Watch Trailer

The Man From Nowhere (2010) – Sinhala Subtitles | ලොවක් අහිමි මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න යාළුවනේ මම මගේ තුන්වෙනි උපසිරසි ගැන්වීමත් අවසන් කළා. පළවෙනි චිත්‍රපටි දෙක වගේම මේකත් ජනප්‍රිය කොරියානු චිත්‍රපටයක්. මේකේ ජනප්‍රිය වීම කොතරම්ද කියනවානම් චිත්‍රපටය තිරගතවීම ආරම්භ කල මුල් සති අන්තෙම ටිකට්පත් 712,840 ක අලවියක් වාර්තා කළා. ඒ විතරක් නෙවෙයි සති 5ක් තිස්සේ එක දිගටම බොක්ස් ඔෆීස් (…

The Man from Nowhere (2010)ඔන්න යාළුවනේ මම මගේ තුන්වෙනි උපසිරසි ගැන්වීමත් අවසන් කළා. පළවෙනි චිත්‍රපටි දෙක වගේම මේකත් ජනප්‍රිය කොරියානු චිත්‍රපටයක්. මේකේ ජනප්‍රිය වීම කොතරම්ද කියනවානම් චිත්‍රපටය තිරගතවීම ආරම්භ කල මුල් සති අන්තෙම ටිකට්පත් 712,840 ක අලවියක් වාර්තා කළා. ඒ විතරක් නෙවෙයි සති 5ක් තිස්සේ එක දිගටම බොක්ස් ඔෆීස් (Box office) සටහනේ මුල් තැන ගන්නත් හැකිවුනා. චිත්‍රපටය 2010 දී තිරගත වීම අවසන් කරනවිට ටිකට්පත් 6,228,300 ක් අලවි වී තිබුනා. මේ චිත්‍රපටය IMDb අගය 7.8 ක් ලෙස ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගෙන තියෙනවා. Ajeossi (아 저씨) තමයි මේකේ කොරියානු තේමාව. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Jeong-Beom Lee කියන කොරියානු අධ්‍යක්ෂකවරයයි. විවිධ සම්මාන උළෙලවල් වලදී හොඳම නළුවා ඇතුළු සම්මාන රාශියකටද මේ චිත්‍රපටය පාත්‍ර වී තියෙනවා.

උකස් බඩු කඩයක් දමාගෙන රහස් ජීවිතයක් ගතකරන හිටපු විශේෂ බලකා නියෝජිතයෙක් වන චා ටේ-සික් (CHA Tae-shik) ගේ පිටස්තර සමාජයත් එක්ක තියෙන එකම සම්බන්ධය වෙන්නේ සෝ-මි (So-Mi) කියන පුංචි ගැහැණු ළමයෙක්. ඇය ඔහුගේ අසල්වාසී දැරියක්. ඇගේ මව හ්යු-ජොන්ග් (Hyo-jeong) වැඩකරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් සමඟ. හ්යු-ජොන්ග් දිනක් මත්ද්‍රවය තොගයක් හොරෙන් ගේනවා තමන්ගේ ප්‍රධානීයාටවත් නොදන්වා. ඉතින් ජාවාරම්කාරයෝ ඇයගේ මේ හොරකම දැනගෙන ඇවිත් ඇයවත් ඇගේ දියණියව සෝ-මි වත් පැහැරගෙන යනවා. ජාවාරම් කල්ලිය චා ටේ-සික්ට පොරොන්දු වෙනවා ඔවුන් වෙනුවෙන් එක ගනුදෙනුවක් කලොත් ඒ දෙන්නා නිදහස් කරන බවට. නමුත් එය ජාවාරම්කාරයින් ඔවුන්ගේ ප්‍රධානියෙක්ව නැති කිරීමට කළ කුමන්ත්‍රණයක් බව පසුව ඔහුට දැනගන්න ලැබෙනවා. ඔහුට දුන් වාහනයේ පසුපස තිබිල හ්යු-ජොන්ග් ගේ සියළු අවයව ඉවත්කළ මළ සිරුර ඔහුට හමුවෙනවා. එයින් ඔහුට තේරුම් යනවා සෝ-මි ගේ ජීවිතයත් අනතුරේ බව. ඉතින් ඔහු තමන්ගේ ජීවිතය පරදුවට තියලා තමන්ගේ එකම හිතවතිය වන සෝ-මි ව බේරගන්න වෙහෙසනවා. සෝ-මි ගේ මවව මැරුවේ චා ටේ-සික් කියලා සැක කරන රහස් පොලිසිය ඔහුව හඹායනවා. රහස් පොලිසියෙනුත්, ජාවාරම් කාරයින්ගේනුත් ගැලවී චා ටේ-සික් ට සෝ-මි ව බේරගන්න හැකිවේවිද? මේ අතර සෝ-මි ගේ ඉරණම කුමක් වේවිද?

