Watch Trailer

Pete’s Dragon (2016) with Sinhala Subtitles | ආදරණීය මකරා, එලියට් (100) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතිං. අදත් ටිකක් විශේෂ දවසක්. ඒ කියන්නෙ ඉතින් දෙවැනි කඩයිම. හැබැයි ඉතින් මේ කඩයිමට ගත්ත කාලෙ නම් හුඟක් වැඩියි කියල මං දන්නවා. අද තමා මං සබ් කරන ගමනේ පහු කරන දෙවැනි කඩයිම. හැබැයි ඉතින් මෙතනින් පස්සෙ නම් ඊළඟ කඩයිම පහු කරනවා කියන ඉලක්කය නම් හිතේ එච්චර නෑ. ඉස්සරහට පුළුවන් සබ් ටික කරගෙන යනවා කියන…

Pete's Dragon (2016)-100

කොහොමද ඉතිං. අදත් ටිකක් විශේෂ දවසක්. ඒ කියන්නෙ ඉතින් දෙවැනි කඩයිම. හැබැයි ඉතින් මේ කඩයිමට ගත්ත කාලෙ නම් හුඟක් වැඩියි කියල මං දන්නවා. අද තමා මං සබ් කරන ගමනේ පහු කරන දෙවැනි කඩයිම. හැබැයි ඉතින් මෙතනින් පස්සෙ නම් ඊළඟ කඩයිම පහු කරනවා කියන ඉලක්කය නම් හිතේ එච්චර නෑ. ඉස්සරහට පුළුවන් සබ් ටික කරගෙන යනවා කියන එකයි හිතේ තියෙන්නෙ. මොකද ආයෙම පෙබරවාරි විතර ඉඳන් වගේ ඉගෙන ගන්න කටයුතු ආරම්භ කරන්න වෙන පාටක් තියෙන්නෙ. ඉතින් ඒ නිසා ඉස්සරහට හම්බෙන ෆිල්ම් ටිකක් කරන්න තමා බලාපොරොත්තුව. හරි ඉතින් එහෙනම්, අද මගේ 100 වෙනි උපසිරසි නිර්මාණය බයිස්කෝප් සයිට් එකේ පළවෙන දවස. ඇත්තටම කිවුවොත් මේ මගේ 106 වෙනි උපසිරසිය. ගෝතම් කරන්නම වුණ නිසා ඉතින් 100 පැන්න වගේම මං ටාගට් කරපු ෆිල්ම් එකට කළින් මට 100 ගහන්නත් වුණා. 100 ගහන්න හිටියෙ නම් ඉතින් ජැ.රි. 2 වලින් තමා. කොහොම වුණත් ඉතින් මේකෙන් ගහන්න වුණා අන්තිමට. හෙ හේ… ඉතින් පොඩ්ඩක් එහෙනම් මං මගේ සබ් ගමන ගැන මතක් කරලා ඉන්නම්. (පටන් ගන්නකොටම කියන්නම් ඉතින් මේ ලිපියෙ හුඟක් තියෙන්නෙ සබ් ගමනට අදාළ විස්තර. ඒ නිසා පොඩ්ඩක් රුස්සන්නෙ නැති කෙනෙක් වගේ ඉන්නවා නම් කෙළින්ම ලිපිය පල්ලෙහාට ගිහින් ඒකෙ උඩ ඡේදෙන් වගේ ෆිලුම ගැන පොඩි අදහසක් ගන්න කියලා ඉල්ලනවා. මොකද දැන් අතින් කාගෙන සිනමාපට රසවිඳින මිනිස්සු වෙනුවෙන් සබ් කරන අයට හොඳ කියනවට වඩා ලිපියෙ මාතෘකාව ලස්සනට දැම්මත් ඒකෙ තියෙන්නෙ ෆිලුමෙ නමේ තේරුම නෙවෙයි කියල නිකන් කෑගහන කට්ටියනේ. ඒ කට්ටියට තමා මං මෙහෙම කිවුවේ. මොකද ඉතින් අපි දෙගොල්ලොම බොරුවට ලේ පුච්චගන්න ඕන නෑනෙ. ඒකයි. අනිත් සාමාන්‍ය අය ඉතින් ලිපිය මෙතන ඉඳන්ම කියවගෙන යන්න කියලා ඉල්ලනවා. 🙂  )

