Watch Trailer

Welcome Home (2020) Sinhala Subtitles | ටක්.. ටක්.. ටක්..!! [සිංහල උපසිරසි සමඟ]

අවවාදයයි.. ඔයාගේ වයස අවුරුදු 18ට අඩුයි නම්, මීට එහා කියවන්න එපා ඔයාට හිංසාව දරාගන්න බැරි නම්, මේක ඔයා වෙනුවෙන් නෙමේ ඔයාගේ හිත දුර්වලයි නම්, මේක කොහෙත්ම බලන්න එපා ටක්.. ටක්.. ටක්.. ටක්.. ඒත් ඔයාට මේක බලන්නම ඕන නම්, එහෙනම්… ගෙදරට සාදරයෙන් පිලිගන්නවා… බලන ගමන් ඇස් වහගන්න තරම් හිත අසරණ කරවන වගේම කන් වල…

අවවාදයයි..

ඔයාගේ වයස අවුරුදු 18ට අඩුයි නම්,
මීට එහා කියවන්න එපා
ඔයාට හිංසාව දරාගන්න බැරි නම්,
මේක ඔයා වෙනුවෙන් නෙමේ
ඔයාගේ හිත දුර්වලයි නම්,
මේක කොහෙත්ම බලන්න එපා

ටක්.. ටක්.. ටක්.. ටක්..

ඒත් ඔයාට මේක බලන්නම ඕන නම්,
එහෙනම්…
ගෙදරට සාදරයෙන් පිලිගන්නවා…

බලන ගමන් ඇස් වහගන්න තරම් හිත අසරණ කරවන වගේම කන් වලින් ඇහෙන දේත් නෑහෙන ගානට ඉන්න හිතන්න සලස්වන චිත්‍රපටියක් කවදාහරි බලලා තියෙනවද? බය.. ඔය හැඟීමට කියන්නේ බය. මොන මොන කැටයම් දාන මනුස්සයට උනත් දැනෙන හැඟීමක් තමා ඔය බය. ඔයත් හිතන්නේ ඔයා, ඕනම විදිහේ ත්‍රාසජනක චිත්‍රපටියක් බලන්න පුළුවන් චැම්පියන් කෙනෙක් කියලා නම්, එන්න යන්න මං ඔයාගේ වැරදි වැටහීම දුරු කරන්නම්. සම්පුර්ණ පැය දෙකකට පස්සේ ඔයාගේ ඩික්ෂනේරියේ බය කියන වචනේ ලියාපදිංචි වෙනවට සැකයක් නම් නෑ. හිතන් ඉන්නේ මේ Welcome Home කියන චිත්‍රපටිය, ඔයාලා හැමදාම බලන විදිහේ, පාට ගාපු මූණු දාගෙන එහෙ මෙහෙ දුවන හොල්මන් ඉන්න චිත්‍රපටියක් කියලා නම්? එහෙමත් නැත්තම් අලුත් ගෙදරක පදිංචියට යන පවුලකට වෙන භූතමය බලපෑම් පෙන්නන චිත්‍රපටියක් කියලා නම්? උත්තරේ තමයි කොහෙත්ම නෑ කියන එක. මේ චිත්‍රපටියේ තියෙන ශක්තිමත්ම සාධකය තමා අවිනිශ්චිතභාවය, පූර්ව ප්‍රචාරක පටයෙන් පවා මේ ගැන පොඩි හෝ ඉඟියක් දීලා නැහැ. මේ කතන්දරේ මොකක් ගැනද කියලාවත් පොඩි හෝ හෝඩුවාවක් දීලා නැහැ. චිත්‍රපටිය පුරාම ඔයාට දැනෙන්නේ ඔයාගේ ඇස් කළු රෙදි පටි වලින් බැඳලා භයානක සත්තු ඉන්න කළුවර කාමරේකට දාලා වහපු ගානට. ඊළඟ තත්පරේදී තමන්ට වෙන්නේ මොකක්ද කියලා 0.1%කවත් අනුමානයක් කරන එක කරන්න බැරි වැඩක්. චිත්‍රපටිය බලලා ඉවර වුණු ගමන් ආයේ ගිහින් පූර්ව ප්‍රචාරක පටය බලලා එන්න. ආරම්භයේදීම කියනවා දුර්වල සිත් ඇත්තෝ මේ චිත්‍රපටියෙන් අඩුම කිලෝමීටර 100ක්වත් ඈතින් ඉන්න කියලා. ඇයි කිව්වොත්, මේකේ ලේ හැලීම් වලට එහා ගිය බඩ කොර කරවන දර්ශනත් තියෙන එකේ ඔයාගේ රෑ නින්ද අහිමි වෙන එක ස්ථීරයි විතරක් නෙමේ මහ දවාලෙත් ඔයාගේ මනසේ හොල්මන් කරයි කියලා සැකයක් තියෙන නිසා.

