Watch Trailer

24 [S01: E01] | විසි හතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ඔයාලට හැමදාම අලුත් දෙයක් වෙනස් දෙයක් තිලිණ කරපු බයිස්කෝප් සිංහලෙන් අපි තවත් වැඩකට අත ගැහුවා. 🙂 🙂 අංජන ඉශාන් සහෝ 24 Live Another Day සිංහල උපසිරසි සමග දෙන්න පටන් ගත්ත දවසේ හුඟ දෙනෙකුගේ අදහස්, යෝජනා, චෝදනා මගින් අපිට හැගුනේ 24 කතා මාලාවේ මුල් සීසන් 8 සදහා සිංහල උපසිරසි වල වැදගත්කම. ඉතින් ම…

24 Sesaon 1

ඔන්න ඉතින් ඔයාලට හැමදාම අලුත් දෙයක් වෙනස් දෙයක් තිලිණ කරපු බයිස්කෝප් සිංහලෙන් අපි තවත් වැඩකට අත ගැහුවා. 🙂 🙂 අංජන ඉශාන් සහෝ 24 Live Another Day සිංහල උපසිරසි සමග දෙන්න පටන් ගත්ත දවසේ හුඟ දෙනෙකුගේ අදහස්, යෝජනා, චෝදනා මගින් අපිට හැගුනේ 24 කතා මාලාවේ මුල් සීසන් 8 සදහා සිංහල උපසිරසි වල වැදගත්කම. ඉතින් මේ හැම දෙයක් ගැනම සලකලා අපේ “අසේල ඉශාන්” සහෝ සහ “අංජන ඉශාන්” සහෝ තීරණය කරනවා මේ කතා මාලාවට සිංහල උපසිරසි ලබාදෙන්න. හැබැයි තනියම නෙමේ බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමේ අයත් එකතු කරගෙන. ඉතින් ඔය විදිහට තමා මෙම කතා මලාවට උපසිරසි ලබාදෙන්න පටන් ගන්නේ. කලින් කිවා වගේ “අසේල ඉශාන් සහෝ අංජන සහොත්” එක්ක එකතු වෙලා අපේ උපසිරසි කණ්ඩායමේ අයව එකතු කරගෙන ආරම්භ කරපු ක්‍රියාදාමය අද මේ විදිහට ඔයාලට රැගෙන එනවා. ආරධනා කරනවා එකතු වෙන්න කියලා හැමෝටම අපිත් එක්ක අද ඉදලා “ජැක් බවර්ගේ” පැය විසිහතරක ක්‍රියාදාමයන් නරබන්න. 🙂 🙂

කතාව ගැනත් පොඩ්ඩක් කියන්න එපැයි.

24 කතා මාලාව ප්‍රථම වරට 2001 නොවැම්බර් මස 06 වෙනි දින ඇමරිකාවේ Fox නාලිකාව මගින් විකාශය ආරම්බ කරන්නේ. එදින පටන් 2010 මැයි 24 දින වෙනකන් කතාමාලා 08 ක් පුරාවට විකාශය වනවා. කතා මලා 8 අවසානය දක්වා IMDB 8.5 වැනි ඉහල ප්‍රේක්ෂක මනාපයක් ලබාගෙන තියනවා. කතාවට පාදක වෙලා තියෙන්නේ ඇමරිකාවේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජිතයෙක් වන ජැක් බවර් ගේ පුද්ගලික ජීවිතයත් ඇතුළුව ඔහුගේ ජිවිතයේ පැය විසිහතරක්. එක කතා මාලාවක කතාංග 24 න් එක කතාංගයක් එක පැයක් නියෝජනය කරනවා.

මෙම කතාව කොච්චර සාර්ථකද කිවොත් මේ කතාවේ අටවෙනි සීසන් එකෙන් ඔබ හමුවට එන ප්‍රවීන ඉන්දීය නළු අනිල් කපූර් Fox නාලිකාවේ අවසරය ඇතුව මෙහි හින්දි පරිවර්ථනයක් නිර්මාණය (නිෂ්පාදනය) කරනවා 24 නමින්ම, සහ ඔහු විසින්ම ජැක් බවර් ගේ චරිතයට පනපොවනවා හින්දි කතාමාලාව තුල.

