සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියනි, මගේ මීළඟ උපසිරැසි නිර්මාණය විදිහට ඔයාලට අරගෙන එන්නේ සජීවීකරණ චිත්‍රපටයක්. හැබැයි නිකන්ම සජීවීකරණ චිත්‍රපටයක් නෙමේ. මේක ජපන් සලරුවක් .මේ සජීවීකරණ චිත්‍රපටය රිලීස් වුණේ 2014 ජූලි 19 වෙනිදා . ඒ වගේම මේ චිත්‍රපටය අයත් වෙන්නේ Drama/Mystery කියන ගණයට . මේ චිත්‍රප…
සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියනි, මගේ මීළඟ උපසිරැසි නිර්මාණය විදිහට ඔයාලට අරගෙන එන්නේ සජීවීකරණ චිත්‍රපටයක්. හැබැයි නිකන්ම සජීවීකරණ චිත්‍රපටයක් නෙමේ. මේක ජපන් සලරුවක් .මේ සජීවීකරණ චිත්‍රපටය රිලීස් වුණේ 2014 ජූලි 19 වෙනිදා . ඒ වගේම මේ චිත්‍රපටය අයත් වෙන්නේ Drama/Mystery කියන ගණයට . මේ චිත්‍රපටය සදහා ලැබී ඇති රේටින් අගයන් ගැන මතක් කළොත් Imdb 7.8 ක් වැනි ඉහළ අගයක් මේ සලරුවට ලැබිලා තියනවා. ඒ වගේම Rotten Tomatoes දර්ශකයේ 91% ක් වැනි ඉහළම අගයක් ලැබිලා තියනවා. තවත් දුරට බැලුවොත් මේ සලරුවට google users ලගේ 96% ක දැවැන්ත කැමැත්තක් ලැබිලා තියනවා . පැයකුත් විනාඩි හතළිස් තුනක් පුරාවට දිව යන මේ කතාව ඔයාලා හැමෝගෙම හිත ඇද බැද තබාගන්නා සලරුවක් බවනම් කිසිම සැකයකින් තොරව කියන්න පුළුවන්.
කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ James Simone සහ Hiromasa Yonebayashi විසින්. තවත් විශේෂයෙන්ම සදහන් කරන්න ඕන දෙයක් තමා මේ සලරුව 2016 Oscar සම්මාන උළෙලේ දී Best Animated Feature Film Of The Year යන සම්මානය සදහා නිර්දේශ වෙලා තියනවා . ඒ වගේම තවත් ජයග්‍රහණ තුනකට හිමිකම් කියමින් සම්මාන 17 ක් සදහා නිර්දේශ වෙලා තියනවා.මේ සලරුවට පාදක වෙලා තියෙන්නේ Joan G. Robinson විසින් රචනා කරපු When Marnie Was There කියලා මෙ නමින්ම එළිදක්වපු කෘතිය. මේ සලරුවට හඬ කැවීමෙන් දායක වෙන්නේ Sara Takatsuki , Kasumi Arimura යන අය. මේ සලරුවට වැය වෙලා තියන මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10.5 යි. එමෙන්ම මේ සලරුවෙන් ඉපැයූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 34.1 ක් විදිහට තමා සටහන් වෙන්නේ .
ඉතින් දැන් හැමෝම බලනවා ඇති ඇනිමේශන් එකක් ගැන මෙච්චර කියෙව්වේ මොන දේකටද කියලා . ඉතින් ඒ ටිකත් කියලා ඉන්නම්කෝ. මේ සලරුව බාර ගනිද්දි මම මේක බලලා තිබ්බේ නෑ . ඇනිමේශන් එකක් කරන්න ආසාවට හොයලා හොයලා සබ් එකක් කරලා නොතිබ්බ නිසා ඉක්මනට වෙන් කරගත්තා . පස්සේ සබ් එක කරන්න කලින් බලද්දි තමයි මට දැනුණේ කොච්චර ලස්සන සලරුවක්ද මට ලැබිලා තියෙන්නේ කියලා . සංවේදී චිත්‍රපටයක් බවනම් නොකියාම බැහැ.
