බයිස්කෝප් සිංහලෙන්, මේ අපූරු සහෘද කැළ සමඟ සම්බන්ධ වෙලා මේ වන විට වසර 4 ක් පමණ ගත වී තිබෙනවා. 2013 දෙසැම්බර් මස John Carter (2012) චිත්‍රපටය වෙනුවෙන් මා පරිවර්තනය කළ සිංහල උපසිරැසිය අඩවියේ පළවීමත් සමඟම උපසිරැසිකරුවෙක් ලෙස මාත් මේ සහෘද කැළට බොහොම සාඩම්බරයෙන් එකතු වුනා. 2014 අගෝස්තු මාසයේදී Heropanti…

බයිස්කෝප් සිංහලෙන්, මේ අපූරු සහෘද කැළ සමඟ සම්බන්ධ වෙලා මේ වන විට වසර 4 ක් පමණ ගත වී තිබෙනවා. 2013 දෙසැම්බර් මස John Carter (2012) චිත්‍රපටය වෙනුවෙන් මා පරිවර්තනය කළ සිංහල උපසිරැසිය අඩවියේ පළවීමත් සමඟම උපසිරැසිකරුවෙක් ලෙස මාත් මේ සහෘද කැළට බොහොම සාඩම්බරයෙන් එකතු වුනා. 2014 අගෝස්තු මාසයේදී Heropanti (2012) චිත්‍රපටයෙන් 50 වන උපසිරැසි කඩඉම පසු කළ අතර 2015 ජනවාරි 01 වන දා PK (2014) චිත්‍රපටය සඳහා එක් කළ සිංහල උපසිරැසියත් සමඟ උපසිරැසි 100 යේ කඩ ඉම සම්පූර්ණ කළා. ඉන් අනතුරුව ඇඩ්මින්වරයෙක් වශයෙන් ඉතාම කෙටි කාලයක් අඩවියට සහයෝගය ලබාදෙන්න හැකි වුනත්, ඒ අතරතුරේ යෙදුනු අධ්‍යාපන කටයුතු නිසාවෙන් උපසිරැසිකරණයෙන් බොහෝ දුරට ඈත්වන්නට සිදු වුනා. මේ පරණ මතකයන් කීපයක් ආපහු මතක් කළේ පුරුද්දක් හැටියට අඩවියේ උපසිරැසිකරුවන් කඩඉමක් පසු කරන අවස්ථාලදී තමන් ආපු ගමන් මඟ දෙස හැරී බලන නිසාවෙන්මයි. ඔව්. අවුරුදු දෙකහමාරකට පමණ පසුව උපසිරැසි 150 කඩ ඉම පසු කරන්නයි මේ සූදානම.
හසන්ත වික්‍රමරත්න, රොයිලි ප්‍රනාන්දු, ඉසිර ගුණතිලක, චමින්ද වාසල, තරිඳු වික්‍රමසිංහ, සමීර කරුණාරත්න, ආසිරි ප්‍රියන්ත, අශාන් විමුක්ති, නලින් පෙරේරා, ඩිල්ෂාන් කාලිංග, සමීර චතුරංග යන සොයුරන් තමයි මේ ගමනේදී මුලින්ම මට හමුවුන පිරිස. ඔවුන්ව මෙවැනි විශේෂ අවස්ථාවල මතක් කරන එක කළ යුත්තක්. ඉන් ඉදිරියට බොහෝ පිරිසක් උපසිරැසිකරුවන් වශයෙන් මේ ගමනේදී මුණ ගැහුනා. ඔවුන් සියලු දෙනාම හිත හොඳ එවුන්. මොකද හිත හොඳ නැත්නම් බලන ඔයාලා වෙනුවෙන් මෙච්චර කැපවීමෙන් මේ වැඩේ කරන්න පුළුවන්කමක් නැහැ. මේ සහෝදරයන්ගෙන් බොහෝ දෙනෙක් සැබෑවටම දෙවාරයකදී මුණ ගැහෙන්න අවස්ථාව ලැබුනා බයිස්කෝප් මිතුරු හමුව නිසාවෙන්. ඒ සියලු දෙනාටම බොහොම ස්තූතියි කියනවා වචනෙකින් හරි දක්වපු සහයෝගය වෙනුවෙන්. ප්‍රේක්ෂක ඔබ සියලු දෙනා අදහස් දක්වමින් උපසිරැසි බාගත කරගනිමින් දක්වපු සහයෝගය ඉතාම අගය කරනවා. ඒ වගේම අපේ අඩවිය තාක්ෂණිකව අඩපණ වී තිබුණු කාලයේ උදව් කළ සියල්ලන්ටම ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නම්.
