Watch Trailer

1000 Babies [S01 : E06] Sinhala Subtitles | ඝාතකයෙක් නොවන ඝාතකයෙක් [සිංහල උපසිරසි]

1000 Babies S01 Sinhala Subtitles ආයුබෝවන්, මෙන්න හයවෙනි උපසිරැසිය. අවසාන එකට කලින් එක. ගොඩක් අය නොඉවසිල්ලෙන් ඉන්නෙ මේකෙ අවසානය බලන්න. ඒ නිසා ටිකක් ඉක්මනින්ම එවනවා.අන්තිම එකත් හෙටම දෙන්නම්. අපි මුලින්ම පටන් ගත්තෙ සාරාගෙන්, සාරාගේ ඒ පාපොච්චාරණය මොකක්ද? ඒ අනුව මේක කතා නායිකාව ඇයද කියල නේද හිතුවෙ? ඊට…

1000 Babies S01 Sinhala Subtitles

ආයුබෝවන්,

මෙන්න හයවෙනි උපසිරැසිය. අවසාන එකට කලින් එක.  ගොඩක් අය නොඉවසිල්ලෙන් ඉන්නෙ මේකෙ අවසානය බලන්න. ඒ නිසා ටිකක් ඉක්මනින්ම එවනවා.අන්තිම එකත් හෙටම දෙන්නම්.

අපි මුලින්ම පටන් ගත්තෙ සාරාගෙන්, සාරාගේ ඒ පාපොච්චාරණය මොකක්ද? ඒ අනුව මේක කතා නායිකාව ඇයද කියල නේද හිතුවෙ? ඊට පස්සෙ ඔන්න බිබින් කරලියට එනවා. මිනී මැරුමක් සිද්ධ වෙනවා. ඒකෙ මිනී මරුවා ඒක පිළි ගන්නවා. ඒ අනුව අපි හිතුවෙ මේකට සාරාගෙ බිබින්ගෙ සම්බන්ධය මොකක්ද කියලා. ඔන්න සාරාගෙ අමුතුම විදිහෙ පාපොච්චාරණය එළියට එනවා.ඒත් ඒක ඉහළ පොලිස් කාරයො දෙන්නෙකුයි විනිසුරුයි යට ගහනවා. මෙන්න බිබින් මතු වෙනවා, ඔහු දාම ඝාතකයෙක්ද?

ඔහුගේ මුල්ම මිනී මැරුම රේණුකා. ඒ ඔහු සමග මාරු කල දරුවා. ඉතා සූක්ෂමව කරපු මේ මිනී මැරුම ඔප්පු කරන්න තරම් සාක්ෂි නෑ.ඊට කාලෙකට පස්සෙ ඊටත් වඩා සියුම් විදිහට දේවන්ගෙ ඝාතනය සිදු වෙනවා. ඒක දිවි නසා ගැනීමක් කියල වාර්ථා වෙන්නෙ. තුන් වැන්න ඊටත් වඩා සූක්ෂම විදිහට සිද්ධ වෙන්නෙ. ඔහු මරන්නෙ නෑ ඒත් මිනී මැරුමක් සිද්ධ වෙන තැනට අවශ්‍ය පසු බිම සකස් කරනවා.මේ කොටසෙන් කියැවෙන්නෙ ඒ මිනී මැරුම් සිදු වූ ආකාරය ගැන යම් විවරණයක්. දැන් වහාම බිබින් අත් අඩංගුවට ගත යුතුයි. නොඑසේනම් තවත් ජීවිත රැසක් අහිමි වෙන්න පුළුවන්. ඒත් බිබින්ට එරෙහිව සාක්ෂි තියෙනවද? ඊටත් වඩා ඔහු නීතිය ඉදිරියට ගෙනාවොත් සාරාගෙ පාපොච්චාරණයත් එළියට එනවා. එදා මාරු කරපු 1000කට වැඩි දැන් ජීවිතේ මැදි වයසට ලං වී සිටින ඒ බබාලාගේ තත්වය කෙසේ වෙයිද? මල මගුලක් තමයි. මේකත් බලල අන්තිම එකට ලෑස්ති වෙන්න. පමා නොකර ඒකත් එවනවා.

 එසේ නම් අවසන් උප සිරසිය සමග හමු වෙමු. ආයුබෝවන්

1000 Babies S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,838 downloadsDownload 1000-Babies-S01EP06.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

1000 Babies S01 Sinhala Subtitles

Next BT1All BT1

Next BT1

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

2,838 downloadsDownload Subtitles15 KB

2 comments

  1. Buddhika laKMal

    සබට ස්තූතියි බන්දුල සහෝ

  2. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.