කොහොමද බයිස්කෝප්වාසී සියලු දෙනාටම. ඔන්න එහෙනම් ඉක්මනටම තවත් හොල්මන් ෆිලුමක් අරන් ආවා. මේක තායිවානයේ මැන්ඩරින් භාශාවෙන් නිශ්පාදිත චිත්‍රපටයක්. නැගෙනහිර ආසියාවෙ හොල්මන් ෆිල්ම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ Shutter (2004), Along (2007), Ringu (1998), Ju-on: The Grudge (2002), Pulse (2001) වගේ ෆිල්ම්…

කොහොමද බයිස්කෝප්වාසී සියලු දෙනාටම. ඔන්න එහෙනම් ඉක්මනටම තවත් හොල්මන් ෆිලුමක් අරන් ආවා. මේක තායිවානයේ මැන්ඩරින් භාශාවෙන් නිශ්පාදිත චිත්‍රපටයක්. නැගෙනහිර ආසියාවෙ හොල්මන් ෆිල්ම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ Shutter (2004), Along (2007), Ringu (1998), Ju-on: The Grudge (2002), Pulse (2001) වගේ ෆිල්ම් බලපු අයනම් මේවගෙ රස හොඳට දන්නවා. මේකත් චිත්‍රපට මාලාවක් උනත් එකකට එකක් සම්බන්ධ නෑ, හැම ෆිල්ම් එකකටම පාදක වෙලා තියෙන්නේ ඒ රටවල්වල තියෙන ජනප්‍රවාද සහ පුරවෘත්ත වශයෙන් පැවත ගෙන එන තොරතුරුයි. දැනට මේ සම්බන්ධ චිත්‍රපට 3ක් නිකුත් වෙලා තියෙනවා මෙහි පළමු චිත්‍රපටය The Tag-Along (2015) තමයි මම අද ඔයාලට දෙන්නේ. ඊට අමතරව The Tag-Along 2 (2017), The Tag-Along: Devil Fish (2018) කියලා තව කොටස් දෙකක් තියෙනවා. ඒවටත් ඔයාලගේ ප්‍රතිචාර අනුව උපසිරැසි ලබා දෙන්නම්. මේ චිත්‍රපට එකිනෙකට එකක් සම්බන්ධ නැති නිසා රස විඳින්න බාධාවක් නෑ. මේ ෆිලුම IMDb 5.5ක අගයක් ලබගන්නත් 82%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගන්නත් 80%ක් කුණු තක්කාලි මීටරය කරකවන්නත් සමත් වෙලා තියෙනවා. Horror/Thriller යන කාණ්ඩ වලට තමයි මේ චිත්‍රපටය වෙන් කරලා තියෙන්නේ. මෙහි බොක්ස් ඔෆිස් වාර්තාව ලෙස දැක්වෙන්නේ ඩොලර් මිලියන 105ක්. ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Wei-Hao Cheng නම් අධ්‍යක්ෂකවරයයි. Wei-Ning Hsu, River Huang, Yin-Shang Liu නළු නිළියන් තම රංගන දායකත්වය මේ සලරුවට ලබාදෙනවා. ඒ වගේම මේ ෆිලුම සම්මාන 5කට නිර්දේශ වෙලා තියෙනවා වගේම තායිපේ සිනමා උළෙලෙදි හොඳම නළුවා සහ නිළිය යන සම්මාන ද්විත්වයම දිනාගැනීමට මේ ෆිලුමේ ප්‍රධාන නළු, නිළි දෙපල සමත් වෙලා තියෙනවා.
