Watch Trailer

The Lord of the Rings: The Return of the King (2003) Sinhala Subtitles | රජුන්ගේ පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ]

[box] කොහොමද හැම කෙනෙක්ටම? ඔන්න එහෙනම් The Fellowship of the Ring (2001) එක්ස්ටෙන්ඩඩ් පිටපත සඳහා සිංහල උපසිරසි අරගෙන එනකොට වෙච්ච පොරොන්දුව මෙතනින් අවසන් වෙනව. කෘතියක් ඇසුරින් මෙතෙක් ලොව නිමවුණ හොඳම සිනමාපට ත්‍රිත්වය සඳහා සිංහල උපසිරසි ලබා දෙන්න මේ අයුරින් දායක වෙන්න ලැබීම මහත් භාග්‍යයක්. මිට පෙර අප…

කොහොමද හැම කෙනෙක්ටම? ඔන්න එහෙනම් The Fellowship of the Ring (2001) එක්ස්ටෙන්ඩඩ් පිටපත සඳහා සිංහල උපසිරසි අරගෙන එනකොට වෙච්ච පොරොන්දුව මෙතනින් අවසන් වෙනව. කෘතියක් ඇසුරින් මෙතෙක් ලොව නිමවුණ හොඳම සිනමාපට ත්‍රිත්වය සඳහා සිංහල උපසිරසි ලබා දෙන්න මේ අයුරින් දායක වෙන්න ලැබීම මහත් භාග්‍යයක්. මිට පෙර අපගේ ප්‍රවීණ උපසිරසිකරුවෙකු වෙන නිලන්ත අයිය විසින් තමයි මෙහි මුල් කාලීනව නිකුත් වූ එක්ස්ටෙන්ඩඩ් නොවූ, සාමාන්‍යය පිටපත සඳහා සිංහල උපසිරසිය අරගෙන ඇවිල්ල තිබ්බේ. එතුමන්ටත් කෘතඥ පුර්වක ස්තුතිය පිරිනමනව. මම සබ් හදන්න බයිස්කෝප් එකට එකතු වෙන්න කලින් එතුමන්ගේ උපසිරසි එක්ක තමයි මේ සිනමාපටය නැරඹුවේ. එහෙම නම් පොඩ්ඩක් සිනමාපටය ගැන කෙරෙන කෙටි විස්තරය දිහාවට හැරෙමු. 🙂

LOTR සිනමාපට පෙළ අතරින්, හොබිට් කතා මාලාවද ඇතුළුව, මේ සිනමාපටයට තමයි IMDB වැඩිම මනාප අගයක් හිමිවෙන්නෙ. එනම් 8.9ක් වැනි උපරිමතම අගයක් හිමි වෙනවා. ඒ අනුව IMDB Top 250 අතරින් දශක දෙකක් පුරාවට #7 වැනි ස්ථානයේ වැජඹෙනව. මෙහි අධ්‍යක්ෂනයත් වන් ඇන්ඩ් ඔන්ලි “පීටර් ජැක්සන්” නමැති විස්මිත නිමැවුම්කරුවාගෙ. ටෝල්කින්ගෙ මනසෙහි මැවුණු ලෝකය රිදී තිරය මත අපට සිතුවම් කර දුන්නේ ඔහුගේ අධ්‍යක්ෂණයෙන්. ඒ විතරක් නෙමෙයි 2001 වසරේ සිට 2003 වසර දක්වා පැවති ප්‍රධාන පෙලේ සම්මාන උළෙලයන්හි ජය කෙහෙළි නංවන්නේ LOTR සිනමාපට ත්‍රිත්වය විසින්. 2003 වසරේ පැවති ඔස්කා සම්මාන උළෙලේ නිර්දේශ 11ක් ලබාගෙන, ඒ නිර්දේශ 11ම දිනාගන්න මේ අනගිභවනීය සිනමාකෘතිය සමත් වෙනව. ඒ වගේම ඒක අදටත් නොබිදුණු වාර්තාවක් ලෙසින් පවතිනවා. ඒ වගේම නිව්ලයින් සිනමා ආයතනය විසින් මේ සිනමාපටයට කල වියදම මුල් සතිය ඇතුලතම නැවත ලැබිල තියෙනව විතරක් නෙමෙයි 1B අධික බොක්ස් ඔෆිස් ආදායමකුත් ලබා දෙනවා. අද වගේ නෙමෙයි (මම මේ සඳහා අලුත් ලිපිය ලියන්නේ 2020 වසරේ, පඳුරකට පයින් ගැහුවත් බිලියනයේ බොක්ස් ඔෆිස් ෆිල්ම් පහ හයක් විසි වෙනවනෙ මේ කාලේ 😛  ) ඒ යුගය වෙනකොට බිලියනයක බොක්ස් ඔෆිස් ආදායමක් කියන්නේ ටිකක් විරල දෙයක්.

