Watch Trailer

Scorpion [S02 : E01] with Sinhala Subtitles | මොළකාරයන්ගේ දෙවන ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ… කොහොමද ඔයාලට? මාස 2ක විතර ලොකු නිවාඩුවකට පස්සෙ මම මේ පැත්තෙ ආවෙ මාස ගණනාවකට කලින් උන පොරොන්දුවක් ඉෂ්ට කරන්න. ඒත් ඒකත් පරක්කු වෙලා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. ඉතින් ඔන්න පහුගිය අප්‍රේල් මාසෙ 21 වෙනිදා ස්කෝපියන් කතා මාලාවේ පළමු අදියරයේ අවසානයෙන් පස්සෙ කට්ටිය දෙවන අදියරය එනකම් නොඉවසිලිවන්තව…

Scorpion SE2

යාළුවනේ… කොහොමද ඔයාලට? මාස 2ක විතර ලොකු නිවාඩුවකට පස්සෙ මම මේ පැත්තෙ ආවෙ මාස ගණනාවකට කලින් උන පොරොන්දුවක් ඉෂ්ට කරන්න. ඒත් ඒකත් පරක්කු වෙලා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. ඉතින් ඔන්න පහුගිය අප්‍රේල් මාසෙ 21 වෙනිදා ස්කෝපියන් කතා මාලාවේ පළමු අදියරයේ අවසානයෙන් පස්සෙ කට්ටිය දෙවන අදියරය එනකම් නොඉවසිලිවන්තව හිටියා කියලා මං දන්නවා. ඒත් මම නම් බොහොම සතුටින් හිටියේ දෙවන අදියරය සැප්තැම්බර් වල පටන් ගන්න එකට. මොකද එතකොට මගේ විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු අවසාන වෙලා නිසා. එහෙමම හිතාගෙන හිටියට තාමත් ඒ වැඩ කටයුතු වල අවසාන භාගයේ වැඩ හිර වෙලා නිසා අදත් උපසිරැසිය ගෙන එන්න පරක්කු උනා. ඒ ගැන බොහොම ඉවසීමෙන් කටයුතු කරන අපේ ඇඩ්මින් මණ්ඩලයට ඇත්තටම බොහොම ස්තූතියි. 🙂 දැන් ඉතින් මං ගැන පම්පෝරි ඇති. කතාව ගැන බලමුකෝ.

පහුගිය අදියරය ගැන කතා කළොත්, මොළකාරයන් 4 දෙනෙක්, සාමාන්‍ය කාන්තාවක් සහ රජයේ නියෝජිතයෙක්ගෙන් සමන්විත උන ස්කෝපියන් කණ්ඩායමේ ආරම්භය සහ ඔවුන් මුහුණ දුන් විවිධ සිදුවීම්, හැලහැප්පිලි සහ එක් එක් චරිත වල ස්වභාවය ආදි නොයෙකුත් දේවල් අපිට දැක ගන්න ලැබුණා. කෙසේ වෙතත් කතාව අවසානයේ බොහොම බැරෑරුම් ලෙස වෙන් වෙලා යන්න හදපු කණ්ඩායම නැවත එකතු උනේ වෝල්ටර් මුහුණ දීපු අනතුර නිසා. ඒකෙන් වෝල්ටර්ට ලොකු හානියක් උනත් කතාවේ දෙවන අදියරයේ වෙන්න පුළුවන් සමහර දේවල් ගැන අපිට පොඩි පොඩි ඉඟි පළ උනා.

දෙවන අදියරය ආරම්භ වෙන්නෙ මාස ගණනාවක් පුරාවට වෝල්ටර් නැතුව ඔහේ ඇදි ඇදී යන ස්කෝපියන් කණ්ඩායමට අළුත් වැඩක් ලැබීමත් සමඟින්. වෝ්ල්ටර් තවමත් සම්පූර්ණයෙන් සුවය ලබලා නෑ. ඒත් ඉතින් වැඩක් කිව්වොත් මේ අයට ඒවා අදාල නෑනේ. ඒ එක්කම කතාවට අළුතින් චරිතයක් එකතු වෙලා තියෙනවා. ඒ අපි බොහොම ආසාවෙන් බලපු Forever කතා මාලාවේ ජෝ මාටිනස්ට රඟපෑ Alana De La Garza මෙහි ඇඩ්‍රියානා මොලීනා ලෙසින් දායක වෙනවා. ඒ මොන විදියේ චරිතයකටද කියලා කතාව බලලම දැන ගන්නකෝ.

