිරසි නිර්මාණය කරන අපද අපහසුතාවයට පත්වෙනවා. ඒ නිසා මං ආයෙත් ඉල්ලා සිටිනවා අපි සැවොම විනීතව බොහොම සුහදව චිත්‍රපටි රසවිඳිමු.

ඉතින්… අදත් සුපුරුදු විදිහටම ඔන්න මං තවත් ජනප්‍රිය, බටහිර ක්‍රියාදාම චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන ආවා.

Double Impact 1991

මේක ටිකක් ඉස්සර සිංහල සිනමාවේ එක දිගට ආපු චිත්‍රපටි වලින් එකක් වගේ. එහෙම කිව්වේ පොඩි කාලේ අම්මා තාත්තා මරණවා, ළමයි ලොකු වෙලා පලි ගන්නවා. අන්න එහෙම කතාවක් තමයි තියෙන්නේ.

වෑග්නර්ගේ ව්‍යාපාරික හවුල්කරුවා ග්‍රිෆිත්, වෑග්නර්ව මරන්නේ ඔහුගේ ව්‍යාපාරයත් ඒකේ ලාභයත් තමන්ට අයිති කරගන්නයි. එහිදී වැග්නර්ගේ බිරිඳත් මිය යනවා. ඔහුගේ නිවුන් පුතාල වන ඇලෙක්ස් සහ චැඩ් දෙන්නාගෙන්, ඇලෙක්ස් අනාත නිවාසෙක වැඩෙන අතර චැඩ්, වෑග්නර්ගේ පුද්ගලික ආරක්ෂකයා වන ෆ්‍රෑන්ක් විසින් ලොස් ඇන්ජලීස් වලට අරන් යනවා. මේ සිද්ධියෙන් වසර විසි පහකට පසු චැඩ් සහ ෆ්‍රෑන්ක් ඇලෙක්ස්ව සොයා නැවතත් හොංකොං වලට එන්නේ සහෝදරයන් එකතු වී තම පිය උරුමය ලබාගන්නයි.

මෙහි චැඩ් සහ ඇලෙක්ස් ලෙස Jean-Claude Van Damme ද්විත්ව චරිත නිරූපනය කරන අතර Geoffrey Lewis ෆ්‍රැන්ක් ලෙසත්, Alonna Shaw ඩැනියෙල් ලෙසත්, Alan Scarfe ග්‍රිෆිත් ලෙසත්, Philip Chan ෂැං ලෙසත් රංගනයෙන් එක්වෙනවා. ක්‍රියාදාම සටන් පිරි චිත්‍රපටවල ප්‍රධාන නළුවා සමඟ කරට කර අවසන් සටනෙන් චිත්‍රපට ප්‍රේක්ෂකයා පිනවන ප්‍රති වීර චරිතය නැත්නම් දුෂ්ඨයා ලෙස Bolo Yeung මූන් ලෙස මෙම චිත්‍රපටයට එක්වී ඇත.

චිත්‍රපටයේ නිෂ්පාදනය Jean-Claude Van Damme, Paul Michael Glaser සහ Ashok Amritraj විසින් වන අතර අධ්‍යක්ෂණය Sheldon Lettich විසිනි. මොහු වෑන් ඩෑම් රඟන චිත්‍රපට වැඩි ප්‍රමාණයක අධ්‍යක්ෂකවරයායි. 1991 අගෝස්තු 9 වනදා එක්සත් ජනපදයේ තිරගත වීම ආරම්භ කර ඇති මෙම චිත්‍රපටය විනාඩි 110ක ධාවන කාලයකින් යුක්තය. චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ.ඩොලර් මිලියන 15 ක් පමණ වන අතර බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩොලර් මිලියන 30.1කි. Double Impact චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.6 ක්, Rotten Tomatoes 35% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 91%ක කැමැත්ත ලැබී ඇත.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,969 downloadsDownload Double-Impact-1991.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,969 downloadsDownload Subtitles31 KB

16 comments

  1. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    මාගේ අතින් වරදක් සිදු වී ඇත්නම් සමාවන ලෙස ඉල්ලා සිටිමි.

