Watch Trailer

Puppet Master: The Littlest Reich (2018) Sinhala Subtitles | මරණයේ නාසි රූකඩ [සිංහල උපසිරැසි සමග] (18+)

ඔයාල පොඩිකාලෙ බෝනික්කො එක්ක සෙල්ලං කරල තියෙනවනෙ පිරිමි ළමයි ගෑනු ළමයි කියල නෑ පොඩිකාලෙ ඕන එකකින් සෙල්ලම් කරනවනෙ හැබැයි මේව එකපාරට ක්‍රියාත්මක වෙලා එ කියන්නෙ පණ ඇවිල්ල භයානක දේවල් කරන්න ගත්තොත් කොහොමද? හැබෙයි මෙතන ඉන්නෙ බෝනික්කො නෙමේ පොඩි පොඩි රූකඩ. අමුතු ගුප්ත පෙනුමක් තියෙන රූකඩ කරන්නෙ මොනවද කියල ම…

ඔයාල පොඩිකාලෙ බෝනික්කො එක්ක සෙල්ලං කරල තියෙනවනෙ පිරිමි ළමයි ගෑනු ළමයි කියල නෑ පොඩිකාලෙ ඕන එකකින් සෙල්ලම් කරනවනෙ හැබැයි මේව එකපාරට ක්‍රියාත්මක වෙලා එ කියන්නෙ පණ ඇවිල්ල භයානක දේවල් කරන්න ගත්තොත් කොහොමද? හැබෙයි මෙතන ඉන්නෙ බෝනික්කො නෙමේ පොඩි පොඩි රූකඩ. අමුතු ගුප්ත පෙනුමක් තියෙන රූකඩ කරන්නෙ මොනවද කියල මෙහෙම කිව්වම කතාව බලන එකේ තේරුමක් නෑනෙ ඒ නිසා ඒ ගැන වැඩිය කතා නොකර ඉමු.

ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් යමු. ටුලෝන් කියල අමුතු මනුස්සයෙක් ඉන්නව මෙයාගෙ පවුලෙ අය කරල තියෙන්නෙ රූකඩ හදල විකුණන එකයි ඒවගෙන් සංදර්ශන පවත්වන එකයි. ඉතින් මෙයත් කරල තියෙන්නෙ ඒක පස්සෙ එයා දෙවන ලෝක යුද්දෙ කාලෙ ජර්මනියට ගිහින් එයාගෙ සංදර්ශන පවත්වල තියෙනව මෙයා නාසිවාදී අදහස් තියෙන කෙනෙක් ඒ කියන්නෙ යුදෙව්වොන්ට වෛර කරනව තව සමලිංගිකයන්ට වගේ අයටත් කැමති නෑ. පස්සෙ මෙයා ලෝක යුද්දයෙන් මිත්‍ර පාර්ශවයට ජය ලැබුනට පස්සෙ ජර්මනිය දාල ඇමරිකාවට එනව එයාගෙ නෝන එක්ක. නෝන මගදි මුහුදට පැනල දිවි නසාගනන්ව. ඇමරිකාවෙදි මෙයා කරන වැඩ ගැන දැනගෙන ( ඒ අමුතු වැඩ ෆිල්ම් එකෙන් බලන්න, කිව්වම බලන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑනෙ) පොලීසියෙන් මෙයාව වෙඩි තියල මරනව. ඊට අවුරුදු 30 කට පස්සෙ එඩ්ගර් කියල චිත්‍ර කතා ලියන කෙනෙක් එයාගෙ බිරිඳගෙන් දික්කසාද වෙලා අම්මලගෙ ගෙදර එනව. මෙයා නවතින්නෙ කාලෙකට කලින් නැතිඋන අයියගෙ කාමරේ මෙයාට ඒකෙ තිබිල හම්බෙනව අමුතු පොඩි රූකඩයක්. ඒක ගුප්ත භයානක පනුමක් තියෙන එකක්. ඊට පස්සෙ දවසක මෙයා ඕක ගැන හොයනකොට ඉන්ටනෙට් එකේ එයා දකිනව සමුළුවක් මේ රූකඩ සම්බන්ධව වෙච්ච අවුරුදු 30කට කලින් භයානක සිදුවීමක් සිහිපත් කරන එකෙදි මේ රූකඩ වෙන්දේසියක් තියෙනව කියල තියෙනව ඉතින් මෙයත් සල්ලි නැතුව එරිල ඉන්න වෙලාවෙ මෙයාගෙ අලුතෙන් හම්බුන ගෑනුළමයි එයාගෙ හොදම යාළුවයි එක්ක පෝස්ට්විල් වලට රූකඩයත් අරගෙන ඊට පස්සෙ සමුළුවෙදි මොකද වෙන්නෙ මෙයාල බේරෙයිද? රූකඩ මොන වගේ භයානකද කියල කියල චිත්‍රපටිය බලලම ඉන්න තරමක් බොහෝ අයට බැලීමට අසීරු බයානක දර්ශන තියෙනව බලන්න කලින් ඒවත් කියන්න ඕනනෙ පොඩි ලමයින්ට නම් කොහොමත් බලන්න බෑ පුළුවන් උනත් එපා කියල තමයි කියන්න තියෙන්නෙ මොකද 18+ දර්ශනත් පොඩ්ඩක් විතර තියෙනව

