Watch Trailer

That’s What I Am (2011) | ජීවිතයට යමක් එකතු කරගන්න..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් ඔයාලට? ඔන්න මම තවත් ලස්සන ඉංග්‍රීසි සලරුවකට උපසිරසි නිර්මාණය කරගෙන ඔයාලත් සමඟ බෙදාහදා ගන්න ආවා. හැබැයි මේකනම් ඔයාලා නිතරම බලනවා වගේ ක්‍රියාදාම චිත්‍රපටියක් නම් නෙවේ. ඒ වුණත්, මේක ජීවිතයට හොඳ ආදර්ශයක් එක්කාසු කර ගත හැකි වගේම, අපේ ජීවිතතත් එක්ක බොහොම සමීප චිත්‍රපටියක් කීවොත් මම නිවැරදියි…

That's What I Am (2011)

කොහොමද ඉතින් ඔයාලට? ඔන්න මම තවත් ලස්සන ඉංග්‍රීසි සලරුවකට උපසිරසි නිර්මාණය කරගෙන ඔයාලත් සමඟ බෙදාහදා ගන්න ආවා. හැබැයි මේකනම් ඔයාලා නිතරම බලනවා වගේ ක්‍රියාදාම චිත්‍රපටියක් නම් නෙවේ. ඒ වුණත්, මේක ජීවිතයට හොඳ ආදර්ශයක් එක්කාසු කර ගත හැකි වගේම, අපේ ජීවිතතත් එක්ක බොහොම සමීප චිත්‍රපටියක් කීවොත් මම නිවැරදියි. IMDb චිත්‍රපට දර්ශකයේ 7.1 ක් වැනි ඉහළ අගයක් ලබාගත් මෙම චිත්‍රපටය තිරගත කරලා තියෙන්නේ 2011 අවුරුද්දේදි.

මම ඉස්සරලා කීවා චිත්‍රපටිය අපේ ජීවිතයට හුඟක් සමීපයි කියලා. ඔව්, අපි හැමෝටම ළමා කාලයක් තියෙනවා. ඒ ළමා කාලය අපි වැඩි හරියක්ම ගෙවන්නේ පාසල තුළ. අපි මේ පාසල තුළ ගෙවන ජීවිතය, කරන දේවල් අනුව තමයි අපගේ අනාගත ජීවිතය බොහොමයක් දුරට සාර්ථක වෙන්නේ. මේ කතාව යන්නේ අන්න ඒ වගේ පාසල් ළමුන් කිහිපයක් වටා. කථාවේ ප්‍රධානතම චරිතය තමයි ඇන්ඩි කියන්නේ. මොහු තමාගේ ළමා කාලය සහ, ඔහු සමඟ සිටි තම යහළුවන් කළ කී දෑ, ඔවුන්ගේ ජීවිතය පිළිබඳ ලොකු විස්තරයක් අපිට කියනවා.

ස්ටැන්ලි, එහෙමත් නැතිනම් හැමෝම හදුන්වන විදිහට බිග් ජී කියන්නේ පන්තියේ පිටිපස්සේම ඉන්න ළමයෙක්. පන්තියේ හැමෝම මෙයාට එක එක විදිහට කරදර කරනවා. ඒ එයාගේ තියන නිහතමානීකම සෙල්ලමකට අරගෙන… එයාට තියෙන්නේ තද තැඹිලි පාට ඔළුවක්. ඇඟට වඩා ලොකුයි ඔළුව. ඔළුවට වඩා ලොකුයි කන් දෙක. සාපේක්ෂව අනිත් ළමුන් අතරින් ඉතාමත් කැපී පෙනෙන, විරූපී ශරීරයක් තමයි මොහුට හිමි වුණේ. යාළුවෝ කවුරුවත් නැහැ. ස්කෝලේ පටන්ගත්ත වෙලාවේ ඉඳන් කාලය ගත කරන්නේ තනිවමයි. නමුත් ඔයාලා දන්නවාද, ස්ටැන්ලි තමයි මුළු පන්තියෙන්ම දක්ෂම සිසුවා කියලා!!