මෙන්න මේ අය තමා පලවෙනි කතා මාලාවෙන් ඔබ හමුවට එන්නේ.
Kiefer Sutherland (ජැක් බවර්)
Dennis Haysbert (ඩේවිඩ් පාමර්)
Leslie Hope (ටෙරී බවර්-ජැක්ගේ බිරිද)
Elisha Cuthbert (කිම් බවර්-ජැක්ගේ දුව )
Sarah Clarke (නිනා)
Xander Berkeley (ජෝර්ජ් මේසන්)
Carlos Bernard (ටෝනි)

පලවෙනි කතා මලාව ගැන කිවොත් එක ආරම්භ වෙන්නේ ඇමරිකාවේ 2001 ජනාධිපතිවරණය දින පළමු පැය ආරම්බය මධ්‍යම රාත්‍රී 12 ට.
ජැක් ඔහුගේ පවුලේ උදවිය සමග ගෙදර සිටින විට නෛනාගෙන් ඇමතුමක් ලැබෙනවා ඔහුගේ අංශ ප්‍රධානියා ඔහුව රාජකාරියට කැදවනවා කියලා ඒ ඔහුගේ අංශ ප්‍රධානියාට දැනගන්න ලැබෙනවා. එදින ජනාධිපතිවරණයට තරග කරන ප්‍රථම කළු ජාතික පුරවැසියා වන ඩේවිඩ් පාමර් හට ඇති තරජනයක් ගැන ඒ තමා ඊලග පැය 24 ඇතුලත ඔහුව ඝාතනය කරනවා කියලා. ඉතින් ජැක්ගේ රාජකාරිය තමා කුමන හෝ ආකාරයකින් මේ සිද්ධ වෙන්න යනදේ වැලැක්වීම. නමුත් ඔහුට මේක කරන්න සැහෙන්න කැප කිරීම් කරන්න වෙනවා. ඉතින් හැමෝටම ආරධනා කරනවා එකතු වෙන්න අපිත් සමග ජැක් බවර්හට ඊලග පැය 24 තුල කුමන කුමන දේවල් කරන්න වෙයිද කියලා බලන්න.

තවත් දෙයක් ඔයාලා කිසිම ලෙසක පැකිලීමක් තියාගන්න එපා මේ කතා මලාවේ ඊලග කොටස් ලැබෙයිද නැද්ද කියන එක ගැන. මොකද මේ වෙනකොටත් පලවෙනි කතා මාලාව උපසිරසි ගැන්වීම අවසන් කරලා තියෙන්නේ සහ අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ මේ වසර අවසන් වෙන්න ප්‍රථම මේ කතාමාලා 08 සදහාම උපසිරසි ලබාදීම අවසන් කරන්න. 🙂 🙂

අවසාන වශයෙන් මේ කාර්‍යය සම්පුර්ණ කරගැනීම සදහා සහය දුන් සියලුම උපසිරසි නිර්මාණ කරුවන්ට බොහොමත් ස්තුතියි කියන ගමන් ඉසුරු ධනංජය පෙරේරා සොයුරාවත් ඉතාමත් සතුටින් මතක් කරනවා. ඔන්න එහෙනම් අද පටන් බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ සොයුර සොයුරියන් ජැක් බවර්ගේ ජිවිතේ පැයක් අරගෙන ඔබේ නිවහනට ගොඩ වේවි. 🙂 🙂

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

2cb42201a96e1eed7b5183de71cc74718287c031

280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න

a7edb093661f060454712745e174f1bcb50a9efb

190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,649 downloadsDownload 24.S01E01.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                               All Episodes                       Next Episode >>

Subtitles

4,649 downloadsDownload Subtitles55 KB

103 comments

  1. chamal chinthaka

    Adooo fatta bn ela ela jayawewaaaa

    1. අසෙල් ඉෂාන්

      අපි දවසට 1 ගනේ උපසිරසි ලබා දෙනව සහෝල
      ඒකනිසා හැමෝම බය නැතුව බාගන්න S08 ම :) :)

    2. subodha

      thnx bro............ ;-)

    3. Aditha Praween

      එහෙනම් කට්ටියම දිගටම 24 කතාමාලාව එක්ක ඉන්න .
      හැම කොටසක්ම සිංහලෙන් නරඹන්න පුලුවන් !
      අසේල් ඉෂාන් සහෝ ඔයාටයි ස්තුති කරන්න ඕන.
      ඔයයි මේ වැඩේ සංවිධානය කළේ .
      :D