අවවාදයයි!
සංවේදී දර්ශන ඇතුලත් බැවින් එවන් දර්ශන නැරැඹීමට නොහැකි කුඩා දරුවන් හෝ හදවත් රෝගීන් හෝ යම් අයෙක් වේ නම් මෙම චිත්‍රපටයේ එන එවන් දර්ශන නැරඹීමෙන් වලකින්න….

Due to copyright issues, we do not provide any torrent links.

2,182 downloadsDownload The.Man_.From_.Nowhere.2010.zip167 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/දිනුක-මධුශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුක මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,182 downloadsDownload Subtitles167 KB

62 comments

  1. lk

    PATTAMA FILM AKAK WAGEY

  2. ccnp

    Thanks

  3. elakiri

    එළකිරි මචං මේක නම් සුපිරි ෆිල්ම් එකක්

  4. chami

    jaya wewa!thnxxxxxxxxxx

  5. ositha

    thnx

  6. lasanatha!!!!!!

    maxxa maxxxaaa machan

  7. mihin ලංකා

    නියමයි තවත් කොරියන් ෆිල්ම්ස් සබ් දෙන්න.ජය

  8. tharanga

    මේක මම ඉස්සරම ආපු කාලේ බැලුවා.,පට්ටම ෆිල්ම් එකක්, සබ් එක්ක ආයේ බලනවා, තව සබ් දෙන්න ලැබේවා! ජය වේවා !!!!!!!

  9. එරංග

    එලස් බාමි ජය

  10. quik

    thanks

  11. wow

    wow...maru :D

  12. ganidu

    තෑන්ක්ස් වේවා!

  13. hh

    elakiri kolloo thawtah subs denna,, jaya

  14. thusitha

    thQ so much bro

  15. zumo man

    elazzzzz thnxzzzzzz

  16. was

    පට්ට සහෝ තවත් ලස්සන කොරියන් ෆිල්ම්ස් ගෙන්න ලැබේවා! ඔයා කොරියන් ෆිල්ම්ස් විතරනේ දෙන්නේ හේවා හින්දි විතරක් දෙනවා වගේ. මැක්සා :)

  17. Dilan-

    supiri :D

  18. naleen

    thawath koriya awa denna machan

  19. ishara

    maxxa wadak all the best

  20. kalinga

    නියම කතාවක් වගේ බලන්නම්. තුති

  21. chethiya

    නියමයි යාළුවා ස්තුතියි ඔබට මේ බදු නිර්මාණ අපවෙත ගෙන එනවාට

  22. uda

    අනිවා සහෝ, ලිපිය දැක්කම මොකද්ද දන්නවද මතක් වුණේ? The Safe (2012) චිත්‍රපටිය! සෑහෙන දුරට සමානකම් තියෙනවා වගේ නේද? කොහොමත් ඒකත් කොරියන් එකක කොපියක් වගේ තමා මට මතක! ඉතිං සමානකම් නොතිබෙන්ඩ බෑනේ එතකොට!