මුළින්ම මං සබ් එකක් කලේ 2013 සැප්තැම්බර් 15. ඒ The Lion King 2 සිනමාපටය. ඒ දවස් වල හුඟක් ප්‍රතිචාර හම්බුණා මුල්ම සබ් එක විදිහට. ඒ ගැම්මත් එක්ක දෙවනියට Ghajini කළා. ඒ මුල් සබ් කරන්න ගත්තහම කාපු කට්ට අනන්තයි. අඩුපාඩුත් වෙන්න ඇති. ඉගෙන ගත්ත දේවල් නම් අනන්තයි. තාමත් ඉගෙන ගන්නවා. ඇත්තම කිවුවොත් මුලින් කරන්න ගත්තෙ Tangled. ඒත් පස්සෙ දැක්කා ඒක සයිට් එකේ දීලා කියල. ඊට පස්සෙ තමා ලයන් කින්ග් කරන්න ගත්තෙ. ඒ දවස් වල නම් සබ් කරන කට්ටිය අල්ප නිසා වෙන් කරගන්නෙ නැතුව වුණත් ෆිල්ම් කරලා එවන්න පුළුවන් වුණා. මොකද මං එක්ස් මෙන් වෙනකම්ම කරපු ෆිල්ම් ටික මට මතක විදිහට මං වෙන් කරගත්තෙත් නෑ. කොහොම හරි ඔරිජින්ස් එකේදි ඔය ප්‍රශ්ණය ආවා. මං කරන්න ගද්දි තිසරය කරලා එවල. එක්ස් මෙන් ටිකත් විමා තමා කරන්න ඉඳලා තියෙන්නෙ. කොහොම හරි ඌ හිත හිත ඉද්දි මං දීලා ඉවරයි. බුකියෙන් සෙට් වුනාම තමා ඔය කතාව ඌ කිවුවෙ. හෙ හේ… කණගාටුයි ඉතිං ඒ මුල් සබ් කරන්න ගන්නකොට තිබ්බ උනන්දුව දැන්නම් බිංදුවට බැහැල වගේ. ඒකට ඉතින් හේතුව සබ් කිරීම සාමාන්‍ය දෙයක් වෙලා අපේ මහන්සිය මිනිස්සුන්ට අගයක් නැති වෙලා ගිහින් නිසා. ඉස්සර සයිට් එකේ සතියකට දුන්නෙ සබ් 5ක් වගේ. ඒත් අද වෙනකොට, සතුටුයි කියන්න, අපි දවසට සබ් පහක් වගේ දෙන තැනට සයිට් එක උඩට ගෙනල්ලා තියෙනවා. ඉතින් දවසේ විඩාව නිවාගන්න සිනමාපට, සීරියස් එහෙම රස විඳින අයට බයිස්කෝප් අඩවියෙන් සාධාරණ සේවයක් වෙනවා කියලා මං හිතනවා. ඉතින් කොහොම හරි ඔහොම ඇවිල්ලා මුල්ම කඩයිම විදිහට 50 වෙනි උපසිරසිය කලේ The Last Which Hunter සිනමාපටයෙන්. ඒ 2016, ඒ කියන්නෙ මේ අවුරුද්දෙ ජනවාරි 12. කොහොම හරි ඔන්න ඊට පස්සෙ දෙවැනි කඩයිමට අද ආවා. ඒ ගමනෙදි ටීවී සීරියස් විදිහට 24  වලටයි, එක්ස් ෆයිල්ස් මුල් සීසන් එකටයි, ක්වොන්ටිකෝ එකටයි, ඩෙයර්ඩෙවිල් එකටයි, ලූක් කේජ් එකටයි ඒ වගේම සුපර්ගර්ල් එකටයි සමහර කොටස් වලටත්, ගෝතම් දෙවනි සීසන් එක වෙනුවෙන් සම්පූර්ණම දායකත්වයත් ලබා දෙන්න පුළුවන් වුණා. කරපු ෆිල්ම් ගැන නම් එකින් එක කියන්න ඕන නෑ. ඒත් ෆිල්ම් කරද්දි විමා එක්ක එකතු වෙලා මේ ගමනෙදි ෆිල්ම් තුනක් කළා. ඒ තමා Stuck in love, Eddie the Eagle සහ Criminal කියන සිනමාපට තුන. චාමිකර එක්ක එකතුවෙලා Steve Jobs කළා. ඒ වගේම නිර්මාණි අක්කා එක්ක එකතු වෙලා Concussion එක කරන්න පුළුවන් වුණා. හැබැයි ඉතිං ලොකුම දුක වුණේ රොයිලි අයියයි හසා අයියයි BvS එක අතටම ගෙනත් දීලත් මං චාන්ස් එක නැති කරගත්ත එක තමයි. :'( ඉතිං අද මතක් නොකර යන්න බැරි හුඟ දෙනෙක් ඉන්නවා. එහෙනම් ඉතින් මතක් කරන්න පටන් ගමුකො.

