සුබ දවසක් හැමෝටම. මේ පාර මම අරගෙන එන්නෙ ජපන් කතාවක්. මේක මේ අවුරුද්දේ මුල නිකුත් වුණු Sankaku Mado no Sotogawa wa Yoru හෙවත් The Night Beyond the Tricornered Window කියන නිර්මාණය. මේක Tomoko Yamashita කියන ලේඛකයා විසින් නිර්මාණය කරපු 2013-2020 අතර කාලයේ කොටස් වශයෙන් පළවුණු ජපන් manga චිත්‍ර කතාවක්…

සුබ දවසක් හැමෝටම. මේ පාර මම අරගෙන එන්නෙ ජපන් කතාවක්. මේක මේ අවුරුද්දේ මුල නිකුත් වුණු Sankaku Mado no Sotogawa wa Yoru හෙවත් The Night Beyond the Tricornered Window කියන නිර්මාණය.
මේක Tomoko Yamashita කියන ලේඛකයා විසින් නිර්මාණය කරපු 2013-2020 අතර කාලයේ කොටස් වශයෙන් පළවුණු ජපන් manga චිත්‍ර කතාවක් ඇසුරින් Tomoko Aizawa රචනා කරලා Yukihiro Morigaki අධ්‍යක්ෂණය කරපු Mystery කාණ්ඩයේ සිනමා නිර්මාණයක්. මේකට Yurina Hirate, Keiko Kitagawa, Shinya Niiro කියන අය රඟපෑමෙන් එක්වෙනවා.
මේකෙ කතාව ගත්තොත්, මිකාඩෝ ට පොඩි කාලේ ඉඳල අමුතු හැකියාවක් තියනවා. හැකියාවක් කිව්වට එයාට ඒක වදයක්. ඒ කියන්නේ එයාට මැරුණු අයගේ ආත්ම, හොල්මන් එහෙම නිකම්ම ඇහැට පේනවා, දවල්ට වුණත්. ඒ වගේම එයා ඒවට බයයි. දවසක් එයා හම්බවෙන හියකාවා කියන කෙනා, එයාගෙ මේ හැකියාව නිසා සහයකයා විදියට වැඩට එන්න කියනවා. මේ හියකාවා හොල්මන් එළවීම වගේ ගුරුකම් වැඩ කරන කෙනෙක්. එයාට මිකාඩෝගේ හොල්මන් පේන හැකියාවෙන් රැකියාව ලේසි කරගන්න තමයි එන්න කියන්නේ.
දවසක් පොලිස් නිළධාරියෙක් මෙයාලට වැඩක් බාරදෙනවා. මිනීමැරුම් දාමයක සිරුරු වලින් කොටස් අතුරුදහන් වෙලා. මිනීමරුවා හඳුනාගෙන ප්‍රශ්න කලත් ඔහු මිය යන්න කලින් ඒ කොටස් වලට මොකක්ද කලේ කියල දැනගන්න බැරිවෙනවා. ඉතින් ඒ ආත්ම වලට සම්බන්ධ වෙලා ඒ කොටස් හොයල දෙන එක තමයි මෙයාලට පැවරෙන වැඩේ. ඒ විදියට තැන හොයාගෙන ගියාම, එයාලට හම්බවෙන්නේ, සිරුරු කොටස් ටික එකතු කරලා හදල තියන අලුත්ම සිරුරක්. හියකාවා කියන විදියට, ඒවා යොදාගන්නේ ශාප කිරීම් වගේ දේවල් වලට.
මිකාඩෝට ඕන මේ කෙනා අල්ලගන්න. හැබැයි හියකාවා ගෙ තියෙන්නේ වෙනමම අදහසක්. ඉතින් මොකද වෙන්නේ කියල අරගෙනම බලන්න.
ආයෙත් දවසක හම්බවෙනකම් හැමෝටම වසංගත උවදුරු වලින් හානියක් නොවන වාසනාවන්ත අනාගතයක් වේවා..!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,281 downloadsDownload The-Night-Beyond-the-Tricornered-Window-2021.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් මධුරංග
Subtitles
28 comments
Anonymous
Anonymous
තැන්කු තැන්කු
Anonymous
Thanks bokka❤️
Anonymous
Niyamai bn
Japan horror ewath demu,japan horror pattaSk
Niyamai bn
Japan horror ewath demu,japan horror pattaHasitha
උපසිරසියට ස්තුතියි සහෝ
Kushan
Sub akta thanks
Tharindu
Thnkz mchn
Rahal
බොහොම ස්තුතියි සබ් එකට
දිගටම වැඩේ කරන් යමුSupun Kaushalya
තෑන්ක්ස් සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Uvi
Thai horror ewata sub denna
Anonymous
Thnkz bro
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
PR
ගොඩක් ස්තූතියි sub එකට
පුළුවන් නම් space sweepers කොරියන් film එකටත් sub දෙන්නAnonymous
කොහෙද බන් ගතියක් නැත්තෙ..සුපිරියක්නෙ
Laka
ස්තුතියි සහෝදරයා
Anonymous
දිගටම අලුත් ඒවා දෙමු මචන්
chanu mikhail
thank u
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
gihan
උපසිරසියට බොහෝම ස්තුති
D.Chamara
බොහොම ස්තූතියි .... !
Ruchira
Thanks for the sub!!!!!!!!!
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
Mystery ekak nm ithin aniwa blnow
Thanks brother