Watch Trailer

Vice (2018) with Sinhala Subtitles | ලොව වඩාත්ම බලවත් උප ජනාධිපති…[සිංහල උපසිරැසි සමඟ]

ඇමෙරිකා මෑත ඉතිහාසයේ ඇමෙරිකාව තුල සිද්ධ උන දරුණුම ඛේදවාචකය මොකද්ද කියල ඇහුවොත් ඔයාලගේ මතකයට එන්නේ මොකද්ද? ඔව් නිසැකවම ඒ තමයි 2001 සැප්තැම්බර් 11 සිද්ධ උන අල්කයිඩා ප්‍රහාරය. ඒ ප්‍රහාරය නිසා ලොව පුර සිටින අමෙරිකාව වාසස්ථානය කරගත්ත බොහෝ පිරිසකට තම ජිවිත අහිමි උනා. ඒ අතර ශ්‍රීලාංකිකයන් පවා සිටියා. මේ ප…

ඇමෙරිකා මෑත ඉතිහාසයේ ඇමෙරිකාව තුල සිද්ධ උන දරුණුම ඛේදවාචකය මොකද්ද කියල ඇහුවොත් ඔයාලගේ මතකයට එන්නේ මොකද්ද? ඔව් නිසැකවම ඒ තමයි 2001 සැප්තැම්බර් 11 සිද්ධ උන අල්කයිඩා ප්‍රහාරය. ඒ ප්‍රහාරය නිසා ලොව පුර සිටින අමෙරිකාව වාසස්ථානය කරගත්ත බොහෝ පිරිසකට තම ජිවිත අහිමි උනා. ඒ අතර ශ්‍රීලාංකිකයන් පවා සිටියා. මේ ප්‍රහාරය එක්ක විදේශීය වගේම දේශීය මාද්‍ය වලත් නම් කීපයක් හැමදාම ප්‍රවෘත්ති විකාශයන් අතරතුර අපට අහන්න ලැබුනා. ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්, කොලින් පවෙල්, ජෝර්ජ් W. බුෂ් මේ කියවුන නම් අතර නිතර නිතර අහන්න ලැබුනා. අද අපි මේ විස්තර කරන්න හදන්නේ අන්න ඒ නම් අතරින් මේ සිදුවීම සිද්ධ වෙනකොට බලයේ හිටපු ජනාධිපති නෙමේ උප ජනාධිපති ගැනයි. ඇයි උප ජනාධිපති කියල ඔයාල පුදුම වෙනවා ඇති. අපි හැමෝම හිතන්නේ සහ විශ්වාස කරන්නේ ඇමෙරිකානු ජනාධිපති තමයි ලෝකයේම බලවතා කියලා. නමුත් මේ ලෝකයේ බලවතාව තමන්ගේ පාලනයට ගත්ත කෙනෙක් ගැන තමයි අද මේ කියන්න යන්නේ. වර්තමානය සහ මේ කාල වකවානුව වෙනකොට ඇමෙරිකාව විසින් ලෝකයට කරන බලපෑම ඉතා ඉහල මට්ටමක පැවතුනා. ඔවුන්ගේ අත පෙවීම් ඉතාමත් ඉහල මට්ටමක පැවතුනේ මේ කාලවකවානුව තුලයි. 2001 සිදුවූ මේ සිද්ධිය සමඟ ඒ කාර්යය සඳහා ඇමෙරිකාවට බලපත්‍රයක් හිමි උනා වගේ දෙයක් තමයි සිද්ධ උනේ. ඉතින් මේ හැම දෙයක් පස්සෙන්ම හිටියේ ජෝර්ජ් W.බුෂ් ජනාධිපතිවරයද? නැහැ ඒ ඔහු නෙමේ. ඔහුගේ බලතල සියල්ලක්ම නීතියේ තියෙන අහුමුළු වලින් රිංගලා තමන් ජනාධිපති වගේ බලතල ක්‍රියාත්මක කල කෙනෙක් හිටියා. නම ගියේ බුෂ් ජනාධිපතිවරයාගේ උනාට මේ සියළුම දේ පිටිපස්සේ හිටිය ඒ කෙනා තමයි ඩික් චේනි කියන්නේ. අද මේ චිත්‍රපටය පුරාවටම දිවෙන්නේ ඒ අපූරු චරිතයේ විකසනය පිළිබඳවයි.