නැගෙනහිර ආසියාවේ රටවල්වල ඒ කියන්නේ චීනය, තායිවානය, ජපානය, දකුණු කොරියාව, මොංගෝලියාව වගේ රටවල සුප්‍රකට පුරාවෘත්තයක් තමයි මොසීන් කියන්නේ. ජනප්‍රවාද වලට අනුව රතුඇඳුමක් සහිත කුඩා ගැහැණු ළමයෙක් හෝ වඳුරෙකුගේ ස්වරූපයෙන් පෙනී ඉන්න මේ ආත්මය කඳුකර ප්‍රදේශවල තියෙන වනාන්තරවල බහුලව සැරිසරන බවට විශ්වාස කරනවා. ඔවුන් කොච්ච්ර තදට මේ පුරාවෘත්තය විශ්වාස කරනවද කිව්වොත් නැගෙනහිර ආසියාතිකයින් කවදාවත් කඳුකරයකදී යම්කිසි පුද්ගලයෙක්ගේ සම්පූර්ණ නම කියලා අමතන්නේ නෑ. ඊට හේතුව තමයි යමෙකුගේ සම්පූර්ණ නමින් ඇමතුවොත් මොසින්ට එම පුද්ගලයාගේ ආත්මය ඇතුලු වෙන්න පුලුවන් කියලා ඔවුන් විශ්වාස කරන නිසයි. ඉතිං කොහොමහරි විදියකින් මොසීන් යම් පුද්ගලයෙකුගේ ආත්මයට ඇතුලු වුවොත් ඒ පුද්ගලයා තුල තියෙන වරදකාරි හැඟීම්, වේදනාවක් බවට පත් කරලා ඒ පුද්ගලයට වද දෙන්නත් පසුව එම පුද්ගලයව වනාන්තරයක් තුලට කැඳවගෙන ගිහින් එම ආත්මය වනය තුල සිර කරගැනීමට මොසීන්ට හැකියාව තියෙනවා. ඒ දුර්භාග්‍යයෙන් මිදෙන්නනම් කරන්න තියෙන්නේ එකම දේ තමයි එම අදාල පුද්ගලයයා තවත් පුද්ගලයෙකුගේ සම්පූර්ණ නම කියලා මොසීන්ව තමන්ගේ ශරීරය තුලින් එම පුද්ගලයගේ ආත්මය තුලට පලවා හරින්න ඕන. ගොඩක් අය මේක හුදු ජනප්‍රවාදයක් කියලා බැහැර කරත් 2005 වසරේ තායිවානයේ කඳුකර වනාන්තර ප්‍රදේශයක සංචාරය කල කණ්ඩායමක් ඔවුන්ගේ සංචාරය නිමකර ඡායාරූප පිරික්සද්දි කඳුකරයේදි ගත් සෑම ඡායාරූපයකම ඔවුන්ට පිටුපසින් රතු පැහැ වස්ත්‍රයක් සහිත කුඩා ගැහැනු ළමයකුගේ රූපයක් ඇති බව දුටුවා. නමුත් ඒ කණ්ඩායම සමග එවැනි කිසිම කුඩා ගැහැණු ළමයෙක් සංචාරයට එක් නොවී තිබූ අතර ඔවුන් සංචාරය කරන අවස්ථාවේ හෝ ඔවුන් අසල එවැනි කුඩා ගැහැණු ළමයෙක් දුටු කිසිවෙකුට මතකයක් තිබුනේ නෑ. එම සිදුවීම තමයි 2015 දී මේ The Tag-Along චිත්‍රපටය නිශ්පාදනය වෙන්න පාදක වෙලා තියෙන්නේ. ඔන්න එහෙනම් ඔයාල මතක තියා ගන්න කවදහරි ඔයාලත් නැගෙනහිර ආසියාතික රටක කඳුකරයේ සවාරියක් ගියොත් කවදාවත් ඔයාගේ සම්පූර්ණ නම කියන්න කාටවත් ඉඩ දෙන්නත් එපා, ඔයා කියන්නත් එපා හොදේ.
Mosien- මොසීන්
ඔන්න එහෙනම් ඒක තමයි විස්තරේ, ලිපියත් දිග වැඩි උන නිසා චිත්‍රපටයේ කතාව ගැන මුකුත් කියන්නේ නෑ. ඔයාලට ඉතුරු චිත්‍රපට දෙකත් ඕනනම් පහලින් කොමෙන්ට් කරගෙන යන්න. ඔයාලගේ වචනවලින් තමයි තව උපසිරසියක් කරන්න ආසා හිතෙන්නේ. ඒ වගේම මේ සිනමාපටය උපසිරැසි ගැන්වීමට අවසර දුන්න ශාන් විමුක්ති (විමා) සහෝටත් ස්තූතිවන්ත වෙනවා. අපේ රට වගේම මුළු ලෝකයම සුවපත් වේවා ! කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් මම යනවා. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. මම දනුවා. තෙරුවන් සරණයි !!!
#STAY SAFE #STAY HOME

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,268 downloadsDownload The-Tag-Along-2015.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
16 comments
Shamal manojan
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ඉතුරු ෆිල්ම් දෙකටත් අනිවා සබ් දෙන්න
ජය වේවා!Sanjaya
thanks danu bro!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anuradha
Please give movies like this. Specially asian horror movies, keep it up!
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ... ජය!!
chala
deveni ekath one
Amila Mudalige
Sub ekta Thanks
සාරංග ජේ. ලියනගම
ගොඩක් ස්තූතියි... අනෙක් දෙකටත් සබ දෙන්න..
ජය...Malith Samarawickrama
ගොඩක් ස්තුතියි සබ් එකට.
Dewadithya
Thanks for sub!
Anonymous
Thanx sub ekata
2,3 දියන් මචන්Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Advertisement
![The Tag-Along (2015) Aka Hong yi xiao nu hai Sinhala Subtitles | කඳුකරයේ අද්භූත පුරවෘත්තය [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/The-Tag-Along-2015.jpg)
උපසිරැසියට බොහොම ස්තූතියි.
මේකේ අනික් ෆිල්මුත් දෙන්න.