පහුගිය කොටසේ අවසානෙට සිද්ධ වෙච්ච දේ හැටියට ලිපි කියව කියව ඉන්න නම් වෙලාවක් නැති වෙයි. කෙලින්ම ගිහින් බාගෙන බලන්න. හදිස්සිකාරයෝ නොවන අය ඉතින් පොඩ්ඩක් වටපිටාව දැනගෙන කරගෙනම කතාව බලන්න ගන්නකෝ. ඉතින් මේ අරන් එන්නේ ඇමසෝන් ප්‍රයිම් වෙතින් එළිදක්වපු අලුත්ම දමිළ කතාමාලාව, Suzhal. කොටස් අටකින් යුක්ත මේ කතාම…

පහුගිය කොටසේ අවසානෙට සිද්ධ වෙච්ච දේ හැටියට ලිපි කියව කියව ඉන්න නම් වෙලාවක් නැති වෙයි. කෙලින්ම ගිහින් බාගෙන බලන්න. හදිස්සිකාරයෝ නොවන අය ඉතින් පොඩ්ඩක් වටපිටාව දැනගෙන කරගෙනම කතාව බලන්න ගන්නකෝ.
ඉතින් මේ අරන් එන්නේ ඇමසෝන් ප්‍රයිම් වෙතින් එළිදක්වපු අලුත්ම දමිළ කතාමාලාව, Suzhal. කොටස් අටකින් යුක්ත මේ කතාමාලාවෙන් කොටස් 4ක් මේ වෙද්දි අපි නරඹලා අවසානයි. කුතුහලයෙන් කිසිම අඩුවක් නැති ඒ කොටස් 4 විතරක් නෙමේ, ඉදිරි කොටස් 4ත් ඒ ගැම්මෙන්ම රස විඳින්න පුළුවන් කියලත් සහතික වෙන්නම්. Kathir, Aishwarya Rajesh වගේ ජනප්‍රිය නළු නිලියන් රැසකගේ දායකත්වයෙන් නිමවුණු මේ කතාමාලාවට ප්‍රේක්ෂක විචාරක ධනාත්මක ප්‍රතිචාර බොහොමයක් ලැබිලා තියෙනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් ලබාගෙන තියෙන අගය 8.5ක්. එහෙනම් අද 5වෙනි කොටස බලන්න කලින් 4වෙනි කොටස වටින් ගොඩින් මතක් කරලා ඉන්නම්. ලොකු විස්තරයක් දෙන්න බැරි, තවමත් නොබලපු අයට අසාධාරණයක් කරන්න බැරි නිසා.
ආරම්භයේදීම අපි බලාපොරොත්තු වුණේ රෙජිනා සහ ෂන්මුගම් පිරිස අතර ලොකු ගැටුමක් සිද්ධවෙයි කියලා. කල්ලි දෙකම ඒකට හොඳට සූදානම් වෙලයි තිබුණේ. ඒත් වුණේ මොකක්ද, සක්කරයි සහ නන්දිනියි එතනට කඩා වැදුණු එක. නිකන්ම නෙමේ ලොකුම ලොකු හෙළිදරව්වක් එක්ක. ඒ හෙළිදරව්ව එක්ක රෙජිනා, ෂන්මුගම් විතරක් නෙමේ මේ හැමදේම බලන් හිටිය අපේ හීන ලෝකෙත් බිඳිලා යන්න ගන්නවා. පහුගිය කොටස ගලාගෙන යන්නෙම ඒ හෙළිදරව්ව එක්ක බැඳුනු අතීත සිදුවීම් එක්කලා. අපි මෙච්චර වෙලා දැකපු අහපු දේවල් වෙනත් විදිහකට දැකගන්න මෙතැනදී පුළුවන් වෙයි. ඉතින් ඔය කියපු හෙළිදරව්වත් එක්ක හැමෝගෙම හිතේ තිබුණු කලබලයත් ටිකක් නිවිලා ගියා වගේ. නන්දිනී ආපහු ගමෙන් යන්න පිටත් වෙනවා. ඒත් මතකයි නේද ස්ටේෂමේදී වෙච්ච දේ? ඒ ගැන කතා කරලා නම් වැඩක්ම නෑ. බලලම ඉන්න.
එහෙනම් එකතු වෙන්න 5වෙනි කොටසත් එක්ක. තව කොටස් 3ක්ම තියෙනවා රස විඳින්න. කලිනුත් කිව්වා වගේ, දැනුත් කියන්න තියෙන්නේ ඉන්දියන් කතාමාලා නරඹන අය “Suzhal” කොහොමත්ම මග ඇරගන්න නම් එපා කියලයි. එහෙනම්, ඊළඟ කොටසත් ඉක්මනටම ඔයාලා හමුවට ඒවි. මං සමුගන්නවා. ඉතින් උපසිරැසිය මම කලා වුණාට, ලස්සන ලිපිය ලියල දුන්න phoneix මල්ලිට බොහෝමත්ම ස්තූතියි. එතකම් හැමෝටම ජයවේවා..!!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
3,091 downloadsDownload SuzhalS01E05.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
9 comments
Sachindu
Nisa
Sub akata thnkz
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Pasan
Jurassic word dominion film ek dnnko sub එක්ක
Kushan
Sub akta thanks
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Sanjeewa2010
Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindra
Thanks sub ekata
Advertisement



Thanks for baiscope
එක දිගට eepisode ටික දුන්නට. ඉතුරු 3ත් ඉක්මනින් ඕනි