ඒ වගේම තව දෙයක් මේ උපසිරස සඳහා එකතු වෙනවා රොයිලි ප්‍රනාන්දු සහෝදරයත්. ඔහු සහ මම එකතුවී කරන පළමු උපසිරස බවට මේ උපසිරස පත්වෙනවා. එහෙනම් මම ඔයාලට කියන්නම් ඩික් චේනි කියන්නේ කොහොම කෙනෙක්ද කියල.

කවුද මේ ඩික් චේනි???

Mr.Richard P. “Dick” Cheney

ඩික් චේනි කියන්නේ පහල ස්ථරයේ සිට ඇමෙරිකාවේ ලඟා වෙන්න පුළුවන් ඉහලම ස්ථරය දක්වා ලඟා වුන පුද්ගලයෙක්.  ඔහුගේ මුතුන් මිත්තන් 17 වන ශතවර්ෂය තුල එංගලන්තයේ සිට ඇමෙරිකාව දක්වා සංක්‍රමණය වූ පිරිසක්.  ඒ වගේම පසුකාලීනව ජනාධිපති වූ බැරක් ඔබාමා හටත් ඔහු දුරින් නෑදෑකම් කියනවා. ඔහුගේ පියා ඇමෙරිකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පස් සංරක්ෂණ නිලධාරියෙක් උන අතර රිචර්ඩ් ඩික් චේනි පස්දෙනෙකුගෙන් යුත් පවුලක එක සාමාජිකයෙක්. ඩික් චෙනිගේ මුල් කාලය එනම් තරුණ කාලය එතරම් යහපත් උනේ නැහැ. නෙබ්‍රස්කා වල තිබු විශාල පාසලක් වූ Calvert Elementary School පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරු ඩික් පසුව ඔහුගේ දෙමාපියන් Casper, Wyoming වලට සංක්‍රමණය වූ පසු Natrona County High School පාසලෙන් මූලික අධ්‍යාපනය හමාර කොට Yale University එකට ඇතුළු උනා. පසුව ඔහුගේ යම් හැසිරීම් නිසා ඔහු ඒම විශ්ව විද්‍යාලයෙන් නෙරපනු ලැබුවා. පසුව වයෝමින් විශ්ව විද්‍යාලයට ඇතුළු වී එහිදී ඔහුගේ උපාධිය කලාව සහ දේශපාලන විද්‍යාව සම්බන්ධව අවසන් කරනු ලැබුවා. වයස අවුරුදු 21 දී ඔහු එනම් 1962 නොවැම්බර් මස මත්පැන් පානය කොට රිය ධාවනය කිරීමේ වරදට වැරදි කරුවෙක් උනා. ඒම වරද වෙනුවෙන් ඔහු නැවත වතාවක් ඊළඟ අවුරුද්ද තුලත් අත් අඩංගුවට ගනු ලැබුවා. ඒ සමඟ ඔහුට තමන්ගේ මේ ගමන මේ ලෙසින්ම යනවාද නැතහොත් වෙනත් මාර්ගයක ගමන් කල යුතුද යන්න ඔහුට අවබෝධ වූ බව ඔහු විසින් පවසා තිබෙනවා.

1964 දී ඩික් ඔහුගේ පාසල් පෙම්වතිය වූ ලින් වින්සන්ට් සමඟ විවාහ ගිවිස ගනු ලැබුවා. ඇයත් පසුකාලීනව ඩික් සමඟ දේශපාලන වැඩකටයුතු වලට සහබාගි වෙමින් තනතුරු දැරූ කෙනෙක් බවට පත් උනා. විවාහය සමග ඔවුන්ට දියණියන් දෙදෙනෙක් ලැබුනා. ඔවුන් Elizabeth Lynne Cheney සහ Mary Claire Cheney. 

