Watch Trailer

12 Monkeys [S02 : E13] with Sinhala Subtitles | හෙට දිනයේ මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 13 වැනි කොටසයි. එහෙමත් නැතිනම් 12 Monkeys දෙවන කතාමාලාවේ අවසන් කොටසයි. ඉතින් මුලින්ම ස්තූති වන්ත වෙන්න ඕනේ Baiscopelk කණ්ඩායමට මට මේ කතාමාලාවට උපසිරැසි ගැන්වීමට ලබා දීම ගැන. ඒ වගේම මම ස්තූතිය පුදකරනවා හැමදාම වගේ මේ කතාමාලාව නරබන ඔබ සියලු දෙනාටම මගේ උපසිරැසිය ලබා ගැනීම ගැන…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 13 වැනි කොටසයි. එහෙමත් නැතිනම් 12 Monkeys දෙවන කතාමාලාවේ අවසන් කොටසයි. ඉතින් මුලින්ම ස්තූති වන්ත වෙන්න ඕනේ Baiscopelk කණ්ඩායමට මට මේ කතාමාලාවට උපසිරැසි ගැන්වීමට ලබා දීම ගැන. ඒ වගේම මම ස්තූතිය පුදකරනවා හැමදාම වගේ මේ කතාමාලාව නරබන ඔබ සියලු දෙනාටම මගේ උපසිරැසිය ලබා ගැනීම ගැන. ඒ වගේම මම ස්තූති වන්ත වෙනවා හැමදාමත් වගේ වචනෙකින් හරි කොමෙන්ටුවක් දාල, මගේ අඩුපාඩු පෙන්නලා දීල මාව දිරි ගැන්නුව ඒ සියලුම දෙනාට.

