හොඳ රස්සාවක් කරන්න, පවුලක් වෙන්න, දරුවො හදන්න, හොඳ ජීවිතයක් ගත කරලා, මැරිලා යන්න.!. මේවා තමයි හීන. මේ හීන හරි ගණන්. අම්මෙක්, අප්පෙක් නැති ළමයෙක්‍ට මේ හීන වල මිල දරා ගන්න බැරි තරම්..! එතකොට ඒ ළමයින්ට හීන දකින්න තහනම්ද? දරුවෙක් ගැන වැඩියෙන්ම දෙමව්පියෝ සැලකිලිමත් වෙන්නේ ඒ දරුවා පුංචි කාලේ. ඇවිදින්න බැ…

හොඳ රස්සාවක් කරන්න, පවුලක් වෙන්න, දරුවො හදන්න, හොඳ ජීවිතයක් ගත කරලා, මැරිලා යන්න.!. මේවා තමයි හීන. මේ හීන හරි ගණන්. අම්මෙක්, අප්පෙක් නැති ළමයෙක්‍ට මේ හීන වල මිල දරා ගන්න බැරි තරම්..! එතකොට ඒ ළමයින්ට හීන දකින්න තහනම්ද?

දරුවෙක් ගැන වැඩියෙන්ම දෙමව්පියෝ සැලකිලිමත් වෙන්නේ ඒ දරුවා පුංචි කාලේ. ඇවිදින්න බැරි කාලේ, කතා කරන්න බැරි කාලේ, තනියෙන් වැඩ කරගන්න බැරි කාලේ.. ඒත් දරුවොන්ගෙ ළමා කාලය වගේම, නව යොවුන් අවධිය ගැනත් අවදානයෙන් නොහිටියොත් සමාජයට එකතු වෙන්නෙ තවත් අපරාධකාරයෙක් විතරයි. එතකොට දෙමව්පියෝ නැති දරුවො ගැන බලන්නෙ කවුද? ඔබට ඔබේ දරුවා ගැන විතරක් නෙවෙයි, සමාජයේ සියලු දරුවන් ගැන අවදානෙන් ඉන්න, අඩු තරමින් ඔබ දන්න කියන දරුවන් ගැන අවදානෙන් ඉඳීමේ වටිනකම කොච්චරක්ද කියලා Extracurricular 2020 මේ කොටස් 10 ඇතුළෙදි තේරුම් යාවි.

මේක තවත් ආදර කතාවක් නෙවෙයි. Teenage, crime ගණයට අයිති කතා මාලාවක්. Sky Castle වගේ බොහොම ජනප්‍රිය කතා මාලාවල රගපෑ Kim DongHee මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. අනිත් කාරණාව තමයි මේක Netfilx original series එකක්. කොටස් 10 කින් සමන්විත පළමු කතාවාරය 2020 අප්‍රේල් 29 වෙනිදා නිකුත් වුනා. IMDb දර්ශකයේ Crime, Drama කැටගරියේ 7.6 ක ලකුණු මට්ටමක් දිනා ගෙන ඉන්න Extracurricular කතා මාලාව වෙනුවෙන් ගූගල් පරිශීලකයන්ගේ 97% ක මනාප මට්ටමක් හිමි වෙලා තියනවා. ලැබෙන ප්‍රතිචාර බොහොමයක් හොඳ පැත්තට බර නිසා මේකේ දෙවනි කතාවාරයක් එයි කියලයි බොහෝ දෙනා අනාවැකි පළ කරන්නෙ.

