Watch Trailer

The Thirteenth Floor (1999) Sinhala Subtitles | මා නොවන මම [සිංහල උපසිරසි සමඟ] 100*

ඔන්න දිර්ඝ කාලයක නිහැඩියාවකට පස්සේ උපසිරසක් අරගෙන ආයෙත් බයිස්කෝප් අඩවියට ගොඩ වැදුනා. හැබැයි අද උපසිරසිකරනයේ වගේම ජිවන ගමන් මගේත් සුවිශේෂි කඩයිමක් සනිටුවහන් කරන දවසක්. අද මං ඔයාලට ගෙන්නේ මගේ සියවැනි උපසිරස. චිත්‍ර‍පටය ගැන විස්තර පහල තියෙනවා. කැමතිනම් ශතක වාර්ථාව නොකියවාම චිත්‍ර‍පටය ගන්න පුළුවන්. සභා…

ඔන්න දිර්ඝ කාලයක නිහැඩියාවකට පස්සේ උපසිරසක් අරගෙන ආයෙත් බයිස්කෝප් අඩවියට ගොඩ වැදුනා. හැබැයි අද උපසිරසිකරනයේ වගේම ජිවන ගමන් මගේත් සුවිශේෂි කඩයිමක් සනිටුවහන් කරන දවසක්. අද මං ඔයාලට ගෙන්නේ මගේ සියවැනි උපසිරස. චිත්‍ර‍පටය ගැන විස්තර පහල තියෙනවා. කැමතිනම් ශතක වාර්ථාව නොකියවාම චිත්‍ර‍පටය ගන්න පුළුවන්. සභාවෙන් අවසරයි ! මිත්‍ර‍වරුනි, 2014 ජනවාරි 23 Sherlock කතාමාලාවෙන් ආරම්භ කරපු මගේ උපසිරසකරන ජිවිත කතාවේ 100 වැනි කඩයිම පසුකරන්න මට වසර 5කුත් මාස 11ක් ගතවුනා. බයිස්කෝප් අඩවියේ ඉන්න අනෙක් උපසිරසකරුන්ට සාපේක්ෂව බැලුවම නම් ඒ ගැන යම් ලැජ්ජාවක් තියෙනවා තමයි එත් මොනවා කරන්නද මං ඉතිං ගොඩක් කම්මැලියිනේ. මං නිර්මානය කල උපසිරස බෙහොම සංෂික්පතව දක්වන්නම්.

චිත්‍ර‍පට
X Files movie (1999), Transporter : Extream (2005), My Sister`s Keeper (2009), Star Trek Beyond (2016), WestWorld (1973), A-X-L (2018)

කතා මාලාවන්
Sherlock, X files, 24,  Z Nation, WestWorld, The Man in The High Castle, Designated Survivor, Fargo, 13 Reasons why

මෙහෙම කිවට මං සම්පුරනයෙන් දායක වුන කතා මාලා වෙන්නේ WestWorld සහ The Man in The High Castle පමණයි.මේ කතා මාලා දෙක අතුරෙනුත් WestWorld කියන්නේ මගේ උපසිරැසිකරනයේ යම් සංධිස්ථානයක් කිව්වොත් නිවැරදියි. ඒ වගේමයි මං ගොඩක් කැමති විද්‍යා ප්‍ර‍බන්ධ උපසිරස නිර්මානයට විශේෂනය වෙන්නයි ඒ නිසයි ලයිස්තුවේ වැඩිපුරම විද්‍යා ප්‍ර‍බන්ධ ගනයට අයත් කතාමාලාවන් හා චිත්‍ර‍පට තියෙන්නේ.

දැන් ඔන්න ස්තුති කතාව, මේ උපසිරස හදද්දි වැරදි අඩුපාඩු පෙන්නලා දුන්න එ වගේම අඩවිය පවත්වාගෙන යමින් මේ සියල්ල කලමණාකරනය කරන රොයිලි අයියා, හසන්ත අයියා ඇතුලු බයිස්කෝප් අඩවියේ ඉන්න සහ හිටපු සියළුම ඇඩ්මින්වරුන්ට මුලින්ම මං ස්තුති කරනවා පුරා දශකයට අධික කාලයක් කරපු කැපකිරිම් වලට. බයිස්කෝප් මංසලේ අඩ්මින්වරුන් වන තිසර අයියට සහ දිල්ෂාන් මල්ලිට වෙනම ස්තුතියක්කරනවා මංසලේ ලිපි ලබාදිමේදි දැක්වු සහයෝගයට.