ලොකු අත්පුඩියක් දෙන්න ඕන අධ්‍යක්ෂක මහත්තයට, එයා රෑ අන්ධකාරය හොඳට පාවිච්චි කරලා, මරණයට මුල්තැන දීලා භයානක අබිරහස් ත්‍රාසජනක චිත්‍රපටියක මුහුණුවරින්, සමාජයේ සංවේදී ගැටළුවක් ගැන කතා කරන්න නිර්භීත වුණු එකට. විශේෂම කාරණය තමා චිත්‍රපටියට බැඳිලා හිටිය නළු නිලි පිරිසම සාමාන්‍යයයි සහ ස්වාභාවිකයි. දෙකයි පනහේ “තරු” කියන අය ගෑවිලාවත් නෑ. ඉතින් මේ කට්ටිය එකතු වෙලා මේ සාමාන්‍ය කතාව ලේසියෙන් අමතක කරන්න බැරි චිත්‍රපටියක් විදිහට ජීවමාන කරලා තියෙනවා. ප්‍රධාන චරිතයට පණ දෙන කෂ්මීරා ඉරානි චිත්‍රපටිය ආරම්භයේ ඉඳන් අවසානය වෙනකම් ඔයාලව ගැටගහලම තියාගන්නවා. එයාගේ මූණේ පෙන්නන බය ඇතුළු හැඟීම් සමුදාය හැමදෙයක්ම 100% ක්ම ස්වාභාවික විදිහටම දැනෙනවා. සෂී භූෂන්, ස්වර්ධා සහ ටීනා බාටියා කියන තුන්දෙනාම තමන්ගේ චරිතයට අනුගත වෙලයි ඉන්නේ. විශ්වාස කරන්න, හැබෑ ජීවිතෙත් මෙයාලව මුණගැහුනොත් මොහොතකට ඔයා මනස ඇතුලෙන් අතරමං වෙයි. හැබැයි මේ කට්ටියගෙන්ම විශේෂ ප්‍රශංසාව හිමිවෙන්න ඕන බෝලෝරාම් දාස්ට, මොකද එයාගේ රංගනය කොච්චර තියුණුද කියනවා නම් “භෝලා” විදිහට එයා ඔයාලගේ හදවතේ තියන සලකුණ මකලා දාන එක අමාරු නෙමේ කරන්න බැරි වැඩක්. මේ හැමදෙයක් ගැනම කෙටියෙන්ම කිව්වොත් Welcome Home කියන්නේ ඔයාගේ හිත කලඹන රෝම කෙලින් කරවන විදිහේ භයංකාර චිත්‍රපටියක්, බලන අතරේ ඔයාගේ හදගැස්මත් වැඩි කරන අතරේ, මනස දෙගිඩියාවෙන් පිරුණු ප්‍රශ්න වලින් පුරවන බවට මෙන්න සහතිකයක්.

මගේ පැත්තෙන් වෙල්කම් හෝම් එකට දෙනවා තරු 5න් 5ම,

එක තරුවක් : චිත්‍රපටියෙන් හැබෑම ත්‍රාසය මුණගැස්සුවාටයි
තව තරුවක් : පරිපුර්ණත්වයට ආසන්න වුණු අවිනිශ්චිතතාවය වෙනුවෙනුයි
තව තරුවක් : රඟපෑමක් කියන්න බැරි රඟපෑම වෙනුවෙනුයි
තව තරුවක් : කතාව ජීවමාන කරන ශක්තිමත් අධ්‍යක්ෂණ වෙනුවෙනුයි වගේම
අනිත් තරුව : සමාජයට ගැඹුරු පණිවිඩයක් දෙන්න පෙන්නපු නිර්භීතකම වෙනුවෙනුයි.

