2020 දෙසැම්බර් 18වෙනිදා නෙට්ෆ්ලීක්ස් විසින් මුදාහැරපු අලුත්ම දමිළ කතාමාලාවට තමා අද මේ සිංහල උපසිරැසිය අරන් එන්න හදන්නේ. මේ කතාමාලාව Anthology ගණයේ කතාමාලාවක්. ඒ කියන්නේ කතාංග එකකට එකක් සම්බන්ධ නෑ. ඉතින් චිත්‍රපටියක් බලනවා වගේ එක හුස්මට බලලා එක කතාවක් ඉවර කරගන්න පුළුවන්. ආයේ බලන් ඉඳිලි මොකවත් නෑ.ඉති…

2020 දෙසැම්බර් 18වෙනිදා නෙට්ෆ්ලීක්ස් විසින් මුදාහැරපු අලුත්ම දමිළ කතාමාලාවට තමා අද මේ සිංහල උපසිරැසිය අරන් එන්න හදන්නේ. මේ කතාමාලාව Anthology ගණයේ කතාමාලාවක්. ඒ කියන්නේ කතාංග එකකට එකක් සම්බන්ධ නෑ. ඉතින් චිත්‍රපටියක් බලනවා වගේ එක හුස්මට බලලා එක කතාවක් ඉවර කරගන්න පුළුවන්. ආයේ බලන් ඉඳිලි මොකවත් නෑ.ඉතින් මේ කතාමාලාව සම්පුර්ණ වෙලා තියෙන්නේ දමිළ සිනමාවට ඉන්න දක්ෂ අධ්‍යක්ෂකවරුන් හතරදෙනෙකුගේ දායකත්වයෙන්. විනාඩි 40කට ආසන්න කාලයක් පුරා දිවෙන, කට පුරා සුපිරියි කියන්න පුළුවන් හිතට වැදෙන හොඳම කතාංග 4ක් මේ කතා මාලාව අරක්ගෙන තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.3ක ඉතාම හොඳ අගයකුත් වාර්තා කරන්න මේ “පිරිස” සමත්වෙලා තියෙනවා.
කලින් කිව්වා වගේ එකිනෙකට වෙනස් නමුත් පොදු සාධකයක් සහිත වූ කතාංග 4ක් මේකට අන්තර්ගතයි. එහෙනම් ඒවා අඳුරගෙන ඉමු.
1 : රත්තරන්
මේ සතාර්ගේ කතාව.
මුළු ගමට විහිළුවක් වෙච්ච,
ගමේ කවුරුවත් පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් මායිම් නොකරපු සතාර්.
සතාර්ගේ ඉරණම වෙනස් වෙන්නේ එක ආදරණීය බැල්මක් හින්දා.
Soorarai Pottru (2020), Guru (2017), Saala Khadoos (2016) වගේ සිනමා නිර්මාණ රස වින්ද කෙනෙක් නම් මේ කතාව මග ඇරනොගෙන ඉඳීම නුවණට හුරුයි. මොකද මේ වැඩෙත් අර උඩ කියපු කතා නිර්මාණය කරපු සුධා කොන්ගරා අධ්‍යක්ෂකතුමියගේ වැඩක්ම නිසා. කතාවට පණ දෙන්න කාලිදාස් ජයරාම්, ශාන්ත්නු භාග්‍යරාජ්, භවානි ශ්‍රී ඉදිරිපත් වෙලා තියෙනවා.
2 : ආදරේට ඉඩ දෙන්න
තාත්තට තිබ්බ බය හින්දම ජෝති පිරිමි ළමයි එක්ක කතා කරේම නෑ.
ඈ නිතරම ආශ්‍රය කරේ ගෑනු ළමයිව.
ඒත් ඒ හින්දම අන්තිමේදී ඇය…..
Podaa Podi (2012), Naanum Rowdy Thaan (2015) චිත්‍රපටි වින්ද අයගේ අවස්ථාවයි මේ. මේ කතාංගය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුපුරුදු විග්නේෂ් ශිවන්මයි. රංගනයෙන් එකතු වෙන්නේ අංජලී, කල්කි කෝච්ලින් එක්කල පඩම් කුමාර්.
3 : ආකාෂ දියණි
පොන්නුතායිට අවුරුදු 12ක් උනාට
එයාගේ හීනේ නම් පොඩි එකක් නෙමේ.
“දවසක මං කල්පනා චව්ලා වගේ වෙනවා”
ඒත් ඒ කරුමක්කාර දවස උදා වුණා….
Yennai Arindhaal (2015), Vinnaithaandi Varuvaayaa (2010), Minnale (2001) කියපු ගමන් දන්නවා මේක ගෞතම් වාසුදේව් මෙනන්ගේ වැඩක් වෙන්නැති කියලා. එහෙනම් දෙපාරක් හිතන්න දේකුත් නෑනේ. මේ කතාව අනිවාර්යෙන් ඔයාට. පුද්ගලිකව මමත් කැමතිම කතාව. රංගනයෙන් එක්කහු වෙන්නේ කවුරුත් දන්න සිම්රන් එක්ක ගෞතම් වාසුදේව්මයි.
4 : එදා රෑ
නොගැළපෙන ආදරයක බැඳුනු හින්දා
මූර්ති අක්කට උරුම වෙච්ච දේ සුමති ඇස් දෙකෙන්ම දැක්කා.
ඇය වේගෙන් හිතන්න ගත්තා. කරන්න ඕන දේ ඇය දැනන් හිටියා.
වෙට්‍රිමාරන්ගේ වැඩක් කිව්වම ඇති නේද? අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. Visaranai (2015), Vada Chennai (2018), Asuran (2019) තව එකී මෙකි නොකී ගොඩක් තියෙනවනේ. ඉතින් බහුතරයකගේ පලවෙනි තේරීමත් මේ කතාවම වෙයි. විචාරකයන්ගේ පවා ලොකු ප්‍රසාදයක් තිබ්බේ මේ කතාවටයි සුධා නෝනගේ කතාවටයි. එතකොට මේ කතාවට පණ දෙන්නේ කවුරුත් ආදරේ කරන සායි පල්ලවී සහ ප්‍රකාශ් රාජ්.
ප්‍රේක්ෂක ප්‍රතිචාර
ඔබ සම්ප්‍රදායිකව ජීවත් වෙනවා නම් ඔබ හරි.
ඔබ වෙනස්ව ජීවත් වෙනවා නම් ඔබ අපරාධකාරයෙක්,
තමිල්නාඩුවේ යතාර්ථයයි මේ එලිදැක්වෙන්නේ.
shyamprasad-54936 (Rating 9/10)
සුපිරිම ඇන්තලොජියක්.
දෙපාරක් හිතන්න දෙයක් නෑ.
සම්ප්‍රදායික ජීවිත වල කටුක සත්‍යය
madhummmano (Rating 9/10)
සුපිරිම කතා තුනක් එක්ක කුණු ඇපල් ගෙඩියක්.
විග්නේෂ්ගේ කතාව අයින් කරොත්
සමස්තව හොඳ නිර්මාණයක් බලන්න පුළුවන්.
Sennara (Rating 8/10)
ලූඩෝ වලින් පස්සේ නෙට්ෆ්ලික්ස් අත්කරගත්තු තවත් ජයක්.
හොඳම වැඩක්. කවුරුත් හඬකවපු එක බලන්න එපා.
කාලිදාස්ගේ සිම්රන්ගේ ප්‍රකාශ්ගේ සායි පල්ලවීගේ
ඒ භාවයන් මග හැරෙන්න පුළුවන්.
jeetdutta-16586 (Rating 7/10)