ඊටපස්සේ උපසිරසකරද්දි මට හමුවුනු රවිදු, සොහාන්, ඉසුරු, හිරාන් ඇතුලු මුළු බයිස්කෝප් සංහුවරේම. (නම් නොකිවා කියලා අමනාප වෙන්න එපා හොදේ) ඒ වගේම WestWorld දෙවන කතාසමය උපසිරස නිර්මානයට එක්වුනු සමීර කරුණාරත්න අයියටත්, අචින්ත උදයංග සෙහොයුරාටත් විශේෂ ස්තුතියක් කරනවා. අවසාන වශයෙන් හැමදාම උපසිරස හදද්දි බැන බැන උදව් කරපු මගේ ආදරණීය දෙමාපියන්ටත් (සහෝදර සහෝදරියෝ නැ හෝදේ මට), කරන්නේ කුමක්දැයි කියා පමනක් අසා නිහඩ වී උපසිරසකරනයට කාලවේලාව ලබාදුන් පරිත්‍යාගශීලි ඇයටත් මේ මෙහොතේ ස්තුතිවන්ත වෙනවා. මගහැරුණු යමක් වේ නම් අයදිමි සමා.


​දැන් බලමු අද කතාවට මේකේ නම තමයි The Thirteenth Floor.

13 දැකපු ගමන් හිතෙන්නේ භීම කාන්ඩයට අයිති චිත්‍ර‍පටයක් කියලා නේද. නෑ නෑ මේ විද්‍යා ප්‍ර‍බන්ධයක් නමුත් 13 ඉලක්කම මේ කතාවෙදිත් යොදාගෙන තියෙන්නේ නම් අපේ තියෙන අමුනුෂ්‍ය ගති පෙන්වන්න වෙන්න ඔනේ. මේකේ අධ්‍යෂනය කරලා තියෙන්නේ Josef Rusnak නම් ජර්මානු අධ්‍යක්ෂකවරයායි.රංගනයෙන් දායකවෙනවා Craig Bierko, Gretchen Mol, Dennis Haysbert ඇතුලු නලු නිලියන්. IMDB දර්ශකයේ හොද අගයක් ලබා තියෙන මේ සලරුව තිරගත වෙන්නේ 1999 දී. චිත්‍ර‍පටය පරණ උනත් මට විශ්වාසයි ඔයා විද්‍යා ප්‍ර‍බන්ධ වලට ආසා කෙනෙක් නම් ඔයාගේ බලාපොරොත්තු කඩවීමක් නම් වෙන්නේ නෑ කියලා. කතාව ගැන සරල කිව්වොත් පරිඝනක ක්‍රීඩාවක් හා බැදුනු මිනිමැරුමක් ගැන තමයි මුලින් කතාව පටන්ගන්නනේ නමුත් චිත්‍ර‍පටය අවසාන භාගය ආරම්භ වෙද්දි කතා තේමාව වෙනත් මගක් ගන්නවා. ඉතිං මං ඔයාලට ආරාධනා කරනවා බොහෝ දෙනෙකුගේ ඇස නොගැටුනු මේ අපූර්ව සිනමා සිත්තම නරඹන්න කියලා. එහනෙම් මේ අවුරුද්දට මගෙන් මෙච්චරයි. ලබන වසරේදි හමුවෙන්න බලමු (sure නෑ). ඔබට ජය !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,033 downloadsDownload The-Thirteenth-Floor-1999.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-23
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,033 downloadsDownload Subtitles37 KB

28 comments

  1. Kantha_DLA

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. සොහාන් ජයසූරිය

    හදවතින්ම සුභ පතනවා අයියේ.. ලැජ්ජ වෙන්න දෙයක් නෑ මාත් ඔයාගෙ ගොඩේම තමා

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම 100වෙනි කඩඉමටත් සුබ පැතුම්....

