වයි.එස්.රාජසේකර රෙඩ්ඩි : උපත 1949 ජූලි 08 කැම්බල් ක්‍රිස්ටියන් මිෂනාරි රෝහල ජමාලමඩුගු, කාදප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය. ප්‍රාථමික අධ්‍යාපනය : වෙන්කප්පා ගුරුතුමාගේ නිවස. ලොකු වුණාම කවුරු වෙන්නද කියල ගුරුතුමා අහපුවාම රාජසේකර් රෙඩ්ඩි NCC ශිෂ්‍යයකු ලෙසත්, ශිෂ්‍ය ජීවිතය තුළ බර උසුලන්නෙකු ලෙසත් පුහුණුව ලැ…

- වයි.එස්.රාජසේකර රෙඩ්ඩි : උපත 1949 ජූලි 08 කැම්බල් ක්‍රිස්ටියන් මිෂනාරි රෝහල ජමාලමඩුගු, කාදප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය.
- ප්‍රාථමික අධ්‍යාපනය : වෙන්කප්පා ගුරුතුමාගේ නිවස.
ලොකු වුණාම කවුරු වෙන්නද කියල ගුරුතුමා අහපුවාම රාජසේකර් රෙඩ්ඩි NCC ශිෂ්‍යයකු ලෙසත්, ශිෂ්‍ය ජීවිතය තුළ බර උසුලන්නෙකු ලෙසත් පුහුණුව ලැබුවා ඔහු ශිෂ්‍ය සංගමයේ නායකයා ලෙසද තේරි පත් වුණා. එම්.ආර්. වෛද්‍ය විද්‍යාලයේ, ගුල්බර්ග වල 1968 සිට 1972 දක්වා විජයා මෙනවිය සමග 1972 ජනවාරි මස 26 වෙනිදා විවාහයට පත් වුණා කාළය තුළ SV වෛද්‍ය විද්‍යාලයේ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස සේවය කර, ශල්‍ය වෛද්‍ය සංගමයේ සභාපති ලෙස තේරි පත් විය ඔහුගේ පියා වන රාජරෙඩ්ඩි විසින් ඉදිකරන ලද රෝහලේ “රුපියලේ දොස්තර” ලෙස හදුන්වනු ලැබුවා. ඔහු දේශපාලනයට ඇතුළත් වුණේ 1975 වර්ෂයේදී. විජය ලක්ෂ්මී රාජසේකර් රෙඩ්ඩි මහත්මිය ඔවුන්ගේ දරුවන් ජගන් සහශර්මිලා රැකබලා ගත්තා. 1978 දී පුලිවෙන්දුල සිට මැතිවරණයට තරග කර පළමු වතාවට අවු 29ක් වයසැති MLA ලෙස තෝරා පත් කරගන්නා ලදි (ආවු දූඩා පක්ෂය) අන්ජයියාගේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය වරයෙක් බවට පත්ව(ග්‍රාම සුභසාධනක දෙපාර්තමේන්තුවේ) ඔහුගේ ළමාවියේදි තම ගුරුවරයාට දුන් වචනය සත්‍යයක් බව පසක් කළා රජීව් ගාන්ධිගේ මග පෙන්වීම යටතේ, වයස 33 දී PCC සභාපති තනතුරට පත්වීමේ වාර්ථාවකටද හිමිකම් කියනවා (1983-1985) පළමු වරට කාදපේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ලෙස පත්ව සිව් වතාවක් පිළිවෙලින් 1989, 91, 96, 98 පාර්ලිමේන්තු මන්ත්‍රි ලෙසත් 1988 දී දෙවන වතාවටත් PCC සභාපති තනතුරට පත්වූවා 1999 දී ඡන්දයේදි තම පක්ෂය පරාජයට පත්ව,1999- 2004 දී විපක්ෂ නායක බවට පත්වුණා වර්ෂ 2000 දී, දින 14 ක් නිරාහාරව වර්ජනය කළා විදුලි බිල් ගාස්තුවට විරුද්ධව.
ඉන්දියානු දේශපාලන තුළ තවත් යුග පුරුෂයෙක් යෙඩුගූරි සන්දින්ති රාජසේකර රෙඩ්ඩි මහතාගේ චරිත කතාව අලලා 2019 පෙබරවාරි මාසයේ 19 වන දින තිරගතවීම ආරම්භ කරන ලද පැය 2 කුත් විනාඩි 07ක් පුරා දිවෙන Biography, Drama ගණයට අයත් IMDb අගය 9.0ක් තරම් සුපිරිම ඉහළ අගයකට හිමිකම් කියන ඉන්දියානු සිනමාවේ තවත් දැවැන්තයෙක් වන Mammootty ගේ සුපිරිම චරිත නිරූපණයක් සමඟ මගේ 28 වෙනි උපසිරැසි නිර්මාණය ගෙන එන්න මට හැකි වුණා. විපක්ෂයේ ඉන්න රාජසේකර රෙඩ්ඩි මහතාගේ පක්ෂයෙන් එළඹෙන අතුරු මැතිවරණයට, තම පක්ෂය තුළින්ම එල්ල වෙන කැපිලි කෙටිලි හමුවේ අසරණ දුප්පත් ගොවි ජනතාව වෙනුවෙන් සේවයක් කළ යුතුයැයි පරම චේතනාව ඇතුව ඔවුන්ගේ දුක තේරුම් අරගෙන ඔවුන්ගේ ගැටලු ගැන විමසීමට පාද යාත්‍රාවක් පටන් ගන්නවා.ගමින් ගමට ගොස් අසරණ මිනිසුන්,ගොවියන් මුහුණ පාන්නා වු කටුක අත්දැකීම් අත්දැක අත්විදගන්නවා.