Deeksha Sharma (Filmi Indian)

උඩ වචන ටික මගේ නෙමේ. කියවපු අයට ඒක තේරෙනවා ඇතිනේ. පිලුම බලපු කෙනෙක් විදිහට, ඔච්චර දේවල් නොකියා මං මෙච්චරක් කියන්නම්. මේක බලපු පැය දෙකෙන් පස්සේ, කවුරුහරි මගෙන් ඇහුවොත් “මචන්, හොඳ ඉන්දියන් හොරර් ටිකක් කියපන්කෝ” කියලා, මගේ ඒ “පොඩි” ලිස්ට් එකට අනිවාර්යෙන්ම මේ Welcome Home එකතු වෙනවාමයි. සමහරුන්ට ඔය කාරණේ වෙනස් වෙන්න පුළුවන් ඉතින්. බලන නොබලන එක තමුන් තීරණය කරගන්නලා එහෙනම්. බලන අය රෑක වගේ බලන්නකෝ. උදේ පාන්දරක නම් බලන්න එපා ඔන්න, මුළු දවසෙම මුස්පේන්තු ගතියක් දැනෙනවා. අත්දැකීමෙන් කියන්නේ.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL / HDRip පිටපත් සඳහා අදාළ වේ.

24,488 downloadsDownload Welcome-Home-2020-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

24,488 downloadsDownload Subtitles25 KB

57 comments

  1. Prabodha

    Godak sthuthi sahooo ...

  2. Pasindu

    Tnx Bro

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. yohan

    godak sthuthi.. mara post eka .... mayura aiyage sub ekakane ithin...niyametama ethi...adama balanawa. puluwannam 376D hindi film ekatath sub denna

  6. Isuru

    Thanks broo

  7. yohan

    thanks...376D hindi film ekatath sub denna

    1. සංජය ලක්මාල් ලියනගේ

      ලිපිය නම් සිසිලගෙ වගේ... උපසිරැසියට බොහොම ස්තූතියි...!! ජය වේවා... තෙරුවන් සරණයි..!!!

  8. yohan

    thanks 376D hindi film ekatath sub denna

  9. Suranjan

    Thanks jayawewa......!

  10. Pasindu Madumal

    ලිපිය කියවද්දිත් බය හිතෙනවා..!
    රෑටම බලනවා එහෙනම්, උදේ පාන්දර මූසල කරගන්න කැමති නෑ
    ලිස්ට් එකට දැම්මා මේකත්.
    සබට තුති මයුර ❤️

  11. Anonymous

    Bro Oya kiyana tharam baya hithena wath mokuth oya film eke naa oya film eka nkn Film ekak. Oka true incident ekak echcharai vishesha dekata thiyenne.. me wage stories oyata baya hithenna ona nm mata kiyanna mn films tikak kiyannam balanna

  12. Anonymous

    MM raa 12ta balanna patan gatte mkkd bn ube vachananm baya hithenva film eka normal surviver ekk vitharai horror nha poddakvath

  13. Samith

    ඇයි බන් මේ වගේ ෆිල්ම් එකකට ඔය වගේ ලිපි ලියන්නේ....
    ලිපිය නිසාම අනිත් වැඩ ඔක්කොම පැත්තකින් තියලා මේක බලන්න ගත්තා...
    මේකේ මොකටද බන් බය වෙන්න තියෙන්නේ???
    මචන් උබ ලියන්න පටන් ගනින් හොද ත්‍රසජනක කතාවක්,ලොවෙත් විකිනෙයි,ඒකනම් උබට ලෙසටම set වෙනෝ....

  14. Anonymous

    බලාගෙන හිටියේ දෙනකම් බොහොම ස්තුතියි

  15. මයුර සුරාජ්

    මෙච්චර වෙලා ට්‍රිගර් වෙච්ච අයට සහ ඉස්සරහට ට්‍රිගර් වෙන්න ඉන්න මහත්වරු වෙත,

    මේ ලිපියේ කොටස් තුනයි. පටන් ගන්න කොට තද කලූ අකුරින් මැද්දට කරලා තියෙන පේලි ටික තමා පලවෙනි කොටස. හරිද?? ඒ තමා ෆිලුමේ ට්‍රේලරේ. ට්‍රේලරේ එහෙමම ඔතන දාලා තියෙනවා.