  4. Charith Eranga Munasinghe

    100ට සුභ පැතුම්....දිගටම සබ් දෙන්න....බොහොම ස්තුතියි...ජය වේවා

  5. Hashan M. Priyadarshana

    100වෙනි උපසිරසියට සුබ පතනව බ්‍රෝ දිගටම කරන් යං.. බොහොම සබ් සබ් එකට :)
    ජය වේවා.!

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  7. malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ. ඒවගේම 100 උණුසුම් සුබපතුම් මගෙන්.

  8. charithhasantha123

    Digatama karanna.. Jaya saho

  9. Lakshansilva18

    sub ekata bohoma sthuthi.

  10. widuranga

    150th gahamu sub ekata thanx

  11. Shamal manojan

    ස්තූතියි මේ උපසිරැසියට.

    Request

    Contact - 1997

  12. tharindubavantharathnayake

    ඔය වගේ 47 meteres down 2019 එකටත් දෙමු නේ...

  13. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    100 වෙනි උපසිරසියට සුබ පැතුම්!!!
    200ත් ගහමු....

  14. ශසිත් සඳරුවන්

    100 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් උණුසුම් සුබපැතුම්...
    බයිස්කෝප් එකත් එක්ක එකතුවෙලා වැඩි සද්දයක් නැතුව හෙමින් සීරුවේ වැඩේ කරගෙන ඉන්න එල කොල්ලෙක්. :P
    මං වගේම වැඩි කතා බහක් නැති චරිතයක්. :P
    බයිස්කෝප් පවුල නිසාම අඳුරගන්න ලැබුණු මිතුරෙක්.
    ⁣පෞද්ගලික වැඩ කටයුතුත් සාර්ථක කරගෙන තවත් උපසිරැසි අරන් එන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය!

  15. Sanath Perera

    100 වෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ…
    බොහොම ස්තූතියි සහෝ මෙච්චර කාලයක් සබ් අරන් ආවට…
    වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා කියා ප්‍රාර්ථනා කරනවා…
    ඔබට ජයෙන් ජය…

  16. Dewadithya

    Thanks for Sub!

  17. AsithaDilruwan

    elama saho thanks

  18. indika75

    thanks..

  19. sahan malinga

    thanks bokka

  20. Udara Damith Dissanayaka

    100 yyata suba pethum
    jaya weewaa

  21. රොයිලි

    ප්‍රමාදයට සමාවෙන්න ඉල්ලන ගමන්ම මාත් ඔන්න සුබපතන්න එකතු වෙනවා. 100 ට හෘද්‍යාංගම සුබ පැතුම් එක් කරන ගමන්ම හැකි ඉක්මනින්ම ඊලඟ කඩඉමත් පහුකරන්න ලැබේවායි පතනවා කළිදු සහෝ. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

    1. Kalindu Wasuka

      බොහෝම ස්තුතියි රොයිලි අයියේ !

  22. Hiran Eranda

    100 වැනි උපසිරසියට උණුසුම් සුබපැතුම් කලිදු අයියේ....දැන් ඉතින් ආයෙ 150 තමා තියෙන්නේ..ඒකත් ඔහේ ඇදලා දාමු. උඩදි මාවත් මතක් කලාට ස්තූතියි. ජයින් ජයම වේවා. උපසිරසියට තුති......

  23. PahasaraDv

    Thankz

  24. Pramukmili

    Thanx bro...........

  25. ruchiralakmal

    Thanks for the sub!!!!

  26. isuru dilshan

    100ට සුභපැතුම් කලිදුවා.. පමාවට සමාව ඈ.. දැනුයි මේ කමෙන්ට් ටිකක් දාගෙන යන්නෙ.. හිමින් ගමනට කාරි නෑ වැඩේ හරියට දිගටම කරනවනම්.. ඔහොම යමු එහෙනම් මචං.. ජයවේවා!!!

  27. Pathum Winchester

    උපසිරසට ස්තුතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.