    එමෙන්ම මාගේ profile එකේ profile picture එක upload කරන තැන බයිස්කෝප් වෙබ් අඩවියේ තාක්ෂණික දෝෂයක් නිසා ඉවත් වී ඇත. යළි upload කරන විට 'sorry, you are not allowed to upload files.' යන මැසේජ් එක ලැබෙයි.

    මාගේ එකවුන්ට් එකේ මෙම දෝෂය නිසා ඇතැම් අය මාගේ නම භාවිතා කරමින් කුණුහරුප සටහන් කොට තිබූ නිසා මා අපහසුතාවට පත් වුණි. මොනවා කරන්නද? එයාලගේ රසවින්දනය ඒකනේ. මාගේ නමින් පළවූ නරක අදහස් සටහන් කළේ මා නොවන බව මාගේ එකවුන්ට් පරීක්ෂා කර සොයාගත හැකිවනු ඇත.

    බයිස්කෝප් එකේ මාගේ එකවුන්ට් එකේ දෝෂය නැති කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

  2. Suranjan

    Thanks jayawewa.....!

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට රොෂාන් සහෝ.... පුළුවන් නම් මේ ෆිල්ම් ටිකෙන් මොකකටහරිත් සබ් දෙන්නකො සහෝ
    The Hole (2001)
    Kill Theory (2009)
    House of 9 (2005)
    The Killing Room (2009)
    Fermat's Room (2007)

  4. Supun

    Thank you සබ් එකට..
    ඇත්තටම ඒ මිනිස්සුන්ට ස්තූතියි කියල අකුරු හතරක් ටයිප් කරල කමෙන්ට් එකක් දාන්න තමා වෙලාව නැත්තේ ඒත් සබ් එක කරපු කෙනාටත් කලකිරෙන විදිහට මේකෙ රණ්ඩු වෙන්න දිග පත හෑලි ටයිප් කර කර වෙලාවත් තියනවා සැරින් සැරේ එන්නත් පුළුවන් අනේමන්දා මිනිස්සු නම් :| තව මනුස්සයෙක්ගෙ රසවින්දනයට ගරු කරන්න දන්නෑ කෙනෙක් පරණ ෆිල්ම් බලනව නම් ඒක ඒ මනුස්සයගෙ කැමැත්ත කෙනෙක් අලුත් ඒව බලනව නම් ඒක ඒ මනුස්සයගෙ කැමැත්ත අලුත් පරණ දෙවර්ගයම බලනව නම් ඒකත් ඒ මනුස්සයගෙ කැමැත්ත.. මට නම් අලුත්ද පරණද ඉන්දියන්ද ඇමරිකන්ද ස්පැනිශ්ද කොරියන්ද මොන රටේද අදාල නෑ මට සෙට් නම් මං බැලුවා.. ඔයා ඒ වගේ මිනිස්සු කියන කතා ගණන් ගන්න එපා රොෂාන් සහෝ ඒක උන්ගෙ මානසික මට්ටම දෙයක් අගය කරන්න බැරි උනාට විවේචනය කරන්න විතරක් දක්ෂ මිනිස්සු ඕන තරම් මේ සමාජෙ ඉන්නවා

  5. Anonymous

    niyama sub ekak
    puluwan nam ''Date Night (2010)'' ekatath sabak denna

  6. Udaya Fdo

    Thank you

  7. indika 75

    thanks..

  8. Pahasara

    hugak Thankz....

  9. Udara Damith

    elaaaaaaaa

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. Anonymous

    Thanks Bro

  12. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  13. Priyantha Dayakeerthi

    රොෂාන් සමීර ජයසිංහ සොයුර,
    ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. Nishantha Pradeep

    Great mchn!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.