ඉතිං තව ගොඩක් විස්තර තියෙනව මේ සිනමාපට පෙළ ගැන කියන්න නම්. දවසක් තිස්සේ කියවන්න තරම් ලිපියක් ලියන්න පුළුවන් ඇත්තටම. කොහොම උනත් මැරෙන්න කලින් ලෝඩ් ඔෆ් ද රින්ග්ස් සහ හොබිට් සිනමාපට පෙළ රූගත කෙරුණ නවසීලන්තයේ දර්ශණ තල නරඹන්න යන්න අවස්ථාවක් ලබාගන්න එක මගේ බකට් ලිස්ට් එකේ තියෙන එකක්. ඒ සිහින නම් “පහන ලඟයි ආලෝකේ දුරයි ” ජාතියේ ඒවා තමයි ඉතිං කොහොම උනත් 🙁 .ඒ කොහොම උනත් වැඩි වෙහෙසක් නැතුව කතාව පොඩ්ඩක් මතක් කරන්න නිලන්ත අයියගේ ලිපියට ඉඩ දෙමින් මම සමුගන්නම්. කොරෝනා වසංගත සමයේ වැටුණු ඇඳිරි නිතිය හොඳ විදියට යොදා ගනිමින් මේ සිනමාපට ත්‍රිත්වයටම කල හැකි සාධාරණම ආකාරයෙන් සිංහල උපසිරසි ලබා දෙන්න හැකිවීම සම්බන්ධව මම මහත් සතුටට පත්වෙනවා. මොකද ටෝල්කින් වගේ භාෂා ප්‍රවීනයෙක් අවුරුදු ගණනාවක් තිස්සේ ගොඩ නැගු වෙනම ලෝකයක් සිංහල බසින් ඔබට සමීප කිරීම බොහම අමාරු දෙයක්. මං හිතනවා ඔබ අපේක්ෂා කරන මට්ටමින්, ඊට ආවේනික වචන සමුදායක් සමගින්, මට මේ සිනමාපට ත්‍රිත්වය ඔබට සමීප ක‍රන්න හැකියාව ලැබුණා කියල. ඒ කොහොම උනත් කුඩා හෝ අඩුපාඩුවක් දුටුවහොත් කමෙන්ට් එකක් දාල දැනුවත් කරන්න. වහාම ඒ අඩුපාඩුව නිවැරදි කරගන්න සුදානම්. එහෙම නම් ගිහින් එන්නම්.  🙂

ශාන් විමුක්ති [විමා]


ආයුබෝවන් හැමෝටම. ඔන්න මේ වතාවේ ලොව රසික වටිනා කම් වර්ගීකරණයේ 8.8 ලබා 9 වන ස්ථානයේ රැඳී පවතින බයිස්කෝප් එකක් ඔන්න මම සිංහල උප සිරැසි එක්ක අරගෙන ආවා. LOTR බයිස්කෝප් ත්‍රිත්වයේ අවසන් සලරුව මෙය වන අතර මෙය පැය තුනකුත් මිනිත්තු 10 ක් දිවෙයි. බයිස්කෝපය ඔබ අතරට ගෙන ඒමට මා උනන්දු කළ අය අතර උදා සහ විකියා හැමදාමත් වගේ මතක් කරලාම චිත්‍රපටිය ගැන විස්තරයක් මෙසේ සඳහන් කරමි.