මේ වන විට අඩවිය සතුව දක්ෂ උපසිරැසිකරුවන් විශාල ප්‍රමාණයක් සිටින බව බොහොම අභිමානයෙන් කියන්න කැමතියි. ඒ වගේම උපසිරැසකරණය වෙනුවෙන් ඔවුන් දක්වන උනන්දුව අගය කළ යුතුයි. තමන් පරිවර්තනය කරන හෝ නිර්මාණය කරන උපසිරැසිය ඉක්මනින් වගේම හැකිතාක් දුරට නිවැරදිව ලබා දෙන්න කියන ඉල්ලීම ඒ අයගෙන් කරන්න කැමතියි. සුළු සුළු අඩු පාඩු පළපුරුදු උපසිරැසිකරුවන් අතින් පවා වෙන්න පුළුවන්. නමුත් අවම කරගැනීමයි වටින්නේ. ඒ පණිවිඩයත් දෙන ගමන් 150 වෙනුවෙන් අරගෙන ආපු චිත්‍රපටය දෙසට හැරෙමු. තවත් ඉදිරියට කඩඉම් පසු කරන්න අවකාශය ලැබේවිදැයි කියන්නට බැහැ. නමුත් මේ තාක් දුර ආ ගමන් මග ගැන බොහොම ආඩම්බරයි. ජය..! බයිස්කෝප් සිංහලෙන්.

මේ වසරේ මැයි මස 22 දින තිරගත වීම ආරම්භ කළ The Mummy (2017) චිත්‍රපටය බොහෝ ප්‍රේක්ෂකයින්ගේ තිරගත වෙනකල් බොහොම නොඉවසිල්ලෙන් බලා සිටි චිත්‍රපටයක්. සුපිරි නළු Tom Cruise සමඟින් Russell Crowe, Sofia Boutella, Annabelle Wallis, Jake Johnson රංගනයෙන් දායක වූ මේ චිත්‍රපටය Fanasy/Thriller ගණයට වැටෙන්නක්. ඇමරිකානු ඩොලර් මිලියන 377.3 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්නට සමත් වූ මේ චිත්‍රපටය ලබා ගත් IMDb ලකුණු මට්ටම නම් 5.7 ක් වගේ අඩු අගයක්. ඒ වගේම Rotten Tomatoes වල සනිටුහන් වී තිබෙන අගය 16% ක් වගේ ඉතාම අඩු අගයක්. ඒ කෙසේ වෙතත් රසයේ අඩුවකින් තොරව නරඹන්නට හැකි චිත්‍රපටයක් ලෙස මෙය නම් කරන්නට මම කැමතියි.
නික් මෝට්න් කියන්නේ මැද පෙරදිග කලාපයේ දිගුදුර පිරික්සුම් වල නියැළෙන හමුදා සෙබළෙක්, යුධ සේවයට අමතරව මෙයා කරන්නේ පුරාවස්තු කොල්ල කාලා කළු කඩේට විකුණන එක. ඉතින් මේ නික් විසින් සොරකම් කරන ලද සිතියමක් ඔස්සේ අතිශයින්ම කෘර මමියක, ඉතිහාසයෙන් මකා දැමුණු පුරාවෘත්තයක් හෙළිදරවු වෙනවා. මේ අතර එංගලන්තයේ ඉදිකෙරෙමින් පවතින උමං දුම්රිය මාර්ග පද්ධතියේ කැණීම් හදිසියේම නතර වන්නේ, පෞරාණික සොහොන් ගෙයක් හමුවන නිසාවෙන්, මේ සොහොන් ගෙයි මිහිදන්ව සිටින්නේ දෙවන කුරුස යුද්ධය වෙනුවෙන් සටන් වැද මිය ගිය නයිට්වරුන්. මෙසපොතේමියාවෙන්හමුවෙන ඊජීප්තු මමියක් සහ එංගලන්තයෙන් හමුවෙන කුරුස යුධ නයිට්වරුන් සහ මේ නික් කවරාකාරයකින් සම්බන්ධ වෙයිද. ක්‍රියාදාම සහ පුරාවෘත්ත වලින් පිරි මේ අපූරු සිනමා වෘතාන්තය නරඹන්න ඔබට බාරයි. ගිහින් එන්නම්. ඔබට ජය..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD HC / HD / BR පිටපත් සඳහා අදාළ වේ.
