ආයුබෝවන්. ඔන්න ඉතින් මම ඒක පනස් වන වතාවටත් ඔයාලට කිව්වා. ඔව් මේ මගේ පනස් වන උපසිරසි නිර්මාණය. මිට මාස තුනකට කලින් ඒ කියන්නේ දෙහසය් දහසයේ මැයි මස දහවන අඟහරුවාදා උදෑසන මගේ පලවෙනි උපසිරැසිය විදියට Tremors (1990) වලින් පටන් ගත්ත මගේ ගමන අද පනහ දක්වා ළඟාවීම ගැන මට ගොඩක් සතුටුයි. ඒ ගමන අතරේ බින්කුන්ඩන් ග…

ආයුබෝවන්. ඔන්න ඉතින් මම ඒක පනස් වන වතාවටත් ඔයාලට කිව්වා. ඔව් මේ මගේ පනස් වන උපසිරසි නිර්මාණය. මිට මාස තුනකට කලින් ඒ කියන්නේ දෙහසය් දහසයේ මැයි මස දහවන අඟහරුවාදා උදෑසන මගේ පලවෙනි උපසිරැසිය විදියට Tremors (1990) වලින් පටන් ගත්ත මගේ ගමන අද පනහ දක්වා ළඟාවීම ගැන මට ගොඩක් සතුටුයි. ඒ ගමන අතරේ බින්කුන්ඩන් ගෙන් පටන් අරන් මෝරු, නයි පොළොංගු, කිඹුල්ලු, බල්ලෝ, අලි කොටි, මකුණෝ මෙන්ම පිටසක්වල ජීවින් පවා මට හමු උනා. Mars Needs Moms (2011) වැනි ළමා චිත්‍රපට වල සිට Kama Sutra: A Tale of Love (1996) වැනි අතිශය වැඩිහිටියන්ට පමණක් වන චිත්‍රපටත් The General (1926) වැනි පරණ කලාත්මක චිත්‍රපට වල සිට Teenage Mutant Ninja Turtles: Out of the Shadows (2016)වැනි අළුත්ම වාණිජ චිත්‍රපටත් මම ඔයාලට අරන් ආවා. මම දුන්න චිත්‍රපට අතරේ Species, Lake Placid වැනි චිත්‍රපට ඉතිහාසයේ අමරණිය චිත්‍රපට එකතුන් වගේම The Lost World (1960), This Is It (2009) වැනි සුවිශේෂී චිත්‍රපට ඇතුලත්. කෙටියෙන්ම කියනවා නම් මම හිතනා විදියට සියලුම ආකාරයේ බයිස්කෝප් වෙබ් අඩවිය බාවිතා කරනා යහළුවන්ට මම සාධාරණයක් කරන්න උතසාහ කළා.
මම ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක පරිඝනක අංශයේ සේවය කරන කෙනෙක්.ඒ වගේම පෞද්ගලික මට්ටමෙන් ලංකාවේ සුප්‍රසිද්ද ආයතනයක වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි කිහිපයක් පවත්වාගෙන යාම මෙන්ම ව්‍යාපාර ආයතන සඳහා පරිඝනක ගිණුම් වැඩසටහන් නිර්මාණය කිරීමේ නිරතවන කෙනෙක්. ඒ කියන්නේ ගොඩක් ම කාර්යබහුල ජිවිතයක් ගෙවන කෙනෙක්. ඉතින් මේ වැඩේ කරන්න තීරණය කලේ මාස තුනක් මම මේ වෙනුවෙන් වෙන් කිරීම සඳහා සියළු පෞද්ගලික ව්‍යාපෘති තාවකාලිකව නවත්තනවා කියල අදහස් කරලා. ඇත්තටම මේ වැඩේ පටන් ගන්න කොට මම හිතුවේ මාස තුනෙන් චිත්‍රපට විසිපහක් කරනවා කියල. එත් මුලදීම මගේ email සදහා පිළිතුරු යොමු කල සමීර කරුණාරත්න සහෝදරයා තමා මට කිව්වේ මොකද විසි පහක්, පනහකට යන්න කියල. ඉතින් එදා මම හිතා ගත්තා එයා මට ඒ කියපු දෙය එයා ඇතුළු සියලුම ඇඩ්මින් සහෝදරයන් අවුරුදු ගණනක් අපි වෙනුවෙන් කල සේවයට කරන ගරු කිරීමක් විදියට සැබෑවක් කරනවා කියල. හිතා ගත්තට ඇත්තටම ඒක ලේසි උනේ නැහැ. දිනකට පැය පහක්, බොහෝ විට සති අන්තයේ පැය දහයකට ආසන්න කාලයක් වැය කරමින් තමා මගේ මේ සිහිනය මම සැබෑ කර ගත්තේ. ඒ ගැන මට දැනෙන සතුට කියලා නිම කරන්න බැ.