මුළින්ම මතක් කරන්න ඕනා ලහිරු අයෙෂ්මන්තයව. ඉංග්‍රීසි ඉගෙනගන්න ඕන නිසා ඉංග්ලිෂ් සබ් එක්ක ෆිල්ම් බල බල ඉන්නකොට අයේශය තමයි මට කිවුවෙ මෙන්න මෙහෙම සයිට් එකක් තියෙනවා, ගිහින් බලපං කියල. ඉතින් ඊට පස්සෙ තමයි මටත් සබ් එකක් හදන්න ඕන කියල හිතුනෙ. ඉතින් ඒක කිවුවා වගේම සබ් හදද්දි සමහර ෆිල්ම් එහෙමත් උගේ ඩේටා වලින්ම මට බාලා ගෙනත් දුන්නා. ඊට පස්සෙ ඉන්නෙ අම්මයි තාත්තයි. අම්මා ඉතින් “උඹ ඕකෙම එල්ලිලා හිටහං. බෙදනකන් කෑගහනවා, බෙදුවම මේසෙ උඩ සීතල වෙනවා” කිය කිය කෑගගහා බත් එක, තේ එක එහෙම ළඟටම ගෙනත් දෙන අතර තුරේ තාත්තා ඉතින් මුකුත් නොකියා ” ඉඳා, මේ මාසෙ කාඩ් දාගනින්” කියලා සල්ලි කීයක් හරි දීලා යනවා. මාත් සද්ද නැතුව ගන්නවා. :3 ඉතින් ඒ දෙන්නට ගොඩක් පිං දෙන්න ඕනා මේ වැඩ වලට මට උදව් කරනවට. ඊට පස්සෙ එනවා බයිස්කෝප් සෙට් එක. එතෙන්දි ඉසිර අයියා, එහෙමත් නැත්නම් පොතේගුරා මූලිකයි. මොකද ඉසිර අයියා තමයි මේ අද තියෙන සයිට් එකට අත්තිවාරම දැම්මෙ. ඉතින් දැන් අපිත් එක්ක සයිට් එකේ නැති වුණත් ඉසිර අයියව මේ වෙලාවෙ මතක් කරන්න ඕනා. ඒ වගේම අපේ අනිත් ප්‍රධාන ඇඩ්මින් කෙනෙක් විදිහට සයිට් එකට හුඟක් දායකත්වය දක්වපු වාසල අයියව. ඒ වගේම ෆේස්බුක් ග්රූප් එක කරන විකීව. විකීට පස්සෙ බුකියෙන් සෙට් වුණේ විමාව. විමා මාර්ගයෙන් තමා සයිට් එකේ අනිත් අයව අඳුන ගත්තෙ. එදා ඉඳල අද වෙනකම් ඉස්සර ඉඳන්ම ආශ්‍රය නොකළත් නියම, විශ්වාසවන්ත හොඳම යාළුවෙක් විදිහට ඉන්නවා. වලි දාගත්ත වාර ගණන අනන්තයි. :v . කොහොම හරි ඉතින් මූ නිසා බයිස්කෝප් සෙට් එකේ අතහදා බැලීමේ විනෝද චාරිකාවත් යන්න පුළුවන් වුණා. ඒ වගේම නූල් ඉරෙන රෙද්දකින් මුල්ම බයිස්කෝප් ෂර්ට් එකත් මහගන්න පුළුවන් වුණා. :3  මොනා වුණත් හිත හොඳයි හැබැයි මූට තාම කෙල්ලෙක්ව තමා සෙට් නොවුනෙ. 2017 වත් සෙට් වෙයි කියල හිතනවා. :3 ඊට පස්සෙ ඉන්නෙ නිර්මාණි අක්කා. බයිස්කෝප් එකෙන් සෙට් වුන මුල්ම කාන්තා පාර්ශවය වගේම බයිස්කෝප් වෙබ් අඩවියේ මුල්ම කාන්තා ඇඩ්මින් වරිය. තමන්ගෙ සහෝදරයෙක්ට වගේ අධ්‍යාපනික පැත්තෙනුයි, ආර්ථික පැත්තෙනුයි නෑ බෑ නොකිය මට හුඟක් උදව් කරලා තියෙනවා. ඒ තරමට හරිම හොඳ කෙනෙක්. ඒත් ඉතින් හැමදාම වගේ මං එක්ක වලියක් දාගන්නවාමයි. :v දැන් ඉතින් අමෙයිසින්ග්ලි ක්‍රෙයිසි කෙනත් සෙට් වුණ නිසා ඉස්සරහ අධ්‍යාපනික වැඩ එහෙම තව හොඳට කරගෙන යන්න පුළුවන් වෙයි කියල හිතනවා. 😀 ඊළඟට ඉන්නෙ හසා අයියා නොහොත් චෝකෝ මාමා. මට ගෝතම් පැටෙව්වෙ මේ යකා තමා. කරගෙන යද්දි තිබ්බ අඩුපාඩු හුඟක් කියල දුන්නා. ඒවා හදාගන්න ඇති කියල මං හිතනවා. ඒ වගේම හසා අයියගෙ සබ් වලිනුත් ගත්ත දේවල් හුඟක් තියෙනවා. ඒ වගේම අර ගෙනත් දෙනවා කියපු වටිනා කියන දේත් ගෙනල්ලා දෙයි කියලා හිතනවා ඊළඟ පාර ලංකාවට එද්දි. ඔව්. 😀 ඊට පස්සෙ ඉන්නවා අපේ තිසරයා නොහොත් සෝජුවා. :3. මීක් සද්දයක් නැති වුණත් හෙන භයානක ඩයල් එකක්. මංසල මේ දක්වාම ඇදගෙන ආව කෙනා සහ ඇදගෙන යන අයගෙන් කෙනෙක් තමා තිසරයා. කොහොම හරි මූ එක්ක එක්ස් මෙන් ඔරිජින්ස් එක නිසා මට යකා නැගල හිටියෙ. පස්සෙ ඉතින් ශේප් වුණා. හෙ හේ… දැන් ඉතින් කොරියාවෙ ඉඳන් නර්ස් නෝනත් එක්ක ජීවිතේ ඉදිරි වැඩ ටික හොඳට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. Hail Haydra. ඊට පස්සෙ අපේ ප්‍රධාන ඇඩ්මින් කෙනෙක් වෙන රොයිලි අයියා. බයිස්කෝප් එන කෙනෙක් රොයිලි අයියව නොදන්නෙ නෑනෙ. රොයිලි අයියගෙ සබ් වලිනුත් මං ගත්ත දේවල් අනන්තයි. අදටත් ගන්නවා. ඒ වගේම දිනිඳු අයියගෙන් වගේම දිදුල අයියගෙ සබ් වලිනුත් මං හුඟක් දේවල් අරගෙන තියෙනවා. ඒ හැමදෙයක්ම කරන්නෙ උපරිම ගුණාත්මක උපසිරසියක් හදන්න ඕන නිසයි, අපිට වඩා එයාලට මේ අංශයේ අත්දැකීම් වැඩි නිසයි. ඊළඟට ඉන්නවා චාමර සම්පත්. අපේ මංසලේ අළුත්ම ඇඩ්මින් තුමා. වැඩේට සුභ පතනවා. ඒ වගේම අපේ වඩාත් කාර්යබහුලම ඇඩ්මින් තුමා වගේම බොංගෝ එක ගහන්න ට්‍රිප් එක්කන් යන්න නියමෙටම ගැළපෙන ආසිරි අයියවත්, අපේ ප්‍රණීත් චින්තක ඇඩ්මින් තුමා හෙවත් ස්කෝපියන් ලාස්ට් එපිවත්, ඩොක් අයියා හෙවත් සමීර චතුරංග අයියවත්, ඇඩ්මින් කෙනෙක් වගේම අපේ පෝස්ට් වලට ආකර්ශනීය පින්තූර හදලා දෙන, ඒ වගේම ෆිල්ම් බලන්න සෙට් වෙද්දි කළින්ම ටිකට් වෙන් කරලා අපිට උදව් කරන නලින් අයියවත්, අනිත් ඇඩ්මින් තුමා වෙන යශෝධවත්, ඊට පස්සෙ ඩිලාවත්, දසනයවත්, චන්දිම අයියවත්, බාරගත්ත ෆිල්ම් එද්දි හොයාගන්න නැති ගයාන් රූකන්තයවත්, මෙලෝ රහක් නැති මයුරයවත්, පූර්ණිවත්, ඊට පස්සෙ ගෝතම් අන්තිමට ආපු එපියෙන් සහය දක්වපු චමල් මල්ලිවත්, තාරකයවත්, ස්නේක් රාජ්වත්, අපේ පැරණි සිනමාපට පැත්තෙන් බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට ලොකු සහයක් දක්වන අසංක අයියාවත්, ඉසුරු දිල්ශානයවත්, සම්මානිවත්, සුරේනි අක්කවත්, ෂෙරීන් අක්කවත්, සජීවි අක්කවත්, අපේ ටියුබ්ලයිට් හෙවත් නිලුපුල්වත්, සිසිල ප්‍රසාද් සහෝවත්, කැළුම් අයියවත්, කිනාවත්, නුවන්තයාවත්, අපේ ඇරෝ ෆ්ලෑෂ් කොල්ලා වෙන කවිඳුවාවත්, ඩිරෙක්ට් ලින්ක් ටොරන්ට් ලින්ක් පේජ් දෙක කරගෙන යන සදුන් අයියවත්, අචියවත්, අඩෝ තවත් ඉන්නවද, රවිඳු මලයවත් මේ වෙලාවෙ මතක් කරන්න කැමතියි. තව අමතක වුණ අය ඉන්නවා නම් සමාවෙයි කියලා හිතනවා. දැන් එන්න එන්න සාමාජිකයො ගැන වැඩි වෙන නිසා මතක් කරන්න ඉන්න ප්‍රමාණයත් වැඩි වෙනවා. ලිපිය දිග වැඩි වුණා නම් පොඩ්ඩක් සමාව භාජනයකට දාන්න. 😉 එහෙනම් ඉතින් අද ගෙනාපු ෆිලුම පැත්තට හැරෙමුකො.