Mrs. Lynne Cheney.

ඔහුගේ මුල් අවදිය තරමක් අවුල් සහගත උනත් දෙවතාවක් පොලිස් අත් අඩංගුවට පත් වීමත් සමඟ තමන්ගේ ජීවිතය නිවැරදි මගට ගන්න චේනි තීරණය කරනවා. ඔහු මේ ගමන් කරන්න ගත්ත අලුත් මාර්ගයේ පළමු මංසල වන්නේ William A. Steiger නමැති කොංග්‍රස් සාමාජිකයාගේ සහයකයෙක් ලෙස 1969 දී පත් වීමයි. මේ තමයි ඔහු ඇමෙරිකානු බල නිවස හෙවත් ධවල මන්දිරය ආක්‍රමණය කිරීමේ පළමු පියවර වන්නේ. පසුව ඔහු Donald Rumsfeld යටතේ සේවය කරනවා. ඒ 1969-1970 කාලය තුල. ඔහුගේ සේවා කාල එකිනෙක පෙළ ගැස්වුවොත්,

Early White House Appointments (1969–1979) :-

මේ කාලය තුල ඔහු ධවල මන්දිරය තුල විවිධ විවිධ නිලතල දරනු ලැබුවා. මුලින් කොංග්‍රස් සාමාජික සහයකයෙක් ලෙසත් පසුව, ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්ගේ කාර්ය මණ්ඩල සහයකයෙක් ලෙසත්, ධවල මන්දිර කාර්ය මණ්ඩල සහයකයෙක් ලෙසත්, ජීවන වියදම පිලිබඳ කවුන්සිලයේ සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත්, Gerald Ford ජනාධිපතිවරයාගේ සහයකයෙක් ලෙසත් පසුව රම්ස්ෆෙල්ඩ් ආරක්ෂක ලේකම් බවට පත් වන විට ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා දක්වා ඔහු උසස් උනා. 1976, Gerald Ford ජනාධිපත්වරණය වෙනුවෙන් තරඟ වදින විට එහිදී මැතිවරණ ව්‍යාපාර කලමණාකරු ලෙස ඔහු කටයුතු කරනු ලැබුවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ Jimmy Carter විසින් වැඩි ආසන ප්‍රමාණයක් හිමි කරගනිමින් Gerald Ford පරාජය කරනු ලැබුවා. ඒ සමගින් ඩික් චේනි තමන් මෙතෙක් ගමන් ගත මග තරමක් වෙනස් කරගනු ලැබුවා.1976 මැතිවරණ පරාජය සමඟ ඔහු පෞද්ගලික අංශයේ ව්‍යාපාර වලට යොමුවුන අතර 1979 වසරේදී ඔහු නැවත දේශපාලනයට එක් උනා.

ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්, ජෙරල්ඩ් ෆෝර්ඩ් සහ ඩික් චේනි 1975 වර්ෂයේදී.

 

U.S. House of Representatives (1979–1989) : –

1978 වසර අග බාගයේදී  චේනි වයෝමින්ග් ප්‍රාන්තය වෙනුවෙන් කොංග්‍රස් සාමාජිකයෙක් ලෙසට පත් උනා. 1989 වර්ෂය දක්වා චේනි නැවතත් දෙවන වරටත් ඡන්දයෙන් පත් උනා. මේ කාලය තුල ජනාධිපති ලෙසින් Ronald Wilson Reagan 1981 සිට 1989 කාලය තුල 40 වෙනි ජනාධිපතිවරයා ලෙසින් සේවය කරනු ලැබුවා.