මොකද මම චිත්‍රපට පිස්සේ කියුවොත් හරි. දිනකට පැය දොලහක් වැඩ කලත් මම දිනකට එක් චිත්‍රපටියක් අනිවාර්යයෙන් බලනවා. 1995 වසරේ ස්වාධින රුපවාහිනියේ Gopi Kishan කියන හින්දි චිත්‍රපටය තමා මම බලපු පළමු චිත්‍රපටය. 1999 දි Tremors 2 තමා මම ඩේක් පිස් එකකින් ඉස්සෙල්ලම බැලුවේ. එතකොට අද වෙනකොට අවුරුදු විසි එකක් මම චිත්‍රපට බලනවා. ඒ වගේම පරිගණක එක්ක මගේ සම්බන්දෙ පටන් ගන්නේ මව්ස් වලටත් Driver Install කරන්න ඕන Windows 95 වලින් 1998 අවුරුද්දේ. අද මම මේ උපසිරසි හදන්නේ Windows 10 වල Notepad එකේ. ඒ කියන්නේ අවුරුදු දහ අටක් පරිඝනක ක්ෂේත්‍රයේ. ඉතින් මම ආසම දේවල් දෙකේ එකතුවක් තමා මේ බයිස්කොපේ අඩවියට උපසිරසි සකස් කිරීමත් එක්ක නිර්මාණය වෙන්නේ. මොකද සිංහල අපිට අපේ කියල දේවල් පරිඝනක ලෝකේ අඩුයි. එත් මේ බයිස්කෝප් වෙබ් අඩවිය ඒ තියන කිහිපයෙන් එකක්. ඇත්තමට මගේ පැතුම තමා Open Subtitles, Subscene වැනි ලොව ප්‍රසිද්ද උපසිරසි අඩවියක් බවට බයිස්කෝප් පත් වෙනවා දැකීම.
සාමාන්‍යයෙන් මෙවැනි කඩඉමක් පහුකරාම ගොඩක් යාළුවොන්ට ස්තුති කරන්න ලිස්ට් එකක් ඉන්නවා. ගොඩක් ඇඩ්මින් සහෝදරයන් සහ යහළු යෙහෙලියන් අඳුනනවා. එත් මම මාස තුනක් වගේ කෙටිකාලයක් තුල ඔයාල එක්ක සම්බන්ද වෙච්ච හින්දා ගොඩක් අඩුයි අඳුනන අය. එත් මාත් එක්ක නිතරම වගේ email මගින් සම්බන්ධ වෙන සමීර කරුණාරත්න සහෝදරයාට මම ස්තුති කරන්න ඕන. ඇත්තටම සමහර වෙලාවට එයාට මම වදයක් වෙන්නත් ඇති. මොකද email හත අට හුවමාරු වෙන වෙලාවල් තියනවා අපි අතරේ. ඒ වගේම ඉදල හිටලා මාත් එක්ක සම්බන්ද වෙච්ච රොයිලි සහෝදරයා, සමන් ප්‍රසාද්, යශෝද ශ්‍රීමාල් මෙන්ම හිටිහමන් රේඩාර් එකට අහුවෙන ශාන් සහ විකියා සහෝදරයන්ටත් ස්තුති කරනවා. ඒ වගේම නම් ගම් දන්නේ නැති උනත් මගේ උපසිරසි ඉක්මනින් පලකිරීමට කටයුතු කල සියලුම ඇඩ්මින් සහෝදරයන්ට මගේ ස්තුතිය හිමි වෙනවා. ඒ වගේම විශේෂ ස්තුතියක් හිමිවෙන්න ඕන සමන් ප්‍රසාද් සහෝදරයාට. මොකද එයා තමා මට email එකකින් මගේ පනස් වන නිර්මාණය විදියට මේ Teenage Mutant Ninja Turtles: Out of the Shadows (2016) කරන්න කියල දැනුම් දුන්නේ. ඒක මම බලාපොරොත්තු නොවෙච්ච තෑග්ගක්. ඒ වගේම මගේ උපසිරසි වලට කමෙන්ට් දැම්ම සියලුම යාලුවන්ටත් යෝජනා, චෝදනා මෙන්ම සමහර චිත්‍රපට වල නම් මතක් කරලා දීපු සියලුම සහෝදරයන්ට ස්තුති කරනවා.