Saman-100-Wish

ලිපිය කොච්චර දිග වුණත් ෆිල්ම් එකේ නම කියන්න බැරි වුණා. සිනමාපටයේ නම තමයි Pete’s Dragon. සමහර අය නම් මේ නම අහලත් ඇති. 1977 වසරේ මේ නමින්ම යුක්ත සිනමාපටයක් නිකුත් වුණා. මම නම් බලලා නෑ හැබැයි. ඉතින් මේ සිනමාපටය තමයි මේ වසරේ නිකුත් වෙච්ච පීට්ස් ඩ්‍රැගන් සිනමාපටයට පාදක වෙන්නෙ. IMDb අගය 7.1 ක්. මේ සිනමාපටය ගැන නම් සමහරු බැනලත් තිබුණා, එලියට් පරණ එලියට්ට ගෑවිලාවත් නෑ කියල. මං නම් ඒක ගැන මුකුත් කියන්න දන්නෙ නෑ මොකද කළින් සිනමාපටය බලලා නැති නිසා. නමුත් මට නම් සිනමාපටය හිතට අල්ලලා ගිය. ටිකක් සංවේදී සිනමාපටයක්. සමහර තැන් වලදී හදවතට හුඟක් සංවේදීයි. අර අන්තිමට පීට් මකරගෙන් වෙන් වෙලා යන තැන එහෙම. පීට් ග්‍රේස් ලගෙන් එහෙම වෙන් වෙලා මකරා එක්ක පියාඹලා යන තැන එහෙම. ඒ වගේම හුඟක් විනෝදාත්මක තැනුත් තියෙනවා. සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වෙන්නෙ David Lowery. ඉස්සරහට එන පීටර් පෑන් සිනමාපටයකුත් මෙයා අධ්‍යක්ෂණය කරන්න ඉන්නවා කියලා කියනවා. අපේ ප්‍රධාන චරිතය වෙන පීට් විදිහට හුරුබුහුටි Oakes Fegley තමන්ගෙ රංගන දායකත්වය දෙනවා අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම Wes Bentley, Karl Urban, Oona Laurence, Bryce Dallas Howard, Robert Redford වැනි තවත් ජනප්‍රිය නළුනිළියන් කීප දෙනෙක්ම සිනමාපටය වෙනුවෙන් තම දායකත්වය ලබා දෙනවා. එහෙනම් කතා පොඩ්ඩක් බලමු.