75,229 downloadsDownload The-Mummy-2017.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Yashoda-e1499756189160.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-12-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
175 comments
Pavi
Eranga Deshapriya
Thankz Bro
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
ඒ වගේම සුභපතනවා 150 වෙනි උපසිරැසියට.
උඹේ සබ් ගැන ආය කියන්න දෙයක් නෑ බං.
තවත් කඩඉම් පසු කරන්න අවකාශය ලැබේවිදැයි කියන්නට බැහැ නෙවයි පුලුවන් බං :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!KAVINDA GAMAGE
බ්ලූ රේ කොපියක් ආවහම ආයේ බලන්න බැරියෑ. දැනට මේක නොබලා කොහොමද. මෙන්න බානවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .Snake RAJ
මුලින්ම *150* සුභ පැතුම් යශෝ අයියා :D
තව තවත් උපසිරැසි කරන්න ශක්තිය, වාසනාව ලැබේව!
ඔයාගෙ උපසිරැසි ගැන කියන්න දෙයක් නෑ, සුපිරී.
මන් ගොඩක් ආස කරන උපසිරැසි කරුවන්ගෙන් කෙනෙක් තමයි ඔයා :)
ඒ වගේම මේ උපසිරැසියත් ගොඩක් ස්තූතී.
ජය වේවා!hiru pancha
supiri film eka.. sub ekata bohoma sthuthiy... baiscopedownloads eke na neda..?
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
150 වෙනි කඩඉමට හදවතින්ම සුබපැතුම් සහෝ..සහෝ සබ් කරපු ගොඩක් ෆිල්ම් බලලා තියේ. ඒ හැම එකකම සබ් එක නියමෙටම තියේ. මේ වෙන තුරු අඩුපාඩුවක් නම් දැකලා නෑ!!!
සබ් කරන එකෙන්නම් ඈත් වෙන්න එපා මචං.. ඉදලා හිටලා හරි ෆිලුමකට සබ් එකක් අරන් එන්න අපි වෙනුවෙන්.. ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ..!
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::A Mune Munasinghe
ඉස්තුති ශ්‍රීමාල් සහෝ... ජයින් ජයිම වේවා..
thisal
සුභපතනවා 150 වෙනි උපසිරැසියට.
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට
බ්ලූ රේ /වෙබ් කොපියක් ආවහම ආයේ බලන්න බැරියෑ!Charli Max
Congratulations Bro....
Thanks sub ekat...
Br eka awma balanawa...Snatch 2000 me film eka site eke dala thibbata sub dala naane
Kohoma hari eketa sub dannakoDulanga
great job.Thanks
Dulanga
Thanks
Sajith Anthony
150 වෙනි උපසිරැසියට උපසිරැසියට සුභ පැතුම!!!
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Gathsara Umesh Kumara
150 gahala..hamee..
Mmnm aywa aduragaththe Teen Wolf eken thama..(appt hudu season 6B ek onn 31 wedi sinhala sub eka one hodee enkm innee)ayyge sub dmil nymye..mm aduragaththa sub hadana set ekekn hdmm sub hadan katyegn eknk oyaa..
Gmn nawaththann epaa..ikmnin 200n hamiwemoo..(Teen Wolf mathakanee).....kelum chathuganga abeysekara
thanks
chameera
saho.. bohoma sathuthi......idiriyath sub dennaa jaya wewa.....