මේ චිත්‍රපටය මේ අවුරුද්දෙ අප්‍රේල් 20 නිකුත් උන IMDb 5.8ක වගේ අගයක් ගන්න තියෙන ඊට වඩා ලැබෙන්න ඕන හොද චිත්‍රපටයක් මේකට කලින් තව කතා ගොඩක් කලින් නිකුත් වෙලා තියෙනව. Thomas Lennon හා Jenny Pellicer ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වන කාලෙකින් බලන්න හම්බෙන හොද චිත්‍රපටයක්.

මේක මගේ පළවෙනි උපසිරස ගැනිවීම කලින් කරපු ඒව ඉවර කරගන්න බැරිඋනා වැඩවලට හිර වෙලා ඉතින් මේක රෑ නිදිමරාගෙන ඉවර කරා. අඩුපාඩුනම් ඇති ඒව හිතන්නෙ නැතුව ෆිල්ම් එක එන්ජෝයි කරන්න.. ඔයාලගෙ ප්‍රතිචාරත් යටින් කමෙන්ට් වලින් කියන්නත් අමතක කරන්න එපා..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / HDRip පිටපත් සඳහා අදාළ වේ.

2,146 downloadsDownload Puppet-Master-The-Littlest-Reich-2018.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බුවනෙක ගොඩගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,146 downloadsDownload Subtitles37 KB

20 comments

  1. Asitha Jayasinghe

    සබ් එකට ස්තූතියි සහෝ! දිගටම සබ් දෙමු.................

    1. BuwanekaGodage

      ස්තූතියි සහෝදරයා... පුළුවන් හැම වෙලාවෙම එකක් දෙනව අනිවාරෙන්

  2. .comDevinda

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  3. යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි සහෝ

  4. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි බුවනෙක සහෝ.
    ජයෙන් ජය.

  5. gihan perera

    නියමයි සහෝ....උපසිරැසි යට ගොඩක් ස්තුතියි....දිගටම උපසිරැසි කරන්න වෙලාව වෙන් කරගන්න බලන්න සහෝ....දෙවි පිහිටයි...ජයක්ම වෙිවා....

  6. Kantha_DLA

    Thanks very much..........

  7. Kulanjana Maduranga

    G'luck 1st attempt saho...keep it up...

  8. Tharaka

    thanks

  9. harshani11112

    ස්තුති ගොඩගේ සහො....

  10. Lahiru Sandharuwan

    elama machan..........supiri wadak

  11. THE NEW FOLDER

    Ela Thanks bro.................

  12. nishannw

    Ela mcn suba pethum palamu upasirasiyata....digatama upasirasi karanna sakthiya lebewa

  13. chathuranga kumara

    tnkz mcn

  14. kuma.lk

    Thanks for sub...

    right click disable karapu ekanam karadarayak

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
    ඒ වගේම පලවෙනිම උපසිරැසියටත් සුබ පැතුම්.....!

  16. harsha169

    තෑන්ක්ස් සහෝ සබ් එකට...

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. AsithaDilruwan

    Ela saho thanks

  19. Nivom

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.