ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආවා මම බයිස්කෝප් අඩවියට තවත් සොඳුරු සිනමා සිත්තමක් අරගෙන ඔබ හමුවට. මේක මලයාලම් සිනමාපටයක්. භාෂාව මොකක් උනත් කතාව සුපිරියක් නම් අපි එතන. හරි… මුලින්ම කියන්න ඕන අපේ වීමා සහෝ තමයි මට මේ සලරුව තෝරලා දුන්නේ කරපන් කියලා. ඉතින් වීමාටත් ගොඩක් ස්තුතියි කරන ගමන් අපි හැරෙමු චිත්‍රපටිය…

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආවා මම බයිස්කෝප් අඩවියට තවත් සොඳුරු සිනමා සිත්තමක් අරගෙන ඔබ හමුවට. මේක මලයාලම් සිනමාපටයක්. භාෂාව මොකක් උනත් කතාව සුපිරියක් නම් අපි එතන. හරි… මුලින්ම කියන්න ඕන අපේ වීමා සහෝ තමයි මට මේ සලරුව තෝරලා දුන්නේ කරපන් කියලා. ඉතින් වීමාටත් ගොඩක් ස්තුතියි කරන ගමන් අපි හැරෙමු චිත්‍රපටිය දෙසට.
මම නම් මලයාලම් සිනමාව ගැන එච්චරටම දන්නේ නෑ. ඒත් මීට කලින් මලයාලම් චිත්‍රපටි දෙකකට විතර උපසිරැසි ගැන්වීමෙන් දායක වෙලා තියෙනවා වගේ මතකයි. හරි… මේක නිකුත් වෙන්නේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් විසි අට. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Phantom Praveen කියන අධ්‍යක්ෂක වරයා විසින් Manju Warrier, Mamta Mohandas, Joju George වගේ රංගන ශිල්පීන් එහෙමත් මේකට තමන්ගේ රංගන දායකත්වය සපයනවා.IMDB දර්ශකය 7.2 ක් කරකවන්න සමත් වුනු මේ චිත්‍රපටය විචාරකයින්ගේ හොඳ ඇගයීමකට ලක්වූවක්.
කතාව ගැන කියනවානම් මේක තනිකරම මවක් පාදක කරගෙන ගොඩනැගුනු සිනමා සලරුවක්. තමන්ගේ දරුවන් හොඳ උගත් පුරවැසියන් හැටියට සමාජයේ ඉහළ තලයේ සිටිනු දැකීම ඕනෑම දෙමවුපියෙකුගේ බලාපොරොත්තුවක් වගේම සිහිනයක්. ඉතින් අන්න ඒ වගේ අම්ම කෙනෙක් තමයි සුජාතා කියන්නේ. සුජාතා කර්කෂක ජීවිතයක් ගත කරන ආදර්ශමත් මවක්. සුජාතාට ඉන්නේ එකම දියණියයි. ඒ ආදී. සුජාතාගේ එකම බලාපොරොත්තුව වන්නේ ආදී එහෙමත් නැත්නම් තමන්ගේ එකම දුව කවදාහරි උගත් පුරවැසියෙක් කරලා සමාජයට දායක කරන්න. සුජාතා කියන්නේ ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් මවක්.
ඇගේ රැකියාව ගෙවල්වල වැඩකාරකම් කරන එක. ඇය තමන්ගේ දුවගේ අධ්‍යාපනයට අවශ්‍ය සියලුම මුදල් සොයාගන්නේ බොහොම අමාරුවෙන්. නමුත් සිද්දිය තමයි අම්මා විඳින දුක දුවට නොතේරෙන එක. ඇය ඉගෙනීමට කිසිම උනන්දුවක් දක්වන්නේ නෑ. පාසලේ වසරින් වසර පන්තිය අසමත් වෙන එක ඇයට පුරුද්දකට ගිහින්.
මේක ගොඩක් සංවේදී චිත්‍රපටියක්. ගොඩක් හොඳ සිනමා නිර්මාණයක් කියලා පැහැදිලිවම කියන්න පුළුවන්. බැලුවට පාඩු නෑ කියලා බය නැතුව කියන්නේ මන්දයත් අද සමාජයේද මේ වගේ අම්මලා වගේම දරුවොත් බහුලවම ඉන්නවා. මලයාලම් සිනමාවට ආදරය කරන අයට නම් මේවා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. කොහොම උනත් මගේ ලිපියනම් ලස්සන නැතුව ඇති. අඩුපාඩු ඇත්නම් සමාව අයද සිටින ගමන් මං එහෙනම් කැපෙනවා
යන්න කලින් සහෝදර උපසිරසිකරුවන්වත් මතක් කරන්න ඕන. අඩවිය සදහා ඔවුන් කරන කැපකිරීම් අනන්තයි. බයිස්කෝප් උපසිරසි කන්ඩායම වශයෙන් අපි එදත් අදත් ඔබට හොදම දේ අරගෙන එන්න තමයි සෑම විටෙකම උත්සහ කරන්නේ. ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසයට උපරිම සාදාරනයක් කරන්න අපේ කන්ඩායම ඇප කැපවී සිටිනවා. ඉතින් ඔවුන්වත් මේ වෙලාවේ සිහිපත් කර සිටින අතර මේ කාර්යය දිගින් දිගටම කරගෙන යන්න ඒ සැමටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ඉතින් නැවතත් තවත් සලරුවක් සමගින් ළඟදීම හමුවන බලාපොරොත්තුවත් මා සමුගන්නවා සැමට ජයෙන් ජය…!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD ESub පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,430 downloadsDownload Udaharanam-Sujatha-2017.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Tharaka-nuwan-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
23 comments
විදුෂාන් සජිත්
spd
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට.
මලයාලම් තමයි හොඳම...
ජයවේවා...!!!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!තරිඳු රසාංග
බොහොම ස්තුතියි සහෝ උපසිරැසිය වෙනුවෙන්.ඉස්සරහටත් තව මලයාලම් උපසිරැසි කරමු.ජය!
Dayalrw
උපසිරැසියට ගොඩක් ස්තුතියි....
RK
thnkz mchn subata....malayalam gana kiyanna deyak ne itinnn.....
malith
Ela ela
SanjulaJeter
ela
SanjulaJeter
Rangasthalam (2018)[Telugu akata SUB ona. PLZ!
Kanchaka
Thanks bro......
snak
උපසිරැසියට ගොඩක් ස්තුතියි….
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!rangika Kariyawasam
කොහෙද සහෝ හැංගුනේ.නියම ෆිලුමකට සබ දුන්නේ. දිගටම මලයාලමි සබි ඔිනා.ජයවෙිවා
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Janith Sachintha
machan kale hetiyata hodama nirmanayakata dayaka wela thiyenne ubata pin
ranga11112
උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ........
akila13
thanx for sub broh good luck
rasika84
ස්තුතියි මලයාලම් චිත්‍රපට වලට සබ් කරන හැමෝටම ජය /අනික් අයටත්
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තාරක සහෝ.
ජයෙන් ජය.ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි තාරක උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!anidithialahakoon
thnx for subtitle...
Advertisement

:-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)