කතාවෙ යන්නේ මකරෙක් ළඟ හැදී වැඩෙන පොඩි ළමයෙක් ගැන කතාවක්. මෙයාගෙ නම පීට්. අම්මයි තාත්තයි එක්ක විනෝද ගමනක් යන ගමන් ඉන්නකොට තාත්තා, වාහනේට හැප්පෙන යන මුවෙක්ව බේරන්න ගිහින් වාහනේ අනතුරට පත් වෙනවා. එතනදි බේරෙන්නෙ මේ පුංචි පීට් විතරයි. ඊට පස්සෙ මෙයාගෙ පස්සෙන් වෘකයෝ වගයක් පන්නනකොට ඒ ළඟ තිබුණ කැලේට තනියම දුවගෙන යනවා. අන්තිමේදි වෘකයෝ ටික මෙයාව කොටු කරගත්තහම එයාගෙ අළුත් යාළුවා, එලියට් කියන මකර ඇවිත් උන් ටිකව පන්නලා දාන්නෙ. එතනදි පීට් මකරගෙන් “ඔයා මාව කන්නද යන්නෙ” කියල අහන විදිහට සිරාවටම මාර විදිහට දුක හිතුනා. එලියට්ට පීට් මේ නම දාන්නෙ එයාගෙ කතා පොතේ හිටපු එලියට් කියන බලු පැටියගෙ නමෙන්. ඉතින් ඊට පස්සෙ මේ මකරා තමා මෙයාව බලාගන්නෙ. කොහොම හරි කාලය ගෙවිලා ගිහින් දවසක් මෙයාව මෙතන ගස් කපන්න ආපු කට්ටියකට හම්බෙනවා. ඒ නැටලි කියන පොඩි ගෑණු ළමය පීට්ව දැකලා එයා පස්සෙන් ගිහින් ගහකින් වැටිලා කෑගහන සද්දෙ ඇහුණම ඒ වෙලාවෙ කැලේ ළඟ හිටපු එයාගෙ ජැක් කියන තාත්තයි, ග්‍රේස් කියන ජැක්ගෙ පෙම්වතියයි කැලේට දුවගෙන ආවහම. දැන් මොකක් වෙයිද? පීට්ව මෙයාලා නගරෙට ගෙනියිද? එහෙම ගෙනිච්චොත් පීට්ට පණ වගේ ආදරේ කරන එලියට් මොනා කරයිද? ඒ ප්‍රශ්න වලට විසඳුම් ඔයාලටම හොයාගන්න කියලා මං විස්තරේ මෙතනින් අවසන් කරන්නම්.

අන්තිමට කියන්න ඕනා ඊයේ සයිට් එක ඩවුන් වුන වෙලාවෙ ආයෙම පැය 24ක් වගේ කාලයක් ඇතුළත යතා තත්ත්වයට ගේන්න උදව් කරපු හැමෝටම හදවතින්ම ස්තූති කරන්න මේක අවස්තාවක් කරගන්නවා එහෙනම්. ඉතින් තවත් උපසිරසියකින් හම්බෙන්න බලමු. එතකම් බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!

Pete's Dragon (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Pete’s.Dragon.2016.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

7,080 downloadsDownload Petes.Dragon.2016.720.Baiscopelk.com_.zip31 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

7,080 downloadsDownload Subtitles31 KB

98 comments

  1. Tharaka

    ඔන්න ඔයාට මගෙනුත් 100වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    මේක හොඳ ෆිල්ම් එකක් වගේ. අනිවාර්යෙන් බලනවා.
    ජය වේවා!
    බුදු සරණයි!

  2. in

    thanks bro

  3. සජීවි

    හම්මේ ඇති යාන්තම් මේකට සබ් දීලා.
    ඉතින් එහෙනම් 100 වෙනි උපසිරසියට (නැහැ වැරදුනා 106 ට) උණුසුම් සුබ පැතුම්.
    අහ්... මාවත් මතක් කරලනි.
    ඔය අගේට රසවත් ලිපියකුත් හදලා තියෙන්නේ.
    මේකා අපි ඇහුවම තමයි බෑ කියලා බොරු කියන්නේ.

    1. Chämàrá Sâmpáth

      ඔව්. මටත් ලිපියකටයි, සබකටයි පොල්ල තිබ්බා. :'(

  4. නිෂූ

    තවත් 100 ක් කරන්න ජයවේවා !

  5. Nipuna

    නියමයි මචන්...නියමයි...
    ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථකවේවා කියල පතනවා...!!!

  6. දුලාජ් මංජුල

    Elamcn

  7. Ravindu Rukshan

    සුභ පැතුම් 100 වෙනි උපසිරැසයට

  8. එල්.සී. දමැල්

    2වනි කඩඉමට උණුසුම් සුභපැතුම්...
    ස්තුතියි උපසිරසට...
    ඊළඟ උපසිරසින් හමුවෙමු...

  9. sldiwakara

    100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ........

  10. devinda

    Affata menna 100 gahala.TY malli.Gdk pin.