කලින් කී පරිදි මේ ත්‍රිත්ව සලරුවේ අවසානයයි, එබැවින් ඊට ඉහත සලරු හා බැඳේ. ෆ්‍රොඩෝ සහ සෑම් තව දුරටත් මුදුව විනාශ කිරීමේ අරමුණින් Mount Doom වෙත ගමනේ යෙදෙන්නේ ගොලම් පෙන්වන පාර ගැන කිසි දෙයක් නොදැනය. පිපින් විසින් සොයා ගන්නා ලද සරුමාන් ගේ පළිඟු ගෝලය නොසැලකිලිමත් බැවින් ඇල්ලීම හරහා ගැන්ඩොල්ෆ් සවුරොන් ගේ මිනාස් ටිරිත් නඟරය ඇල්ලීමේ සැලැස්ම දැන ගනී. ගැන්ඩොල්ෆ් යුද්ධයට සූදානම් වෙන ආකාරය සහ ෆ්‍රොඩෝ ගේ මුද්ද විනාශ කිරීමේ අභිලාශය සාර්ථක වේද නැතහොත් අසාර්ථක වේද යන්න සිනමාපටය එක නරබා තීරණය කරන්න. ඔබ හැමෝටම ජයෙන් ජයම වේවා!

   <<< The Lord of the Rings: The Two Towers (2002)

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Extended.TBI පිටපත්  සඳහා ලබා දි ඇත.
(පැය 4 : මිනිත්තු 23 : තත්පර 11)

 

89,061 downloadsDownload The.Lord_.of_.the_.Rings_.The_.Return.of_.the_.King_.EXTENDED.2003.zip223 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට සහ “වා.මු. නිලන්ත පියසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

89,061 downloadsDownload Subtitles223 KB

134 comments

  1. Deegayu

    Thanks machan mama Meke sinhala sub enakanma balagena hitiye...me movie eka balanna..loweth nethi wedak...tx..

  2. ajantha

    me set eke pal weni ekata nam sub dunna .eth dewani ekata sub thama dune na ne ekath dun na nam thami hoada.kohomahari sub ekata pin

  3. Dar[K]

    downloading !

  4. | D i N 3 s H | දිනේෂ් ගමගේ

    නිලන්ත අයියාත් මේ එකක් දීලා තියෙන්නේ.. අනේ මංදා මේ ෆිල්ම් සෙට් එක කොහොම බලලා ඉවර කරන්නද කියලා. කවුද මංදා දැන් ලංකාවේ උපසිරැසි කලාවේ එක?
    ජය වේවා!!!!

  5. uda

    මේකේ දෙවැනි කොටසත් අනගි 250 අතරේ ‍රැ‍ඳෙන්නට සමත් වූ එකක්. ඒ නිසා ඒකටත් නිලන්ත අයියාගෙන්ම උපසි‍රැසියක් ලැබේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. යෝජනාව කොහොම වුණත් TV Chanel වලින් පතුරු ගහපු මේ වගේ එකකට සබ් කරලා දෙන්න බය නැතුව හා කියපු නිලන්ත අයියට බොහොම පිං!

    පහු කාලෙක TV වලට මෙහෙම එකක් තිබුණද කියලවත් තරම අමතක වෙලා යනකොටත් නිලන්ත අයියට පිං සිද්ධ වෙන්න ඕනි කෙනෙකුට මේක බැලුවැකි සබ් එක්ක! අනගි වැඩක් නිලන්ත අයියේ, ජය!

  6. sanka

    maxxxa

  7. කැලුම් ගුණසේකර

    අනිත් දෙකත් නිලන්ත අයියා ම දෙන්න හොදේ? ජයවේවා ...

  8. Isuru dimantha

    මට තම මෙ trilogy එක බලන්න බෙරිඋනානෙ..........බොභොම ස්තුතියි උපසිරසියට

  9. වා.මු. නිලන්ත පියසිරි

    ආහ් මේ තියෙන්නේ ප්‍රතිචාර අටක්ම. ඔය මදෑ. තව තවත් උප සිරැසි දෙන්න පුදුම කැමැත්තක් ඇති වෙන්නේ. සියළුම ප්‍රතිචාර වලට බොහොම පිං.