ඉතින් ආරාධනා කරනවා ළමා කාලයේ මිත්‍රත්වයේ සොඳුරු මතක යළි අවදි කරන්න. ආවර්ජනය කරන්න. කුඩා කාලයේම නොලැබී ගිය මවු පිය සෙනෙහසක උණුසුම විදගන්න, බාධක කම්කටොළු මැදින් ජීවිතය සොයා ගෙන යන්න . අවසානයේ තමන්ට අයත් පවුලක සාමාජිකයෙක් වෙන්න . ජීවිතය තිත්ත වූ අයෙකුට එහි මිහිර කියාදෙන්න , විදගන්න ඒ සොඳුරුතම හැගීම.
සමුගන්නම් තවත් මිහිරක්අරන් එනකම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,364 downloadsDownload When-Marnie-Was-There-2014.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බේනුක නිම්හාන් සේනාධීර
Subtitles
31 comments
Soori
nishannw
ස්තූතියි සහෝ..එළ ජය වේවා
geeganagamage
බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කාටුන් ෆිල්ම් එකක් අරගෙන ආවාට .
Kulanjana Maduranga
subata thanks....
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
kaweesha kalyana
issaragatath anime walata sab demu...
thanks for sub...Chanu mikhail
meka kalin baluwa., lassana anime ekak, thax bro dan ai balamu :) , jaya., thawa anime gemu....!!
URSboy
film eke link ekak diyanko bn
Tharaka
thanks............
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!පැතුම් ඉෂාර
සබට බොහොම ස්තූතියි සහෝ!!! තවත් මේ වගේ සුපිරි ජපන් ඇනිමේටඩ් ෆිල්ම් වලට සබ් දෙමු!!! ජය වේවා!!!
Su
Sthuthiy saho sub ekata.. jaya wewa.. !
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වෙවා...!!kavinuweerakkody
අඩේහ්!! ස්තූතියි මචන් සබට... පට්ට ලිපිය ඈ!! සිරාවටම සුපිරි..මේන් බෑවෝ..
Udara Damith Dissanayaka
niyamayi
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි බේනුක සහෝ.
ජයෙන් ජය.AsithaDilruwan
Goadak lassana kathwak
kawruth balannaEmi
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සබ් එකට.....!
බොබී
ලිපියත්, උපසිරැසියත් දෙකම අගය කළ යුතුයි. දිගටම කරගෙන යමු, සහෝ.
විමා
මේවා හරි අපුරු ෆිල්ම්ස්
සබට තුති මලේ :Dtharaka45
කලින් බලපු ෆිල්ම් එකක්... කම්මලි නිසයි බලන්න වෙන ෆිල්ම් එකක් තිබ්බේ නැති නිසයි බැලුවේ. මුලින් පොඩ්ඩක් කම්මැලි වගේ දැනුනත් වෙන කිසිම ෆිල්ම් එකක දැනුනේ නැති වචනයෙන් විස්තර කරන්න බැරි හැගීමක් ෆිල්ම් එකේ අවසානයට දැනුනේ.. අවසානය වෙනකන් කතාවේ කුතුහලයත් උපරිමව තියාගෙන තියෙනවා. ගොඩක් ස්තූතියි මෙවැනි වටිනා ෆිල්ම් එකකට සබ් එකක් ලබා දුන්නට..
IreshSampath
thanks
sameera.chanu
thanks bro
Pubudu_shankanath
thanx
TMK
thanks
leekim
our shining day chinese movie eke sub dennako
Waruna Kamalawansha
ජපන් ඇනිමේෂන් නම් පට්ට.. බොහොම් ස්තූතියි...
Pavith Wijesooriya
මේ ඇනිමේ එකට උපසිරසිය ලබා දීම ගැන ගොඩක් ස්තූතිවන්ත වෙනවා අයියේ...
Sathsarani
Thanks
Advertisement

බොහෝම ස්තුතියි බේනුක සහෝ......
ලිපිය වගේම ඇනිමේෂන් එකත් හොඳ ඇති.
ජය...!!!