  11. Sisila Prasad

    ශතකය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් පිරිනමනවා සහෝ.
    මෙතනින් නොනැවතී දිගු ගමනක් යෑමට හැකියාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    වචන දෙකක් නැහැ, බයිස්කෝප් පවුලේදී මුණගැහුණු දයාබර සහෝදරයෙක්.ඒ සහෝදරත්වය සදාකල්ම පැවතේවී.[ඒ කිව්වේ කවදාවත් මගේ වදෙන් නම් ගැලවීමක් නැහැ කියලා හොඳේ :D ]
    චිත්‍රපටය ගැන කියනවා නම් ඉතිං, බ්ලුරේ පිටපතක් ආපු දවසෙම බාගත කරගෙන හිටියෙ.අදම බලලා ඉවරයක් කරලා දානවා ඉතිං.
    ඊළඟ කඩයිමත් ඉක්මණටම පසුකරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඊළඟ උපසිරසියෙන් නැවත හමුවෙමු.
    ජයෙන් ජයම වේවා සහෝ!!!

  12. mithun

    සබ් එකතත් වඩා සයිඩ් එක ඉක්මනින් අයෙ ඔපන් උන එක ගැන සතුටුයි ඇත්තටම කියනව නම් ජොබ් කරල ගෙදර එන්නෙ මොනවද නිව් මොවී කියල බලළ උපසිරැසි අරගෙන චිත්‍රපටක් රස විදින්න හිතාගෙනයි එහෙම සතුටක් ලබන එකම සයිඩ් එක මෙක පුද්ගලිකවම. මෙ චිත්‍රපට උනත් ටොරෙන්ට් එක ඇවිදින් ටික දවස්‍යි අපු ගමන් රෑ බාල බැලුව තෙරෙන විදියට බට් සබ් එක්ක බලන තරම් කිසි ගතියක් නෑ බයිස්කෝප් සයිඩ් එකට පෙම් බැදල කිවුවොත් නිවැරදියි.... ටොරෙන්ට් එක වැටිල පැය දෙක තුනක් යන්න කලින් උපසිරැසි දිල සමහර ෆිල්ම් වල මෙක උනත් එහෙමයි එ සතුට නම් සල්ලි වලින් ගන්න බැරි තරම් ස්තුතියි සහො ඔයට දිගටම කරන්න කියල ඉල්ලනව ඔබට ජය එලම ෆිල්ම් එකක් බලම් උන්න

  13. විකියා

    මගේ උණුසුම් සුභ පැතුම් මල්ලි ...

    ජයෙන් ජය!!!

  14. Kalindu Wasuka

    100 වැනි කඩයිමට උණුසුම් සුභපැතුම්.බයිස්කෝප් සයිට් එක වෙනුවෙන් කරන කැපවිමට ගොඩක් ස්තුති.බෑ කිව්වට 200 වෙනි කඩයිමත් ඉක්මනින් පහුකරමු නේද

  15. Adithya Gimhana

    ශතකෙට උණුසුම් සුභ පැතුම් සහෝ...
    ඉදිරියටත් මේ වගේ උපසිරැසි කරන්න, ඔයාට ශක්හිය දෛර්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ~~~ ජය වේවා ! ~~~

  16. Sanindu Lakkitha

    Congratulations saho 100 sub ekata.. digatama sub demu..
    Me filumat enakam balan hitaou ekak saho.. thnx saho..
    Good luck

  17. මධුකප්‍රිය පෙරේරා

    හම්මට එහෙනම් අපේ අඩවියේ නිශාචර පූස් ඇඩ්මින් ශතකේ ගැහැව්වා.
    එදානම් උබ කිව්වේ ජැක් රිචර් එනකම් ඉවසනවා කියලා නොවෑ..
    මෙහෙම දීපු එක හොදා.. අපේ අඩවියේ එකම සත්වයා.
    අහිංසක හොර බළල් තඩියාගේ සියවැනි උපසිරසියට මාගේ
    හෘදයාංගම සුබපැතුම්..ආයේ මක්කෙයි ඉතින් උබේ සබ් බොහොමයක්ම මාත්
    බලලා තියෙනවා. උබ ඔය කිව්වට එව්වගේ ඇති වරදක් නැහැ..
    ඉතින් ඉක්මනටම 150ත් ගහපන් පූසෝ..
    අධ්‍යාපන වැඩ කියලා සබ් කිරිල්ල එහෙම නවත්වන්න එපා ඔන්න..
    පුළුවන් විදිහට සබක් දෙකක් කරගෙන යමු දිගටම.
    උබ වගේ එකෙක් නැතිවෙනවා කියන්නේ සයිටට වගේම අපිටත් ලොකු පාඩුවක්.
    වැඩි වැඩියෙන් උබට උපසිරසි කරන්න අවශ්‍ය කාලය සහ ශක්තිය
    ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

  18. samee

    supiri bro.api innawa ekenma ubat ekka

  19. ඉෂාන් මදුෂ

    නියමයි.100 වෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ
    බොහෝම ස්තුතියි උපසිරැසියට
    ජය වේවා!

  20. Amila

    M.S. Dhoni: The Untold Story meka sub eka karala dannakoooooooo

  21. uthpala

    Ela Aiya 100ta magen subapatum 150 doctor strange brrip valin gahala 200 anivava wonder woman valinma gahapan bro

  22. thisal

    ශතකෙට උණුසුම් සුභ පැතුම් සහෝ…
    දිගටම සබ් දෙමු සහො

  23. සචිත් ලක්ෂාන්(සචී)

    100ට සුභ පැතුම් සමන් අයියා
    150ටත් ඉක්මනටම යමු
    ජය වේවා

  24. Thusitha Jayathilaka

    elaaaaaaaaaaaaaaa

  25. praneeth madu

    niyamai saho ohomama yamu..jaya wewa

  26. Dhanushka

    Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  27. Lahiru lakmal

    Thanks for sub...
    Congratulations!