මේ ගමන්ම මම තව පොඩි දෙයක් ඔයාලගෙන් ඉල්ලන්න කැමතියි. බයිස්කෝප් එකෙන් සබ්ගන්න ඔයාල පුළුවන් විදියට එක උපසිරසියක් හරි බයිස්කෝප් එකට දෙන්න බලන්න. ඔයාල සිය දෙනෙක් උපසිරසි එකක් බැගින් හරි දුන්නොත් උපසිරසි සියක් එකතුවෙනවා බයිස්කෝප් එකට. අපි ඔක්කොම එකතුවෙලා මේ අපේ බයිස්කෝප් අඩවිය තවත් දියුණු කරන්න උපකාර කරමු. එයාල අපේ විනෝදය වෙනුවෙන් කරන සේවයට අපිට කරන්න පුළුවන් හොඳම ස්තුති කිරීම තමා ඒක.

චිත්‍රපටය ගැන කතා කරනවා නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැනේ. Teenage Mutant Ninja Turtles (2014) චිත්‍රපටයේ දෙවන කොටස විදියට තමා මේක නිර්මානය වෙන්නේ. ඔයාල එකෙන් දකින්න ඇතිනේ ශේඩර් නිව්යෝක් වල කරපු විනාශයත් අපේ මේ ඉබ්බෝ හතරදෙනා එයාව පරද්දලා මිනිස්සු ආරක්ෂා කර ගත්ත හැටිත්. මේ චිත්‍රපටය පටන් ගන්නේ එතනින්. ඒ ශේඩර්ගෙන් නිව් යෝක් බේර ගත්ත අවස්ථාවේ මිනිස්සු අතරේ ප්‍රසිද්ද උනේ වේරන් ෆෙන්වික් කියන කැමරා ශිල්පියා ඒ වැඩේ කළා කියලනේ. ඉබ්බෝ හතරදෙනා ගැන කවුරුවත් දන්නේ නැ. ඉතින් එයාල සැඟවිලා ඉඳගෙන නිව් යෝක් ආරක්ෂා කළා. කොහොම හරි නඩු විබාගෙන් පස්සේ ශේඩර් හිරගෙට අරන් යනවා මේ චිත්‍රපටියේ. ඒ වාහනේම බිබොබ් සහ රොක් ස්ටෙඩි කියන නමගිය අපරාධ කාරයෝ දෙන්නත් අරන් යනවා. බැක්ස්ටර් ස්ටෝක්මන් කියල විද්‍යාඥයා උත්සහ කරනවා ශේඩර් බෙර ගන්න. ඒ වෙලාවේ අත්වැරදීමකින් එයා කරන්ග් කියන පිටසක්වල ජීවියෙක් හමුවෙනවා. ඉතින් කරන්ග් ගේ ටෙක්නෝඩ්‍රම් කියන උපකරණය මාර්ගයෙන් පෘතුවිය පාලනය කරන්න හදන ශේඩර් ආපහු ලෝකෙට ඇවිල්ල ටෙක්නෝඩ්‍රම් උපකරණය හදන්න උත්සාහ ගන්නවා. මොකද ඒක දැනටමත් පෘතුවියේ තියෙන්නේ කොටස් තුනකින්. ඉතින් එක හදන්න ගන්න උත්සාහයත් එයාල ලෝකේ විනාස හදන එක අපේ ඉබ්බෝ ටික නවත්තන විදියත් තමා මේ චිත්‍රපටය. තව අමතක උනා බිබොබ් සහ රොක් ස්ටෙඩි වල් ඌරෙක් සහ රයිනෝ කෙනෙක් බවට පත් වෙනවා. තව මයිකි කියන ඉබ්බෝන්ගේ පොඩි එකා කෙලින පිස්සුත් මේකේ තියනවා. වේගවත් ආකාරයෙන් යන චිත්‍රපටයක්. වෙලාව යනවා දැනෙන්නේ වත් නැ.