  10. යසිරු

    ඉස්තූතියි බොහොම

  11. vee

    අද කොහේ කොතන කමෙන්ට් කරන්නද කියලා හිතා ගන්න බෑ කමෙන්ට් අඩු උනාට ගණන් ගන්න එපා...කට්ටිය ඉස්සරහට දාවි අයියේ

  12. සිංහලයා

    කමෙන්ට් නම් ඔන්න මම දැන් දාන්න පටන් ගත්තේ කොහෙද උදේ මොකෙන් මොකට දාන්න කියලා හිත ගන්න බැරි උනා බොහොම ඉස්තූතියි :)

  13. kalinga

    පට්ට සහෝ 2 වෙනි එකටත් සබ් දෙන්න ජය වේවා,,,,

  14. කේ. යූ. ජී. උදාර

    බොහොම ස්තූතියි අයියේ.......
    ඊළඟ කොටසත් ඔයාගේ සබ් එක්කම බලන්න බලාගෙන ඉන්නවා..

  15. Kamal Arjuna

    අනිත් දෙකත් නිලන්ත අයියාගෙන්ම උපසි‍රැසියක් ලැබේවි යැයි බලාපොරොත්තු වෙනවා
    බොභොම ස්තුතියි උපසිරසියට..............

  16. උදාර

    බොහොම ඉස්තූතියි අනෙක් කතාවටත් සබ් දෙන්න :)

  17. d2dinu

    වැඩේ පට්ට්,ජයවේවා! අනිත් 2 එක්ක දැම්මනම් පට්ට පතුරු.

  18. කැළුම්

    නියමයි සහෝ කමෙන්ට් අඩු වීම ගණන් ගන්න එපා..කොහොම දාන්නද ෆිල්ම් 12 කටයි මුල් පේජ් එකටයි එක පාර.හෙමිට දාවි දැනටත් සබ් එක 100 වඩා අරන්නේ ජය

  19. ganidu

    පට්ටම තමා අයියේ 2 වෙනි එකත් දුන්නහම ඒකත් ඉවරයි

  20. සරදියල්

    දෙවැනි ඒකත් දෙමු නේ අයියේ පට්ට ඉස්තූතියි

  21. Bandara

    Extended Versions වලටත් සබ් දෙන්න......!!!

  22. රොයිලි

    නිලන්ත අයියා ගේ උපසිරැසියක් ගැන වරදක් පෙන්වන්න පුලුවන් කාටද? ඒ තරම් සුපිරි උපසිරැසි තමයි නිලන්ත අයියා වෙතින් අපිට ලැබෙන්නෙ. කමෙන්ට් අඩුවීම ගැන නම් අහිතක් හිතන්න එපා කියලා ඉල්ලනවා. හැමදාම උපසිරැසි 7-8 දෙන්නෙ නැහැනේ. ඒ නිසා අද බෙදිලා ගිහින් වගේ. :D

  23. අසංක

    කමෙන්ට් අඩු කියන්නේ සහෝ කොහේ කොතනද දාන්නේ කමෙන්ට් රොයිලි කිව්වා වගේ බෙදිලා නේ ඕක අවුලක් නෑ දිගටම සබ් දෙන්න

  24. විකියා

    නිලන්ත අයියගේ උපසිරස නොබලා කොහොමද ...
    ඉස්තූතියි ඉස්සරහටත් හොද ෆිල්ම් දෙනකම් බලාගෙන ඉන්නවා..

    ජයෙන් ජය~!

  25. mayura

    ME film aka full akada ?

  26. hasitha

    නිලන්ත අයියේ දෙවෙනි එකත් දෙන්ඩෝ... බයිස්කෝප් එකනම් දැන් නියමයි.. නියම කාලෙදි අලුත් කලා....

  27. දනුක

    2 වෙනි කතාව දීලා ගොඩ දාන්න අයියේ බොහොම පින් මේ වැඩේට ජයවේවා බයිස්කෝප් :)

  28. Viraj

    එලම කිරි කථාවක්නෙ දාල තියෙන්නෙ. අවුරුදු ගානකට කලින් TV එකේ බැලුවෙ. ඒත් තාම ආසයි. පුලුවන්නම් පළවෙනි සහ දෙවෙනි කොසසුත් දාමු. මමත් පුලුවන් උදව්වක් කරන්නම්.