තමන්ගේ ඉදිරිපිටම භෝග අස්වැන්නට හොද මිළක් නැතුව සියදිවි හානි කරගන්නා ගොවියන් දකිනකොට, රෝහලේ ඉන්න අහිංසක දරුවා බෙහෙත් ගන්න මුදල් නැතුව මිය යනකොට සැබෑ ජනහිතකාමි දේශප්‍රේමියෙක් කොහොමද බලාගෙන ඉන්නෙ.ගමින් ගමට අසරණ ජනතව එක් රොක් කරගෙන කරගෙන ගම් නියම් ගම් සිසාරා පිය නගන “පාද යාත්‍රා”වේදි දිනක් රාජසේකර මහතා සිහිසුන්ව ඇදගෙන පවා වැටෙනවා. වරෙක තම පක්ෂයෙන් යාත්‍රාවට විරෝධීව කණ්ඩායමක් පවා එවනවා.මොන බාධක ආවත් නොනැවති ඉදිරියට ඇදෙන පාද යාත්‍රාව වටා මහා ජන බලයක් එක් රොක් වෙනවා. රාජසේකර මහතා මෙම ජනතාව අමතා තමන්ගේ පක්ෂය බලයට ආ විගසම නොමිලයේ විදුලියත් ගොවියාගේ භෝගවලට සාධාරණ මිලකුත්, ඔවුන්ට අවශ්‍ය කෘෂිකාර්මික අවශ්‍යතාවයන් ද ? ඕනෑම රෝහලකින් නොමිලයේ ප්‍රතිකාර ලබා ගැනීමට කාඩ් පතකුත් දීමට පොරොන්දු වෙනවා.
මෙම මහා ජනකායේ බලය නිසා අපේක්ෂකයන් තීරණය කිරීමේ බලය පවා එතුමා සතු කරගන්නවා.කෙසේ හෝ අතුරු මැතිවරණයෙන් ආසන 294න් 185කම බලය තම පක්ෂය නතු කරගනිමින් ජයග්‍රහණය කර මහ ඇමති පදවිය ලබාගන්නවා. මහ ඇමති වූ වහාම ජනතාවට පොරොන්දු වූ පරිදි ජනයා ඉදිරියේම පළමු අත්සන තබන්නේ පොරොන්දු වූ නොමිළේ විදුලිය ලබා දීමේ පත්‍රිකාව අත්සන් කරමින්.මහජනතාවට අමිල සේවයක් කරමින් සිටියදී “රුපියලේ දොස්තර ” යන විරුදාවලීය ලත් මෙතුමා 2009 වර්ෂයේදී ගුවන් අනතුරකට ලක්ව අසරණ ජනතාවගේ කඳුළු මැදින් අවසන් ගමන් යනවා එසේ මිය ගියත් අදටත් එතුමාගේ මතකයන් ඉන්දියානු හදවත්වල පවතිනවා. 2010 දි
එතුමන්ගේ නමින් මුද්දරයක් පවා නිකුත් වෙනවා.දේශපාලකයකු හෝ වේවා, ඕනෑම තරාතිරකම පුද්ගලයකු හෝ වේවා, එතුමාගේ චරිතය ප්‍රතිපත්ති තුළින් ගත හැකි ආදර්ශයන් බොහෝමයි.එහෙනම් අලුත් ෆිලුමකින් මුණ ගැහෙමු. පහතින් දැක ගන්න පුලුවන් එතුමාගේ මුද්දරයේ හා පාද යාත්‍රාවේ ඡායාරූප කිහිපයක්.


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD Rip පිටපත සඳහා අදාළ වේ.
2,773 downloadsDownload Yatra-2019.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
20 comments
චානක ඉඳුනිල්
malithmadhushan45
sabata thanks saho
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kumara4
Yatra film eka dannako
rangika Kariyawasam
බෝම තුති සහෝ මලයාලම් එකත් ගැලපෙනවා නේද.ජය වේවා
Kumara4
Film eka nethuwa sub eka witharak epa yalu..apita film eka ganna widiyak ne
Sajiya99
Thanks saho sub ekta
Lalani Maduwanthi
Thank you
virajkd
thanks bro ela
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjeewa2010
Thnxxxxxxxxxxxxxxx
barthelotp
Thanks Dananjaya ,
chandika1975
thank you and good work..keep it up.
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති සහෝ...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!wajira
Thanks for sub
prasakr
supiri wadak bohoma sthuthi
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!thanks bn,,,,,,,Julie 2 Telugu film ekta subeka deepnko mchn, raai laxmi inna aluth ekaa
thanks bn,,,,,Julie 2 Telugu film ekta subeka deepnko mchn, raai laxmi inna aluth ekaa
Advertisement

ස්තුතියි සහෝ සබ් එකට