ඉතින් කතාව පැත්තට හැරුණොත් ගිය සතියෙනම් හිතාගන්නවත් බැරි විදිහට තමයි කතාව අවසන් වුණේ. ගිය සතියෙ ගැන පොඩ්ඩක් මතක් කරොත්, මුලින්ම ඉතින් 1957 ට යන කෝල් හා කැසී වැඩ පටන් ගන්නව මුලිකයව සොයා ගැනීමට.මොකද ඔවුන් ඔහු ගැන කිසිම දෙයක් දැනගෙන නෙමේ 1957 යන්නෙ. ඔවුන් දැන සිටින්නේ 1957 නොවැම්බර් 07 වැනිදා කර්මාන්ත ශාලාවකදී එම විරුද්ධාභාශය සිදුවන වන බව පමණයි.ඉතින් ඔවුන් එම කර්මාන්ත ශාලාවේ රැකියා ලබාගෙන එහි සේවයට යනවා එහි සිටින මුලිකයා සොයාගෙන ඔහුව විරුද්ධාභාසය වෙන එකෙන් නැවැත්වීමට. නමුත් ඉතින් ඔවුන් ඔහු ගැන කිසිම දෙයක් නොදන්නා නිසා එක් එක් සේවකයා ගැන වෙන වෙනම සෙවීමට සිදුවෙනවා. නමුත් නොවැම්බර් මස 5 වැනිදා වනතෙක් ඔවුන්ට මුලිකයා ගැන හෝ පණිවිඩකරුවන් ගැන හෝ කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වෙනවා. ඒ වගේම අනාගතයේ 2044 දී ජෙනිෆර් හා දියණියන්ගේ මගපෙන්වීම යටතේ රැම්සේ ඇතුළු පිරිස ටයිටන් සොයාගෙන යනවා.ඒ වගේම ඔවුන් Bleeders නම් කණ්ඩායමකගේ පහර දීමකට ලක්වී දියණියන් දෙදෙනෙක් මරණයට පත්වෙනවා. ඒ වගේම දියණිවරුන්ගේ නායිකාව ලෙස හැගෙන කෙනා ජෙනිෆර් ගේ මග පෙන්වීම, නායකත්වය හා අණදීම් පිළිගැනීමට අකමැති වීම නිසා රැම්සේ සමග සටනකට පවා එළබෙනවා. නමුත් ජෙනිෆර් ගේ මැදිහත් වීම නිසා ඇගේ ජීවිතය බේරෙනව. ඒ වගේම කැසී සොයාගන්නවා ඔවුන්ගේ කර්මාන්ත ශාලාවේ වහලයේ අලුත්වැඩියා කිරීමට අලුතෙන් අනියම් සේවකයන් බදවා ගන්නා බව. ඉතින් ඔවුන් අනුමාන කරනවා එම අයගෙන් එක අයෙක් මුලිකයා විය හැකිබව. ඉතින් පසුවදා කෝල් සොයාගන්නවා ඉන් එක් පුද්ගලයෙක් සැක සහිත බව. ඉතින් ඒ පුද්ගලයා ගැන තොරතුරු සෙවීමට ඔහු කැසීට පවරනවා. ඒ වගේම කැසී සොයා ගන්නවා ඔහුගේ ඉල්ලුම් පත්‍රය පිටිපස අදින ලද වදුරෙකුගේ රුපයක්. ඒ වගේම ඔහු මුලිකයා වියයුතු යැයි ඔවුන් දෙදෙනා තහවුරු කර ගන්නවා. ඒ වගේම කෝල් ඔහුව ඝාතනය කිරීමට සැරසෙනවා. නමුත් ඔහු පවසනවා ඔහුට කෙනෙක් මුදල් ගෙවූ බව කෝල්ව දුටුවිට ඔහුට බියයි මෙන් රගපාන්නට. ඒ වගේම තුවක්කුවක් ගත් කාන්තාවක් ඔවුන්ගේ කම්හල වෙතට පැමිණෙනවා ඇයගේ සැමියාව සොයමින්. ඒ වගේම එතැනදී හෙළි වෙනවා ඒ කාන්තාව තමයි මුලිකයා කියල. ඒ වගේම කෝල්ට හිතවත්ව සිටින කම්හලේ ඔහුගේ මිතුරා පණිවිඩකරුවෙක් කියාත් අපට දැක ගන්න ලැබෙනවා. නමුත් ඔහු ඇයව විරුද්ධාභාෂය කිරීමට පැමිණියත් ඇය හා සමග ආදරයෙන් බැදී ඇය හා විවාහ වෙලා. ඒ වගේම ඒ කාන්තාව පිළිකාවක් වැනි දරුණු රෝගයකින් පෙළෙනවා. ඒ නිසා ඇය ඉල්ලා සිටිනවා ඇයව මරණයට පත්කරවන ලෙස. ඒ වගේම කෝල් එතෙන්ට පැමිණ එය නැවැත්වීමට උත්සහ කළත් එය ව්‍යර්ථ කරමින් පණිවිඩකරු ඇයව විරුද්ධාභාෂයට ලක්කරනවා.එමගින් කර්මාන්ත ශාලාව පුපුරා විනාශ වෙනවා. ඒ වගේම කැසී කෝමා තත්වයට පත් වෙනවා. ඇයට සිහිය පැමිණෙන්නේ මාස 6යකට පසුව. ඒ වන විට කෝල් ද ඇයව අතහැර යනවා. ඒ වගේම 2044 දී රැම්සේ හැනාව යවනවා ඔවුන් සොයාගත් ඛණ්ඩාංක ඔස්සේ ටයිටන් සෙවීමට. නමුත් ඇය පැමිණ පවසනවා ටයිටන් එහි නොපවතින බව. ඒ වගේම දියණිවරුන්ගේ උදව් නොලැබෙන නිසා ඔවුන් නොමැතිව ටයිටන් සොයා යාමට රැම්සේ සුදානම් වෙනවා. ඔවුන්ට උදව් කිරීමට හැනාද ඔවුන් සමග යනවා. අවසානයේදී ඔවුන් ටයිටන් සොයා ගන්නවා. නමුත් හැනා දිවුරා පවසා සිටිනවා ඇය කළින් අවස්ථාවේ එහි පැමිණෙන විට එය එම ස්ථානයේ නොපවතී බව. ඉතින් අපට සිතන්න වෙන්නේ විරුද්ධාභාෂය ඇතිවීම නිසා එහි ටයිටන් හටගත් බවයි. ඒ වගේම 1958 දී කෝල් නොමැති නිසා කැසී රෝහලේම සේවය කරනවා. ඒ වගේම  කෝල් භාවිතා කරන අනිත් නමින් ඇය ඔහු ගැන සොයනවා. ඒ වගේම ඔහු පදිංචි වී සිටින ස්ථානයක ලිපිනයක් ඇයට ලැබෙනවා.කැසී කොල්ව හොයාගෙන එහි යනවා. නමුත් ඇය එම ස්ථානය දුටුවිට පුදුම වෙනවා. ඒ ඇයි කියලා ඔබත් මමත් හොදටම දන්නවා නේ ඉතින්. ඒ 5 වැනි කොටසේදී අර රතු තේ පානය පොවල ඔලිවියා ඇයට පෙනෙන්නට සලස්වන්නේ එම ස්ථානයයි. ඒ වගේම ඇය පවසන සියල්ල එහි සිදුවෙනවා. ඒ වගේම ඇය එය කෝල්ට පවසනවා. ඒ ව‍ගේම 2044 රැම්සේ, වෛට්ලි, ඩීකන් හා හැනා සාක්ෂිකරුව සොයාගෙන ටයිටන් තුලට යනවා. එලෙසින්ම ඔවුන් සාක්ෂිකරුව සොයාගන්නවා. නමුත් ඔවුන් නොසිතන පරිදි එතෙන්ට සාක්ෂිකරුගේ පිරිස පැමිණ ඔවුන් සියලු දෙනාම මරා දමනවා. ඒ වගේම 1958 කැසී හා කෝල්…….ම්ම් එක කොහොමද කියන්නේ? එක්කෝ ඕනේ නැහැ කියන්න. ඔවුන් දෙදෙනා ආදරයෙන් වෙලෙනවා කියල විතරක් කියන්නම්.