ට්‍රාන්ස්ෆෝමර් හදපු මයිකල් බේ තමා මේකත් නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේඝන් ෆොක්ස් සහ අපි රෙස්ලින් වලින් දැකල තියන ශිමස් මේ මේ චිත්‍රපටයේ රඟපානවා. තව ගොඩක් ජනප්‍රිය චරිත ඉන්නවා. දෙදහස් දහසයේ ජුනි මස තුන්වන දින තමා මේක තිරගත වෙන්න පටන් ගත්තේ. මිලියන එකසිය තිස්පහක් වියදම් කරලා දැනට මිලියන දෙසිය තිස් හතක් හොයල තියනවා. IMDb අගය 6.2 අරන් තියන චිත්‍රපටයක්. අන්තර්ජාලයේ වීඩියෝ පිටපත් කිහිපයක් තියනවා. එත් තියෙන්නේ එකම ඉංග්‍රීසි උපසිරසි ගොනුවක් විතරයි. ඒකත් ස්පාඤ්ඤ බාසාවෙන් ස්වයංක්‍රිය පරිවර්තයක්. ඉතින් වචන වැරදියි. ඒවත් හදන් මේක කරන්න ලොකු වෙලාවක් කියා. එත් ගොඩක් සතුටුයි මට මොකද මේක සත්තු ඉන්න චිත්‍රපටයක්. ඔයාලට මොන ජාතියේ චිත්‍රපට දුන්නත් ගොඩක් ආස සත්තු ඉන්න චිත්‍රපට වලට හින්දා.
හොඳයි ඉතින් ලිපිය දිග වැඩි උනා.මම නවතින්නම්. කියනන් තියෙන්නේ තව දෙන්න ඕන චිත්‍රපට එකතුවක් මගේ හිතේ තියනවා. ඒ වගේම කමෙන්ට් හරහා ඔයාල මට පුළුවන් නම් කරන්න කියපු චිත්‍රපට ලිස්ට් එකකුත් තියනවා. ඉතින් පුළුවන් විදියට ඒවා අරන් එන්නම්. ඒත් මේ වේගෙන් නම් නෙවි. එත් සතියට එකක් හෝ දෙකක් කොහොමහරි අරන් එන්න බලන්නම්. දැන් පුරුද්දකට වගේ ගිහින් තියෙන්නේ උපසිරසියක් කරන එක. සුපුරුදු විදියට කියන්න තියෙන්නේ ඔයාල කමෙන්ට් හරහා දාන අදහස් විතරයි මම ඇතුළු උපසිරසි දාන ඔක්කොම අයට ලැබෙන්නේ. ඉතින් උපසිරැසිය බාගත කරන ගමන් වචනයක් දෙකක් මගින් ඔයාලගේ අදහස් ප්‍රකාශ කරලා යන්න අමතක කරන්න එපා. ඔන්න මම ගියා.
බුදු සරණයි ….!