      1983 ජනපති රේගන් සහ ඩික් චේනි ඕවල් කාර්යාලය තුල

Secretary of Defense (1989–1993) : –

පසුව පැමිණියේ George Herbert Walker Bush ජනපති වරයාගේ කාල සමයයි. ඔහු තමයි ඇමෙරිකාව තුල පත්වූ 41 වෙනි ජනපතිවරයා. ඒ වගේම මේ කාලය තුල ආරක්‍ෂක ලේකම් වශයෙන් ඔහු විසින් සම්මානනීය සේවයක් සපයා තිබෙනවා. සෝවියට් සමූහාණ්ඩුව සමඟ තිබුන සීතල යුද්ධය වෙනුවෙන් ඇමෙරිකාව තුල ක්‍රියාත්මක වූ යුධ වැඩසටහන් වලට අයත් Avenger II නමැති නාවික යාත්‍රා වලට පහර දීමට නිර්මාණය කල යානා වැඩසටහන, B-2 stealth bomber, V-22 Osprey, Tilt-wing Helicopter,  Aegis Destroyer සහ MX missile වැනි වැඩසටහන් වලට වියදම් කල මුදල් ඔහු විසින් අඩු කරනු ලැබුවා. ඒ වගේම හමුදා බලය 19% කින් අඩු කරමින් ඔහු ආරක්ෂක වියදම් ඉතා විශාල ලෙසින් අවම කරගන්න සමත් උනා. ඒ වගේම චේනි විසින් සෞදි අරාබිය සහ ඒ අවට රටවල් තුල ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරු ඇති කරගන්න කටයුතු සිදු කරනු ලැබුවා. එමගින් ගල්ෆ් යුද්ධය වැනි යුධ කටයුතු පහසු කරගන්න හැකියාව ලැබුණු අතර පසුකාලීනව ඊට එරෙහි මතවාද හරහා ඔසාමා බින් ලාඩන් වැනි ත්‍රස්තවාදීන් නිර්මාණය උනා. විශේෂයෙන් 1991 වසරේදී ඉරාකයේ සදාම් හුසේන් විසින් කුවේටය ආක්‍රමණය කිරීමට හමුදා යවා ඉතාමත් ඉක්මනින් කුවේට් අගනගරය ඔවුන්ගේ පාලනයට නතු කරගනු ලැබුවා. පසුව ඔවුන් සෞදි අරාබිය දෙසට යොමුවන විට එහි සිට ඇමෙරිකානු හමුදා සෞදියට ආරක්ෂාව සපයනු ලැබුවා. එහිදී ඉරාකය විසින් කර ආක්‍රමණය ලෝක ප්‍රජාවගේ පිළිකුලට සහ විරෝධයට ලක් වීමත් සමග ලොව පුරා රටවල් ඉරාකයට එරෙහි වන්න එක්රැස් උනා. ඒ කාරණය තුල සිදු වූ Operation Desert Shield සහ Operation Desert Storm වඩා ප්‍රසිද්ධ වූ ගල්ෆ් යුධ මෙහෙයුම් දෙකක් උනා. පසුකාලීනව බිල් ක්ලින්ටන් 42 වෙනි ජනපති ලෙසින් පත්වෙද්දී චේනි නැවත පුද්ගලික අංශය වෙත යොමු වෙනවා 1993 සිට 2001 දක්වා ඔහු ලොව විශාල සමූහ සමාගමක් වන Halliburton Company හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් සේවය කෙරුවා.

ගල්ෆ් යුද්ධය අතරතුර මාධ්‍ය අමතන ආරක්ෂක ලේකම් චේනි.

