Watch Trailer

Tales from Earthsea (2006) AKA Gedo senki Sinhala Subtitles | අමරණීයත්වයේ උතුම් රහස… [සිංහල උපසිරසි සමඟ]

ඇනිමේෂන් වලට කැමති යාලුවන්ට තවත් ලස්සනම ලස්සන කතාවක් අරගෙන තමයි මං අද ආවෙ .ඔයාලා මේක අනිවාර්යයෙන්ම බලන්න. මඟ හැරගන්න එපා. මොකද මේ වගේ ලස්සන, අර්ථාන්විත කතා නිකුත් වෙනවා ගොඩක් අඩු නිසා. එහෙම කියන්නෙ මේ කථාවෙ සබ් කරගෙන යනකොට මට හිතුණේ බුදු බණ පදයක් පාදක කරගෙන මේ කතාව හදලා ඇති කියලයි. සමහරවිට ජපන් නිර…

ඇනිමේෂන් වලට කැමති යාලුවන්ට තවත් ලස්සනම ලස්සන කතාවක් අරගෙන තමයි මං අද ආවෙ .ඔයාලා මේක අනිවාර්යයෙන්ම බලන්න. මඟ හැරගන්න එපා. මොකද මේ වගේ ලස්සන, අර්ථාන්විත කතා නිකුත් වෙනවා ගොඩක් අඩු නිසා. එහෙම කියන්නෙ මේ කථාවෙ සබ් කරගෙන යනකොට මට හිතුණේ බුදු බණ පදයක් පාදක කරගෙන මේ කතාව හදලා ඇති කියලයි. සමහරවිට ජපන් නිර්මාණයක් හින්දා එයාලා මේකට ඒ වගේ අදහසක් දෙන්න උත්සාහ කරන්න ඇති . ඒත් පුදුමෙ කියන්නෙ මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ ඇමරිකානු ජාතික ලේඛිකාවක වන Ursula K. Le Guin ගේ Tales from Earthsea කියන පොත. මොන ජාතියක මොන ආගමක කෙනෙක් උනත් ඇයගෙ මේ නිර්මාණය ඇත්තටම අගය කළයුතු වටිනා එකක්. ඒ වගේමයි මේකෙ අධ්‍යක්ෂක වරයා වන Gorō Miyazaki මහතාත් අගනා කර්තව්‍යක් සිදු කරලා තියනවා .මෙය රචනා කිරීමේදී කලින් සඳහන් කරපු Ursula K. Le Guin , Gorō Miyazaki සහ Keiko Niwa, Hayao Miyazaki දායක වෙලා තියනවා . නිෂ්පාදනය Toshio Suzuki සහ Tomohiko Ishii දෙපළගේ. Animation එකක් නිසා රංගන ශිල්පියො නැති උනත් Bunta Sugawara, Junichi Okada , Aoi Teshima, Yuko Tanaka සහ Jun Fubuki වැනි විශිෂ්ඨ ශිල්පීන්ගේ හඩින් හඬගැන්වී ඇති බැවින් කතාව තවත් ආකර්ෂණීය වෙලා තියනවා. ඒනිසාම මෙය Asian Film Awards (2007) හිදී Best Composer සඳහාද, Awards of the Japanese Academy (2007) හිදී Best Animation Film සඳහාද International Film Music Critics Award (IFMCA) (2008) හිදී Best Original Score for an Animated Film සඳහාද නාමයෝජනා අතරට පැමිණ තිබෙනවා .2006 ජූලි 29 වන දින ජපන් බසින් ප්‍රදර්ශනය ආරම්භ කර ඇති Gedo Senki සඳහා ඇ.ඩො. මිලියන 22ක වියදමක් දරා ඇති අතර ආදායම ලෙස ඇ.ඩො. මිලියන 68.5කට වඩා මුදලක් බොක්ස් ඔෆිස් වාර්තා අතරට ගොස් තිබෙනවා. විනාඩි 113ක් පුරා නොනවත්වා රස විඳිය හැකි මෙය Animation, Adventure, Fantasy ඛාණ්ඩ වලට අයත් වන අතර IMDb දර්ශකයේ මේ දක්වා 6.5 ක අගයක් පවත්වා ගැනීමට සමත් වෙලා තියනවා.