හැමෝම ස්ටැන්ලිව කොන් කරන අතරේ, ඇන්ඩි ස්ටැන්ලිට යාළුවෙක් වුණා. ඔවුන් දෙන්නා එකතු වෙලා මුළු සමාජයටම වටිනා කියන පාඩමක් උගන්වන්න සමත් වුණා..! මේ අතරේ, ඇන්ඩිගේ ළමා කාලයේ සිදුවීම් පෙළත් හරිම මිහිරියි.. ඒ අතර හුඟක්ම ආශා කරන්නේ ඔහුගේ පළවෙනි ආදරය. ඇයගේ නම මේරි ක්ලියර්… ඔවුන් දෙදෙනාගේ ආදරයත් ලස්සනට ගලා ගියා…

මේක ඉතාමත් ලස්සන කතාවක්.. ඇත්තෙන්ම ජීවිතයට යමක් එකතු කරගන්න පුළුවන් වෙන, බොහොම ආදර්ශමත් සලරුවක්. ඉතින් මට කියන්න තියන්නේ ඔයාලා බැලිය යුතුම චිත්‍රපටයක් කියලයි… හැමෝම දන්නවානේ ඉතිං ක්‍රියාදාම චිත්‍රපටි වලට වගේ මේ වගේ හොඳ චිත්‍රපටියකට වැඩි ඉල්ලුමක් එන්නේ නැහැ කියලා… ඒත්, උපසිරසි නිර්මාණය කිරීමේදී දැනෙන හිතේ සතුට නිසා තමයි මේ නිර්මාණ කරන්න පෙළඹෙන්නේ.. ඒක ඉතින් හැමෝම දන්නවානේ 🙂 🙂 ඒ නිසා මම කියන්නේ චිත්‍රපටිය බලලා, ඔයාට දෙයක් කියන්න තියේ නම්, අනිවාරෙන් මම බලාපොරොත්තු වනවා ඔයාගේ වටිනා අදහස..! එහෙනම් තවත් මේ වගේ හොඳ නිර්මාණයකින් හමුවෙන බලාපොරොත්තු ඇතිව මම නවතින්නම්…

ඔබට ජය !෴෴

That's What I Am (2011) on IMDb

 

 

651 MB (BR) කොපිය මෙතනින් බාගන්න

c80505f745e32627f7e3ca6510951abba5a4593a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,089 downloadsDownload Thats.What_.I.Am_.2011.baiscopelk.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,089 downloadsDownload Subtitles53 KB

35 comments

  1. නලින් පෙරේරා

    ස්තුතියි යෂ්මික සහෝ!.. වෙලාවක් ලැබුන ගමන් බලන්න ඕනේ.. අනිවා කියනවා නම් පට්ටම කථාවක් වෙයි වගේ..

    ජය වේවා්!

  2. Ishan

    thanx

  3. Ne Ra

    නියමම කතාවක් වගේ .
    ඒත් , torrent එක load වෙන්නෑ නේ..ඇයි?
    rlly thnx a tonne!

  4. Sach

    සබට තුති සහෝ !!!!

  5. me

    Thanks

  6. widuranga

    niyamai mcn
    thanx sub ekata

  7. කේ.යූ.ජී. උදාර

    නියමයි සහෝ..............
    සිංහල සබට බොහොම ස්තූතියි.

  8. Kulanjana Maduranga

    niayamai…thanks YASMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. GK

    Thnx for the Sub

  10. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  11. venuka

    thanks bro......

  12. chamara southern

    thanks yashmika malli...

  13. nuwan

    thank you.......!

  14. SaDuN dAnUsHkA

    ඇත්තටම ක්‍රියාදාම
    චිත්‍රපටිවලට වඩා
    මේ චිත්‍රපටි වල වෙනසක් තියෙනවා
    එල කිරි
    ඔන්න ගත්තා.....

  15. shan

    thanks machan

  16. Sajith

    Thanks for the sub

  17. chamara buddhika

    Patta film 1kne.....thanks saho...

  18. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  19. “චූටී මල්ලි”

    බැලෙයිද නම් කියන්න බෑ මචන්
    කෝම උනත් එල එකක් වගෙ
    එල සබට තුති
    ඔබට ජය..........

  20. thisal

    එල සහො අමුතුම කතාවක් තැන්ක්ස් සබ් එකට

  21. ranga

    thankas

  22. chandrasiri

    thanks

  23. chandrasiris

    thanks

  24. Tharindu

    Thank you very much...!!!

  25. දමිත්

    ස්තුතියි යශ්මික සහෝ..
    ජයෙන් ජය

  26. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  27. Thanu

    Thanku saho, ela

  28. රොයිලි

    බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  30. dinesh

    elakiri thama mcho lassanai thanks

  31. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  32. nidi

    Yashmika, issellama thank you very very much. niyama film ekak. oya subs dun filmwalin mama balapu thunweni eka. meka balanna asa hithenawa,kammelikamak denenne nehe. me wage filmsma thoragena subs denna godak fansla wenuwen.

  33. thilina

    මෙහෙමත් ගුරුවරු ඉන්නවනම් හැම ඉස්කොලෙකටම කොච්චර හොදද?

  34. podda

    niyama

    jaya !

  35. wayantha

    නියමයි සහෝ, මම නං ගොඩක්ම කැමති මේ වගේ සලරු වලට, ගොඩක් ස්තුතියි sub එකට ජය වේවා !

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.