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,890 downloadsDownload P.K.-S01-Complete-Season.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
16 comments
සුභාෂිණි මල්ලව ආරච්චි
රංගික සිනෙත්
ස්තුතියි ජයින්.ජයම වීවා..
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks jayawewa.....!
Bandara
මල්ගුඩි දවස වගේ.බොහොම ස්තූතියි මයුර
danushka
warrior season 02 sub den nddaaaaaz plzzz
kevin D...
Thanks...
Shaggy
Thank you very much
Rasindu V Perera
නියමයි.... සබ් එකට තැන්ක්ස්......
Nethini123
Directorsලා ටිකම ඇති, series එක බලන්න හේතුවක් කරගන්න... බොහොම ස්තූතියි සබ් එකට
tharidu16
thank machi.
Anonymous
"සුපිරිම කතා තුනක් එක්ක කුණු ඇපල් ගෙඩියක්."
................................
සිරා comment එක
Thanks For Sub!!අචින්ත
හොඳයි ආ...
මට නම් කතා 4ම සෙට් සෙට් වගේ...
4 සහ 1 තමා හොඳම..එකේ කාලිදාස්ගේ ඇක්ටින් මරු
3ටත් කැමතියි ඉතින්...
ස්තුතියි.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට තුති සහෝ
Advertisement

සබ් දෙනකල් බලන් හිටියෙ.
ගොඩක් ස්තූතියි මල්ලි