  28. අසිත

    elama saho thanks
    jaya wewa!!!!!

  29. අසංක ප්‍රදීප් රණතුංග

    උණුසුම් සුබපැතුම් 100 උපසිරසියට සහෝ..!

    ඔබතුමාගේ 100 වන කඩයිම මම විශේෂයෙන් සමරන්න ඕන. මොකද ඔයානේ මේ දිනවල බයිස්කෝප් එකේ මගේ සම්බන්ධිකරණ නිලධාරියා. ඒ කියන්නේ කන්ටැක්ට් එකට යන ඊමේල් වලට වඩා වේගයෙන් ඔයාගේ පිළිතුරු ලැබෙනවා. ඔයා මේ වෙබ් අඩවියට ලොකු සේවයක් කරන්නේ. ඉතින් ඉස්සෙල්ලා රතිඤ්ඤ වැලක් පත්තු කරලාම ඉඳිමු.

    මම හරියටම දන්නේ නැ ඔයාට ඇයි පුසා කියන්නේ කියල. ඒත් ඉතින් ලොකු මහත ශරීරයක් තිබ්බා කියල (හහ් හහ්) එහෙම කියනවා නම්, ඉතින් මට කියන්න තියෙන්නේ ඔයා සැවානා පුසෙක්. මොකද ඔබතුමා එච්චර වටිනවා. ඉතින් මොකද ඊළඟ කඩයිම ගැන හිතන්නේ නැත්තේ. අනිවා හිතන්න ඕන.කොහොම උනත් මේ කඩයිමට සුබපතන ගමන් බයිස්කෝප් අඩවිය සමග දිගු ගමනක් යන්න හැකි වේවායි පතනවා. ලිපියේ මගේ නමත් සඳහන් කලාට ස්තුතියි. සියලු ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා. බුදු සරණයි.....!

  30. chan

    thank u

  31. Gathsara Umesh Kumara

    හ්ම්ම්.මොනව කියන්න්ද..මමන්ම් පූසා අයියව අදුරගතෙ ගෝතම් වලින්.....50ගහල ඔන්න දැන් 100ත් ගහල ඉන්නවා....මොනව කියන්නද කියල තෙරෙන්නෙ නෑ..හදවතින්ම සුබපතන්වා සමන් අයියේ.....මේයනගමන් 100න් විතර්ක් නවත්ත්න්න් එපා..අයියගෙ සින්හල උපසිරැසි ඉතාමත්ම හැදිලියි.එවගේම සුපිරිම සුපිරියි....150/200/250/300/350/400/450/500මේන මේ ටගට් එකට යන්කම් වත් නවත්ත්න් .එපා.හදවතින්ම සුබ පතන්වා ...එහෙනම් ඉක්මනිම් 150වෙනි කඩයිමෙන් හමුවෙමු..එතෙක් ජයෙන් ජයම වෙවා...!!!!!!!!!!!!!!!

  32. Gayan

    Thanks sub ekata...

  33. sumudu priyasad

    digatama wade karagena yamu. oya denuwathwa hari nodenuwathwa hari oyala karanne loku sewayak.. oyala nisa godak denak sathutu wenawa. loke bihi unu hoda nirmana rasa widinawa.. mage suba pethum..

  34. Kulanjana Maduranga

    really appreciate your works..thanks for giving us all of this…wish u'r great future.....

  35. JR

    100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ!!

  36. නාලක ජයසිංහ

    Thanks Malli

  37. Dulanga

    Thanks

  38. Vikum08

    "100" වැනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා සහෝ..!

    මං පළමුවරට පරිගණකයෙන් සිංහල සබ් එකකින් film එකක් බැලුවේ ඔබතුමාගේ උපසිරැසියකින්. ඒ MAN OF STEEL (2013) චිත්‍රපටිය. ඒක තමා මං අන්තර්ජාලයෙන් බාගත කරපු පළමු චිත්‍රපටියත්. දිනය කිව්වොත් 2014 දෙසැම්බර් 18 වෙනිදා. එදා ඉඳන් අද වෙනකොට 500කට එහා film බාලා තිබ්බත් ඒ දවස කවදාවත් අමතක වෙන් නෑ. මොකද මා පලමු වර W ගත්ත ඉංග්‍රීසි විෂයට B සාමාර්තයක් ගත්තේ, වෙන කිසිදු පන්තියකට ගිහිං නෙමේ. මගේ පන්තිය වුණේ සිංහල සබ් සමඟ ඉංග්‍රීසි films නැරඹීම පමණයි.( මං ඒකට ඔබතුමා ඇතුළු සියළු උපසිරැසි නිර්මාණකරුවන්ට ස්තූති වෙනවා.) ඉතිං ඒකට අඩි තාලම වැටුණේ ඔබතුමා කරපු සබ් එකක් නිසා. ඉතිං ඔබතුමාට ස්තූතියි කියනවාට වඩා මේ මොහොතේ පිං කියලා කියන්න තමයි ඕන.

    ජය වේවා..!