මේ කතා මාලාවේ ප්‍රවර්ධන කටයුතු ගැන කියනවා නම්, මේ අවුරුද්දෙම අප්‍රේල් 28 වෙනිදා ඔන්ලයින් මාර්ගයෙන් තමයි මුල්ම මාධ්‍ය හමුව පවත්වලා තියෙන්නෙ. ඒකට හේතුව කොරෝනා වෛරස උවදුර. ඒකට සහභාගි වෙලා තියනවා, නළු නිලියන් වන Kim Dong-hee, Jung Da-bin, Park Joo-hyun සහ Nam Yoon-soo, විධායක නිෂ්පාදක (සහ Studio 329 ආයතනයේ CEO) වන Yoon Shin-ae, සහ අධ්‍යක්ෂ Kim Jin-min. එතනදි අධ්‍යක්ෂ Kim හැඟීම්බරව කියලා තියනවා, “N වෙනි කාමරේ” අපරාධ සිද්ධිය ගැන සමාජ අවදානෙ යොමු වෙලා ටික දවසක් යද්දිම Extracurricular වගේ කතාවක් ගේන්න ලැබුනෙකේ වටිනාකම. දැන් ඔයාලා කට්ටියක් මේ N වෙනි කාමරේ සිද්ධිය ගැන කල්පනා කරනවා ඇති. N වෙනි කාමරේ සිද්ධිය සත්‍ය වශයෙන්ම 2018-2020 කාලය තුළ දකුණු කොරියාවේ ටෙලිග්‍රෑම් ඇප් එක මාර්ගයෙන් හදපු කණ්ඩායම් ඔස්සේ ලිංගික සූරා කෑම දැක්වෙන, අසැබි වීඩියෝ සංසරණය කිරීම, එම වීඩියෝ මුදලට විකිණීම, බ්ලැක්මේල් කිරීම වගේ අපරාධ රැසකට මුල පිරුවා. බාල වයස්කාරයන් විසි හය දෙනෙක් ඇතුලුව සියයකට අධික වින්දිතයන් මේ අපරාධයට ගොදුරු වුනා. ඒ සිද්ධියේ කම්පනය සමාජය තුළ වියැකිලා යන්න කලින්, ඒ අමිහිරි යථාර්තය ගැන කතාබහක් ගොඩ නගන්න Extracurricular අවස්ථාවක් ලබා දෙන බවයි අධ්‍යක්ෂවරයාගෙ මතය වුනෙ. විශේෂයෙන්ම බාලවයස්කාරයන් මේ අපරාධ වල නියැලෙන්නේත්, එහි ගොදුරක් වන්නේත් මොන වගේ හේතු නිසාද? ඒවාට පිලියම් යෙදීමේ වගකීම කා අතේද? මේ ප්‍රශ්න යම්තාක් දුරකට මේ කතා මාලාව තුළ කතාබහට ලක් කෙරෙනවා.

ඒ වගේම ලේ දැක්කම බය හිතෙන, සංවේදි වැඩි අය නැරඹීමෙන් වළකින්න කියලා ඉල්ලා හිටිනවා. සමහර වචන නුසුදුසුයි කියලා හිතුන නිසා ඒ විදියටම යෙදුවේ නැහැ. කොහොම වුනත්, Crime, drama වර්ගයට කැමති අයට මේක හොඳ තෝරා ගැනීමක් වෙයි.

 

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

27 comments

  1. Prabuddha

    Shaa.. maru..Sub denakan balan hitiye.. Thank you.. :D :)

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Chathuranga

    Uncontrollably found sinhala subtitles dennako plz

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි.ජය වේවා!

  4. Pasindu Madumal

    සිහිය නෑ අක්කේ...එපි 10ම එකට...ක්‍රයිම් සීන් එකක් නම් අතාරින්නේ නෑ. ඔන්න ගත්තා එහෙනම්. සබ් එකට ස්තුතියි ආහ්. ❤️

  5. Kasun Lakshan

    උපසිරසට ලබා දුන්නාට ගොඩාක් ස්තුතියි !!!!!!!
    අද Download කරනවා ඔක්කොම එපිසෝඩ් ටික...
    Thank you Sooooo Much!!!!!!

  6. Anonymous

    thanks akke.

    1. Hashi

      Sub එකට තෑන්ක්ස්
      අනේ The Reply series එකට සබ් දෙන්නකෝ

  7. Pradeep321

    Video eka nha ne

  8. suranga281

    කොටස් දහයකින් යුතු මේ කතා මාලාවට සිංහලෙන් උපැසිරසි කළාට බොහොම ස්තූතියි නංගි...

  9. Anonymous

    බොහෝම ස්තූතියි උපසිරැසියට . . .

  10. chanu mikhail

    ft
    thank u

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Ganidu

      Sky castel eke sub nedda

  12. Vishal

    සබ් එකට තෑන්ක්ස්
    පුළුවන් නම් Memorist ඩ්‍රාමා එකටත් සබ් දෙන්න
    මේ වගේම සුපිරි crime ඩ්‍රාමා එකක්
    ජය වේවා.........

  13. Anonymous

    thnkyouu

  14. Vidanaarachchi

    Korean drama download karanna puluwan site ekak danna knk innwada

    1. shehan lakmina7753

      doramax264.com

  15. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  16. Kavinu

    හම්මේ... ඔක්කොම එපිසෝඩ් එකටම දීලානේ!
    සෑහෙනම කාලෙකට පස්සේ කොරියන් සීරීස් එකක් බලන්න හදන්නේ...
    ජය වේවා!!!

  17. TT

    The Reply series එකටත් සබ් දෙන්න පුලුවන්ද ???

  18. tharidu16

    mekanam supiri kathawak. thanks dunnata.

  19. Charith

    පට්ට කතාව

  20. Pahasara

    Thankz, patta.

  21. ishu

    Thnx helili sub ekata..

  22. Pasindu harshana

    Memorist kdrama ekatath sub denawada

  23. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.