අනේ මන්ද 12 Monkeys හි ප්‍රධාන චරිත වලින් ගොඩක් දෙනෙක් දැන් මිය ගිහින්. නමුත් අද කොටසින් ඒ ගොඩක් දේවල් වෙනස් වෙන්නයි යන්නේ. ගිය සතියේ වුණ සිදුවීම සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වගේම ටයිටන් ගැන රහස එළිවෙනවා. ඒ වගේම අවසානයේදී සාක්ෂිකරු කවුද කියලත් අද දිනයේ දැකගන්න පුළුවන් වෙනවා. නමුත් අද කොටසේ දී නම් තවත් එක ප්‍රධාන චරිතයක් මිය යනවා. ඒ වගේම හිතාගන්න බැරි තවත් ගොඩක් දේවල් සිදුවෙනවා. එහෙනම් දෙවන කතාමාලාවේ අවසාන කොටසත් නරඹලාම අද මොකද වෙන්නෙ කියල බලන්න කියල ඉල්ලනව.

ඉතින් අවසන් වශයෙන් කියන්න තිබෙන්නේ මම දැකල තිබෙන විදිහට අනෙක් අයනම් කතාව පෙන්නපු දවසෙම වගේ ඒ කතාවට උපසිරැසිය කරල site එකට add කරනවා. ඉතින් කණගාටුවෙන් වූණත් කියන්න වෙනවා මට තිබුණ විවේකය අඩුකමත්, රැකියාවේ කාර්යය බහුලත්වයත් නිසා උපසිරැසිය දෙන්න නම් ටිකක් පරක්කු වුණා. ඒකට ඉතින් හැමදෙනාගෙන්ම සමාව අයදිනවා. ඒ වගේම කොච්චර කාර්යය බහුල වුණත් කොහොමහරි මග නතර නොකොට කතාමාලාව ඉවර වෙනකන්ම උපසිරැසි නම් දුන්න ඉතින් ඔන්න. පම්පෝරි ගැහුවා ඇති නේද?