    ඊට පස්සේ ඔයාලට හෙන හෑල්ලක් පේනවනේ. ඔන්න ඒ හෑල්ල දිගේ එන්නකෝ. අන්තිම ජේදය පේනවනේ. ඔන්න ඒ අන්තිම ජේදය හැර ඔය උඩ ටික තමා දෙවැනි කොටස. ඒ තමා මං පුද්ගලිකව ෆලෝ කරන Youtube සිනමා විචාරකයෙක් වෙන Deeksha Shramaගේ රිවීව් එක (Filmi Indian Youtube Channel). හරිද බබාලා??? එයාගේ නම මං උඩ දාලත් ඇති. නැත්තම් කැතයිනේ වෙන කෙනෙක්ගේ අදහසක් නිකම්ම දාන එක. ඉතින් එයාගේ නමත් එක්කම දැම්මා ඔන්න. ඒත් බලවත් අසාධාරණයකට ලක්වුණු අර ට්‍රිගර් වෙච්ච බබාලා ටික නම් ඒක දැකලා නෑ.

    ඊට පස්සේ අන්තිම ජේදයට එන්නකෝ, ඔය ලිපියේ තුන්වෙනි කොටස.. ඒක පටන් ගන්නේ කොහොමද බලන්න. බලන්න ඒක පටන් අරන් තියෙන ලස්සන. " උඩ වචන ටික මගේ නෙමේ". මං නම් හිතන්නේ ඒක දාන්නම ඇත්තේ ඔය කවුරු කවුරු හරි ට්‍රිගර් වෙන අයටම වෙන්නැති. හරි, ඊට පස්සේ දිගටම බලන් එන්නකෝ. ඔන්න ඔය තියෙන්නේ නම් මගේ අදහස් ටික තමා.. හරිද???

    ඔන්න.. මං Youtube ට්‍රේලරෙන් තමා මේ ෆිලුම ගැන දැනගත්තේ. සමහරු ලිපියක් කියවලා මෝඩයෝ වගේ ෆිලුමක් බැලුවට මම නම් ට්‍රේලරෙන් විතරක් වුණත් සෑහීමකට නම් පත්වෙන්නෑ. ඊට පස්සේ මං පුද්ගලිකව වැඩි විශ්වාසයක් තියන් ඉන්න youtube ඉන්න Indian Movie Criticගේ රිවීව් එක බැලුවා. එයා ඔය ලොකු ලොකු විචාරකයෝ වගේ නෙමේ ගොඩක් දුරට කියන්න තියෙන දේ ඒ විදිහටම කියලා දාන කෙනෙක්. හොඳ නම් හොඳයි නරකයි නම් නරකයි. ඉතින් පිලුම ගැන හැබෑ අදහසක් ගත්තහැකි. ඉතින් එයත් ඔන්න මදි නොකියන්න හොඳ කියලා තියෙනවා. ඔන්න දැන් ටිකක් ෆිට්. ඒත්, අර ලිපියකින් විතරක් "ඇන්දෙනවයි" කියන සමහරු වගේ නෙමේ මං තව ටිකක් හොයලා බැලුවා. imdb කියලා සයිට් එකක් තියෙනවා, fb, twitter වගේ සමාජ ජාලා තියෙනවා, අදාළ පේජ් එකට ගියා ෆිලුම ගැන අදහසක් ගත්තා. නැත්තම් # ටැග් එක ගහලා සර්ච් පාරක් ගැහුවා, අදහසක් ගත්තා. මං නම් කියන්නේ තමන්ගේ ඩේටා සහ කාලය ගැන මාර අවුලක් තියෙන අය ඔය වගේ ටිකක් හොයලා බලලා තමා පිලුමක් බලන්න ඕන. හා නැද්ද? ම්ම්ම්ම්.. කතාවත් පිට පැන්නනේ. ඉතින් මං ඔහොම හොයලා බැලුවමත් බහුතරයක් හොඳ අදහස් තිබ්බා. ඉතින් ඔන්න මං බලන්න හිතාගත්තා. ඔන්න බෑවා. ඉතින් බැලුවා. පිලුම ගැන "මට" තිබ්බ බලාපොරොත්තු වලින් වැඩිහරියක්ම තෘප්තිමත් වුණා. දන්නවනේ, ඉන්දියන් ත්‍රාසජනක චිත්‍රපටි ඉතාම අතලොස්සයි තියෙන්නේ කැත නැතුව බලන්න පුළුවන් ඒවා. "මම" නම් නිරායාසයෙන්ම අර කිව්ව "මගේ" හොඳම ඉන්දියන් ත්‍රාසජනක ලිස්ට් එකට මේක දාගත්තා. (අර බලන්න මම, මට, මගේ කියන වචන උධෘත කොමා වලින් වහලා තියෙන ලස්සන). සහ මේ ෆිලුම මට නම් පුද්ගලිකව හෙන ඩිස්ටර්බින්. ඔය කාරණා නිසා මං පිලුමට මාර කැමති වුණා.. ඒ හින්දා සබ් එක කරන්නත් හිතිලා, බාරගෙන කරා. සබ් එක කරාට පස්සේ ලිපියක් ලියන්න ඕනනේ. ඉතින් මං පිලුම ගැන දැනගත්තු පිළිවෙලේ ඉඳන් ලිපිය ලිව්වා. හොඳේ? ට්‍රේලරේ.. රිවීව් එක.. සහ බලපු මගේ පුද්ගලික අදහස.. දැන් අහයිද දන්නෑ ඇයි උඹ එහෙම ලිව්වේ කියල? ඒක ඉතින් මට ඕන හින්දා. මට හිතුනු විදිහට මං ප්‍රසන්ට් කරා.

