Watch Trailer

The King (2017) with Sinhala Subtitles | රජෙක් වගේ ජීවත් වෙන්න නම්. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න මම අදත් අරගෙන ආවෙ වෙනද වගේම කොරියානු චිත්‍රපටියක් තමයි. මේක නම් බොක්ස් ඔෆිස් වාර්තා තියපු 83% ක තක්කාලි අගයක් ගත්තු ඇ.ඩො මිලියන 38.7 ක ආදායමක් උපයපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ මැර බලය,දේශපාලනය,දූෂණයට පත් වුණු නීතිය සහ මිත්‍රත්වය යන දේවල් මනාව පෙන්නුම් කරල තියෙනවා. ඒ වගේම මේ චිත්‍ර…

 

ආයුබෝවන්!

ඔන්න මම අදත් අරගෙන ආවෙ වෙනද වගේම කොරියානු චිත්‍රපටියක් තමයි. මේක නම් බොක්ස් ඔෆිස් වාර්තා තියපු 83% ක තක්කාලි අගයක් ගත්තු ඇ.ඩො මිලියන 38.7 ක ආදායමක් උපයපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ මැර බලය,දේශපාලනය,දූෂණයට පත් වුණු නීතිය සහ මිත්‍රත්වය යන දේවල් මනාව පෙන්නුම් කරල තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටියෙ එක තැනක ”පාතාලයට එරෙහිව යුද්ධය” කියලා පනතක් ගැන සඳහන්වෙනවා. ඇත්තටම දකුණු කොරියාවෙ ඒකටත් 2012 දි චිත්‍රපටියක් ගහලයි තියෙන්නෙ.

2012 ”Nameless gangster” කියන ඒ චිත්‍රපටියටත් මමම උපසැරසි දීලා තියෙනවා. ඒකත් බලන්න.ඒකාලේ වුණ ඇත්ත සිඳු වීම් සම්බන්ධ කරගෙනම තමයි මේ චිත්‍රපටියත් කරල තියෙන්නෙ. මේ චිත්‍රපටිය 2017 ජනවාරි 18 තමයි තිරගත වුණේ. crime/drama ගණයට වැටිල තියෙන මේ චිත්‍රපටියෙ මමත් කැමති නළුවො දෙන්නෙක් තමයි ඉන්නෙ.

පාක් ටේ සූ(Jo In-sung #dirty carnival) කියන්නෙ ගමක හැදෙන කොල්ලෙක්. තාත්තා හොරකමේ යනවා.මැරකම් කරනවා. තාත්තට වෙන සම්බන්ධයක් තිබුණ නිසා අම්මා පැනල ගිහිල්ලා. ඉතින් මූ ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ නෑ. තාත්තා වගේම චණ්ඩිකම්ම කර කර ඉන්නවා. මූ දවසක් ගෙදර යනකොට මිනිහෙක් තාත්තට ගහනවා. මේ මිනිහව ලේසියෙන්ම පරද්දන්න පුළුවන් තාත්තා ගහන්න එපා කියල වැඳ වැටෙනව දැක්කම මුට හිතෙනවා ඒ තමයි ඇත්තම බලය කියලා. ඒ ගහන මිනිහා අභිචෝදකයෙක්.

