Watch Trailer

Phoenix (2014) with Sinhala Subtitles | මරණයෙන් නැගිටීම [සිංහල උපසිරසි සමඟ]

දෙවන ලෝක යුද්ධයේ ප්‍රහාරයකින් තම සැබෑ පෙනුම අහිමි වූ කාන්තාවක්, ඇයගේ විශ්වාසය කඩ කළ ආදරවන්තයාව සොයා යන ගමන තමයි Le Retour des Cendres කියන ප්‍රංශ නවකතාව ඇසුරෙන් නිර්මාණය වෙලා තියන මේ ජර්මන් චිත්‍රපටයේ තේමාව වෙන්නේ. ජර්මන් චිත්‍රපට ගැන ලංකාවේ වැඩි කතාබහක් ඇති නොවුණත් මේක නම් ලස්සන තේමාවකින් ගලායන නි…

Phoenix (2014)

දෙවන ලෝක යුද්ධයේ ප්‍රහාරයකින් තම සැබෑ  පෙනුම අහිමි වූ කාන්තාවක්, ඇයගේ විශ්වාසය කඩ කළ ආදරවන්තයාව සොයා යන ගමන තමයි Le Retour des Cendres කියන ප්‍රංශ නවකතාව ඇසුරෙන් නිර්මාණය වෙලා තියන මේ ජර්මන් චිත්‍රපටයේ තේමාව වෙන්නේ. ජර්මන් චිත්‍රපට ගැන ලංකාවේ වැඩි කතාබහක් ඇති නොවුණත් මේක නම් ලස්සන තේමාවකින් ගලායන නිසා හොයාගෙන බලන්න වටිනවා කියන එක තමයි මගේ අදහස නම්. ජාත්‍යන්තර සම්මාන 15කට පාත්‍ර වෙලා තවත්  27කට යෝජනා වෙලා තියනවා කියන්නේ නිකංම චිත්‍රපටයක් වෙන්නත් බෑනේ. ඒ වගේම IMDb දර්ශකයේ 7.3/10 කුත්, MetaCritic දර්ශකයේ 88% ක් සහ Rotten Tomatoes මීටරයේ 98% ක ප්‍රතිචාර හිමිවෙලා තියනවා කියන්නත් ඕනේ. ඇත්තම කියනවනම් නිවාඩු පාඩු වෙලාවක බලන්න පුලුවන් නියම  චිත්‍රපටියක්.

කතාව ගැන කෙටියෙන්ම කියනවනම්, දෙවන ලෝක යුධ ප්‍රහාරයකින් තුවාල ලබලා පෙනුම වෙනස් වෙන නෙලී කියන නාසි-යුදෙව් මිශ්‍ර කාන්තාව ඇයව ජර්මන් හමුදාවට පාවා දීපු තමන්ගෙ ආදරවන්තයා ජොනීව  සොයාගෙන යන්නේ ඔහු තවමත් ඇයට ආදරය කරනවා ඇති කියන බලාපොරොත්තුවෙන්. ආදරය කරනවා වෙනුවට ඇය වෙන කෙනෙක් කියලා රැවටෙන ජොනී ඇයගෙන් ඉල්ලනවා නෙලීට ඔහුගේ මැරුණ බිරිඳ වගේ රඟපාන්න කියලා. තමන්ට තමන් වගේම රඟපාන්න කියලා කරන ඉල්ලීමෙන් වික්ෂිප්ත වෙන නෙලී, ජොනී ළඟින් ඉන්න ඕනේ නිසාම මේකට කැමති වෙනවා. මීට වඩා කතාව ගැන කියන්න දේවල් ගොඩක් තිබුණත් ඒක චිත්‍රපටියේ රසවිඳින්න කරදරයක් වෙයි කියලා හිතන නිසා මෙතනින් නවතින්නම්.

මේ මගේ පළවෙනි උපසිරැසිය නිසා අඩුපාඩුවක් තිබුණොත් මම සමාව ඉල්ලනවා වගේම පුළුවන් උපරිම විදියට පරිවර්තනය කරා කියන්නත් ඕනේ. ඔක්කොම හරි මේ ලිපිය ලියන එක තමා අමාරුම වැඩේ කියලා මම දන්නෙ නෑ නෙ. විවේක වෙලාවක තවත් චිත්‍රපට කීපයකට උපසිරැසි කීපයක් කරන්න අදහසක් තියනවා. ඒ වගේම උපසිරැසිය ගැන ඔයාලගේ අදහස්, ඉල්ලීම් පළ කරනවනම් ඒක මට ලොකු සතුටක්. බයිස්කෝප් වෙබ් අඩවියට ජය!