Blu-Ray පිටපත සඳහා උපසිරසි යාවත්කාලීන කරන ලදී.
Due to copyright issues, we do not provide any torrent links.
Teenage Mutant Ninja Turtles Out of the Shadows 2016 720p BluRay x264 ShAaNiG
Teenage Mutant Ninja Turtles Out of the Shadows 2016 720p BRRip x264-MkvCage
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
48,375 downloadsDownload Teenage-Mutant-Ninja-Turtles-Out-of-the-Shadows-2016.BluRay.Baiscopelk.com_.rar298 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
152 comments
Práðèép Üðäýàñgå
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
HDTS copy naam epooooooooooooooo this Bad Quality............... bluray better
ගිනි කසයා
මචන් සබ් එකට ගොඩක් ස්තුති .නමුත් නැවත HDTS වලට සබ් ලියන්න එපා මචන්.සිරාවට ගොඩක් දෙනෙක් ගේ කාලය ,MB ටික අපතේ යනවා.සම්පුර්නයෙන්ම ඔය පිටපත වැඩක් නැ.බෑවට පස්සේ අපරාදේ හිතෙනවා.ඒ නිසා අය HDTS වලට සබ් කරන්න එපා.
කොහොම උනත් සබ් එක එල.
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
50ට සුබ පතන වාඅසංක ප්‍රදීප් රණතුංග සහෝ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..... meka bluray apu dawasaka balanawa. plese next time bluray up dateg..................Good Luck..............Dear
යුශාන් පියුමාල්
නියමයි බ්‍රෝ ඔයා ගේ හාප් සෙන්චරියට මම හදවතින්ම සුභ පතනවා ...
ඉක්මනින්ම සෙන්චරියත් ගහන්න බලන්න .. 50 වන උපසිරැසට ස්තුතියි ...SD
Hash ekak denna
Lahiru lakmal
සුභපැතුම් 50වන උපසිරසයට.
ගොඩක් කල් බලන් හිටපු සබ් එකක් දුන්නට ස්තූතියි.
scooby doo and wwe curse of the speed demon එකෙත් සබ් දෙන්නකෝ.King Ruwan
Good Luck Bro....... oyage watina kalaya api wenuwen kepa karala me karana deta oyata godak pin... Budu saranai.....
udeesha bandara
ela bro thanks..denakan balan hitiye
dilan deshapriya
superb machan..subtitle 50n 30k gattha mama..niyama wadak kare..marama speed ekak..good luck machan
SD
Good luck machan Thanks ...Hash ekak hambuna
Namal
thanks mc hash ekata
Pradharaka
50වෙනි උපසිරසියට සුබ පතනවා...
මෙ උපසිරසියට ගොඩක් ස්තුතියි..
පුලුවන් නම් hash tag එකක් දෙන්න...කවීන් ලහිරු
50 වෙනි උපසිරැසි නිර්මානයට සුබ පැතුම් සහෝ
෴෴ජය වේවා෴෴චමත්
සහෝ අපිට ඉස්සර වගේ ටොරෙන්ට් ලින්ක් එක දෙන්නකෝ
ලහිරු ප්‍රසාද්
50 වෙනි උපසිරැසියට මුළු හදවතින්ම සුබ පතනවා සහෝ.
ඒ වගේම 100 ත ගහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සබ් කට ස්තූතියි!Teshan Maduranga
තෑන්ක්ස් මචං.ගොඩක් දවස් බලන් හිටියා මේකට සබ් දෙනකන්......
Keep it up............Vihanga Raveen
මෙච්චර කල් ඉඳපු එකේ bluray එකක් ම .බොහොම ස්තුතියි sub එකට සහෝ!
kavinda
සදා ජය පතනවා 50වන උපසිරසයට.
අනේ මේ වගේම මේකේ පරණ ඒවා වලට සිංහල සබ දෙන්නකො .