    ඉතින් ලිපියක් හින්දා ඇන්දෙන ඈයෝ නම් මීට අවුරුදු 2,3කට කලින් දැක්කා. එතකොට නම් sources ගැන නොදන්නකම කියලාවත් කියමුකෝ. ඒත් තාමත් එහෙම අය ඉන්නවා කියන්නේ ඉතින් ඒක ඒ ඈයන්ගේ ලොකු අවුලක්. සියළු වැඩ දමලා ගහලා කෙනෙක්ගේ ලිපියක් දැක්ක පලියට පිලුමක් වෙනුවෙන් කාලය යොදවලා, අඩුගානේ රසවින්දනය කියන එක එක එකාගෙන් වෙනස් කියන බේසික්ම දේවත් නොදැන (හැමදාම කියන කතාව :/) මෙතන ලේ පුච්චගන්න එකට නම් දුකයි ඉතින් :D ඒ වගේම හොඳ ත්‍රාසජනක ෆිල්ම් ලිස්ට් එකක් දෙන්නම් කියලත් කියන ඈයන්ට කිසිම බාධාවක් නෑ ලිස්ට් එක දාගෙනම ගියහැකි. හැබැයි ඉන්දියන් වෙන්නත් ඕන (අපි කතා කරන්නේ ඉන්දියන් නිසා) Tumbadd, Pari, Razz1, Darna Mana/Zaroori Hai, 13B කියන අපි දන්න සෙට් එකෙන් බැහැර ඒවා වෙන්නත් ඕන, හොඳේ.. නැති වෙන්න නම් බෑ එයාලා ගාව.

    ට්‍රිගර් වෙලා හරි කමක් නෑ වෙනදට පේන්නේවත් නැති කමෙන්ට් බොක්ස් එක දැකලා කමෙන්ට් එකක් දාන එකට නම් හැට්ස් ඕෆ් ඔන්න. ඒත් ලිපිය කියවද්දී පොඩ්ඩක් සිහියක් පතක් ඇතිව කියෙව්වා නම් තමා මරු. බලන නොබලන එක තමුන් තීරණය කරගන්න කියලා සිංහලෙන්ම තියෙන එකේ ඔය පිලුමක් බලලා ට්‍රිගර් වෙලා බොරුවට ලේ පුච්චගන්නේ මොකටද? කාගේ උනත් ලේනේ. හා නැද්ද? :ඩී :පී

  16. Anonymous

    Mokakda meke trailer eka wena ekakne dalathiyenne

  17. කාන්ති

    ස්තුතියි අයියේ..... ඔයාගෙ එකක් නම් බලනව එව ලස්සනයි ......