  29. හොට්ටා

    ඉස්තූතියි සහෝ......

  30. ආමන්ත

    Lord of the Rings Trilogy එක නැතුව බයිස්කෝප්LK.COM සම්පුර්ණ වෙන්නේ නෑ. කවුරු හරි කෙනෙක් දෙවෙනි කොටසටත් ඉක්මනට සබ් දෙන්න. පලවෙනි එකට සබ් දුන්න කෙනාටත් ගොඩක් ස්තුතියි. මේ කතා තුනම බලපු කෙනෙක් ගේ ඇහැට අවසානයේදී කඳුළු එනවා නියතයි

  31. Pasan

    Thanks Friend.........
    Good Luck.

  32. චරිත පොල්ගස්දෙණිය

    ela ela pattama film ekaka ne dilathiyenne....
    tv eke wage neweyi dan add nathuwa sinhalenma balathahakine apita......

  33. chinthana

    මම ලග මේ film එකේ තියෙන්නෙ වෙන කොපියක් ඒකට හරියන විදියට sub හදාගන්න ක්‍රමයක් නැද්ද?

    Subtitle Edit program එකෙන් sinhala sub එක open කරල english subtitle එකෙන් "time codes" import කරල බැලුව ඒක හරි යන්නෙ නෑ.

    කවුරු හරි කෙනෙක් විසදුමක් දන්නවද?

  34. සාරංග ලියනගම

    මේක කවද හරි බයිස්කෝප් එකේ දෙවි කියල හිතුවා.කියල වැඩක් නෑ සුපිරි පොරක් නේ සබ් දාල තියෙන්නේ... බොහොම පින්...
    මේ සබ් එක Extended Version එකටත් හරියනවද?
    දෙවැනි කොටසටත් ඔයාම සබ් දෙන්න...:)

  35. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  36. සාගර ප්‍රේමතිලක​

    බොහෝම ස්තූතියි නිලන්ත සහෝ මේ බයිස්කෝප් එක සිංහල උපසිරසි සමග අපවෙත තිලිණ කලාට මේ බයිස්කෝප් එකේ පලමු වැනි කොටස සිංහල උපසිරසි සමග රසවින් දේ මීට කලකට ඉහතදී එතැන් පටන් මම බලාන හිටියා දෙවැනි කොටසත් සිංහල උපසිරසි සමග බලන්න තාම ඒ බලාපොරොත්තුව ඉටු උනේ නෑ ඔබගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා එයත් හැකි ඉක්මණින් අපවෙත ලබා දෙන මෙන්

  37. සාගර ප්‍රේමතිලක​

    මෙහි පලකර ඇති ලින්කු දෙකෙන්ම චිත්‍රපටිය බා ගත කරන්න බෑ එරර් එකක් එනවා(404 - File not found.) ඒ ගැනත් පොඩ්ඩක් ඔබගේ අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

  38. Dina

    mekata nam patta thanx.. mewa ithin kochchara baluwath epa wenne nathi films ne

  39. dd

    Pattai.thanks

    meke The Lord of the Rings: The Two Towers nathuwa nam wadak na ekkath ikmana denna jaya wewa

  40. wSKR

    thank you very much

  41. ෂෙවින්

    නිලන්ත අයියේ පුලුවන්නම් Extended Version එකටත් හරියන විදිහට සබ් එක හදල දෙන්න

  42. Uraj Deemantha

    කතාව නම් කම්මැලි වගේ උනත්, සිංහල සබ් එක නිසා බානවා..... :D

  43. darshana

    බොහොම ස්තුතියි…

  44. Neranjith

    maxxa film 1.one f my favorites.thnax sahoo sub 1 ta..

  45. darshana

    2 වෙනි එකටත් සබ් දෙන්න.බොහොම ස්තුතියි

  46. mahima

    aiya meka kotas thiyanava adui kapa kapa pennanne man balala thiyanava org eka පැය 4කුත් vinadi 23 k thiyanava meka org eka namai

  47. Tharindu

    'Two Towers' 1ta denne kawdada

  48. Thilina

    torrent file 1 nane mcho

  49. udara

    niyamai oyalage weda nam.. goadak thanks..

  50. charlie

    thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.