Udara Damith B/K
අනේ එහෙම කරන්ඩ එපා
අපිව දාලද යන්ඩ යන්නේ
එහෙමනම් කරනඩ එපා හොදේUdara Damith B/K
150 ට සුබ පතනවා
උපසිරසට ස්තුතියි
නතර කරන්ඩ එහෙම එපාලහිරු චානක
ජය වේවා යසෝ...!!!
Dilan Wimalasiri
Thankzz bro
w a thilak
ස්තුතියි බොහෝමත්ම....එනකම් බලාගෙන හිටියේ
Rasitha Pradeep Somasiri
150 වැනි උපසිරැසියට සුබපැතුම් සහෝ....
dilan lakmal
Ela macho.thanks sub ekata .150 nam madi.1500 wath sub oni.ela.
නිර්මාණී විජේසිංහ
150 ට සුභ පැතුම් ... තව සීයක් දෙසීයක් කරන්න ශක්තිය ලැබේවා කියලා පතනවා. සබ් එකටත් බොහොම ස්තූතියි. ජය....
Kasun Widusha
Suba pethum saho 150 ta.....
යුශාන් පියුමාල්
එල කොල්ලෝ ඔහොම යන් 200 විදුලි වේගයෙන් දෙමු ..
nidi
film eka gena balala comments dannam. tawa digu kalayak apa weni rasikayan wenuwen subs deela yashorawa
nanwannata Yashodhata diriya, wiriya, shakthiya lebewa!Nchamara
Thanks..
piyumal sanjeewa
150 වැනි උපසිරැසියට සුබපැතුම් සහෝ….
isuru
Ubata suba patum machan..me film ekata sub dunnata thanks ban..
Kulanjana Maduranga
welldone....Hat off Respect Bro....Great work & Lot of thanks YASHODA saho.wish u'r great future.....
Heshan
Thanks.good luck.
T.H.K.K.Thenuwara
https://1337x.to/torrent/2310920/The-Mummy-2017-HC-1080p-WE…
mekata sub eka diyan bn
Sisila Prasad
150 වැනි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා.
මෙතනින් නොනැවතී, ඉදිරි කඩයිම් වලටත් යෑමට ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජයවේවා!!!Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! 150 ටත් සුභ පැතුම්!
ජය වේවා!
බුදු සරණයි!Shenin Perera
150 වැනි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා.
ජය වීවා!!!රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි යශෝද සහෝ
150 වෙනි උපඋපසිරැසියට හදවතින්ම සුභ පතනවා
200 ත් ගින්දර වගේ ගහමු
#ජය වේවා...නිරෝෂ්
බොහාම ස්තුතියි යශෝධ සහෝ.සුබපැතුම්.ජයවේවා!
kevin D...
thanks... 200 yath ikmanatama gahamu...
DG
bohoma sthuthi sahoo..
මධුකප්‍රිය පෙරේරා
150ට උණුසුම් සුබපැතුම්..
යශෝ සහොත් 150 ගැහැව්වා එහෙමනම්..
මමනම් හිතුවේ කාලෙකට කලින් 150 ගහයි කියලා..
උපසිරසියට ස්තුතියි ඔබට ජය.Dhanuka Pradeep
Thank machan.......
nisha
fatta thanks bro... well done...............
Amil
බොහාම ස්තුතියි යශෝධ සහෝ...
150 ටත් සුභ පැතුම්...lakshan
ස්තූතිය සබ් එකට ජය වේවා..!!
sam
Thank you
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!dilshan
thanks all of you
හසන්ත
සුබ පැතුම් යසෝ! ඔහොම යමු නතර නොකර කරගෙන යමු පුළුවන් වෙලේට සහබාගි වීමයි වැදගත්. සුබ පැතුම් 150ත ඒ වගේම සබ් එකත් නියමෙටම තියෙනවා. ජය !!
Suresh
Thnx bro.....elaz...
Advertisement

Thank you.....
Thank you.....
Thank you.....
Thank you Sooooo much