අළුත් ඒවාට උපසිරැසි ගොඩ දෙනෙක් දෙනවා. ඒත් පරණ ඒවාට දෙනවා අඩුයි.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
Teenage Mutant Ninja Turtles කියන්නෙ බලල තියෙන පට්ටම චිත්‍රපටියක් නොවැ. බ්ලූ රේ කොපියක් ආවහම ආයේ බලන්න බැරියෑ. දැනට මේක නොබලා කොහොමද. මෙන්න බානවා. ජය෴෴
imran
download karana link ekak danda puluwanda please
එල්.සී. දමැල්
නියමයි අසංක සහෝ නියමයි.
සුපිරි වේගයකින් උපසිරස 50ක් කළා.
සුභ පැතුම්...
උපසිරසට ස්තුතියි...
ජය...Ishan Madusha
50 වන උපසිරැසියට සුබ පැතුම් සහෝ.අප වෙනුවන් කරන මෙහෙයට ගෝඩාක් පින්.
ඉක්මනින්ම 100 වන උපසිරැසිය කරා යන්න ලැබේවා!ජයවිමා
මුලින්ම පනස්වැනි උපසිරසට උණුසුම් සුභපැතුම් සහෝදරයා
අඩවිය එක්ක එකතුවෙලා ඉතාම වේගවත් අයුරින් උපසිරසි 50ක් කරපු තවත් එක් අයෙක්
එ වගේම පැරණි සිනමාපට හොයා හොයා සබ් දුන්න
කලෙක්ෂන් එක අලුත් කළා
බොහොම ස්තුතියි වෙච්ච මහන්සිය කැපකිරීම වෙනුවෙන්
මෙ විදියටම ඉදිරියටත් අපි එක්ක රැඳිලා ඉඳීවි කියල බලාපොරොත්තු වෙනව සහෝ
හොඳ කොපියක් ආපු ගමන් අනිවා මේක බලනවා
එහෙනම් සහෝ ජයෙන් ජය වෙන්න කියල ප්‍රර්ථනා කරනවා
නැවත වතාවක් බොහොම ස්තුතියිනිලුපුල් මධුකප්‍රිය පෙරේරා
හප්පට මාස තුනෙන් සබ් පනහක් කොරලා..
ඒකත් ෆිලුම්වලින්ම..පට්ටයි..සුපිරි වේගයක්..
එහෙමනම් ඉතින් මෙතනින් නොනැවතී ඔය වේගෙන්ම
100වෙනි උපසිරසියත් ගහමු.ඔයාලා වගේ කට්ටිය බයිස්කෝප්
අඩවියට අමිල සම්පතක්.එසේනම් ඔබගේ සියලු වැඩ රාජකාරි අතරින්
ඉදිරියේත් උපසිරසි කිරීමට අවශ්‍ය කාලය සහ ශක්තිය සොයාගන්න කියා පතනවා.
50ට උණුසුම් සුබ පැතුම්. බ්ලුරේ ආවම ක්ෂණික අප්ඩේට් කරලා ඕනේ.ඔබට ජය!me
Thanks & wish you all the best. keep up the good work :-)
sammika
thanks . Blu ray copy ekata update ekak denna.............
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Ysa
50 ට උණුසුම් සුබ පැතුම් මචං...!!! :-)
පට්ට තෑන්ක්ස් සබ් වලට…
දැන් සයිට් එක නං චාටර් වෙලා මචන්ලා….පට්ට දුකයි ඒක ගැන නන්.. :-(sumiththa himi
saho meka copy akakda?