  2. Isu DP

    Niyamai... Onna Ada Goda Denekuge illim Itu Wenawa....
    Me Wadeta Mulikathwaya Gaththe Anjana Aiyai Asel Aiyai.....
    E Dennata Thamai Mulma Sthuthiya....
    Wena Than Wage Nemei Kathawe Season 1 Idan Season 8 Dakwama Adupaduwak Nathuwa Me Supiri Kathawa Sinhalenma Ballanna Puluwa......
    Kattiya Supiriyata Wade Karagena Yanawa...
    Kotas 195 Kiyanne Lesi Wadakda... :-P
    Ape Upasirasi Karuwan Goda Denek Idiriyedi Muna Gahei....
    Mama Nam Kisima Deyak Kale Na....
    Ape Upasirasi Karuwanta Thamai Siyaluma Sthuthi Himi Wenna One....
    E Wagema Meka Karanna Permission Dunna Admilatath Sthuthi....
    Idiriyedith Me Wagema Supiri Kathawak Team Work Ekak Widihata Dakinna Labewi Ne....
    (24 Iwara Unata Passe)
    Eka Thamai Magenam Ekama illima...
    Me Wadeta Sambanda Una Siyaluma Denata Godak Sthuthi.........
    Jayama Jaya Wewa Siyaluma Denata..... :-) :-P

  3. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    ආ මචං උඹද පළවෙනි එපිය කලේ? එල එල, ඔන්න එහෙනම් සීසන් එකම බානවා !!!!

    1. අසෙල් ඉෂාන්

      S01 විතරක් නෙවෙයි සහෝ S08 ම බාගන්න

  4. RAVI

    :D :D :Dසුබ පැතුම් වැඩේට....ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!
    :D :D :D :D

  5. Saman Prasad ( Black Panther )

    ela ela kollane...

  6. Ashan ravihansa

    on ithin supiriama vadak machan dan ithin patta kathavak baluva haki athal eke sub ekata godak thankz macho

  7. nari malli

    ela machan godaak sathgutui me eka neme machan okkoma denawa kiyanne dawasakata eka gane denawaadha? nathnam ude ekjayi dawalta ekayi denawada?

  8. surathala

    thnks saho

  9. nuwan buwa

    mekanam maru ban machan wachana naha thxx karanna

  10. migara

    umbalata godaak pin sidda wenawa machanla.... mama me deiyanta kiya kiya hitiye 24 mula indan sinhala sub denna kiyala... puluwannam oya waxema X FILES walatath sub diyanko.....

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      මේ කතා මාලාව ඉවර උනහම බලමු සහෝ :) :)

  11. jagath ranasinghe

    thank,s so much

  12. සුරංජීව

    fatta fata fata

  13. වරුණ රංගජිත් (වරූ)

    niyamai niyamai kollane
    loku wadakata atha gahala teyenne kattiya
    ekmanatama okkoma sub denna shakthiya lebewa..............!!!!!!!!!!!!!

  14. අයේෂ්

    අම්මෝ, අද බයිස්කෝප් එකට ගොඩවෙද්දිම දැක්කෙ 24 [S01: E01]..
    මේකෙ අලුත්ම සීසන් එක දුන්නට මම ආසාවෙන් හිටියෙ පලවෙනිම සීසන් එකේ ඉදලම බලන්න..
    ඔන්න ඉතින් අද ඉදන් බලන්න පුලුවන් බයිස්කෝප් අඩවියට පින්සිද්ද වෙන්න..
    ස්තුතිය මෙච්චරෙයි කියලා කියන්න බෑ..
    මරු වැඩක් පටන් ගත්තට,
    ගොඩාක් ගොඩාක් ස්තුතියි..
    ජය වේවා!!..

  15. හර්ෂ ලහිරු

    කොර මචංස්ලා බොහොම ස්තුතියි :P ජය

  16. w a thilak

    පලමු සිසන් එකේ සබ්ස් ටික ඉක්මනින්ම දෙන්න සහෝ.ස්තූතියි

  17. Saketha Pulasthi

    අම්මෝ කියාගන්න බැරි සතුටක් තියෙන්නේ 24 Season 1 එකේ ඉඳන් සිංහල උපසිරසි දෙන නිසා. මම 24 Live another day බැලුවෙත් නෑ මුල ඉදන්ම කතා ටික දෙන නිසා .මේක ගොඩක් ලොකු වැඩක් නිසා හැම එපියකටම මගේ කමෙන්ට් එක නම් එක වරදින්නේ නෑ.
    මේ වැඩේ පටන් ගත්තු අසේල ඉශාන් සහ අංජන ඉශාන් යන දෙන්නටත් 24 TV Searies එකට සබ් දාන හැමෝටමත්
    :) :) බොහොම ස්තූතියි :) :)

