Watch Trailer

The Breed (2006) | සුනඛයන්ගේ දිවයින. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? මෙන්න මගේ 6 වෙනි උපසිරසි නිර්මාණයත් ගෙනාවා. මේ මාසෙ මම සබ් නිර්මාණය කරන 3න්වෙනි ෆිල්ම් එක තමයි මේක. ඉතින් වෙනදා වගේම මගේ උපසිරසි ඩවුන්ලෝඩ් කරපු, කමෙන්ට් එකකින් සප් එකක් දීපු සියලුම බයිස්කෝප් රසික සහෝදරයින්ට ස්තූතිය පිරිනමනවා. මම අන්තිමට සබ් දීපු ෆිල්ම් දෙකම ටිකක් පරණ ඒවානේ. ඒත් මේ ප…

The breed (2006)

කොහොමද යාළුවනේ? මෙන්න මගේ 6 වෙනි උපසිරසි නිර්මාණයත් ගෙනාවා. මේ මාසෙ මම සබ් නිර්මාණය කරන 3න්වෙනි ෆිල්ම් එක තමයි මේක. ඉතින් වෙනදා වගේම මගේ උපසිරසි ඩවුන්ලෝඩ් කරපු, කමෙන්ට් එකකින් සප් එකක් දීපු සියලුම බයිස්කෝප් රසික සහෝදරයින්ට ස්තූතිය පිරිනමනවා. මම අන්තිමට සබ් දීපු ෆිල්ම් දෙකම ටිකක් පරණ ඒවානේ. ඒත් මේ පාර ගෙනාවෙ කාටත්ම සෙට් වෙන සුපිරි ෆිල්ම් එකක්. අනිත් දේ තමයි මේක Horror/Thriller යටතේ වර්ගීකරණය කරල තිබුණට හොල්මන් කතාවක් නෙමෙයි තියෙන්නෙ.

මෙහෙමයි කතාව, මැට් සහ ජෝන් කියන සහෝදරයො දෙන්නා එයාගෙ යාළුවො තුන් දෙනෙකුත් එක්ක සති අන්ත නිවාඩුවක් ගතකරන්න මේ දෙන්නගෙ මාමාට අයිති දූපතකට යනවා. ඒ කියන්නෙ කෙල්ලො දෙන්නයි කොල්ලො තුන් දෙනයි. ඉතින් එයාලා ගියාට පස්සෙ තමයි දැනගන්නෙ මේ දූපතේ ජාන විකෘති කරල වෙනමම නිර්මාණය කරපු ප්‍රහාරක බල්ලො ඉන්නවා කියලා. දූපතට ඇතුළු වෙන කිසිම කෙනෙකුට මේ බල්ලොන්ගෙන් බේරිලා ඉන්න ලැබෙන්නෙ නැහැ. මේ අයට වෙන්නෙත් ඒ ටිකමයි. අනිත් කාරණය තමයි මේ ඉන්න බල්ලොන්ගෙ මොළෙත් සාමාන්‍ය බල්ලොන්ට වඩා දියුණු කරල හදල තියෙනවා. සහෝදරයො දෙන්නටත් පස්සෙ තමයි මතක් වෙන්නෙ එයාලගෙ මාමා ඉඳපු කාලේ දූපතේ පැත්තක ප්‍රහාර සඳහා බල්ලන්ව පුහුණු කරන පුහුණු කඳවුරක් තිබුණු බව. එයාලට දූපතෙන් පිට වෙන්න තියෙන ඔක්කොම මාර්ගත් බල්ලො ටික එකතු වෙලා අවහිර කරලා දානවා. එතනින් එහාට මම මොකුත් කියන්නෙ නැහැ. ඉතින් මේ මිනී කන බල්ලොන්ගෙන් බේරිලා දූපතෙන් පැන ගන්න මේ පස්දෙනාටම අයිත් එන්න පුළුවන් වෙනවද කියල වගේම, එයාලා බල්ලොන්ගෙන් බේරිලා පැනගන්න මොනවද කරන්නෙ කියල බලාගන්න නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා. අනිත් දේ තමයි බල්ලොන්ට කැමති අය ඉන්නවනම් අනිවාර්යෙන්ම මේ ෆිල්ම එක බලන්නම වෙනවා. මොකද මේ ෆිල්ම් එකේ ඉන්න බල්ලො බොහොම විශේෂ වැඩ පෙන්වන බල්ලො ටිකක්. මේක මුල ඉඳල අවසාන වෙනකන්ම බොහොම කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. 5/10 රේට් එකක් තමයි ෆිල්ම් එකට ලැබිලා තියෙන්නේ.