අද කතාව ගැන කියනවා නම් මෙයාලට සිද්ධ වෙනවා පෘථිවියේ ගැටීමට නියමිත චන්ද්‍රිකාවක ගමන් මාර්ගය වෙනස් කරලා ඒක මුහුදට වැටෙන්න සලස්වන්න. ඒක පොළව එක්ක ගැටුණොතින් න්‍යෂ්ටික පිපිරීමක් තරමටම බරපතල වෙන නිසා. ඉතින් මේ ප්‍රශ්ණෙට විසඳුමක් හොයා ගන්නෙ කොහොමද කියල කතාව බලලම දැන ගන්නකො. අද වෝල්ටර් වැඩ කරන්නෙ වම් අතින් විතරයි. ඒ ඇයි කියලාත් බලන්නකො. කතාව අවසාන වෙද්දි සමහර අය සමහර සිද්ධාන්ත ඇත්තටම නිවැරදිද කියලා පරීක්ෂා කරන්නත් යනවා. ඒ මොකක්ද කියලත් මම කියන්නෙ නෑ. දෙවන අදියරයේ පළමු කොටස එහෙමනම් ඔන්න අද ඉඳන් පටන් ගන්නවා. එහෙනම් ලබන සතියේ දෙවන කොටසේ උපසිරැසි සමඟින් මුණ ගැහෙමු.

බයිස්කෝප් අඩවියට ජය !!!

Scorpion (2014) on IMDb

 

 

310 MB කොපිය මෙතනින් බාගන්න

3EEE86A180DB6C280764D294825E109D662BCDF2

197 MB HEVC කොපිය මෙතනින් බාගන්න

0CD4D9B7A3396CD0B9FACEC89618E94D4BDE3525 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,987 downloadsDownload Scorpion-S02-E01.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles

10,987 downloadsDownload Subtitles315 B

60 comments

  1. ප්‍රණීත් රණසිංහ

    ඔන්න එහෙනං ගන්නවා ඈ....
    මේක එනකං කාලයක් තිස්සේ බලාගෙනයි හිටියේ.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.

    ආයු -බෝ -වේවා !!!

  2. Kasun Widusha

    tnx akke sub ekata...............

  3. Roshan

    Thanks Sherin

  4. sanath indika

    thx u sisis

  5. Ayesh

    wow. great.. man meka enakam maga balan hitiye gdk dukin. anyway thnx a lot akki.. gd luck...

  6. Dila

    මේක එනකම් බලන් හිටියේ සහෝ.... අනිත් සෙට් එකත් දෙන්න පුලුවන් වේවා... ස්තුති සහෝ..

  7. Tilantha hansanath

    මේක එනකම් බලන් හිටියේ උපසිරැසියට බොහෝම ස්තුතියි.

  8. Danushka

    Thank you wewa!!!!!!!!!!!!!!!

  9. thushara

    මට නම් හිතා ගනන්වත් බැ මෙක පටන් ගත්තා කිඋවාම එළ සුපිරි හොදේ

  10. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!

  11. eranga

    tnx sis......

  12. රවිඳු තේනබදු

    අයියෝ. අපරාදෙ. මං සබ් නැතුව ඊයෙ බැලුවා. කමක් නෑ. ඊළඟ එකට සබ දෙනකල් ඉවසනව ඉවසනවමයි. :-D

  13. අදිත ප්‍රවීන්

    දෙනකම් බලාගෙන හිටියේ.
    බොහොම ස්තුතියි ෂෙරින් අක්කේ උපසිරසියට !
    දිගටම දෙමු.