Vice Presidency (2001–2009) :-

2000 වසර අගබාගය වනවිට බිල් ක්ලින්ටන්ගේ ජනපති ධූර කාලය අවසන් වත්ම Halliburton ප්‍රධාන විධායක නිලධාරි ඩික් චේනි හට ඇරයුමක් ලැබෙනවා ජෝර්ජ් W. බුෂ්ගෙන්. තරමට ආධුනිකයෙක් වූ ඔහු ඒ වනවිට තම උපජනපති තනතුර සඳහා කෙනෙක් සොයමින් සිටිනවා. ටෙක්සාස් ආණ්ඩුකාර ධූරය දැරූ බුෂ් විසින් උපජනපති කෙනෙක් සෙවීමේ කමිටුවක් පත් කල අතර එහිදී ඩික් චේනිද ඒ සෙවීම් කටයුතු වල නිරත උනා. නමුත් ආධුනික බුෂ්ගේ කැමැත්ත උනේ වඩා අත්දැකීම් බහුල වූ ඩික් චේනි තම උප ජනපති වශයෙන් මැතිවරණ ව්‍යාපාරයට හවුල් කරගැනීමටයි මතභේදකාරී මැතිවරණයකට පසුව බුෂ් 43 වෙනි ජනපති වශයෙන් පත් වූ අතර ඩික් චේනි 46 වෙනි උපජනපතිවරයා බවට පත් වන ලදී. චිත්‍රපටය නරඹන ඔබට දකින්න ලැබේවි ඩික් කොයිතරම් බුෂ් ජනාධිපතිවරයාගේ අත්දැකීම් විරල බවින් ප්‍රයෝජන ගෙන ජනපති බලතල ඔහු විසින් ක්‍රියාත්මක කලාද කියල. උපජනපති වශයෙන් එක වෙන්න නම් ඩික් විසින් ජෝර්ජ් බුෂ්ට කොන්දේසි ඉදිරිපත් කරනු ලැබුවා. නමුත් ආධුනික බුෂ්ට අවශ්‍ය උනේ තමන්ගේ ජයග්‍රහණය පමණයි. 2001 බුෂ් පත් වීම සමඟ ඇමෙරිකාවේ මෑත කාලීනව සිද්ධ වූ ලොකුම ප්‍රහාරය බින් ලාඩන් ප්‍රමුඛ ත්‍රස්තවාදී කණ්ඩායම සමත් උනා. ඒ කාලය තුල ඩික් චේනි තමයි උපජනපති ධූරය දැරුවේ ඒ වගේම ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් සහ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානියා උනේ කොලින් පවෙල්.

2001 සැප්තැම්බර් 11 ත්‍රස්තප්‍රහාරය දෙස බලා සිටින ඩික් චේනි.

මේ ප්‍රහාරයත් සමඟ ඇමෙරිකානු ජනාධිපති සහ ඩික් චේනි ඉතාමත් රහසිගත ස්ථාන වල වරින් වර ඇමෙරිකාව තුල ජිවත් උනා. ඒ වගේම විශාල ආරක්ෂක පිරිවරක් සමඟ ඔහුගේ ගමන් කටයුතු සිදු කරන්නත් උනා. ඒ වගේම 2002 ජුනි 29 වෙනි දින බුෂ් ජනාධිපතිගේ ශල්‍යකර්මයක් හේතුවෙන් පැය කීපයකට ඩික් චේනි වැඩ බලන ජනාධිපති ලෙසට පත් උනා. ඒ වගේම ඉන්පසු ඉරාකය ආක්‍රමණය කරන්න මේ සිදුවීම යම් ආකාරයක හේතුවක් කරගන්න සමත් උනා. තලෙයිබාන් සාමාජිකයන් ඇෆ්ගනිස්ථානය තුල සිටියත් ඉරාකයටත් න්‍යෂ්ඨික ආයුධ සම්බන්ධ ඡෝදනා එල්ල කරමින් සදාම් හුසේන් සමඟ තිබු පරණ කෝන්තර අලුත් කරගන්න මේක අවස්ථාවක් කරගත්තා. චිත්‍රපටය බලනකොට ඔයාලට තේරෙයි චේනි ඉරාකය ආක්‍රමණය කරන්න අවසර දුන්නේ මොනවගේ අහේතුවකටද කියල.

ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්, ජෝර්ජ් W. බුෂ් සහ ඩික් චේනි.