ඉතින් මම කාටත් ආරාධනා කරනවා ෆිල්ම් එක බලනවා වගේම පහළින් කමෙන්ට් එකකුත් දාන්න කියලා. ඒ වගේම සිංහල උපසිරසි අවශ්‍ය සුපිරි ෆිල්ම් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. එතකොට මට පුළුවන් ඒ ගැනත් සලකලා බලන්න. එහෙනම් වෙනදා වගේම වැරදි තියෙනවනම් සමාවෙන්න කියල තමා කියන්න තියෙන්නෙ. තවත් උපසිරසි නිර්මාණයක් අරගෙන එනකම් කාටත් ජය වේවා!!

The Breed (2006) on IMDb

 

 

677 MB කොපිය මෙතනින් බාගන්න

5b45b9045d2099a24b90b1ce355f38e1d605b71d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,691 downloadsDownload The.Breed_.2006.baiscopelk.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/උදාර-රාජපක්ෂ..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,691 downloadsDownload Subtitles31 KB

31 comments

  1. Rasa

    Thank you yaluwa...

    1. Harsha

      niyamai

  2. DENUWAN

    ELA ELA

  3. pasindu

    thanks machan sub 1 ta man ada 2 ela ela

  4. නලින්

    ස්තුතියි උදාර සහෝ!

    ජය වේවා!

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. ඩීඩීයා

    නියමයි ........ තැන්ක්ස් හොඳේ ;) ජය වේවා

  8. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. ධනු

    එල වැඩක් මචන්.
    ලිපියෙන්ම පෙන්නලා තියෙනවා කතාවේ ස්වභාවය...
    කොහොම උනත් සුපිරි...
    තව දෙමු....ජය!

  10. කේ.යූ.ජී. උදාර

    මේක කාලෙකට කලින් බැලුවා. උපරිමයි.......... නොබලපු කෙනෙක් ඉන්නව නම් අරගෙන බලන්න.
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.......

  11. taaa

    elaz baiscope best site

  12. janaka kalu

    thanksss.. machoo

  13. sumith

    thanks ජයවේවා

  14. Kulanjana Maduranga

    niyamai....subata thanks UDARA saho....digatama sub demu.jaya wewa...........

  15. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම උපසිරැසි දෙන්න .
    :D

  16. sanka

    තන්කු අය්යා අනෙ පුලුවන්නම් මෙක සබ් කරන්නකො Saajan (1991)

  17. shan

    thanks machan

  18. sasi

    ela ela

  19. G.V.& M.C.

    nobalapu kenek ganna... suppa filuma....ekenma..

  20. Nimesh

    elaaaaazzz

  21. වරුණ රංගජිත් (වරූ)

    ආහ් අමුතු එකක් වගේ..
    ආසාාායි...
    බලමු..
    සබට තුති
    ජය

  22. Naween

    අමුතු ස්ටෝරියක් වගේ.සබ් එකට බොහොම ස්තූතියි...

  23. චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    සුපිරියි සුභපැතුම්..
    දිගටම කරගෙන යමු…
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  24. රොයිලි

    බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. “චූටී මල්ලි”

    බලු සීන් එකක් නෙ
    එලස්
    සබට තුති
    ඔබට ජය...................

  26. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    චූටි මලා එක්ක 100% එකඟයි.
    මේක නම් පට්ටම බලු සිරාම කතාවක්.
    නොබැළුවොත් ලොකු පාඩුවක්.

  27. JE

    ස්තුතියි සහෝ ;)

  28. තාරක ජයසිංහ

    මගේ ආසම ෆිල්ම් එකක් බං... සිංහල සබ් එක්ක ආයේ බලනවා....

  29. damith

    Beneath (2013) blue ray sub eka denwada

  30. Anonymous

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.