  18. Sohan Jayasooriya

    ලිපිය නම් ලෙසටම ලියලා තියෙනෝ අයියෙ හොඳේ. ඔයා කෝමත් හොඳට ලිපි ලියන්නයි, අමුතු ෆිල්ම් වලට සබ් දෙන්නයි දක්ශයිනේ.. මුස්පේන්තු උනාට කමක් නෑ මං නම් මේක බලන්නෙ උදේක.. හාට් ඇටෑක් ආවත් හොස්පිට්ල් හරි දුවතෑකිනේ.. ස්තූතියි අයියෙ සබ් එකට.. ඔය මෝඩයෝ කෑ ගැහුවට ගනන් ගන්නෙපා බල්ලො බිරුවට කඳු පාත්වෙන්නෑනේ..

    1. Anonymous

      comment karana ayata ballo kiyana eka hari na neh
      mokak wunath e kage hari adahasak neh
      passe oyalamai dan comment watenne nathei kiyanne

    2. Sohan Jayasooriya

      අනෙ අම්මෝ මෙන්න.. ඒ කමෙන්ට් එක දැක්කෙ ෆිල්ම් එක අවුල් කියලා කමෙන්ට් කරපු හැමෝටම නෙමේ.. සංයමයකින්, සබ් එක කරපු කෙනාගෙ හිත නොරිදෙන්න කමෙන්ට් කරපු අය ඉන්නවා.. එයාලට මේක අදාල නෑ.. තමන්ගෙ තියෙන මෝඩකමට ලිපිය විතරක් කියෝලා ෆිල්ම් එක බාලා ඊට පස්සෙ පහත් විදියට සබ් කරපු කෙනාට වැරැද්ද පටෝන අයටයි ඒ කමෙන්ට් එක දැම්මෙ.. ඒ වගේ පහත් කමෙබ්ට් වැටුනත්, කමෙන්ට් නොවැටිම තිබුනත් ඒ දෙකේ ලොකු වෙනසක් නෑ.. ඒ නිසා ඒ වගේ පහත් විදියට කමෙන්ට් කරන අයත් කමෙන්ට් නොකලට අවුලක්ම නෑ.. ඔයා දවසක් දෙකක් මහන්සි වෙලා සබ් එකක් කරලා බලන්නකෝ ඒ වගේ හිත රිදෙන කමෙන්ට් එකක්ව් වැටුනම දැනෙන ආතල් එක කොහොමද කියලා..

  19. චින්තක මධුරංග

    ලිපිය නම් ලෙසටම ලියලා තියෙනවා.
    ලිපිය තරම් චිත්‍රපටිය නම් මට අල්ලලා ගියේ නෑ. කුතුහලය නොඅඩුවම නම් තියෙනවා.

    ඒත් හොරර් ශානරයට දාන්න තරම් හොද චිත්‍රපටියක් නෙමෙයි. මේක ත්‍රිලර් ශානරයට නම් දාන්න පුලුවන්.

    චිත්‍රපටියේ අන්තීමට දෙන පණිවිඩය නම් හොදයි.

    නළු නිලියන්ගේ රංගණය නම් සුපිරි !
    හැබෑම ත්‍රාසය නම් හමු උනාද කියලා මට නම් සැක සහිතයි.

    එක දිගටම කුතුහලයෙන් බලන්න පුලුවන් චිත්‍රපටියක් විදිහට මම මේ චිත්‍රපටිය නම් කරන්න කැමතියි.

    1. Anonymous

      ඇත්තටම එහෙම උනා උද්‍රෙ බලලා

  20. Yohan

    Kiyana tharam rasayak na bole meke
    Khomawunath subata thankz ahh

    1. yohan

      me mama neme fake ekek

    2. uvgayan

      මේකට comment එකක් දාන්නම බලලා ඉවර වෙලා ආවේ.. දෙපාරක් හිතන්න නම් එපා. මේක මගඇර ගන්න එපා. සබ් එක නියමට කරලා තියනවා. ජයවේවා ...!

    3. uvgayan

      මේකට comment එකක් දාන්නම බලලා ඉවර වෙලා ආවේ.. දෙපාරක් හිතන්න නම් එපා. මේක මගඇර ගන්න එපා. සබ් එක නියමට කරලා තියනවා. ජයවේවා ...!