ඉතිං අපි කතාව ගැන ටිකක් බැලුවොත්, ආරෙන් කියන්නෙ රජ කුමාරයෙක්. යම් හේතුවක් නිසා ඔහු රජ මාලිගයෙන් පළා යනවා (හේතුව කතාවෙ තියනවා.) ඒ කාලෙ වෙනකොට එම රාජධානිය විවිධ විපත් වලට ගොදුරු වෙනවා. ඒ කියන්නෙ අයහපත් කාළගුණය, නියඟය, රටේ ප්‍රධාන ආදායම් මාර්ග වන ගොවිතැන සහ පශු සම්පත් හඳුනා නොගත් ලෙඩ රෝග වලට ගොදුරු වීම වගේ දේවල්. ඉතිං මේ දේවල් වලට හේතු සහ පිළියම් සෙවීමට මායාකරුවන් හා පඬිවරුන් සෑම ප්‍රදේශයකටම පිටත් කර හරිනවා. මේ අතර කළාතුරකින් දකින්නට ලැබෙන මකරුන් දර්ශනය වෙන්න පටන් ගන්නවා. එයින් සැළකෙන්නේ රටට බොහෝ අසුභ කාලයක් උදාවී ඇති බවයි. ඒ අතරම රටේ ප්‍රධාන මන්ත්‍රාචාර්‍ය වරයාද විසඳුමක් සොයා පිටත් වෙනවා.

එම ගමනේදී ඔහුට ආරෙන්ව මුණගැසෙනවා. ඉන්පසු ඔවුන් තම තමාට පෞද්ගලික වූ හා පොදුවූ විසඳුම් සොයාගෙන පිටත් වෙනවා. කුතුහලය, ත්‍රාසය, ආදරය වැනි බොහෝ කාරණා පිරී ඇති මොවුන්ට කෝබ් නම් තවත් බලවත් මායාකරුවෙක් මුණගැසෙනවා. ඉතිං ඔවුන්ගේ සම්බන්ධය මොකක්ද, රටේ සිදුවෙන විනාශයන්ට හේතු මොනවාද, අවසානයේ ඔවුන්ට සිදුවන්නේ කුමක්ද යන කාරණා දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. දෙයක් කියන්න ඕනෙ ,මේකෙ ඉන්න කෝබ් කාන්තාවක් නෙමෙයි, පිරිමියෙක්. ඉතිං එකදිගට බලන්න පුලුවන් කතාවක් තමයි මේක. හදිසියට මේක ලියන්නෙ. බාරගත්ත තව සබ් එකක් කරන්න තියෙන නිසා. ඔයාලා බලලා කොහොමද කියල කියන්නකො.

එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙන තුරු ගිහින් එන්නම්. ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,924 downloadsDownload Tales-from-Earthsea-2006-AKA-Gedo-senki.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,924 downloadsDownload Subtitles38 KB

24 comments

  1. Sanath Indika

    thx broo

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. geeganagamage

    බොහොම ස්තුතියි

  4. Udara Damith Dissanayaka

    එල
    මේ දවස්වල වෙන දෙයක් නේද ගංවතුර එහෙම ගැලැපෙන එකක්ම ඩිලා එල

  5. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. Pradeep Pasqual

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

  8. AsithaDilruwan

    ela ela saho thanks

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. kaweesha kalyana

    thanx for sub.

  11. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  12. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  13. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  14. saduhiru1

    උපසිරැසියට ස්තූතියි සහෝ…

  15. ranga11112

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. Chanu mikhail

    thank bro, thawa anime demu ..!!!

  18. SP

    Thnq.

  19. SanjulaJeter

    Thanks

  20. Haashan Dhanushka

    thnxxxxx

  21. Nadeesha rox alahakoon

    Tnx bto. Ft animation akak a aran balanda one

  22. IreshSampath

    thanks

  23. Amalka Himeshan

    තැන්ක්ස් සබ් එකට

  24. Pavith Wijesooriya

    ගොඩක් ලස්සන ඇනිමේ එකක් මේක.ස්තූතියි අයියේ සබ් එකට...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.