එදා තීරණය කරනවා මමත් අභිචෝදකයෙක් වෙන්න ඕනෙ කියලා. ඒත් කවදාවත් පොතක් අතින් අල්ලල නෑනෙ. පාඩම් කරන්න බෑ. ඒත් ක්ලබ් වලදි, වලි වලදි, සද්ද බද්ද ඇහෙන තැන්වල මුට පාඩම් කරන්න පුළුවන් වෙනවා. පන්තියෙ අන්තිම වුණ මූ පන්තියෙ පළවෙනියා වෙනවා. ඉස්කෝලෙන් පස්සෙ විශ්ව විද්‍යාලෙටත් තේරෙනවා. කොහොම හරි අධිකරණ විභාගෙත් පාස් වෙලා අභිචෝදකත් වෙනවා. හොඳ තැනකින් කසාදෙකුත් කරගන්නවා. ඒත් හැමදාම නඩු ගැන බලන්න විතරයි තියෙන්නෙ. ඒක කම්මැලි ජීවිතයක් වෙනවා. එතකොටම මේ පාක් ටේ සූට නඩුවක් හම්බෙනවා.. ඉස්කෝලෙ ගුරෙක් කෙල්ලෙක්ට අතවර කරපු සිද්ධියක්.. මේ ගුරා හෙණ සල්ලිකාරයෙක්ගෙ පුතෙක්.. ඒ හින්දා කවුරුත් උන්ට මොකුත් කියන් නෑ. ඉස්කෝලෙනුත් ගන්නෙ ගුරාගෙ පැත්ත.ළමය දුප්පත් නිසා කරන්න දෙයක් නෑ. ඉතින් ටේ සූ මූව අල්ල ගන්නවා. අල්ලලා හිරේ දාන්න ලෑස්ති වෙනකොට යන්ග් දොන් චුල් (Bae Sung-woo) කියන ජේෂ්ඨ අභිචෝදකයෙක් ඇවිත් මෙයාව හම්බෙනවා. පස්සෙ එක තැනකට එක්කගෙන ගිහින් වීඩියෝ එකක් පෙන්නලා සුරංගනා කතා ගොඩක් කියලා මෙයාව අල්ලගන්නවා.. ඒ නඩුව අත ඇරලා ඒ අයත් එක්ක එකතු වෙලා ලස්සන ජීවිතයක් ගත කරන්න කතා කරනවා. ටේ සූටත් ඕනෙ වුනේ රජෙක් වගේ ජීවත් වෙන්න.ඒත් දැන් මේ නඩු කිය කිය ගෙවන ජීවිතෙන් ඒක කරන්න බැරි නිසා මූ දූෂණයෙන් පිරුණු ලෝකෙකට එකතු වෙනවා.  tv එකෙන් විතරක් දැකපු හන් කන්ග් සික් කියන ප්‍රධානියත් එක්ක(Jung Woo-sung #asura) එකට වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. මේ අය කරන්නෙ ජනාධිපතිවරණයක් එනකොට දිනන පැත්ත තෝරගෙන දිනන්න උදව් කරන එක. අනිත් පැත්තෙ උන්ට මැර කල්ලිත් එක්ක එකතු වෙලා තර්ජනය කරන එක. අල්ලස් දූෂණ වංචා හැම දේකටම මේ පාක් ටේ සූත් සම්බන්ධ වෙනවා. මෙයාල හවුල් වෙලා ඉන්න මැර කල්ලියෙ උප නායකකම තියෙන්නෙ පාක් ටෙසූගෙ ගමෙන්ම ආපු උගෙම යාළුවෙක් වෙන චොයි දූ ඉල්ට..මැර කල්ලියෙ නායකයා ටේ සූගෙ ප්‍රධානියට උදව් කරද්දි චොයි දූ ඉල් ටේසූට උදව් කරනවා. ටෙසූට මොනව හරි ජරා වැඩක් කරන්න ඕනෙ වුණාම දූ ඉල්ට තමයි කියන්නෙ. මේ හැමෝම මෙහෙම දූෂිත ජීවිත ගත කරගෙන යද්දි එක තැනකදි මේ හවුල් සේරම බිඳිලා යනවා…

ඕක තමයි සාරාංශෙ..ඉතින් ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්න.දේශපාලන අපරාද සහිත දැවැන්ත චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්.එහෙනම් අදට ගිහින් එන්නම් තවත් වෙනස්ම චිත්‍රපටියක් අරගෙන..

බුදු සරණයි!

 

Part-time Spy (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.King.2017.720p.WEB-DL.H264.AAC-FILMKU.mkv

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,406 downloadsDownload The.King_.2017.720p.WEB-DL.H264.AAC-FILMKU.mkv.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,406 downloadsDownload Subtitles58 KB

21 comments

  1. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  2. Wolwerine.

    Thanks for sub!

  3. Himashi Fernando

    Suddenly Seventeen 2016 , Scandal Makers 2008
    බොහොම ස්තුතියි අනේ මේ දෙකටත් සිංහල Sub කරලා දෙන්නකෝ.

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ.
    ජය වේවා!

  6. Chami.S

    Thanks...

  7. Sajith Thilakarathne

    Kohomada meka gnne

  8. Jack

    නියමයි මචෝ...
    අනිවා බෑලීමක් තමයි..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය....

    1. chamalkalum

      එල..

  9. widuranga

    elz broooooooo

  10. kumara

    බෝහෝම ස්තූතියි සබ් එකට. දිගටම සබ් දෙමු. අපි වෙනුවෙන් කරන මේ සේවයට ගොඩාක් පිං.

  11. අසිත

    elama saho thanks

  12. muditha

    tnz saho. puluwannan bounty hunters 2016 korean movie ekatath sub dendo.

    1. chamalkalum

      ඒක දීලා තියෙන්නෙ සහෝ.

  13. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  14. Amila.

    Torrent එකක්හොයාගන්න බෑනෙ

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Chamu

    Thx sub ekata .puluwannam Phantom Detective 2016 korean film ekata sub dennako.oya eka baluworh aniwa sub denawa.wenasma film ekak

    1. chamalkalum

      Eka man baluwa.. issarahata dennamko...

  17. oshanda

    ane saho meka extract wenne nene... extract karapu kenek mata ewannako

  18. oshanda

    බෝහෝම ස්තූතියි සබ් එකට. දිගටම සබ් දෙමු. අපි වෙනුවෙන් කරන මේ සේවයට ගොඩාක් පිං.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.