Watch Trailer

Suburban Commando (1991) – Sinhala Subtitles | නගරාසන්න කමාන්ඩෝ භටයා [සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න යාලුවනේ මම මගේ 19 වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. දරුවන් වෙනුවෙන් ගෙනා හයවන (6 වෙනි) නිර්මාණය. ටිකක් සිනාවෙන්න පුළුවන් කතාවක් මේක. මේක IMDb වල ලකුණු 3.8ක් ගන්න සමත් වෙලා තියෙනවා, ලකුණු ටිකක් අඩු උනත් කතාව කම්මැලියක් නැතිව බලන් ඉන්න පුළුවන් බව කියන්න ඕනි. අපි දැන් කතාව ගැන බලමු, ස…

Suburban Commando (1991)

ඔන්න යාලුවනේ මම මගේ 19 වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. දරුවන් වෙනුවෙන් ගෙනා හයවන (6 වෙනි) නිර්මාණය. ටිකක් සිනාවෙන්න පුළුවන් කතාවක් මේක. මේක IMDb වල ලකුණු 3.8ක් ගන්න සමත් වෙලා තියෙනවා, ලකුණු ටිකක් අඩු උනත් කතාව කම්මැලියක් නැතිව බලන් ඉන්න පුළුවන් බව කියන්න ඕනි.

අපි දැන් කතාව ගැන බලමු, සුයිටර් කියල පිටසක්වල ජීවියෙක් ඉන්නවා ඔහු කරන්නේ මන්දාකිනියේ තියෙන ජිවින්ට සුදුසු ලෝකයන් සටන් කර යටත් කරමින් ඔහුගේ පාලනයට ගැනීමයි. කතාව පටන් ගන්නේ ඔහු සතරවෙනි ලොවත් ග්‍රහණයට අසු කර ගැනීමත් සමගයි. නමුත් එම මොහොතේ එන ස්හිප් නොහොත් රැම්සේ නැමැති රණශුරයා සුයිටර්ගේ යානය පුපුරා විනාස කරනවා. ඉන් පසු එයින් එලියට එන ස්හිප් කුඩා යානයකින් යනවිට ඔහු විසින්ම ඔහුගේ යානයට කර ගන්නා මෝඩ වැඩක් නිසා අපේ ලොවට එන්න සිදුවෙනවා. ඔහුගේ යානයේ තිබෙන බලශක්ති කොන්සෝලය නැවත ආරෝපණය කර ගැනීමට. නමුත් ආරෝපණය කිරීම සියයට 0.01 වඩා ඉහලින් එපා කියලයි ඔහුට උපදෙස් ලැබෙන්නේ. ඔහු අපේ ලොවට කැමති නැති උනත් කරන්න දෙයක් නැති නිසා පෘතුවියට පැමිණෙනවා. ඇවිත් චාර්ලි නමැති පෘතුවි වැසියාගේ ගෙදර කුලියට නැවතෙනවා. නමුත් චාර්ලි දිනක් ස්හිප් පසුපසින් පැමිණ යානය දැක එහි තියෙන ලේසර් තුවක්කුවක් බලගැන්වීම මත සියල්ල වෙනස් වෙනවා. එම නිසා ඔහුගේ යානයේ තියෙන බලශක්ති කොන්සෝලය නැවත ආරෝපණය කරගෙන කරදරයක් නැතිව අපේ ලොවෙන් යන්න ලැබෙයිද? එදා සුයිටර්ගේ යානය විනාස කිරීම නිසා ඇත්තටම සුයිටර් මියගියාද? නැත්නම් ජිවත් වෙනවද? චාර්ලි නොදැනුවත් කමින් පණගන්වන ලේසර් තුවක්කුව නිසා ස්හිප්ව හොයාගෙන එන මිනිසුන් නිසා අපේ ලොවත් කරදරයේ වැටී පිටසක්වලයන්ගේ ග්‍රහණයට හසුවෙයිද? නැත්නම් ස්හිප් අපේ ලොවත් බේරාගෙන කරදරයකින් තොරව ඔහුගේ ලොවට යයිද? මේ සියල්ල දැනගැනීමට ඔබත් කැමතිනම් මේ කතාව අරන් බලන්න. යන්න කලින් ඔයාලගේ අදහසුත් පහලින් ලියා යන්න.