Tharaka
50වන උපසිරසයට ඔන්න මගෙත් උණුසුම් සුභපැතුම්! කාර්‍ය බහුල ජීවිතයක් මැද ගොඩක් මහන්සි වෙලා ඒ වගේම වේගෙන්ම සිංහල උපසිරැසි දෙන ඔබ බයිස්කෝප් වෙබ් අඩවියේ සිටිනා වටිනාම සහෝදරයෙක්. විවිධ අයගේ රස වින්දන වලට සාධාරණන් ඉටු කරමින් ඒ ඒ අයගේ සිතුම් පැතුම් වලට ගැලපෙන වර්ගයේ චිත්‍රපට වලට උපසිරැසි ඔබ ලබා දී තිබෙනවා. ඉතින් මේ සබ් එක දුන්නටත් ගොඩාක් ස්තූතියි සහෝ! පුළුවන්නම් ඉදිරියේදී The War of the Worlds (1953), First Men in the Moon (1964), The Black Hole (1979), Silent Running (1972), A Sound of Thunder (2005) යන ෆිල්ම් වලටත් සබ් දෙන්න කියලා ඉල්ලනවා. අවසාන වශයෙන් සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
Amalka Himeshan
සුබ පැතුම් සහෝ 50වෙනි උපසිරැසියට
මේක බීරිප් ආවම බලනව
සබ් එකට තැන්ක්ස්davide
supiri vadak oyage vatina kalaya biscope eka wenuwen kapakaranawata thanks wenna ona. puluwannan bad neighbors2,suicide squad apuwama sub denna.obata jaya
janaka kaluarachchi
50වෙනි උපසිරසියට සුබ පතනවා…
ඉදිරියටම යමු…!
ජයවේවා……seo spider
සුබ පතනවා. 100ත් ගහමුද?
praneeth madu
සමාවෙන්න සහෝ සුබ පතන්න පරක්කු උනාට..එහෙනම් 50ත් ගැහුවා අා..හදවතින්ම සුභ පතනවා සහෝ..100ත් ඉක්මන්ටම බලාපොරොත්තු වෙනවා..ඔබට ජය..
Kulanjana Maduranga
really appreciate your works..thanks ASANKA for giving us all of this…wish u'r great future.....
Geeth
record ekada bun wegawath 50 hee
Hadawathinn ma suba pethum yaluwa...meka api hithan tharan lese gemak newi ne...oya eka sarthakawa karan yanawa...
Ubata jaya wewaaaaUdara Damith B\K
:)
:)
:)
:) :)
:) :)
:)
:)
:)
:)
:):)
:)50
වන
උපසිරැසියට
සුබ
පැතුම්...........................
.................................බොහොම
ස්තුතියි
උපසිරැසියට
.....................................
:)
:)
:)
:)
:)
:)
:)
:)
:)
:)
:)
:)
:)
:)
:)lahiru
අසංක ප්‍රදීප් රණතුංග හදවතින්ම සුභ පතනවා සියළුදෙනා වෙනුවෙන් කරන සේවයගෞරවයෙන් අගය කරනවා සුභපැතුම් 50වන උපසිරසයට
ranga
tks bro...but pls don't use came copies...
Nipun
thanks bro......sub ekata patta film eka gon harak bad...bad..gawata gananganna epa un nikan idan kata kahanawata kiyawanne
ටිකිරී
උබල වගේ හිත හොද කොල්ලෝ හින්ද තම ඉතින් අපි ෆන් එකේ පිලුමක් හරි බලන්නේ බන් ...හැම තිස්සෙම කොමෙන්ට් නොදැම්මට උබල සෙට් එකටම අපි ආදරෙයි මචන්ලා ...සුබපැතුම් මචෝ ,,,,,,පට්ට පිලුමක් මේක
amila
Niyamai bro...ela ela...
සමන් ප්‍රසාද්
මුළින්ම 50 වෙනි උපසිරසියට මුළු හදවතින්ම සුභ පතනවා...!!!
මං හිතන්නෙ දැනට සයිට් එකේ ඉන්න වේගෙන්ම සබ් දෙන අය අතරින් ඉස්සරම ඉන්න කෙනෙක් කියලා ඔයාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම 50 වෙනි උපසිරැසිය මාස 3ක් වගේ කෙටි කාලෙකින් කරන්න පුළුවන් වෙච්ච එක ගැනත් හුඟක් සතුටුයි.
