The Scarecrow Season 1 Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම, කොටස් 12 පුරා ඔයාලව අතිශය කුතුහලයක සහ ත්‍රාසයක ගිල්වා තැබූ “The Scarecrow” කොරියානු කතා මාලාවේ අවසාන මෙන්ම තීරණාත්මක කොටස තමයි මේ දිගහැරෙන්නේ.මුල ඉඳන්ම ප්‍රේක්ෂකයන්ව එක එක පැතිවලට අතරමං කරවපු, හිතාගන්න බැරි අභිරහස් රැසකට අවසාන පිළිතුරු ලැබෙන…

The Scarecrow Season 1 Sinhala Subtitles
ආයුබෝවන් හැමෝටම,
කොටස් 12 පුරා ඔයාලව අතිශය කුතුහලයක සහ ත්‍රාසයක ගිල්වා තැබූ “The Scarecrow” කොරියානු කතා මාලාවේ අවසාන මෙන්ම තීරණාත්මක කොටස තමයි මේ දිගහැරෙන්නේ.මුල ඉඳන්ම ප්‍රේක්ෂකයන්ව එක එක පැතිවලට අතරමං කරවපු, හිතාගන්න බැරි අභිරහස් රැසකට අවසාන පිළිතුරු ලැබෙන, මුළු කතාවේම ඉරණම තීන්දු වෙන කොටස විදිහට මේ 12 වැනි කොටස හඳුන්වන්න පුළුවන්.
පසුගිය කොටස්වලින් අපි දැකපු දරුණු නඩුව, මිනීමැරුම් සහ ඒ පිටුපස තිබුණු දේශපාලන හා පාතාල බලපෑම් නිසා හැමෝම දැඩි පීඩනයකට ලක්වෙලා හිටියේ. මේ අවසාන කොටස ආරම්භ වෙන්නේ මාධ්‍යවේදී චා යොන්ග්-බොම් තමන්ගේ පියාට සිදුවූ අසාධාරණය වෙනුවෙන්, තමන්ගේ ජීවිතය පවා පරදුවට තබා සත්‍යය සොයා යන ඉතාමත් සංවේදී වගේම අනතුරුදායක මෙහෙයුමකින්.
කාලයක් තිස්සේ මහා බලවතුන් විසින් හැමෝගෙන්ම වසන් කරගෙන සිටි බියකරු සත්‍යය දැන් සම්පූර්ණයෙන්ම කරළියට පැමිණීමට සූදානම්. තමන් මෙච්චර කාලයක් මහන්සි වෙලා, ජීවිතය පවා පරදුවට තබා හොයපු සත්‍යයේ සැබෑ ස්වරූපය දැකලා නීතිඥ කැන්ග් තේ-ජූ පවා දැඩි ලෙස කම්පනයට පත් වෙනවා.
මිනිස්සුන්ව දිගින් දිගටම රවට්ටමින්, තමන්ගේ බලය සහ මුදල් පාවිච්චි කරලා නීතියෙන් බේරෙන්න හදන අයට එරෙහිව යුක්තිය ඉටු කරන අවසාන හෝරාව උදා වෙලා තියෙන්නේ. හැමදේම තිරය පිටුපස ඉඳන් පාලනය කරපු සැබෑ සතුරා කවුද? ඔවුන්ට නීතියෙන් දඬුවම් ලැබෙයිද? නැත්නම් බලය හමුවේ යුක්තිය යටපත් වෙයිද? මෙතෙක් කල් විසඳන්න බැරි වුණු හැම ගැටලුවකටම උත්තර මේ අවසාන කොටසින් ඔයාලට බලාගන්න පුළුවන්.
ඔයාල මෙතෙක් කාලයක් ආසාවෙන්, නොඉවසිල්ලෙන් නරඹපු මේ අභිරහස් ගමනේ අවසානය දකින්න, “The Scarecrow” කතා මාලාවේ අවසාන කොටස නරබන්න කියල ඔයාලට ආරාධනා කරනවා,
තවත් සුපිරි කතාමාලවකින් හමුවෙනකන් හැමෝටම සුභ දවසක්…..
The Scarecrow S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
589 downloadsDownload The-Scarecrow-S01E12.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Scarecrow Season 1 Sinhala Subtitles
Subtitles by
තරිදු දිසානායක
Subtitles
- #Chance Perdomo
- #Jaz Sinclair
- #Kiernan Shipka
- #Lucy Davis
- #MaxxA
- #Michelle Gomez
- #Netflix
- #Offbeat
- #Ross Lynch
- #sinhala
- #Sinhala Subtitle
- #The Scarecrow Season 1 Sinhala Sub
- #The Scarecrow Season 1 Sinhala Subtitles
- #The Scarecrow Sinhala Sub
- #The Scarecrow Sinhala Subtitles
- #Yul Vazquez
- #තරිදු දිසානායක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
2 comments
Isuru Dissanayake
Sandaru Nimsara
Thanks
Advertisement



Series එකට Sub දුන්නට බොහොම ස්තූතියි සහෝ