    1. Saketha Pulasthi

      උපසිරසියට බොහොම ස්තූතියි :) :)

    2. අසෙල් ඉෂාන්

      බොහොම ස්තූතියි :) :) සහෝ දිගටම අපිත් එක්ක ඉන්න !!!

  18. Dilshan kalinga

    මොනවා කියනන්ද ඉතින්....
    පට්ට වැඩේ මේක...
    මේ වගේ ලොකු ලොකු වැඩ තව තවත් කළොත් අපේ එකමුතුවත් තව තවත් වැඩි වෙනවා.
    මේ වගේ බර, ලස්සන කතා ගොඩක් තියනවා කව්රුවත් අත ගහන්නේ නෑ.මොකද ඒවගේ එකක් පටන් අරගෙන තනියම කරන්න බැරි නිසා. ඒ නිසා මේක ඉවර කරලා මේ වගේ වැඩ තව තවත් කරනවා නම් හොඳයි.
    සුබ පතුවොත් ඒක අපිටම සුබ පැතුවා වගේනේ...
    ඒ නිසා මෙහෙම කියනන්නම්....
    මේක හිර නොවී ඉවරයක්‌ වෙනකම් එක දිගටම දෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
    ජය වේවා!!!!!!!!!!!!!!!!!!!

  19. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)
    මේ වැඩේ පටන් ගත්තු අසේල ඉශාන් සහ අංජන ඉශාන් යන දෙන්නටත් 24 TV Searies එකට සබ් දාන හැමෝටමත්
    :) :) බොහොම ස්තූතියි :) :)

  20. රාම් රාජ්

    උබලා නම් සිරාම සෙට් එකක් බං.ඔන්න කොල්ලෝ(කෙල්ලොත් ඇතුලුව).උබලා ගැන කියන්න වචන නෑ බොලව්.ඇඩෙනවා සතුටට.නැවත කියන්නේ උබලානම් රත්තරං සට් එකක්.

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      තැන්කියු තැන්කියු :) :)

  21. Shan Vimukthi

    නියමයි කොල්ලනේ
    වැඩේ එලටම කරන යමු ඈ ;) :D

  22. poppy

    appeeeee....
    athi yaaaantham....
    saaaahena kalayak balagena hitiya meka enakal......
    thnx ahhh................

  23. චාරුක ලක්ෂිත

    සුපිරිම වැඩක් මේක.....

  24. V

    මේක නම් පට්ට පට පට...
    මම සබ් බාගත්තට කමෙන්ට්ස් දාන්නෙනම් බොහොම අඩුවෙන්.ඒත් මේකටනම් නොදාම බෑ..බොහොම පින්..
    Thank you very much මචංලා...

  25. rashan

    Ela niyamai mage asama tv serios eka ...
    Niyamai pattta wadak
    Kiyannda wachana nha...
    Pattta
    Thankx ... al of guyz

  26. jayasekara

    Thank you very much

  27. nirosh

    ELA ELA machan tnx

  28. “චූටී මල්ලි”

    ඇත්තටම මමනම් මුලින්ම හිතුවෙ
    අපේ යාලුවෝ මේක ඉල්ලුවට කවුරුත් දෙන එකක් නෑ කියලා
    අන්ජන සහෝ ගේමට බැහලා කට්ටියවත් සෙට් කරගෙන කෝමහරි
    වැඩේගොඩ දැම්මා
    මෙන්න මේවා තමා පට්ට වැඩ කියන්නෙ කටින් බතල හිටවන උන්ට
    ත් මේවා බලලා යමක් ඉගෙනගත්තැහිකි
    එල මචෝ ඉල්ලුවා වගෙම 720p කොපියටත්
    දිගටම සබ දෙන්න
    සබට තුති
    ඔබට ජය................

  29. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. ඉඩක් ලැබුන ගමන් අනිවා අරන් බලනවා.