2005 වසරේදී බුෂ් සහ චේනි නැවත ඒම තනතුරු වලට පත් උනා දෙවන ධූර කාලය වශයෙන්. ඒ ජෝන් කෙරීට එරෙහිව මැතිවරණ සටන ජය ගනිමින්.මේ කාලය තුල චේනිගේ දියණියක් වූ මේරිගේ පුගලික කාරණයක් වැඩි වශයෙන් මතු උනා. ඒ තමයි ඇය සමලිංගිකයෙක් ලෙසින් ගැබ් ගැනීම සහ එහි නීතිමය පසුබිම විවාද වල ප්‍රධාන තැනක් ගනු ලැබුවා. ඒ වගේම ඔහුගේ කාලය තුල විවිධ සිද්දි නිසා ඔහු විටින් විට පත්තර වල ප්‍රධාන චරිතය බවට පත්වූ අවස්ථා බොහොමයි.

  • CIA leak Scandal – Plame affair – (Valerie Elise Plame නමැති CIA නිලධාරිනිය සම්බන්ධ තොරතුරු නිරවරණය වීම)
  • Assassination Attempt – 2007 Bagram Airfield bombing-  (2007 පෙබරවාරි 27 උදෑසන බැග්රාම් ගුවන් තොටුපලේ සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරය)
  • Policy Formulation- (විවිධ අනපනත් සහ විදේශ ප්‍රතිපත්ති නිර්මාණය)
  • Views on President Obama- (ජනපති ඔබාමාගේ දේශපාලන ක්‍රම විවේචනය)

මේ තමයි ඩික් චේනි කියන්නේ. එහෙනම් දැන් එන්නම් මේ චිත්‍රපටය පැත්තට. ඇත්තෙන්ම පසුගිය ඔස්කාර් සම්මාන උළෙලේදී රෙයිමි මලික් එක්ක කරට කර සටනක් දෙන්න පුළුවන් නළුවෙකුට හිටියේ ඩික් චෙනිගේ චරිතය රඟපෑ Christian Bale නමැති අග්‍රගන්‍ය රංගධරයා. Batman ත්‍රිත්වය හරහා රසික හදවත් දිනාගත් ඔහුගේ කැපවීම සහ චරිතයකට කරන සාධාරණය කොහොම එකක්ද කියන එක මීට කලින් කීප වතාවක්ම ඔහු මනාව ඔප්පු කරලා හමාරයි. ඉතින් ඩික් චේනිගේ හැඩරුවට සමානව ඔහු තමන්ගේ සැබෑ ස්වරූපය වෙනස් කරගැනීම නම් ඉතාමත් පුදුමයි. පහතින් තියෙන්නේ ඔහු එසේ තම ස්වරුපය වෙනස් කරගත් ආකාරය දක්වෙන්න සන්සංදාන්ත්මක ඡායාරූප කීපයක්.

 

ඩික් චේනි සහ ක්‍රිස්ටියන් බේල් 

කෙසේ නමුත් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ වැඩි බලාපොරොත්තු දෙක අතරින් රෙයිමි මලික් ඒ සම්මානය දිනා ගනිද්දී නාම යෝජනා අටක් අතුරින් Best Achievement in Makeup and Hair styling යන සම්මානය මේ චිත්‍රපටයට හිමි උනා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය The Other Guys (2010), Step Brothers (2008) අධ්‍යක්ෂණය කල Adam McKay විසින් සිදුකර තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයට තවත් දක්ෂ නළු නිලියන් බොහොමයක් සම්බන්ධ වෙලා තියෙනවා. Amy Adams, Steve Carell, Sam Rockwell, Tyler Perry වගේ නළු නිලි පිරිසක් මේ චිත්‍රපටයේ රංගන දායකත්වය සපයනවා. ඒ වගේම IMDb අගය 7.2ක්. එහෙනම් මෑත කාලයේ ලෝකයේ විවිධ සිදුවීම් වලට මූලික වූ ඇමෙරිකාවේ මෙතෙක් බිහි වූ බලවත්ම උප ජනාධිපති හෙවත් ඩික් චේනිගේ ජිවිත කතාව දැකගන්න මෙතැන් පටන් ඔබට බාරයි. ගිහින් එන්නම්. හැමෝටම ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEB/Bluray පිටපත් සඳහා ගැලපේ.