    'අනිවා බලනවා සහෝ!' කියලා කියන්ඩ ඕනෙකම තිබුණත් මේ යන යෑමට බලන්ඩ හිතන්ඩ වෙන්නෙත් ලබන අවුරුද්ද දිහාවට තමා. ඒක නිසා අමතක වේද දන්නෙත් නෑ :( කමක් නෑ බැලිය යුතු ගොඩට එක්කරගන්නම්කෝ. අඩු කොපියක් ලැබීමේ වාසිය නොසලකා හරින්ඩත් බෑනේ :D

    නියමයි කොල්ලා. තව ඕනෙ... දෙනවනේ..? ජය!

  23. සමීර කරුණාරත්න

    දිනුක මචෝ උඹ නම් කොරියන් කිං කෙනෙක් වෙන්න වගේ යන්නෙ... ඔහොම දිගටම කරගෙන යමු කොරියාවෙන එන්න ඉස්සරවෙලා උඹට කියල උපසිරැස අරගෙන යන කලක් ඒවි... බොහොම් ස්තුතියි සහෝ තුන්වෙනි උපසිරැසට... :D

  24. කැලුම් ගුණසේකර

    ස්තුතියි දිනුක සහෝ.

  25. Maduranfa

    Thanx a lot....bro.....

  26. mudiya / මුදියා

    අපේ දිනූක සහෝ ආයෙත් ඇවිල්ල තියෙන්නෙ සුපිරිම කොරියන් එකකින්.නියමයි මචං.ජයවේවා.බොහෝ................................ම ස්තූතියි...!

  27. jack

    නියමයි මචන් මේ වගේ ඒවා තව දෙන්න ජය වේවා

  28. pradeep nilanga

    thanxxxx

  29. දිනුක මධුශාන්

    බොහොම ස්තුතියි හැමෝටම,මේ විදිහට comment දානකොට තව තව සබ් දෙන්න හිතෙනවා;)... අනිවා දිගටම සබ් දෙන්නම්.. ජය.

  30. “චූටී මල්ලි”

    එල එල මචන් දිගටම කොරියන් එව්වටම දෙන්න
    මේ සබට තෑන්ක්ස් හොදේ

  31. danushka

    niyama film ekak macho....thanks...

  32. Gayan

    Dan meke baluwe, aththatama hodama movie akak. hamoma balanna.

    thank u ............

  33. me

    Thanks

  34. SHENAL

    THANKS DUNUKA

  35. ශාන් විමුක්ති [වීමා]

    පහරක්නෙ මචං ලොවෙත් නෑ ;)

  36. නලියා

    ස්තුතියි දිනුක සහෝ..

    ජය වේවා

  37. dulo

    Maxxxa filam ekak macho, kiyala wedak ne. me wage film thamai machanla api balanna one.thanks meka sub karatai select karatai..jaya wewa

  38. sura

    thaks machan

  39. dev

    ela ela patta katawak wage bohoma stuti saho...

  40. dimuthu තරංග ඉලුක්කුඹුර

    නියමයි නියමයි සහෝ,ඉක්මනින්ම තව එකක් අරන් එන්න ලැබේවා,ජයවේවා.

  41. lakmal

    balamuko balama :)

  42. රාම් රාජ්

    ස්තූතියි.

  43. රොයිලි

    බොහොම ස්තූතියි දිනුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. Uraj Deemantha

    හෆ්ෆා භය හිතෙන කතාවක් වගේ......

  45. දිදුල Kd සිල්වා

    කොරියන් ඒව කොහොමත් මැක්සා... ;) ජය වේවා෴

  46. sameera

    හොදයි යාලුවා ජය වේවා

  47. Lahiru

    සුපිරි ක්‍රියාදාම කතාවක්...පට්ට පට පට තමය්..මේකේ සිංහල වචන වගයකුත් අහනවනේ..ලංකාවේ හාදයෙක් වගේ..

  48. දිනුක මධුශාන්

    බොහොම ස්තුතියි හැමෝගෙම අදහස් වලට.. මගේ හතරවෙනි උපසිරසි සටහනත් ළඟදීම දෙන්නම්, ජයවේවා!

  49. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  50. namika

    නියම බයිස්කෝප් එකක් යාලුවේ..
    ජයම වේවා!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.