  30. පසිඳු උදාර

    එල එල මං 1 ඉඳන් 8 වෙනකන්ම් බැවා ... ඉතුරුවත් අනිවා දාන්න බලන්න :)

  31. HimEshCrEeD

    ආයෙ කවර කතාද
    ගොඩක් තුති මේ සබ් වල ඉදන්
    ලිපියක් වෙනුවෙන් හරි උපකාරී
    වන අයට..මට සම්මාදන් වෙන්න පින
    නෑ..ගොඩක් හොද වැඩක් සහෝලා
    මේ ටීවී සීරිස් එක නැත්නම් සය්ට්
    එකට ලොකු අඩුවක් ඒක අද ඉදන්
    ටිකෙන් ටික පිරවෙනව
    සීසන් 1 කම්ප්ලීට් කිව්ව නේද
    කොහොමද දෙන්නෙ?දවස ගානෙද?
    කෙසේ වෙතත් ආයෙ පින්..

    1. අසෙල් ඉෂාන්

      දවසට 1 ගානේ අනිව දෙනව සහෝ

    2. HimEshCrEeD

      එල එල :D

  32. Tharindu Perera

    elazzz ahhh....
    math mulaidalama balanna hithan unnu kathavakk..
    pattama kathava....
    thanks machan sub ekatahhh.....
    :) :) :) :) :) :) :) :) :)
    :) :) :) :) :) :) :) :) :)
    :) :) :) :) :) :) :) :) :)
    (y) (y) (y) (y) (y) (y)
    (y) (y) (y) (y) (y) (y)

  33. Thilina

    nice work bro!! :) :)

  34. Thisal Nadeeshana (sonic)

    Niyamai saho... Mekata sub denna matath ekathu wenna labima loku sathutak... Jaya wewa!!!

  35. Deshan

    නියමයි නියමයි

  36. Captain Jack Sparrow

    Fatta saho Ohoma Yannnnnnnnnn (Y)

  37. යශෝධ

    මේ අතගහපු වැඩේට මෙන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්.. ජයම වේවා.. බයිස්කෝ්ප් සිංහලෙන් අඩවියටත්.. ඒ වගේම අපේ සහෝදර සහෝදරියන්ටත්... දිගටම මේ වැඩේ කරගෙන යන්න හැකියාව ශක්තිය, කාලය ලැබේවා එහෙනම්... ඒ වගේම රුකෝ බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා.... එලස්ස්ස්.........

  38. Amuthu

    niyamai

  39. Asitha (ASIK)

    nice work

  40. Lahiru

    Kiyala wadak na. kathakaranna kisima deyak na

  41. Ruwan

    nice work... thanks a lot dr.....

  42. නලින්

    මේ තියෙන්නේ බඩු දීල
    මේක එනකල් කල ඇර ඇර හිටියේ

    මේ වෙනුවෙන් දායක උන හෙමොටම

    ජය වේවා

  43. Sisira Hegoda

    Thanks.

  44. සමීර චතුරංග

    ඔන්න එහෙනම් කට්ටිය නියම වැඩක් පටන් අරන් තියෙන්නේ.ලේසි නැහැ නෙහ්..කොටස් 200 කට ආසන්න ගානක්..මම නම් හිතුවේ වත් නැහැ මේක දෙන්න පුළුවන් වේවි කියලා.නමුත් අපේ සෙට් එක සෑහෙන්න මහන්සි වෙලා වැඩ කරනවා වගේ..දකින්නත් සතුටුයි.එක දිගටම ඔක්කොම කොටස් ටික දෙන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනේ කියලා පතනවා...ඒ වගේම මුලින්ම වැඩ අල්ලපු අපේ ගයාන් සහෝ ටත් තුති!!!!!

  45. lakshan ads

    ඇත්තටම මම මේ සීරියස් එක බලන්න කැමැත්තෙන් හිටියේ කවදාද සබ් ලැබෙන්නේ කියලා...
    ඉතින් සහෝ ඔබට ගොඩක් ස්තුතියි...!
    ජය වේවා.....!

  46. dev

    niyamai niyamai....
    tawat maxxa wedak.....
    kata set eka enakanma tama hitiye....
    bohoma stuti saho..... .

  47. ජනක

    නියම වැඩක් කොල්ලනේ!
    ජය වේවා

  48. mahesh indika

    niyamai...........

  49. Akash

    supiri + supiri*100 mchan... :)

  50. Sami

    Hada piri Suba pathum saho ... Patta wedak... ...!!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.