  21. සනිඳු ලක්ඛිත

    ඒ කාලේ ඉදන් බයිස්කෝප් එකේ මනුස්සයෙක් මයුර සබ් කරන ෆිල්ම් එකක් මගාරින්නේ නෑ.. එච්චරයි... වෙනදා වගේම අදත් උපසිරසට බොහොම ස්තූති.. ජය වේවා.. බුදුසරණයි..!

  22. Anonymous

    kiyana tharan gathiyak aththe na ,,,,
    Thank for the sub

  23. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  24. Rangana Ruwan

    කමක් නෑ කොහොම උනත්..බලන්න හොඳ film එකක් නැති එකේ බලලා දානො..
    හොඳ නරක කොහොම උනත් මහන්සිවෙලා sub එක කරලා තීනො නෙ. ඒකට thanks..
    දිගටම කරගෙන යන්න..ජයවේවා

  25. indika75

    thanks..

  26. lakshan

    mokakada ban meke baya wenna thiyenne aparade mu nisa day data walin download krala baluwe

    1. Anonymous

      Sirawta mn downlod karana gmn

  27. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  28. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  29. Vishnuka

    Meka hindi ekakkda machan......?

  30. shan1996

    meka balanna website ekk kiyannko.download karanna.hamba une nahane ekak.

  31. raviz

    Thank you...!

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. gayan215

    bohoma thuthi saho...

  34. Udara Damith Dissanayaka

    මට බෑ මන් බයයි ඕඕව බලන්ඩ

  35. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  36. Anonymous

    melo rahak ne >nikan boru danna epa halo.meka holman seen ekak neve.baya venna nevei mun karana moda vada valata hina yanawa witarai.katawa issarahat wenne mokakda kiyalath balan inna apita terenawa.onna originAL comment ekak.pahadiliwama balanna wenathnam baluwata kamak ne.

    1. Anonymous

      Meka holman kiyala kohewath kiyala na. Anika horror kiyanne holman witharak neme modayo. Danne nattam dictionariaya aran balapan. Ekawath danne nathi modayek. Onna original comment ekak

    2. Anonymous

      monawa unath hugak baya hithenne ne.monawa unath melo rahak ne .melo rahak natha

  37. Supem

    God mothered
    376d
    Arther and merlin knight of camelot2020
    Hannibal rising 2007
    Lif3 in a year 2020
    Ivan kavalkaran 2020
    The princess swit again 2020

    Mewta sub hadannako.

  38. Anonymous

    katawanm maru habai kiyla tyenwa wge baya hitenne nm ne ehnm wrong turn ehma blala ne ehnm ubala

  39. Anonymous

    අයියෝ! බොරු කියන්න එපා මනුස්සයෝ. මේකට පොඩි එකෙක්වත් භය වෙන්නෙ නැහැනෙ බන්.

    1. dinuka kasun

      mata nam hariyanne na aththatama chatar mastha film ekak balannanam epa

  40. Supun

    මන් ලිපිය කියවන් නෑ සබ් ගද්දි.. පොඩියට හරි ෆිල්ම් එක ස්පොඉල් උනොත් කියල .. බලලා ඉවර වෙලා ලිපිය කියෙව්වා .. හරියටම හරි කියල තියෙන එව්වා ..ගොඩාක් ස්තුතියි උපසිරස් වලට

    1. Sadeesh

      Aniwa ...liyala thiyana lipiya 100%.. hari

  41. Anonymous

    අරුන්ට අච්චරට මල පනින්ඩ අර කෙල්ල මොකේටද ගිනි තියන්නේ .. මන් internet එකෙත් බැලුවා හොයාගන්ඩ බැරි උනා

    1. Anonymous

      ගංගා නමැති එළදෙනට. ගෙදර අය කන්නෙත් එයා කෑවට පස්සේ

  42. Anonymous

  43. Lahiru Lakshan

    thanks machn...

  44. Anonymous

    අයියෝ.. ඇඬෙන්න දීලා තියෙන විචාරෙ හැටියට මම හිතුවෙ මේ තමයි බලන හොඳම ෆිල්ම් එක කියලා.. ඔව් එහෙම හිතන්න පුලුවන්.. මීට කලින් ෆිල්ම් බලලා නැති කෙනෙකුට.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.