  14. R.D

    බොහොම ස්තුතියි අක්කේ.........මේක අනිවාර්යෙන් බයිස්කෝප් එකෙන් දෙනවා කියලා දන්නා නිසා බලන්නේ නැතුව හිටියේ සබ් එක ගේනකල්.දැන් සිංහලෙන්ම බලන්ඩ පුලුවන්.

  15. Rasidu

    මේක එනකන් බලන් හිටියේ...ඊයේම බාගෙන බලන් හිටියේ සබ් එක දෙනකන්...
    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  16. pramudaya

    THNKYOU WEWA !!!!! sprrbb kathwakk

  17. kasun

    thank you very much...

  18. Sanju prasad

    patta pata pata
    shrin akka thanku wewa.
    godak kal idala balagena htye onna
    JAya WeWaa

  19. මධුකප්‍රිය පෙරේරා

    හේ හේ බොහොම ස්තුතියි උපසිරසියට ..
    පොඩ්ඩක් ප්‍රමාද වුනාට කමක් නැහැ ..උපසිරසි ලැබෙනවනම් එච්චරයි...
    හම්මේ මේ පාරවත් වෝල්ටර් අයියයි පේජ් අක්කයි සෙට් වෙයිද දන්නේ නැහැ..

  20. Kulanjana Maduranga

    ammo meka denakm thamai balan hitiye.....danma banawa..thanks SHERIN sis..sub ekata..digatama sub demu.jaya wewa……

  21. R@ndi

    Thanks...

  22. thisal

    ටාම්මො අති යාන්තම් දෙනකම් බාල බලගෙන හ්ටියෙ තැන්ක්ස් සහොදටිය

  23. harsha

    මම කැමති වර්ගයේ කතාවක් නැතිවයි මේ ටිකේම හිටියේ. මේක දැක්කාම ඉහේ මලක් පිපුනා වගේ උනා. එහෙනම් ශෙරින් ඔන්න බාගන්නවා ජයවේවා

  24. lashan

    බොහොම ස්තුතියි .....................

  25. chanuka wijesundara

    ammo athi yantham balanna deyak nathuwa wali wali hitiye thanks machan kanthareta wathura hambuna wage

  26. achi

    දෙනකන් ඉවසන් හිටියෙ....
    ගොඩක් ස්තූති..
    ජය!!!

  27. Damith

    Saho Tnx...
    balagena Hitiye Scorpion Enakam....Ela aea... ;)

  28. Pasindu

    Thanx Thanx Thanx

  29. Max

    Thankzzzz akkiyo....

  30. ns

    බොහොම ස්තුතියි

  31. MAHESH

    sub ekata thanx aaaaaaaaaaaa

  32. Sajeevi

    Wow...... thanks

  33. Dilshan

    sub වලට් බොහොම ස්තූතියි ෂෙරින්. මේ season එකත් fatta එකක් වේවි.

  34. charitha

    Ela ela enakan balan indiye thanks

  35. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  36. uditha

    Thax balagenama hitiya enakam

  37. Sanka

    thanks thanks thanks

  38. bavantha

    thanx akki

  39. Avishka

    thanx.........

  40. මම අහිංසකයි

    Thanks for the sub . Keep it up ur great work

  41. Isuru

    Thank you................
    ela ela............

  42. kisal

    අති යාන්තම් දෙනකම් බාල බලගෙන හ්ටියෙ
    sub වලට් බොහොම ස්තූතියි

  43. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. අනිවා බැලිල්ලක් තමා. ජය෴෴ :P :P

  44. Udamith Damith (b\k )

    බොහොම ස්තුතියි ෂෙරින් අක්කේ.........

  45. lakshitha

    sherin akke thanx a lot :D

  46. Isuru Sky

    thnxxx aaa

  47. D Chamara

    bohoma sthuthi sub ekata...

  48. Dila

    ෙදවනි කැල්ල දෙනකන බලන් ඉන්නේ........

  49. nimesh

    scorpion s2 e2 sinhala sub ikmanata dendoooooo

  50. nalin serasinha

    scorpion s2 e2 ikmanata demu

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.