සැ.යු: පිලිවෙනින් හොදට සීඩ් තියෙන්නේ 1.5 GB සහ 1.6 GB සහ 700 MBවේ. නමුත් ඔයාල ඔක්කොම 700 MB ගන්න උත්සහ කලොත් ඒකෙ සීඩ් වැඩිවෙයි. ඔයාල දන්නවනේ ගන්න ප්‍රමාණය වැඩිවෙන්න වැඩිවෙන්න සහ ඔයාල එය අරන් ටිකක් සීඩ් වෙන්න දාල තියෙනවනම් සීඩ් වැඩිවෙනවා කියල. අනිත් අයටත් ගන්න පහසු වෙන්න ටිකක් සීඩ් වෙන්න දෙන්න. (1.6 GB තියෙන ෆිල්ම් එක වෙන භාෂාවකින් හඬ කවා ඇත). ස්තුතියි!

Due to copyright issues, we do not provide any torrent links.

556 downloadsDownload Suburban.Commando.1991.zip127 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

556 downloadsDownload Subtitles127 KB

23 comments

  1. LAKCHAN

    THANX MACHAN .....................

  2. priyan

    අඩේ.. මේකෙ ඉන්නේ අර රෙස්ලින් බුවා නේද? ෆිල්ම් එක බෑවෙන්න දැම්මා. සබ් එක ගන්න එන්ම්කෝ ආයේ. :)

  3. widula

    mamath nam wediya rating passe yanne ne. rating netthi mara lassana film apita ahuwennethiwa thiyanawa. mekath e wage ekak wenna ona. bohoma sthuthiy dhimuthu.

  4. chandima

    Maxxxaa

  5. lk

    Ela ela ela machan

  6. dilan

    Tux saho

  7. “චූටී මල්ලි”

    එල එල සහෝ
    තවත් ලස්සන ෆිල්ම්ස් වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා කියලා පතනවා

    The X Files I Want to Believe
    මෙන්න මේකට හැකිනම් දෙන්න බලන්නකො

  8. mudiya / මුදියා

    නියමයිනෙ දිමුතු.හිනා වෙන්න පුළුවන් එච්චරයි.මං 700 MB බාන්න දැම්මා.කට්ටියම බාන්න හොඳේ.තව හොඳ හොඳ ඒවා අපිට ගේන්නකො.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!

  9. ශාන් විමුක්ති [වීමා]

    නියමයි මචං එල පහරක්නෙ මේක :)

  10. naleen

    thanks

  11. pubudusupun

    ස්තුතියි සහෝ. මමත් මේක බාගන්නම් :D

  12. සමීර කරුණාරත්න

    IMDB දර්ශකය හැම වෙලාවෙම සාදාරන වෙලා නැහැ කලා නිර්මාණ වලට...
    මම හිතනව මේකත් ඒ වගේ අවස්ථාවක් කියල. බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.

  13. නලියා

    ස්තුතියි දිමුත් සහෝ..

    ජය වේවා

  14. sura

    ela machan

  15. lakmal

    elz balanna oni mekat....:)

  16. රාම් රාජ්

    ස්තූතියි.

  17. uda

    රේටින්ග් කියන්නෙ එක මිම්මක් විතරයිනෙ! රේට් වලින් හැම එකම මනින්ඩත් බෑ... අනික මේ රේට් සිනමා රසිකයො ලබා දීපුවා මිස සිනමා විචාරකයෝවත්, සිනමා විශාරදයොවත් දීපුවා නෙමේ. එහෙම අයගෙන් ලැබෙද්දි මේ අඩුම එකකට මීට බොහෝ ඉහළ ලකුණු ලැබෙන්ඩත් බැරි නෑ ඇතැම් විටක. ඒක නිසා රේට් පස්සෙම යන එකනම් එච්චරම හොද වැඩක් නෙමේ තමා!

    අර කිව්වත් වගේ රේට් නැති කොච්චර අනර්ග සිනමාපට අපටත් හමුවෙලා තියේද නේ...? "හැමදේම හැමදේටම අදාල කර නොගත යුතුයි" කියල මතක තියාගෙන ඉන්න එක කෝකටත් හොදයි. මේ වගේ වෙනස්/ පරණ කතා ගේනවට ගොඩක් තුති. ජය!

  18. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Uraj Deemantha

    එල එල :)

  20. දිදුල Kd සිල්වා

    අහ්.. මේකෙ ඉන්නෙ හල්ක් හෝගන් නේද? ඉස්සර හිටපු හොඳ රෙස්ලින් ශූරයෙක්නෙ.. ඔන්න එහෙනම් සබ් එක ගත්තා.. ෆිල්ම් එක කාගෙන් හරි උස්සන්න ඕනෙ.. :D . ජය වේවා෴

  21. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  22. lakmal

    thanks dr,..

  23. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.