අර කියන්නා වගේ පරණ සිනමාපට රසවිඳින්න ප්‍රිය කරන බයිස්කෝප් රසිකයන් වෙනුවෙන් අසංක සහෝ කළේ කියලා නිම කරන්න බැරි උදව්වක්. ඒවගේ තියෙන කමෙන්ට් බැලුවම ඒ වගේ පරණ ෆිල්ම් වලටත් කොච්චර ආස අය ඉන්නවාද කියලා බලාගන්න පුළුවන්. ඉතින් සහෝ එයාලා වෙනුවෙන් කරන්න ගත්ත වැඩේ නම් හුඟාක් වටිනවා.
ලිපියේ මාව මතක් කළාටත් ස්තූතියි.
ඇත්තටම මං මේල් එක දැම්ම එක විතරයි. සමීර කරුණාරත්න සහෝ තමා ඔය ෆිල්ම් එක කරන්න හිටියෙ. ඊට පස්සෙ එයා තමා මට කිවුවේ අසංක සහෝට 50 වෙනි උපසිරැසිය වෙනුවෙන් මේක වෙන් කරමු කියලා. මං ඉතින් කළේ මේල් එක දාපු එක විතරයි... :D හෙ හේ...
එහෙනම් තවත්, මේ වේගයෙන්ම උපසිරසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...!!!
Br ආවම තමා ඉතින් මේක බලන්න වෙන්නෙ.
ජය වේවා...!!!රොයිලි
බුලට් එකක් වගේ පොරක්. අන්න එහෙම තමා මින් ඉදිරියට මම ඔයාව මතක තියාගන්නේ. හරිම ඉක්මනින් වගේම, ගොඩක් අය නොකරන ටිකක් පැරණි ඒත් සුපිරි චිත්‍රපටිවලට උපසිරැසි දාන එකත් ඇති ඔයා බයිස්කෝප් අඩවියට කරන සේවයේ තත්වය කියන්න. ඉතින් මෙතනින් නොනැවතී 100 දක්වාම ඉක්මනට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි කියනවා සිංහල උපසිරැසියටත්. එහෙනම් ගෙට්ටුවෙදි හමුවෙලාම කතා කරමු. ජය෴෴ :P :P
kent
HDTV copya qulityda ?
Thanxs for sub !!
Rasitha Pradeep Somasiri
මුලින්ම 50 වැනි උපසිරැසියට සුබ පතනවා. ඒ වගේම උපසිරැසටත් බොහොම ස්තූතියි සහෝ. 100 වැනි කඩ ඉමත් පසුකරන්න ඉක්මණින්ම අවස්තාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා සහෝ.........
Darshana
Thnaks saho sub ekata.. good luck
Withanage Priyantha Dayakeerthi
හෘදයාංගම සුබ පැතුම්! එදා ... 1996 වර්ෂයේදී එක්දින ක්‍රිකට් පිටියේ සනත් ජයසුරිය ලොව වේගවත්ම ලකුණු 50 ගැහුවා වගේ කීවොත් ගැළපේවී කියා සිතෙනවා "අසංක ප්‍රදීප් සොයුරාගේ" මේ සුපිරි කාර්යය. මම දිගටම ඔබේ උපසිරසි සහිත සිනමාපට නැරඹු කෙනෙක්. ඉදිරියේදීත් මෙවැනි පොදුවේ ප්‍රියකරනා උපසිරසිම අපට ඔබගෙන් ලැබේවි. ස්තුතියි!
මිතුල් ලක්ශිත
50 වෙනි උපසිරැසි නිර්මානයට සුබ පැතුම් සහෝ
100 වෙනි කඩඉමටත් ඉක්මනටම ලාගා වෙන්න සුබ පතනවා
සබ් එකට ස්තූතියි...
නැවත උපසිරැසියකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴Nikagoda Nagitha
weni sub ekata unusum subapethum!
Diluka saranga
supiri machan
Amila kaushalya
thanx saho sub 1ta a vagema oyaga 50th sub 1tath suba ikma 100 hamuvemu saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

50 කප් එක ගැහුව එකට හදවතින්ම සුබ පතනවා...
ඉදිරියට තව නිර්මාණ කර්න සුබ පතනවා.. ජය...
පනස් වන සුපසිරැසියට ස්තුති...