    1. Vikum08

      සමාව man of steel (2013) නෙමේ Mask of Zorro (1998)

    2. සමන් ප්‍රසාද්

      හෙ හේ... එහෙම නම් ඒ ගැන අවංකවම සතුටක් තියෙනවා සහෝ. :)

  39. chathura

    tnx broo....

  40. Chämàrá Sâmpáth

    100'වැනි කඩයිමට උණුසුම් සුභපැතුම් මචං[පූසෝ]
    අනුවර්ත නාමය කිව්වේ නැත්තම් උබට නින්ද යන්නේ නෑනේ. :v
    අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බව නම් ආරංචි වුණා එහෙමයි කියලා මේක මේ කොටි වලිගෙ අත්හරින්න එපා ඕයි කඩුපුල් කියන්න වගේ ඒක ලොකු පාඩුවක්. කරන්නෙත් ගෝතම් විතරනේ ඒකවත් කරගෙන යං.
    මටත් බයිස්කෝප් එකේ සෙට් වුන එලම යාළුවෙක් තමයි උබ. ඉතින් අවංකවම සතුටුයි උබ මේ කඩයිමට ආපු එක ගැන.
    අනික අනිත් එවුන් අහිතක් හිතන්නේ නැත්තම් "දැන් බයිස්කෝප් එක රන් වෙන්නේ සමන් ප්‍රසාද් නිසා"
    ඔහොම කතාවක් ගොඩදෙනෙක් අතර කතා වෙනවා. ඒ කියන්නේ උබ සබ් කරනවට වඩා සුපිරි මට්ටමේ සේවයක් කරලා කියන එකනේ. අවංකවම ස්තුතියි මේ කරන සේවයට.. අනික උබේ උපසිරැසිත් වලත් හෙන රසයක් තියේ..
    නවතින්න එපා. දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය, ධෛර්යය, කාලය ලැබේවා...
    මේක අනිවා බලන්න ඕනි.
    ජය!!

  41. Mahesh

    Sub ekata thanx aaaaaaaaa

  42. Mayura

    සියවැනි සබට උණුසුම් සුබ පැතුම් පූසෝ...
    ඔය ගැම්මෙන්ම පනස්වෙනි සබත් ගහන්න....
    මේක නිකන් බාගෙන ඉඳියේ බලන්න ඕන කියලා. දැන් නම් නොබලන එකම හොඳයි වගේ. මාවත් මතක් කරාට ඉස්තූතියි පැට්ටෝ.
    උම්ම්ම්ම්ම්මාආආආආ

  43. upulnishantha

    wish u all d best mcn and tnx for all

  44. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  45. රවිඳු ආදිත්‍ය

    ජය වේවා සහෝ 100වෙනි සබ් එකට.
    ඔය පිම්මේම 150ත් කරන්න ශක්තිය ලැබේවා කියලා පතනවා.
    ස්තූතියි.

  46. A Mune Munasinghe

    සමන් සහෝ.. ඔබගේ ලිපිය මුල සිටන් අග දක්වාම කියෙව්වා.. එක මට සතුටක්.. උනා.. ඔබගෙන් අන්‍යන්ට සේවයක් සහ.. ඔබගේ දැනුමත් දියුණු කරන්.. සබැ කිරීමෙන් එක වෙන දෙයක්.. දැනුම,සතුට,හොද ආකල්ප යහපත් මිතුරන් පිරිසකගේ එකතුවක්.. ''බයිස්කෝප් කියන්නේ.. විවේචන වලට සැලෙන්න එපා එකත් ආතල්.. හොදම ඇහුවම ගතියකුත් නෑ නේ.. ම්ම් ඔබගේ මෙම දෙවන කදිමට හදවතින්ම සුභ පතනවා..' ම්ම් ඊයේ දැක්ක සිසිල අයියා.. දාපු..ලිපිය,මමත් කුඩා මුදලක් හෝ තන්පත් කිරීමටයි සිට්ඨ්න් සිටියේ.. ඔයාලගෙන්..සබැ ගන්න අපි..ඔයාලගේ අව්ස්‍යතව්‍යේදී. හැකි උපරිමෙන් ඉන්නවා සහෝ.. තෙරුවන් සරණයි.' ජයවේවා..'

  47. යුශාන් පියුමාල්

    සියවැනි උපසිරැසට මගේ උණුසුම් සුභ පැතුම් මචෝ .. ඉක්මනිම 150 ත් ගහමු .. ඉක්මණින්ම 200 ත් ගහමු .....
    හරිද පුසෝ .....

  48. priyan

    100 වෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ
    බොහෝම ස්තුතියි උපසිරැසියට
    ජය වේවා!

  49. nidin

    Saman, puso kiyala nam kiyanna behe, nohandunana kenekuta ehema kiyana eka honda nethi nisa. mama me site eken bagena oyage films 8 k balala thiyenawa, ewata comments dalath thiyenawa. (series balanne nehe welawak nethi nisa.) godak thanks! oyath baiscope bala kanuwakne. adyapana weda kopamana thibunath site eke rasika apa wage aya wenuwenuth chuti welawak-idak wen karaganna oyata welawk thiyewi kiyala hithanawa. 100 wagema 150-200 wage kadaimuth pahu karanna oyata shakthiya,asawa,welawa wagema diriyath,veeriyath lebewa! karana kiyana siyalu katayuthu sapala wewa! thanks!

  50. kavinda

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

Load more comments