අවසාන වශයෙන් කට්ටියට සුබම සුබ ආරංචියක් කියන්නම්. ඉතින් SYFY නාළිකාව මගින් ප්‍රකාශයට පත් කරල තියනවා 12 Monkeys 3 වැනි කථාසමයක් රැගෙන එන බව. ඒ වගේම ඔවුන් දැනට පවසන පරිදිනම් එය කොටස් 10 කින් සමන් විතයි. තවමනම් එය පෙන්වන කාල වකවානුවක් හරියටම ප්‍රකාශයට පත්කරලා නම් නැහැ ඉතින් ඔන්න.

ඉතින් තුන් වෙනි කතාමාළාවටත් උපසිරැසි දීමට මට භාරදුන්නොත් ඔයාල කැමතිනම් එයට උපසිරැසිය ලබාදීමට කටයුතු කරන්නම්. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

සියලු දෙනාටම සුබ දවසක්…!!!

 

 

12 Monkeys (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා වලංගු වේ.

813 downloadsDownload 12.Monkeys.S02E13.Baiscopelk.com_.rar20 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/RasithaPradeep.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

            

<< Previous Episode                       All Episodes                       Next Season >>

Subtitles

813 downloadsDownload Subtitles20 KB

22 comments

  1. රයන් ද සිල්වා

    සබ් එකට තුති රසිත සහෝ
    3 වෙනි කතාවටත් සබ් කරමු එහෙනම්
    ෴ ජය වේවා ෴
    ඒ අතරතුරේත් අලුත් කතාමාලාවකට සබ් කරමු සහෝ Mr. Robot සීසන් 2 කට සබ් තාම ලැබුනේ නෑ සහෝ
    ඔයාට වේලාවක් තියනවනම් ඒකට සබ් දාන්න...

    1. sajith

      ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක

  2. ධනුක

    තැන්ක්ස් මචෝ...ඉක්මනට sub 1 දුන්නට

  3. Gathsara Umesh Kumara

    .අහා.මෙන්න් බලහල්ලකෝ යකෝ මේයා..තුන් දුන්නොත් ක.රන්වලූ.මේ තුන දුන්නොත් නෙවෙයි අනිවාරෙන්ම 3වෙනි එකට සහෝදරයගෙන් sසබ් ක ඕනි..හොදේ..............

  4. Kulanjana Maduranga

    niayamai…thanks RASITHA saho..sub walata..digatama sub demu.jaya wewa……

  5. chamika

    සීසන් 3 එකත් ආපු ගමන් සබ් එක දෙමු අයියේ

  6. නිලුපුල් මධුකප්‍රිය පෙරේරා

    බොහොම තුති සහෝට..
    කතාමාලාව අවසානය තෙක් ගෙනා එකට
    කෘතඥ වෙනවා. දුන්නොත් නෙවේ අනිවා
    ඔයා තෙවැනි කතාමාලාවත් කරන්න. ඒ අතරතුරේ
    හැකිනම් ඔය මග නැවතිලා තියෙන කතාවක සබ කරන්න.

    1. Rasitha Pradeep Somasiri

      හරි සහෝ............ බොහොමත්ම ස්තූතියි හැම දෙනාටම...........

  7. විමා

    කතා මාලාව අවසානයක් කරා ගෙන ඒමට ඉදිරිපත් උනාට රසිත සහෝට ස්තුතිවන්ත වෙනව මුලින්ම
    බොහොම ස්තුතියි වෙච්ච මහන්සියට
    ජයෙන් ජය සහෝ.

  8. Tharindu

    Siyaluma Sub walata Thanx machan..., Good Work....!!!!

  9. Charith

    thanks bro! 3rd season 1th oyama karamu!

  10. ViMu

    Meke link eka na ne brooooo

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. rex

    thanx u very much....

  13. nobody

    S03 Awith neee
    epi 3k awith neee
    sub demu neee

  14. Chinthaka Sandaruwan

    12 MONKEYS Season 3 awith Sub ndda BAISCOPE??

  15. sapumal123

    tank you

  16. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(

  17. Anonymous

    ස්තූතියි....

  18. Romesh

    ස්තූතියි සහෝදරයා....

  19. chinthaka.max4

    thanks machan

  20. Uniya

    Thanks bro
    Session 4 sub ekath dennooo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.