Phoenix (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Phoenix.2014.BRRip.XviD.AC3-EVO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,006 downloadsDownload Phoenix.2014.Baiscopelk.com_.rar41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සනී

Subtitles

1,006 downloadsDownload Subtitles41 KB

37 comments

  1. pasindu

    නියමයි සහෝ මගේ උනුසුම් සුබ පැතුම්..........................!
    දිගටම සබ් දෙන්නෝ..

    1. සනී

      බලමුකො

  2. Lushan Kuruppu

    පළමු උත්සහයට සුබ පැතුම් සහෝ!
    බොහෝ දෙනා වෙනුවෙන් කාලය කැප කෙරුවට
    බොහෝම ස්තූතියි!!!

    1. සනී

      :)

  3. Práðèép Üðäýàñgå

    සුබ පැතුම් සහො...

    1. සනී

      :)

  4. Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ
    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

    1. සනී

      ස්තූතියි

  5. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    1. සනී

      :)

  6. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

    1. සනී

      තෑන්ක්ස්

  7. krishan

    suicide squad ekata sub diyallako puluwannam hoda copy avillane thiyenne..

    1. සනී

      ඒකට සබ් දාලා තියෙන්නෙ

  8. J-Koocha

    The Adventures of Sherlock Holmes T.V series එකේ සබ් මග හිටලා දැන් ගොඩක් කල් මචන්... පුලුවන්නම් ඒක පොඩ්ඩක් බලන්න

    1. සනී

      TV series කරන්න බෑ බං. පොඩි එකක්නම් බලමු.

  9. වයන්ත

    ගොඩක් සතුටුයි සහෝ පලමු වැඩේටම මේ වගේ හැන්ගිච්ච සුපිරි ෆිලුමක් ගෙනාවට. ලිපියත් හොදයි. දිගටම සබ් දෙන්න කියල ආරාදනා කරනව

    1. සනී

      තව ටික දවසකින් බලමු.. :)

  10. මේථික වෑවල

    පළවෙනි සබ් එකට සුභ පැතුම්..දිගටම සබ් කරමු....

    1. සනී

      :)

  11. praneeth madu

    බොහොම ස්තූතියි..ඉදිරියට යන්..ඔබට ජය..

    1. සනී

      :)

  12. Dulanga

    Thanks

    1. සනී

      :)

  13. Anushka Sanjuna

    wuuhuu.. thanks mcn... digatama karagena yaman mcn

    1. සනී

      :)

  14. Tharaka

    පළමු උපසිරැසි ගැන්වීමට මගෙනුත් උණුසුම් සුභ පැතුම්. ඒ වගේම සබ් එකටත් ගොඩාක් ස්තූතියි සහෝ.
    ජය වේවා!
    බුදු සරණයි!

    1. සනී

      :)

  15. Zeal

    පළමු උපසිරැසියට සුභ පැතුම්....... Digatama Sub Denna... good luck....

    1. සනී

      thanks saho

  16. kumari

    Thanks

    1. සනී

      thanks

  17. D

    thnq saho. digatama sub denna

  18. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. asanka

    ස්තුති සනි මහත්මයා.. ඔබ තුමා.. බොහොම වෙහෙස වෙලා කල සබැ නිර්මාණය මමත් බාගත කරගත්ත.. ලිපියේ හැටියටත්..රේටින් නිසාත් කතාව හොද ඇති කියලා හිතනවා..තෙරුවන් සරණයි.''

  20. nidi

    ගොඩක් ස්තුතියිි සනි!
    ලස්සන, හැගීිම්බර, සංකීර්ණ කතාවක්.
    කුතුහලය නිසා නරඹන කාටවත් විරාමයක් ගන්නවත් නොහිතෙන තරම්.
    මෙතරම් හොද චිත්රපටයක් අපට තිළිණ කළ ඔබ එකෙන්ම නිශ්ශබ්ද වීම
    නම් රසිකයන්ගේ අවාසනාවක්.
    සනී, sunny දවසක තව අපූරැ නිමැවුුමක් සමගින් යළි එන්න!

  21. Pahasara

    Thankz saho....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.