කතාව කෙටියෙන් කිව්වොත්.. නැනෝ කියන්නෙ උසස් පාසල් ශිෂ්‍යාවක්. මේ කියන නැනෝ පාසලින් පාසලට මාරු වෙන්නේ ඒ ඒ තැන් වල උඩින් ඉන්න අයගේ වෙස් මුහුණු ගලවගෙන. නැනෝ කොහොමද මේවා කරන්නේ? කවුද මේ නැනෝ? හැම කොටසක් අවසානෙම හිතන්න දෙයක්, ඉගන ගන්න ලොකු පාඩමක් ඉතුරු කරලයි නැනෝ සමුගන්නේ. හැබැයි ඒ පාඩම නැනෝ උගන්නන්නෙ ඔය…

කතාව කෙටියෙන් කිව්වොත්..
නැනෝ කියන්නෙ උසස් පාසල් ශිෂ්‍යාවක්. මේ කියන නැනෝ පාසලින් පාසලට මාරු වෙන්නේ ඒ ඒ තැන් වල උඩින් ඉන්න අයගේ වෙස් මුහුණු ගලවගෙන. නැනෝ කොහොමද මේවා කරන්නේ? කවුද මේ නැනෝ? හැම කොටසක් අවසානෙම හිතන්න දෙයක්, ඉගන ගන්න ලොකු පාඩමක් ඉතුරු කරලයි නැනෝ සමුගන්නේ. හැබැයි ඒ පාඩම නැනෝ උගන්නන්නෙ ඔයාලා හීනෙකින්වත් නොහිතන විදියට..! කොටින්ම නැනෝ කියන්නෙ යස්ස ළමිස්සියෙක්. කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන් ඉදිත හැකි මේ යස්ස ළමිස්සිගේ වැඩ.
Girl from nowhere කියන්නේ..
2018 වසරේ විකාශනය වුන කොටස් 13 කින් සමන්විත වෙන Netflix කතා මාලාවක්. මේ වෙද්දී 7.7 ක අගයක් IMDb දර්ශකයෙන් දිනා ගෙන තියෙන, තායි කතා මාලාවක්. අයත් වෙන්නේ fantasy, crime, mystery ශානරයට. කතාව ගෙතෙන්නේ Teenagesලා ඉලක්ක කරගෙන, ඔවුන්ගේ ගැටළු පාදක කරගෙන.
ප්‍රේක්ෂක ප්‍රතිචාර කීපයක්..
– Netflixලාගේ හොඳම කතා වලින් එකක්..!
මේ කතාව බලද්දි පොඩ්ඩක් බය හිතෙනවා තමයි. ඒත් හැම කොටසකින්ම ඉගන ගන්න පාඩමක් තියනවා.
අවසාන ලකුණ : 10/10
-සැඟවුන මැණිකක්..!
ගොඩ දවසක් නොබලා හිටියේ මේක බලන කාලේ අපරාදෙ වෙයි කියලා. ඒත් මම හිතුවා වැරදියි. කතාව නොහිතන විදියට ගලාගෙන යන්නේ. කරුණාකරල මේක නරඹන්න. මං පොරොන්දු වෙනවා මේක කාලේ අපතේ යැවීමක් නොවෙන බව.
අවසාන ලකුණ : 10/10
– දැන්ම බලන්න..!
මට මේ කතාව ගැන අහන්න ලැබුන නිසා බලන්න ගත්තා. එක දවසින් සේරම බලලා ඉවර කළා. නැනෝ කියන්නේ මාර කෙල්ලෙක්. අවසානේ මට තව කොටස් තිබුනා නම් කියලා හිතුනා. 8 ක් දෙන්නෙ මොකවත් නිසා නෙවෙයි කොටස් දෙකක විතර මට කම්මැලිකමක් දැනුන නිසා.
අවසාන ලකුණ : 8/10
– හිතාගන්න බැරි කතාවක්..!
කවුද මේ නැනෝ කියන්නෙ? එයාගෙ දෙමව්පියෝ කවුද? මේක තමයි මං බලපු කුතුහලය වැඩිම තායි කතාව.
අවසාන ලකුණ : 8/10
දෙවනි කොටස අරන් එන්නෙ මයුර. එහෙනම් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,318 downloadsDownload GFN-S01E01.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
14 comments
Maaru
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Chanu Mikhail
බොහොම ස්තූතියි
Chamika
Thnx cambrian period sub denna
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
මයුර
ජයවේවා හෙළිලියේ
එකක් බැලුවා කියන්නේ අනිත්වා ඔටෝම බැලෙන කතාවක්.
සබට තුති වේවා!!Anonymous
එහෙමද එහෙනම් ගන්න වෙයි නේ...කේ
Suranjan
Thanks jayawewa.......!
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveen Rangana
Thanks for subtitle...........
Jayawewa..........!!!!!!!!!!!!!!!Anonymous
Sub එකට ගොඩක් ස්තුතියි ඇයි දැන් ඔයා sub කරන් නැද්ද
Advertisement


Akke Flower of evil korean drama ekata subtitles dennako