5,901 downloadsDownload Vice-2018-BR.zip139 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න”  සහ “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBERS
JOINING DATE – 2012-12-29 & 2009-03-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,901 downloadsDownload Subtitles139 KB

46 comments

  1. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!

  2. Chinthanaaththanayake

    elaa ❤

  3. saman97

    You have done a excellent work. Thanks

  4. Praneeth priyadarshana

    Tks bokkala

  5. Sihalhasantha

    Thnk u ❤

  6. දමිත් රත්නායක

    සහෝලා දෙන්නටම බොහොම ස්තුතියි.
    සුපිරි ලිපියක් වගේම සුපිරි චිත්‍රපටයක් ගෙනවාට.
    ජයෙන් ජය.

  7. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  8. ranga11112

    dedenatama bohoma sthuthiy
    theruwansaranai

  9. ආසිරි ප්‍රියන්ත

    තද තද ආයේ තේරෙන සිංහලෙන් බලන්නෝන.

  10. Kanchaka

    Thanks bro

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. Charitha65

    Great..niyama wedak.thanks bro

  13. AshenTM

    ela ela

  14. sampath n perera

    loku weda kaarayo dennek ne meka karala thiyenne
    ithin meka balnnama wenawa...thanks

  15. rb maya

    Ela, nyamai

  16. Tharu

    ❤️

  17. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  18. bLack_sNow

    Thank you saho sub ekata

  19. pra78

    thank you legends.. oba depalage sub genaithin ahannath deyakda. Film eka wagema sub ekath supiriyatama ethi. lipiyath niyametama thiyenawa.
    Thank you brothers. wedi wediyen sub karanna api wenuwen. Jaya wewa..

  20. indika75

    thanks..

  21. chandika1975

    thank you and good worked.

  22. Pradeepkumara

    Thanx sahola 2ntama

  23. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxx

  24. D.Chamara

    oba depalatama bohoma sthuthi sahooo jaya

  25. Nirosh C

    ස්තුතියි දෙපළටම..ජයවේවා1

  26. Udara Damith Dissanayaka

    happa ela

  27. Dhanushka Shezam

    Elaz

  28. Sandaru

    Thanks for sub.good luck bro

  29. AsithaDilruwan

    ela saho thanks

  30. MadhuBandara

    thank you yaluwa

  31. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් දෙපළටම ස්තුතියි..
    Kurks 2018 එකටත් උපසිරැසි දෙන්න..
    තෙරුවන් සරණයි...!

  32. Ravindu Rukshan

    Thx

  33. Mevandhanushka

    Thanks...

  34. kosala Jayakody

    Its great a film............no words,,,,,,,,no doubt.......great job royleee bro

  35. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  36. suchroxx

    Thanks Bros

  37. pradeepravindra

    උපසිරැසියට බොහොම ස්තූතියි රොයිලි සහෝ, හසන්ත සහෝ ඔබලාට ජය

  38. Thimira Upeka

    සහෝදරය, GOT වල Bluray Update eka dennnako

  39. gayanmagee

    thanks

  40. sam fisherr

    මේ වගේ එවට සබ් හම්බ වෙනවනම් ඉතිං baiscope එකෙන් තමං සත්ති ඔය දෙන්නටම "royboy" අයියේ සහ "හා.වි(ඩෙන්ට්)අයියේ.
    පොඩි ඉල්ලිමක් තියනවා true detective season 3,better call soul වලට සබ්දෙන්න 8 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කරන්න(මේදවස්වල හැම එකටම කමිටුනේ)

  41. Waruna Kamalawansha

    පට්ට කතාවක් වගේ... පසුබිම් විස්තරයත් නියමයි.... ඒක නැතුව බැලුවා නම් වැඩකුත් නැ..... බොහෝම ස්තූතියි

  42. Chamil-kumara

    ස්තූතියි

  43. dragonhero

    thanks

  44. blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

  45. Anonymous

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.